Skip to main content

නිදි ගෝල කතා වස්තුව

විශ්ව විද්‍යාලයේ අලුත් අධ්‍යයන වාරය පටන් අරන්. එදා පළවෙනි දවස. 
මගේ විෂය උනත් එදා පළවෙනි දේශනය නිසා මායි තව කථිකාචාර්ය කෙනෙකුයි දෙන්නෙක්ම ගියා පන්තියට. අනිත් කථිකාචාර්ය තමයි උපාධි සම්බන්ධීකාරක. ඉතින් ඔහුට ඕන වෙලා තිබ්බේ උපාධිය ගැන පොඩි හැඳින්වීමක් කරන්න මුලින්ම. මම ළමයින්ට මාව හඳුන්වා දුන්න විෂයේ කථිකාචාර්ය හැටියට. මිතුරු කථිකාචාර්යත් හඳුන්වල දීල එයාට දේශනයේ මුල් භාගේ බාර දීල මම පැත්තකට උනා....

විනාඩි දහයක්-පහළොවක් යන කොට ඔන්න ළමයෙක් ආවා පන්තියට. ඇවිත් ඉස්සරහ පේළියේම වාඩි උනා. ඔන්න තව විනාඩි දහයක් යනකොට පොර හොඳට අසුනේ දිග ඇදුනා...ඇස් දෙක පියාගත්තා...ඔන්න ඉතින් ළමයා නිදි!

[අපිටත් ඉස්සර දේශන වල නින්ද ගිහින් තියෙනවා තමයි...හැබැයි ඉතින් නිදා ගෙන නම් නෑ...නිදි කිරා වැටුනා මිසක්!]

මටයි මිතුරු කථිකාචාර්යටයි හිනා යන්න ආවත් අමාරුවෙන් හිටියා හිනා නොවී.
ඉතින් ඔන්න ඔහුගේ කොටස ඉවර වෙලා ඔහු ගියා...ළමයා තාම නිදි...ඉතින් දෙවන අර්ධය මම පටන් ගත්තා...ළමයි අතරමග ප්‍රශ්න අහනවා. මම ඒවාට උත්තර දෙනවා. දේශනයේ පැය දෙක ඉවර වෙන්න ලං වෙලා දැන්...දේශනය පැහැදිලි කරලා මම දැන් ප්‍රශ්න අහනවා. ඔන්න නිදි ළමයා එක පාරටම නැගිට්ටා. පොර ඉද්ද ගැහුවා වගේ කෙලින් වෙලා වික්ෂිප්ත වෙලා වගේ මගේ දිහා බලල මගෙන් අහනවා "මොකද්ද ඔයා ඇහුවේ?" කියල!

පස්සේ මම විශ්ව විද්‍යාලයේ අනිත් යාළුවන්ට සිද්ධිය කිව්වම එයාලේ කිව්වේ එකට හේතු මෙන්න මේවා වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා කියල:


  • මේ ළමයා අන්ධය. ඇස් පියාගෙන සිටියේ ඒ නිසා ය. අපේ දේශනයේ තිබුණු 'healing power' එක නිසා ඔහු පැය දෙක අවසානයේ සුවපත් වී ඇත.
  • ළමයා නිදාගෙන නොව ඔහු සිට ඇත්තේ භාවනා සුවයෙනි. ඔහුගේ ඇති අධි මානසික බලය නිසා මම තිරයේ පෙන්වූ දේවල්ද ඔහු මනසින් දැක ඇත.
  • ළමයා මව් කුස තුල සිටියදී මව නිතරම පරිගණක ක්‍රමලේඛන ගැන වීඩියෝ නරඹා ඇත. ඒ නිසා අපේ දේශනය ඔහුට ඒ උණුසුම් සනීප කාලය මතක් කරවූ අතර ඒ නිසා ඔහුට හොඳින් නින්ද ගොස් ඇත.
  • මේ ළමයා එන කොට සිටි දේශකයා පිරිමියෙකි. ඔහුට නින්ද ගොස් ඇහැරෙන කොට පිරිමි ගැහැණු වෙලා ය. මේ නිසා විශ්ව විද්‍යාලයේ උගන්වන Doctors ලා ද විවිධ ආකාරයෙන් පුනර්ජීවනය වීමට ජීව විද්යාත්මක හැකියාවක් ඇති Doctor Who ගෙන් පැවත එන බලවත් පිරිසක් බව ළමයාට අවබෝධ වී ඇත. 


ඉහත සියල්ල ඉතාම ඉහල සම්භාවිතාවකින් සිදු විය හැකි දේ ලෙසයි මට නම් හිතුනේ. ඕවයින් නිවැරදි එක හොයාගන්න එක තමයි මගේ ඊළඟ පර්යේෂණය.

ප.ලි: පසුව දැනගත් විදියට පොරට තියෙන්නේ ලාංකික සම්භවයක්. ඒ නිසා දැන් අලුත් තියරි එකකුත් එකතු වෙලා තියෙන්නේ.

Comments

  1. ඔය වගේ අප්සට් උන්ගේ සම්භවය බැලුවොත් එක්කෝ ලංකාවේ, නැත්තම් ඉන්දියාවේ :-D

    ReplyDelete
    Replies
    1. කොහෙත් ඉන්නවා ඉතින්... මේ ළමයා අදත් පැයක් පරක්කුවෙලා ඇවිත් ඉතුරු පැයත් නිදා ගත්තා!

      Delete
    2. ගුරාගේ වැරැද්ද!
      දෙය්යනේ කියල නිදාගෙන ඉන්න කෙනෙක් ඇහැරවන්නේ නැතුව උගන්නන්න දන්නේ නැහැ. ඔකට අපේ කැම්පස් එකේ කතාවක් තිබ්බ.. පාඩම් කරන තැනකට ගිහින් පිස්සු නටලා අර පාඩම් කරන උන්ට කියනවා ' ඔයාලගේ ඔය පාඩම් කිරිල්ල අපේ මේ සද්දෙට බආධාවක් කියල.

      හිටපු ගමන් ඒ ළමයා ඇහුවනම් 'පොඩ්ඩක් කට පියාගන්නවද ප්ළිස් කියල ?

      Delete
  2. කෝ ඔතැන ගුරාලගේ ඉගැන්වීමේ හොඳ කම නිසා කියන උපකල්පනය නැතිද? :D

    ReplyDelete
    Replies
    1. නැත්නම්! ඒකනේ මේ කියල තියෙන්නේ
      - අන්ධයන් සුව කිරීමේ විස්මිත දේශන!
      - මව් කුස තුල වූ රැකවරණය ප්‍රනිර්මාණය කරවන ලයාන්විත ආචාර්ය මණ්ඩලය!

      Delete
  3. විභාගයට ලියන්න පැමිණීම බලනවද? ඔය ලෙක්චර්ස් වල වීඩියෝ එක එයාට පසුව බලන්න පුළුවන්ද? එහෙනම් නිදාගන්න හේතුව එතන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පැමිණීම බලන්නේ නැහැ ඉයන්.
      ලෙක්චර්ස් රෙකොර්ඩ් කරනවා.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන