Skip to main content

ගැහැණුන්ද මනුෂ්‍යයෝ ය!


අද උදේම මම වත්පොතේ පිරිමි ලියපු ගෑණු සින්දු නම් මේ අනර්ඝ රංගනය දුටිමි. සිනහාව නවතා ගන්නට බැරිවිය! කොතෙක් රසවත්ද නම්, සැමියාත් මමත් උදේ රැකියාවට යන්නට ලැහැස්ති වෙන හදිසියේ රන් හා සමාන කාලයෙන් විනාඩි 6 තත්පර 18 ම මේ ගායනය සහ රංගනය රස විඳින්නට වැය කළෙමු!

මේ රංගනයේ අසන්නේ ගුත්තිලයේ පටන් අනන්තයට යන පාර තෙක් කොතෙකුත් (බහුතරයක්?) ගීත ලියවෙන්නේ පිරිමි විසින් ගැහැණු ගැන වන්නේ ඇයි කියාය...

මෙය මටත් පොඩි කාලේ තිබුණු ප්‍රශ්නයකි!

ගැහැණුන්ගේ ඇස්, කන්, නාසා, කොණ්ඩය සිට ඔවුන් ඇවිදින විදිය, කන බොන විදිය ආදී කී නොකී හැම දෙයක් ගැනම වර්ණනා කරන්නේ පිරිමි ය. ඒ උනත් ඒකෙ අනික් පැත්ත - එනම් පිරිමි ගැන - එසේ ගැහැණුන් ගේ හඬින් නෑසෙන තරම් ය.
හැට හතර මායම ඇත්තේත් ගැහැණුන්ට පමණි. ගැහැණුන්ගේ ඇඳුම ගැනත් වාද කරන්නේ පිරිමි ය.

මල්ලේ පොල් වගේ යයි ඔබට සිතෙන්නට පුළුවන් නමුත්, මීට අදාළ යයි මට සිතෙන කතාවක් පහත දක්වමි:
- මගේ (පිරිමි) මිතුරෙකු වරක් කියා සිටියේ ඔහුගේ අම්මා කලිසම් ඇඳීමට ඔහු විරුද්ධ බවත් ඔහු සමඟ ගමන් යන විට සාරි හෝ සාය ගවුම් ඇඳ එන ලෙස ඇයට කියන බවය. එහෙත් ඔහුගේ පෙම්වතිය කලිසම් ඇඳීම ගැන ඔහුට ප්‍රශ්නයක් නොවීය.

මට හැඟෙන විදියට මේ පිරිමියා තුළ සිටින ෆැන්ටසි ගැහැණිය යි! ෆැන්ටසිය තුළ සිටින ළඳ බොළඳ පරිපුර්ණ ගැහැණුනට අදාළ 'චරිත' ඇතත් සැබෑ ලොව එහෙම 'චරිත' නැත! කෙනෙක්ට අම්මා වුවත් තවෙකෙක්ට පෙම්වතියකි. තවකෙක්ට දුවකි - මිතුරියකි- හැතිරියකි. සැබෑව නම් ගැහැණුන්ද කන බොන නිදන සාමාන්‍ය ප්‍රාණීන් පිරිසකි!

නාමික බෞද්ධයන් ට නොතේරෙන මුත් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම මගින් සුණු විසිනු කරන්නේද මේ යතාර්ථය ෆැන්ටසි මතින් පටලවා ගැනීමයි. සංස්කාර වලින් තම තමන් නිර්මාණය කර ගන්නා ෆැන්ටසි ගැහැණිය යනු නිස්සාර, කිසිදා තම කැමැත්ත ඉටු නොකරන්න කි.
(ෆැන්ටසි ගැහැණු සේම ෆැන්ටසි පිරිමි ද මෙසේම ය!)



Comments

  1. මේක කියවීමෙන් මට හිතුණ දේනම් ;

    1. ඔබගේ යහළුවා ඔහුගේ මව විසින් අඳින ඇඳුම් ගැන කරන ප්‍රකාශයට හේතුව ඔහුගේ මව ගැහැණියක් වීමට වඩා ඇය ඔහුගේ මව වීම නෙවෙයිද? ගැහැණු පිරිමි ඔවුනොවුන් ගැන කොහොම හිතුවත් ඒ දෙකොටසම තමන්ගේ මව හෝ පියා ගැන හිතන ක්‍රමය එක හා සමානයි නේද? ගැහැණියක් කලිසමක් ඇඳාම ඇය ආකර්ශනීයයි කියල ඔහු හිතනවනම් ඔහුගේ මව ගැන එවැනි හැඟීමක් ඔහුතුල හෝ වෙන කෙනෙක් ගැන ඇතිවෙනවට ඇති නොකමැත්ත ඔහුගේ තර්කයට හේතු වෙන්න පුළුවන්.

    දෙවෙනි කරුණ පිරිමින් ලියන ගැහැණුන් ගැන සිංදු ගැන නම්, බොහෝ සිංදු ලියවෙන්නේ වානිජමය අරමුණකට. එහිදී විකුණා ගැනීමට හෝ ඉල්ලුමක් තියෙන දෙයක් ගැන ලියවෙන එක සාධාරණයි. ගීත රචකයන් අතර පිරිමි වැඩිනම් ඔවුන් ලියන සිංදු වැඩි ඇති. මෙහිදී විකුණා ගැනීමට යනුවෙන් අදහස් කිරීමට හේතුවක් තියෙනවා. හැම සත්ත්ව වර්ගයක් අතරම තම වර්ගයා පවත්වා ගෙන යාමට එක් පාර්ශවයක් අනික් පාර්ශවයට ආකර්ශණීය වීමට සලසා තිබීම ස්වාභාව ධර්මයයි. බොහෝ සත්ත්වයන් අතර පිරිමි අය ගැගැණුන් අයට වඩා ආකර්ශණීයයි. එහෙත් මිනිසුන් ගේ ගැහැණිය ආකර්ශණීයයි. ඒකට හේතුව ගැහැණිය විසින් පිරිමියා අකර්ශණය කරගැනීමක් තමයි ස්වභාව ධර්මයා මිනිසුන්ට සකසා දී ඇති ක්‍රමය. එහිදී මායම් 64 ත් ගැහැණුන්ට ලැබී ඇත්තේ ඒ නිසාමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්. ඔහුගේ 'මව' කියන්නේ ඔහුගේ ෆැන්ටසියක් නේද? මම කියන්නේ ජීව විද්‍යාත්මක මව නෙමෙයි. 'මව' ගේ චරිතය නැත්නම් මවක් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියන ෆැන්ටසි එක. ෆැන්ටසි මව යතාර්ථ මවගෙන් වෙනස්. තමන්ගේ මනසින් හදාගත්ත 'මව' ට වඩා වෙනස් අවශ්‍යතා සැබෑ මවට තියෙන්න පුළුවන්. එතනදී ඒ කානතාවට සීමා වෙන්න උනේ ඔහුගේ ෆැන්ටසියට! අන්න එතන අවුල්.

      වානිජමය අරමුණකට එහෙම වෙන්න පුළුවන්. එතනදී අපි අහන්න ඕනේ ඇයි එතනට ඉල්ලුම වැඩි කියල? 50% කාන්තාවෝත් ඉන්නවනේ?
      // එහෙත් මිනිසුන් ගේ ගැහැණිය ආකර්ශණීයයි// අන්න ඔයා තැනට ආවා. ගැහැණිය ආකර්ශණීයයි කියන්නේ ඔයා පිරිමි දෘෂ්ටියෙන් බලන නිසානේ. ඔයා හිතෙන්නේ ජනගහනේ පිරිමි නොවන අනිත් 50% ටත් ගැහැණිය ආකර්ශණීයයි කියල ද?

      Delete
    2. මැඩම් ටපලවගෙන වගේ. සතුන් දිහා බැළුවොත් තේරේවි පිරිමි සතා ආකර්ශණීය බව. සිංහයා, මොනරා, ආදී සියළුම සතුන්. එහිදී පිරිමි සතා ගැහැණු සතාව ආකර්ශණය කරගන්නවා. පෙනුම, නාදය, නැටුම වගේ දේවලින්. මනුශ්‍ය වර්ගයාගෙ ඒක අනික් පැත්ත. මේක මම ගේන තර්කයක් නෙවෙයි. කරු why male animals are more attractive than females කර බලන්න.

      Delete
    3. කරු why male animals are more attractive than females SEARCH කර බලන්න.

      Delete
    4. Dear Ian,
      re 'why male animals are more attractive than females'
      before we look at 'why' we need to make sure if the hypothesis is indeed true!
      I would suggest please google 'are male animals more attractive'.
      Yes indeed the truth can be stranger than fiction ;)

      Delete
  2. මම නං පුද්ගලිකව ගැහැණු පිරිම කියන සීමාවට කැමති නෑ. සියල්ලෝම මනුෂ්‍යෙයා් විවිධ purpose තියෙන. සමාර විට අපි නොකැමති දේ කිරීම තුලින් ගැහැණුන් පාලනයට නතු කරන්න හදනවා වෙන්න පුලුවන්. මාත් ඒක බොහොම අඩුවෙන් කරනවා. ඒත් සමස්ථයක් විදියට අපේ ගෙදර නං ගෑනුන්ට - පිරිමින්ට කියල බෙදාගත්තු වැඩ, ක්‍රියාපටිපාටි නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් තේරිලා කියන්න හදපු දේ ...
      මමත් කැමති නැහැ එහෙම සීමා වලට... පුළුවන් තරම් උත්සාහ කරනවා ගෑණු පිරිමි stereotypes වලින් ඈත් වෙන්න. නමුත් සමහර වෙලාවට ඒ දෘෂ්ටිය නැතිවම නොවෙයි කියල තේරෙනවා.

      Delete
  3. මනුස්සයෝ...
    'මනුස්සයෝ' නේන්නම්! මම මේ කිනිසි තෝමර උස්සාන දුවගෙන ආවේ මෙතන අනන් මනම් කතාවෙනව නම් වහාම මාව අමනුස්සයෙක් නොකර නවත්තන්න කියන්න...

    බලනකොට මේ..... මෙව්වා එකක්නේ...

    තව ටිකක් අදහස් ආවහම එන්නම්. කෙටියෙන් ලියන්න බැරි දෙයක් නිසා

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් තවම අදහස් ආවේ නැතෙයි?
      ලිඛිතා අච්චර ලස්සන කතා ලියන එකේ අදහස් ඕනේ තරම් ඇති කියල මට නම් හිතෙන්නේ...

      Delete
    2. මම ලියන කතන්දර එක්ක මගේ සම්බන්ධයක් නැහැනේ! හෑ

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන