Skip to main content

Posts

සයිනස් අමාරුව තියෙන අයට (ඔලුව කැක්කුමට විසඳුමක්)

ගොඩක් සෙම අමාරු තියෙන අයට හැදෙන ලොකු ලෙඩක් තමයි ඔය සයිනස් නිසා ඇතිවෙන ඔලුව කැක්කුම.  මට නම් ගොඩක් වෙලාවට ඉස්සර තද රස්නේ වෙලාවට එලියට ගිහින්, ඊට පස්සේ ආයේ A/C ඇතුලට ගියොත් අනිවාර්යෙන් ඔලුව රිදෙන්න ගන්නවා. නැත්නම් හදිසි කාලගුණ වෙනසක් උනොත් - ඒ කියන්නේ එක පාරටම උෂ්ණ ඉඳන් සීතලට මාරු උනොත්, හරි සීත ඉඳන් උෂ්නට මාරු උනොත් හරි, ඒත් ඉවරයි. නැතිනම් රෑට අයිස්ක්‍රීම් කෑවොත්... මේක තියෙන අය අත්දැකීමෙන් දන්නවා මේ හිසරදේට පැනඩෝල් වැඩ කරන්නේ නැහැ කියල. ඔන්න ඉතින් මේකෙන් 100% ගැලවෙන්න ඔය කිසිම පේන් කිලර්ස් මුකුත් නැති ක්‍රමයක් කියන්නයි යන්නේ. මට මේක කියල දුන්නේ දොස්තර මහතෙක්. දැන් අවුරුදු පහක් තිස්සේ මට නම් මේක හොඳටම වැඩ... ක්‍රමයක් කිව්වට මෙතන අනුගමනය කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. 1) උදේට ඇඟ හොදද්දී බලන්න කොන්ඩේ තෙමෙනවද කියල. විශේෂෙන් ඔලුවේ පිටිපස්සේ අග හරියේ කොන්ඩේ. එහෙම තෙමෙනවනම් ඒක වලක්වගන්න. හොඳම දේ ෂවර් කැප් එකක් පාවිච්චි කරන එක. 2) හැමදාම ඔලුවෙන් හිට ගන්න. දැන් ඉතින් හිනාවෙන්න එපා. ඔලුවෙන් හිටගන්න කිව්වට මෙන්න මේ යෝගා අභ්‍යාසේ තමා කරන්න කිව්වේ . (ඒකෙ ඉ...

සම අයිතීන්

එහෙට යනවා නම් ඔයා කොට කලිසම් එහෙම ඇඳන් එන්න එපා ඇයි? ඇයි කියන්නේ හවසට ෆෝමල් විදිහට විතරයි යන්න දෙන්නේ. එතකොට ඔයා මොකද්ද අඳින්නේ? ආ මමද? මම ඉතින් මොකක් හරි පොඩි කොට කෑල්ලක් ඇඳන් එන්නම්. මාර කෙළියක්නේ . දැන් මට කොට කලිසම් අඳින්න එපා කිව්වේ. ඔව් ඉතින් ගෑනු ළමයි එහෙම ඇන්දට කමක් නැහැ. ඕගොල්ලොන්ට තමයි බැරි. අනේ අම්මප...ඔය දැක්කද..ඔහොම තියාගෙනත් නේ මේගොල්ලෝ සම අයිතීන් ඉල්ලන්නේ. අපි සම අයිතීන් ඉල්ලන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් අනේ. ? නෑ ඉතින් අපිට දැනටත් තියෙන ඕගොල්ලොන්ට නැති අයිතීන් ටික ඕගොල්ලොන්ටත් එතකොට හම්බෙයි නේ ..:D :D $%%#?!!!!!! ඔන්න කට්ටියට තේරුනේ නැත්නම් : ගොඩක් හොටෙල් වල රෑ කෑමට යනකොට සෙමි ෆෝමල් වගේ ඇඳන් හිටියේ නැත්තනම් ඇතුලට යන්න දෙන්නේ නැහැ. හොටෙල් එකේ නැවතිලා ඉන්න අයට උනත්. ඒ කිව්වේ ඉතින් කොට කලිසමක් ඇඳන් රබර් සෙරෙප්පු දෙකක් දාල වගේ නම් යන්න දෙන්නේ නෑ. හැබැයි ඉතින් ඕක වැඩියෙන් බලපාන්නේ පිරිමි අයට තමයි. ගැනු කෙනෙක් ඉතින් ඔය මොක ඇඳන් ගියත් (රබර් සෙරෙප්පු ඇරෙන්න) වැඩිය ගානක් නැහැ. මේක ගැන ගොඩක් කොල්ලෝ කම්ප්ලේන් කරනවා! :D :D ප ලි : මෙය මනඃකල්පිත දෙබසක් ...

ඉගෙනගන්න බෙදාගන්න සෙනෙහසින්

පහුගිය දවසක මගේ කෝඩ් එකේ හෙන අවුලක් වෙලා මගේ ඔලුවත් අවුල් වෙලා තියෙද්දී අහම්බෙන් මගේ යුටියුබ් ප්ලේ ලිස්ට් එකේ තිබ්බිච්ච සින්දුව\වීඩියෝ එක දැකල අප්සෙට් මූඩ් එක හරිගියා :D  මේ තියෙන්නේ ඒ වීඩියෝ එක: මේක අපේ විශ්ව විද්‍යාලේ ළමයි 2010 දී හැදුව ටිකක් පරණ 'ලිප් ඩබ්' එකක්. (ලිප් ඩබ් කියන්නේ මොකද්ද?) හැමදාමත් උඩට යන්න වලිකන්නේ බැලුම වාගේ මහ පොළොවේ පය ගහන්න නැද්ද යාලු ඉගෙන ගන්නේ ?   තියෙන දෙයක් බෙදා ගන්න ඉගෙන ගන්න  ආදරයෙන් ඉතුරුවෙන්නේ එච්චරයිලු මැරෙන දාට අරන් යන්න...            දන්න දෙයක් කියාදීල බෙදා ගන්න ආදරයෙන් හිත පිරේවි සන්තෝසෙන් සත්තයි යාලු...   තවත් කෙනෙක් ඇද දමන්න ඕනා කියල හිතන්නේ ඇයි? කඳුළු දීල හිනා ගන්න හැකිවෙද යාලු?    ආත්ම ගෞරවය ඔබේ තියාගන්න, දෙන්න එපා! නැති උනොතින් වැඩක් තියෙද මහ ධනයක් ළඟ තිබුනත් !   මනු දම් ගුණ දැන මනාව සිනාවකුත් මුව පළඳා දෙන දේ නම් ආදරය යි යලි ඉල්ලන නොම සිතකින්...  If yer always tryin' to get to t...

මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලදී

පොඩි වෙළඳ නොවන දැන්වීමක්. මම ඉඳල හිටලා තැන තැන ගත්ත ඡායා රූප පලකරන්න බ්ලොග් එකක් පටන් ගත්ත අලුතින් නම 'ඡායා මතක' මේ තියෙන්නේ ඒ සබැඳිය එස් එල් ආර් එකකින් ඉඳල නිකම් ෆෝන් කැම් එකෙන් ගත්තු පින්තුර දක්වා ලොකු එකතුවක් මන් ගාව තියෙන නිසා තමයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ. ඉතින් ඇවිත් බලල යන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා! තියෙන හැම පින්තුරයක්ම මම ගත්තු ඒවා. මම ඡායා රූප කරණයට කැමති කෙනෙක් මිසක් ඒ ගැන ඉගෙන ගත්ත කෙනෙක් නොවෙන බව නම් කියන්නම ඕනේ.

මැක්කන්ගේ සර්කස්

දන්නවද 'මැක්කන්ගේ සර්කස්' හෙවත් Flea circus කියන්නේ මොකටද කියල? සාමාන්‍ය මැක්කෙක්ට උඩට අඟල් 7 ක් පමණ සහ හරහට අඟල් 13 විතර පනින්න පුළුවන් ( source: Wikipedia ).  ඒත් ඌව අල්ලලා ගිනි පෙට්ටියක දැම්මොත් ඌ ටික වෙලාවක් යනකම් ගිනි පෙට්ටිය ඇතුලේ පැන පැන ඉන්නවා. පෙට්ටියේ දිග පළල ඉක්මවා යන්න ඌට බැහැ. ඊට පස්සේ ඌව ගිනි පෙට්ටියෙන් එලියට ගන්නවා. ඒත් ඌ දැන් දිගටම පනින්නේ අර ගිනි පෙට්ටියේ උසමයි. මේ තියෙන්නේ හුස්ටන් හි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ තිබෙන මැක්කන්ගේ සර්කස් සඳහා භාවිතා වුනු ක්ෂුද්‍ර සර්කස් මෙවලම්: බ්‍රිටනිකා විශ්වකෝෂයෙන් ගත්තු මේ පින්තුරෙන් පරිමාණය ගැන අදහසක් ඒවි: අපේ තිබෙන බොහෝ සීමා මායිම්, යම් යම් හේතු නිසා පනවා ගෙන ඇත්තේ අපමය. මේ ව්‍යාජ සීමාවන් අතරේ ගිනි පෙට්ටිය තුල සිටි මැක්කා මෙන් අප ද  සිරවී ඇත.  

සමථය, විපස්සනාව සහ සැබෑ බෞද්ධ කම

සති අන්තයේදී ලැබුණු අත්දැකීමක් මෙහෙම සටහන් කරන්නේ මට එහිදී ඉගෙන ගත් දේ, සහ අත්විඳුනු දේ මතක තියාගන්න ඕනා නිසාත්, ඒ දේවල් තව එක්කෙනෙක්ට හරි ප්‍රයෝජන වේවි කියාත් සිතෙන නිසාය. එක පෝස්ට් එකකට ලියන්න සිතුවත්, දිග වැඩි වෙන නිසා එක කොටසක් මෙසේ සටහන් කරමි~ ස්ථානය: වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසරබද කඳුකර පලාතක් වන හීල්ස්විල් මෙහි රැස්ව සිටි පිරිස 40 විතර. ඉන් භාගයක් විතර ශ්‍රී ලාංකික. ඉතුරු අය චීන (චීන කියල අදහස් කරන්නේ තායි, බුරුම ආදී 'ඇස හීනි' ජනතාව හැමෝම.) සහ සුදු (ඕස්ට්‍රේලියානු, ජර්මානු, ස්කොට්). මගේ වර්ගීකරණය politically correct නොවෙන්න පුළුවන්. But whatever. :D දේශකයා තමයි ඕස්ට්‍රේලියානු ජාතික 'ජැග්' ස්වාමීන් වහන්සේ. බුරුමයේ පැවිදි උන ථෙරවාද සම්ප්‍රදායේ භික්ෂුවක්. ලංකාවටත් ගිහින් තියෙනවා. ජීවිතේ පලවෙනි වතාවට 'ලංකාවට යාම' 'සුදුසුකමක්' හැටියට කෙනෙක් කීව. අපි සී වී ලියද්දි එහෙම පිටරට අධ්‍යාපනය හෝ පිටරට රැකියා කිරීම 'සුදුසුකමක්' හැටියට සටහන් කරනවා වගේ. :) දේශක කිව්වට උන්වහන්සේ වැඩිපුර කරන්නේ ප්‍රශ්න වල ට පිළිතුරු දෙන එක. සුත්‍ර ආශ්‍රයෙ...

සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix

කුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ. මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්... Movie : City of Angels චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක් රූප රාමු කතා බහ - සෙත් : ඕක මොන වගේද? මැගී පෙයාර්ස් ගෙඩිය ප්‍රශ්නාත්මකව පෙන්වයි සෙත් : ඒක මොන රහද? විස්තර කරන්න ඒක ..හෙමින්ග්වේ වගේ. මැගී : ඒක හරියට... පෙයාර්ස් රහයි! ඔයා දන්නේ නැද්ද පෙයාර්ස් වල රහ? සෙත් : මම දන්නේ නැහැ ඔයාට පෙයාර්ස් රහ දැනෙන්නේ මොන විදිහටද කියල මැගී : පැණි රහයි...යුෂ සහිතයි...දිවට මෘදු යි, පුංචි කැටිති වගේ තියෙනවා...හරියට නිකම් සීනි රහ වැලි කැට කටේ දිය වෙනවා වගේ *********************************************************************************** Movie : The English Patient  චරිත :  අල්මාශි (හංගේරියානු ජාතික සිටුවරයෙක් සහ සිතියම් තනන්නෙක්) කැතරින් (ඉංග්‍රීසි ජාතික). දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුවක්. රූප රාමු කතා ...