Skip to main content

ආශ්චර්යය!


ජවනිකා අංක එක: ISLTS (International Sinhala Language Testing System)

විශාල ශාලාවක සුද්දන් දෙතුන් සීයක් වාඩිවී සිටිති. අතරින් පතර චීන සහ ඉන්දියානු සම්භවයක් ඇති යයි සිතෙන අයද පෙනේ.
ශාලාවේ උඩම ඇති දැන්වීමේ "අන්තර්ජාතික සිංහල භාෂා පරීක්ෂණ විභාගය" යයිද ඊට යටින් කුඩාවට ඉංග්‍රීසියෙන් ISLTS යයිද සඳහන් වේ. 
විභාගය ඇරඹීමට ප්‍රථම බියපත් මුහුණින් සිටිනා සුද්දන් සහ සුද්දියන් කිහිප දෙනෙක් අතර ඇතිවන සංවාදයකි මේ:
"මේ පාර Listening ටෙස්ට් එකට මොන විදියේ ඒවා ඒවිද දන්නේ නැහැ නේද?  මට නම් ඒක තමයි අමාරුම... මුන් සිංහලෙන් කච බච ගාගෙන කතා කරනකොට අපිට තේරෙන්නේ නෑනේ මොනා කියනවද කියල..."
"මට නම් බය තියෙන්නේ Reading ටෙස්ට් එකට. ගිය පාර අර මොකද්ද 'ලිහිණි දේශය' ද මොකද්ද පොතකින් poem එකක් ඇවිත් තියෙනවා. ඒකෙ බර වචන කියෝගන්නත් බැහැලු"
"ඒ උනාට මචං මට නම් හැමදාම කෙල වෙන්නේ Writing ටෙස්ට් එකෙන්. මගේ spelling mistakes වැඩියි කියල සිංහල කෝස් එකේ සර් කිව්වා. මුන්ගේ න යනු ත යනු ලය නු මහා තොගයක්නේ මචන්. මොන පිස්සු බාසාවක්ද මන්දා බං. අපේ ඉංග්‍රීසි වගේ ලේසි නෑ මේ මගුල."

"මට බය තියෙන්නේ Speaking ටෙස්ට් එක ගැන අනේ.. අර විනාඩි දෙකක් කතා කරන්න කියනවනේ. මහ අමුතු මාතෘකාලු දෙන්නේ. මගේ යාලුවෙක්ට ඇවිත් තියෙන්නේ 'යල සහ මහ කන්න අතර වෙනස' ගැන කතා කරන්න..."
"නෑහ්! මොකද්ද යාල කන්න කියන්නේ?" 
"කනවා නම්  කෑම ජාතියක් වෙන්න ඇති නේද? යාලුව හිතල තියෙන්නේ එහෙමයි. එයා කතා කරල තියෙන්නේ කෑම ජාති ගැන...."
"නෑ නෑ ඔය යාල කියන්නේ ලංකාවේ තියෙන පාක් එකක්. ඔය මාතෘකාව ෂුවර් එකටම කෑම ගැන නෙමෙයි සත්තු ගැන..."

"අනේ මන්ද බං...මම මේ කරන්නේ දා හතර වෙනි පාරට. මුං මේකෙන් හොඳට හම්බුකරනවා. ලංකාව දුවන්නේ ISLTS වලින් හම්බු කරන සල්ලි වලින්ද කොහෙද" 
"මොනව කරන්නද...කොහොම හරි ලංකාවේ PR එක ගන්ඩ එපැයි"
"මං මචන් ඇත්තටම මුලින් බැලුවේ මුන් කාටහරි පොඩි ගතමන්ට් එකක් දීල හොරට ලකුණු ගන්න. කොහෙද...මේ ලංකාවේ මිනිස්සු නීතියට වැඩනේ. පගාව දීල වැඩ කර ගන්න බෑ"



***

විභාගය පටන් ගැනේ.
ශාලාවේ ඇති ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පටිගත කර ඇති හඬක් නැගේ.
"මේ ඇරඹෙන්නේ සිංහල සවන්දීමේ පරීක්ෂණය යි. ප්‍රශ්න එකේ සිට දහය දක්වා පිලිතුරු ලිවිය යුත්තේ සිංහල කතා කරන්නන් දෙදෙනෙකු අතර ඇතිවන දුරකථන සංවාදයක් ඇසුරෙන්. මේ සංවාදය එක වරක් පමණක් ඔබට අසන්නට ලැබෙන අතර, සවන්දෙන අතරතුලම ඔබ ප්‍රශ්න වලට පිළිතුරු ලිවිය යුතු වේ......

<සංවාදය ධාවනය කෙරේ>
'ආයුබෝවන්...මේ විද්‍යෝදය විශ්ව විද්‍යාලය ද?'
'ඔව්...සුභ උදෑසනක් මහත්මයා! මොකද්ද කෙරෙන්න ඕනෑ? '
'මට මේ මගේ බාහිර උපාධි ප්‍රථිපල බලාගන්නයි ඕනේ'
'සුළු දෙයක්...කරුණාකරලා මේ මහත්මයාගේ සම්පුර්ණ නම කියන්න බලන්න'
'තණමල්විල ආරච්චිලාගේ බ්‍රහ්මදත්ත දේවානම්පියතිස්ස ඥාණසිංහ'

<සුද්දන් ප්‍රශ්න පත්‍රය දෙස බලති.>
පළවෙනි ප්‍රශ්නය - මෙම සංවාදයේ සඳහන් වන පරිදි තමාගේ විභාග ප්‍රතිපල දැන ගැනීමට අවශ්‍ය වී ඇති තැනැත්තාගේ සම්පුර්ණ නම ලියන්න.

<ශාලාවේ සුද්දන් සියයට පනහක් කලන්තය දමනු පෙනේ> 


ජවනිකා අංක දෙක: පූස් පාට් 

කොළඹ නගරයේ තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවන කතාබහකි- 
"මේ ඔයා කොහොමද අච්චර ලේසියෙන් ඇමරිකාවට යන්න වීසා ගත්තේ?"
"මට තියෙන්නේ ලංකාවේ පාස් පෝට් එකක්නේ මෙයා...ඒ හින්දා මට on arrival වීසා දෙනවා ලෝකේ ඕනේම රටකට."
"ෂාහ්!... එහෙමද? මමත් මේ වැඩකට නැති ඕස්ට්‍රේලියන් පාස්පෝට් එක වෙනුවට පුළුවන් ඉක්මනට ලංකාවේ සිටිසන්ශිප් එක ගන්නේ ඕනේ...."
"ඔව් අනේ...ඔයා මෙහෙ ස්ටඩී කරන්න ආව එකේ කොහොම හරි මෙහෙ PR අරන් සිටිසන්ශිප් එකත් ගන්න...ඔස්ට්‍රේලියාවට වඩා මෙහෙ කොච්චර ඇඩ්වාන්ස් ද අනේ..."


ජවනිකා අංක තුන: පාවෙන ඩොලර් 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුදු තරුණ තරුණියන් කිහිප දෙනෙක් අතර ඇතිවන සංවාදයකි - 
"ඕගොල්ලෝ මේ සෙමෙස්ටර් එකේ කෝස් ෆීස් ගෙව්වද?"
"නෑනේ... මේ දවස් වල ශ්‍රී ලන්කන් රුපී එක මාර විදියට නැගල. ඩොලර් වලින් ගෙවන අපිට මාර අමාරුයි."
"හ්ම්ම්.... අනේ මන්ද ලන්කන් රුපී එකක් අපේ ඩොලර් සීයක්... අනික මෙහෙ living expenses වලටත් සැහෙන්න ගානක් යනවනේ...අපේ අම්මල එහෙ ඩොලර්, යුරෝ වලින් හම්බ කරලා අපිට මෙහෙට සල්ලි එවන්නේ කොච්චර අමාරුවෙන්ද? ඒ අතින් බැලුවම ලංකාවේ ඉපදුනා නම් අපි කොච්චර ලකී ද නේද?"

මේ අතර මේ පිරිස අතරට ප්‍රීතියෙන් දිව ගෙන ආවේ ඕස්ට්‍රේලියානු තරුණියකි.
"මේ මේ දන්නවද? බැලුවද අද ලන්කන් ඉමිග්රේෂන් සයිට් එක? ඔන්න අපේ මේ කෝස් එකට ලකුණු විස්සක්ම දෙනවලු අනේ PR එකට !!"
මේ පුවතින් සක්වනක් ප්‍රීතියෙන් පිනා ගිය විදේශීය තරුණ කැළ මහ හඬින් ප්‍රීති ඝෝෂා පවත්වන්නට පටන් ගත්තෝය.

අහෝ ඛේදයකි! ඒ හඬට තිගැස්සුණු මම දවල් නින්දෙන් දඩ බඩ ගා නැගිට ගත්තෙමි. බෝට්ටු නතර කිරීමට ශ්‍රී ලංකාවෙන් සහයෝගය දක්වන බවට පොරොන්දු වී ඇති බව කියන ටෝනි ඇබොට් ගේ හඬක් රූපවාහිනියෙන් ඇසුනි.



PS: මේ පහළ වීඩියෝ වේ තියෙන්නෙත් තවත් එවැනි ආශ්චර්යයකි. :D මෙහි ප්‍රධාන ඉදිරිපත් කරන්නා වන නසීම් හුසේන් ලාංකීය සම්භවයක් ඇත්තෙකි.





Comments

  1. දන්නවද? සුද්දන්ට 'සුද්දන්' යැයි ඇමතීම මගින් ම අපි විහින් කල්ලන් වෙනවා.. සුද්දන්ට වර්ණභේදවාදීන් යැයි චෝදනා කරන අපිම තමා මුලින්ම වර්ණභේදවාදයක් හදාගන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. මේක උපහාසාත්මක ලියවිල්ලක් නේ බුරතීනෝ. සුද්දන් කියන වචනය වෙනුවට කොකෙසියානුවන් කියල ලිව්වනම් විකාර ගතියක් එනවා නේද?

      අනිත් එක, මට හිතෙන හැටියට නම් සුදු හැම තියෙන අයට සුද්දන් කීමෙන්ම නෙවෙමයි වර්ණ බේද වාදෙට උඩ ගෙඩි දෙන්නේ... සුදු හම කළු හමට වඩා 'උසස්' හරි 'හොඳ' හරි 'ලස්සන' හරි කිව්වනම්, අන්න ඒක තමයි වර්ණ බේද වාදය. :)

      Delete
    2. ලියවිල්ලට මොකුත් වැරැද්දක් කිවුවා නෙවේ නිරෝ.. එහෙම වැරැදි හැඟීමක් ඇතිවුනානම් සමාවෙන්න.. ලියවිල්ල රසවත්.. :D

      Delete
    3. අපොයි! නෑ නෑ එහෙම අවුලක් නැහැ :D

      Delete
  2. Kompaknknaveediyee Pragnarathna කියලා සිංහලෙන් ලියන්න තිබුනා නම් අපිටත් කලන්තේ දායි

    ReplyDelete
    Replies
    1. ඉතිං thats the point :P ...දැන් .බලන්න..ඔය IELTS, GRE වගේ විභාග වල තියෙන ඉංග්‍රීසි ඒකෙ native speakers ල වත් දන්නවායැ :D :D

      පලි: අර නම ලියන්නේ මෙහෙමද? - කොම්පඤ්ඤවීදියේ ප්‍රඥාරත්න

      Delete

    2. අපේ ඔෆීසියේ ළමයෙක් IELTS විභාගේ ෆේල් වුණා. ඒක තමයි හොදම ෆේල්වීම!

      http://kathandara.blogspot.com/2010/11/blog-post_11.html

      Delete
    3. වාසනාවන්ත ෆේල් වීමක්!

      Delete
  3. අපේ අක්කා කෙනෙක් මීට අවුරුදු පහ හයකට කලින් IELTS කියලා එකක් කරලා ගොඩගිහින් ඇමරිකාවේ ගියා... අපරාදේ එයා ලංකාවෙම හිටියා නම් කොහොම හරි ISLTS කරලා ඊට වඩා ගොඩ යෑමක් යන්න තිබුනා..

    බලන්න අර තරුණ කැළ බොරුවට කෑ ගැහුවේ නැත්තං කොයි තරම් හොඳද කියලා... සික්!

    ReplyDelete
    Replies
    1. IELTS නොවෙයි ඇමරිකාවට ඕනෑ TOEFL

      Delete
    2. එහෙනම් එයා යන්න ඇත්තේ උස්වැටකෙයියාව හෝ කැන්ගරුලන්තය පැත්තේ වෙන්න ඇති.
      අපරාදේ තරුණ ජීවිත....නැද්ද මලී? :D

      Delete
  4. ඔය පිටරට වල චාරයක් නැති උන් ඔහොමම්මයි!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ! සිරිත් මල්දම කියවල නැති වීමේ ආදීනව වෙන්ඩ ඕනෑ!!

      Delete
  5. දැන් අපිටත් ඉස්සරහට ISLTS කරන්න කියයිද දන්නේ නෑ නේ. මම නම් සුවර් එකටම ෆේල් වෙයි.
    සිංහල කෙසේවෙතත් දැන් චීන භාශාව නම් හැමතැනම උගන්වනවා මෙහෙත්. මමත් ඉස්සරහට කරන්න ඉන්නේ. එයිට කලින් ඩිසයින් කරන්නත් ඉගෙන ගන්න වෙනවා. මගේ යාළුවෙක් ලියන ඒවා දැකලා මම හොඳටම බය වෙලා ඉන්නේ මේ තවම.

    ReplyDelete
    Replies
    1. මටත් ආස හිතුනා මැන්ඩරින් ඉගෙන ගන්න චීනෙට ගිය වෙලේ. එයාලා අර tones වෙනස් කරලා pronounce කරන එක තමයි හරි අමාරු. සිංහල භාෂාවේ ඒ ශබ්ද නැහැනේ...

      (රහසින්....බය වෙන්න එපා... කවුරු හරි අඳුනන කෙනෙක් ඉන්නවනම් ISLTS පාස් කරන එක අමාරු වෙන එකක් නැහැ...පොඩි වියදමක් විතරයි යන්නේ)

      Delete
  6. දොන් ගයි කියන සිංහල නළුවාව දන්නවාද? අර මර්වින් සිල්වා වගේ ඇක්ට් කරන්නේ. ගොඩාක් ඒවාගේ ඉන්නවා. සුනිල් පෙරේරාගේ සින්දු වලටත් එනවා.

    මෙන්න එයාගේ සම්පූර්ණ නම....

    කාරියකරවන පටබැඳි සමරසිංහ සකලසූරිය මහ විදානගේ දොන් අර්ඩ්ලි නිහාල් ෆර්ඩිනැන්ඩු.

    මේ වැඩේ හරියන්නේ නැති නිසා මිනිහා දොන් ගයි කියලා නම වෙනස් කරගෙන. මේක බොරුවක් විහිළුවක් නෙමේ. එයාම ඊයේ පෙරේදා වැඩ සටහනකට ඇවිත් කිව්වේ.
    http://www.col3negoriginal.lk/watch.php?id=48401

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ...ඔය මනුස්සයට ෆෝම් එකක් පුරවන්න, පිටරටක යන්න උනාම එහෙම හරිම කරදර ඇති....

      ලංකාවේ අර ඉස්සරහින් යෙදෙන 'xx ලාගේ' නමයි, ආයෙත් අගට වාසගමයි දෙකක් තියෙන concept එක පිටරටවල මිනිස්සුන්ට තේරුම් කරන එක මහ වාතයක්. අපේ පාස්පෝට් හෝ රියදුරු බලපත්‍ර යේ හෝ වැනි Official ලියවිලි වල අනුව නම සඳහන් කරන්න කිව්වම First Name හැටියට ලියන්න වෙන්නේ අර 'xx ලාගේ' නම. ඉතිං මෙයාල හිතන්නේ ඒක තමයි අපේ 'නම' කියල.
      දවසක් මට මෙල්බන් ඉඳන් සිඩ්නි යන්ඩ ප්ලේන් ටිකට් 4 ක් බුක් කරන්න ඔය flight agency එකක පොරකට කතා කරන්න උනා. ටිකට් 4 මටයි, අම්මටයි, තාත්ත ටයි, මල්ලි ටයි. මම ඒ වෙලාවේ ලොකු හදිසියක හිටියේ.
      ඉතින් අර පොර අහනවා දැන් මේ යන අයගේ නම්. කියන්න ඕනේ 'first name' , සහ 'Surname'. ඉතිං අහන්නත් දෙයක්යැ - තාත්තගේ, මගේ සහ මල්ලිගේ තුන්දෙනාගෙම ඔය දෙක එකනෙ! මේ පොරටත් මාර intrested මේ සංකල්පය ගැන. එයා ඉතින් අහනවා..."ඕ ඉතින් ඔයාගේ පවුලේ හැමෝටම තියෙන්නේ එකම නමද?" කියලා. මම ඉතින් "ඔව්" කියල නිකන් හිටියා. මැද තව නම් තියෙන කතා කිය කිය ඉන්න මට වෙලා තිබුනේ නෑ!! :D

      Delete
    2. ආයෙත් අහලා.. form එකේ කොටු මදිවෙලා තවත් හාෆ් ෂීට් එකක් ඇටෑච් කරන්ට වෙනවා සම්පූර්ණ නම ලියන්ට.. :D

      මටත් හරිම ප්‍රශ්නයක් ඔය ඉස්සරහින් එන 'xx ලාගේ' කෑල්ලයි ආයෙත් අගට එන වාසගමයි විස්තර කරන එක.. මම කියන්නෙ ඉස්සරහින් එන්නෙ පෙලපත් නාමය (family name) කියලා, ඒක first name එකට දාන්ට දෙන්නෙ නෑ.. කොහොමහරි කරලා මගේ නම first name එකට රිංගවනවා..

      වැඩේ තියෙන්නෙ, ඔය දේවලින් අපේ මිනිස්සු පාඩම් ඉගෙන ගන්නෙ නැති එකයි.. විදේශවල ඉපදෙන ළමයින්ව embassy එකේ register කරන්ට ඕන නේ.. බලන්ට ඕන අම්මලා තාත්තලා මහා පතරංග වගේ දිග නම් උස්සගෙන එන හැටි.. :)

      Delete
    3. මෙතන මොකුත් නොකියාම බෑ.
      මා සේවය කරන්නේ විදේශිකයන් සම්බන්දව නේ. මෙහේ පොලීසියේ, විගමණ අංශයේ, උසාවියේ හෙම අය මාව දැක්ක ගමන්ම කියන්නේ උඹ ඉල්ලන ඕනේ දෙයක් කරන්නම් දිග නම් නම් අරන් එන්න එපා කියලා. ලංකාවේ අම්මා තාත්තා. සීයා මුත්තාගේ ඉඳන් බැන බැන නම් ලියන එක තමයි වෙන්නේ. අකුරක් මිස් වුනත් ලොකු ප්‍රශ්න වෙන හින්දා පැය භාගයක් හරි මහන්සි වෙලා අකුරෙන් අකුරට ඩබල් චෙක් කරන්න ඕනේ.
      මමත් දැන් දාහක් විතර දේවල් කියලා තියෙන්නේ පවුලේ නම අම්මගේ නම තව තාත්තගේ නම ඔක්කොම එනවා කියලා. නැතිව මේ තරම් දිග නම් තියෙනවා කියලා කාටද කියන්න පුළුවන්. ඒ මදිවට මෙහේ ඉන්න මිනිස්සුන්ගේ ළමයින්ටත් දාන්නේ අර වගේ දිව උලුක්වෙන කිලෝ මීටර් දෙකක් විතර දිග නම් මේ මිනිස්සු. අනේ අහින්සක පොඩි එවුන්....

      Delete
    4. අපේ දුව ඉපදුනේ 1989. ඒ වෙන කොටත් අපි දෙන්නා තීරනයක් අරන් තිබුනා, මේ ඉස්සරහෙන් තිබිච්ච කෑලි බෑලි හලලා නම් දෙකක් විතරක් දාන්න.මොකද මම 1987 රටෙන් පිටවෙලා වෙන රටකට ගියාම ඔය කරදරය වින්දා. ඒ නිසා එයාට දැන් ඒ කරදරේ නැහැ.
      අපේ තාත්තා රැඩිකල් මිනිහෙක් නිසා ඒවාට විරුද්ධ වුනේ නැහැ. ඔය වැඩේ කරන්න ගිහින් මගේ යාළුවෙක්, එයාගේ තාත්තා කිව්වා එයා මැරුනට පස්සේ ඕනනම් පෙලපත් නම වෙනස් කරන්න කියලා. නැත්නම් වහ බෝතලයක් ගෙනත් දෙන්න කියලා.

      Delete
  7. එතකොට අපි අයිස්ලට්ස් ද.. හැක්.. මරු අදහසක්..

    ReplyDelete
    Replies
    1. අයිස්ලට්ස්! ඒකත් හොඳ නම!

      Delete
  8. "මං මචන් ඇත්තටම මුලින් බැලුවේ මුන් කාටහරි පොඩි ගතමන්ට් එකක් දීල හොරට ලකුණු ගන්න. කොහෙද...මේ ලංකාවේ මිනිස්සු නීතියට වැඩනේ. පගාව දීල වැඩ කර ගන්න බෑ"
    හික් හික් හික්
    මේක කියවද්දී මට නිකමට හිතුනා සිරාවට බැරිවෙලාවත් මෙහෙම වුනොත් කියලා පස්සේ මලාට වෙන්නේ නැහැයි කියල හිත හදාගත්තා.

    ReplyDelete
    Replies
    1. මට පොඩි කාලේ තිබුණු ලොකු අවුලක් තමයි, ලංකාවේ රුපියල් වෙන රටක සල්ලි වලට පරිවර්තනය කරාම හරිම සොච්චමක් වෙන එක.
      ඉතිං ජැපනීස් යෙන් එකේ අගය හොයාගත්තම මට මාර ආතල් එකක් දැනුණා! (එතන සැබෑ තත්වය තේරුම් ගන්න ටිකක් කල් ගියා. යෙන් කියන්නේ ඇත්තම අපේ සත වගේ කුඩාම unit එක කියල :D )

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන