Skip to main content

ලේබල් නැති ලෝකයක්

අපේ ගෙදර කිරි පිටි, සීනි, තේ කොළ, කෝපි ඔය හැම දේටම ලේබල් ගහල තිබුණා කාලයක්.
ඒ උනාට පණ ගැහෙන ප්‍රාණීන්ට එහෙම ලේබල් අලවන්න මම කැමති නැහැ.
ලේබල් එකක් ගැහුවම ඒක හරි හෝ වැරදි හරි ඒ ලේබල් එකෙන් ඒ මනුස්සයා රාමු වෙනවා. ඒත් මනුස්සකම කියන්නේ එහෙම රාමුවකට කොටු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

එක දෙක වසරවලදී ඉඳන් ම ළමයි ලේබල් උනා "හොඳ ළමයි" සහ "නරක ළමයි" විදිහට. ගෙදර වැඩ කරන, රචනා ලියන ගණන් හදන ළමයි "හොඳයි". ප්‍රින්සිපල් පංතියට ආවම මිස් අඳුන්වල දෙන්නේ ඒ "හොඳ" ළමයි.

ටික ටික ලොකු වෙනකොට ගෑණු පිරිමි ලේබල් වැදෙනවා. ගෑණු ළමයි ඔහොම ඉඳගන්නවද? ගෑණු ළමයෙක් නේද, ඔහොම හයියෙන් හිනා වෙනවද? ගෑණු ළමයෙක් උනාම ගෙදර දොර වැඩ කරන්න එපැයි!
සැර වැර ගොඩයි. (පිරිමි ළමයින්ගේ පැත්තෙන් ලියන්න මම දන්නේ නැහැ. එයාලටත් එහෙම දේවල් ඇති.)

වයස අනුව විතරක් නෙවෙයි, එක එක සමාජ පද්ධති අනුව, සංස්කෘති අනුව ලේබල් මහ ගොඩක් හැදෙනවා.

ආදරේටත් ලේබල් තියෙනවා.
පහු ගිය දවසක අහන්න ලැබුන ලංකාවේ සමරිසි තරුණියන් දෙන්නෙක් ගෙවල් වලින් වෙන්වෙලා කොහේදෝ දුර පළාතක සම්ප්‍රදායික යුවළක් හැටියට ඉන්න විට පොලිසියෙන් අල්ලන් ගිහින් කියලා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම් හරි හමුදා සේවයේ හිටියා කියලා තමයි කියැවුනේ. පොලිසියෙන් දෙන්නව අරං යන කොට, පිරිමියෙක් හැටියට බාහිර සමාජෙට පෙනී හිටි තරුණිය බැගෑපත් වෙලා එයාගේ පෙම්වතිය වෙනුවෙන් - "අනේ මාව පොලිසි ගෙනිච්චට කමක් නැහැ- මෙයාව ගෙනියන්න එපා" කියලා.
ඒත් කාටවත් කරදරයක් නැතිව එයාලගේ පාඩුවේ හිටි මේ අහිංසකයෝ දෙන්නගේ ආදරේ වැරදියි කියල ලේබල් වැදිලා.

මේ වීඩියෝ එක දැක්කේ අද.




 කවද නම් අර තරුණියෝ දෙන්නට ලස්සනට පෝරුවක් උඩට නගින්න හැකි වේවිද කියලා මම හිතනවා...



පසුව ලියමි:
සියලු ආශීර්වාද මැද සමරපු සමරිසි විවාහයක ෆොටෝ එකතුවක් මෙතන දැක්කා:
http://www.stephgrantphotography.com/blog/shannon-seema-indian-lesbian-wedding-los-angeles-ca/
මේ ඉන්නෙත් ආදරෙන් බැඳුනු දෙන්නෙක් නේද?... මොනවා උනත් තමන්ගේ තාත්තා අතින් පෝරුවට නග්ගගන්න, අම්මට සුදු රෙදි කච්චිය දෙන්න, නෑදෑයෝ ඉස්සරහ තමන්ගේ ආදරවන්තයා/ තිය එක්ක පෝරුවෙන් බහින්න හැම කෙනෙක්ම ආසයි...අර වගේ තරුණ තරුණියෝත් එහෙමයි... කොච්චර අසරණද ඉතිං එයාල....

Comments

  1. හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න බලපු කාලේ හිතුවේ ඒ වගේ සුදුවීම් වෙන්න පුළුවන්ද කියලා. ඒත් මෑත්දී ඔය වගේ සිදුවීම් කීයපයක් ගැනම මාධ්‍ය මගින් ප්‍රචාරය උනා. ඒ වගේ දේවල් ප්‍රවෘත්ති වෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා සමහර මිනිස්සු මොකක් හරි දෙයක් නිසා guilty feeling එකක් හිතේ තියන් ඉන්නවා. ඒ නිසා එයාල වෙන කවුරුන් හරි වැරදිකාරයා කරන්න කැමතියි. තමුන් හරිම සුචරිතවත් අය කියලා අමුතු හැඟීමක් ආරෝපණය කර ගන්නවා. එතකොට තමුන්ගේ හිතේ තියෙන ගිල්ටි දේවල් තාවකාලිකව යට වෙනවා වගේ දෙයක් වෙනවා.

      Delete
  2. ලංකාව වගේ සමාජෙකට එවැනි සිදුවීම් අරුමයක් ඒවගේම සදාචාරාත්මක රාමුවෙන් බලන කල එය ලංකාවේ නොවිය යුතු දෙයක්. නමුත් මිනිස්සුන්ට තමුන්ගේ නිදහස තිබෙන්න ඕනේ. පොලිසියෙන් එවැනි දෙකට මැදිහත් වෙන්න ඕනේ කමක් මට නම් පෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නීතියේ, පොලිසියේ, දේශපාලනේ, අධ්‍යාපනේ, මාධ්‍යයේ, මේ හැම අංශ වලම නම් සදාචාර විරෝධී දේවල් වෙන බවක් මට තේරෙනවා.

      ඒත් මේ තරුණියෝ දෙන්නා....මට තේරෙන්නේ නැහැ ඒක සදාචාර විරෝධී ඇයි කියල... :(

      Delete
  3. ලංකාවේ සිද්දීයනම් ඇත්තටම ප්‍රතික්ශේප කරනවා.. එහෙම කියන්නේ ඒක පොලීසියෙන් ඇවිත් අරන් යන්න තරම් වරදක් කියලා හිතෙන්නේ නැති හන්දා.. ඒත් ඉතින් මේ ලංකාවනේ.. ඔය දේවල් ගැන හරියට දැනෙන්න ඉතින් වෙන රටකටම යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මට හීනයක් තියෙනවා කවද හරි අපේ ලංකාවෙත් මිනිස්සු නිදහසේ ආදරේ කරාවි කියලා

      Delete
  4. ලංකාවේ නීතියට අනුව නම් සමලිංගික හැසිරීම නීතිවිරෝධී ලෙස තමයි ගණන් ගැනෙන්නේ. කොහොමටත් මානව නිදහස කරා ගමන් කරනවා වෙනුවට අපි ගමන් කරන්නෙ ආපස්සටනෙ. බටහිර රටවල පවා සමලිංගික විවාහයට නීත්‍යානුකූලභාවය ගැන පැහැදිලි ලෙසම තියෙන්නේ බෙදීමක්. නමුත් ඒ බොහෝ රටවල සමලිංගික හැසිරීම නීතිවිරෝධී ලෙස සලකන්නෙ නෑ. ආගම ධර්මය කර තියාගෙන යන අපේ සංස්කෘති තුලට මේ නිදහස් චින්තනය එන්න සෑහෙන කල් යයි.

    කොළඹ ඉහල පන්තියේ නම් මම හිතන්නේ සමලිංගික බව සෑහෙන මට්ටමකින් විවෘතව තියනවා. සමහර විට ඔවුන්ගේ බලපෑමෙන් මේ නීතිවල යම් වෙනසක් සිද්ධ වෙන්න බැරි නැහැ. මට මතක හැටියට සෑහෙන කාලෙකට කලින් මේක නීතිගත කරන්න යෝජනා වුණා. නමුත් සිද්ධ වුණේ ඒ වෙනකන් නීතියෙන් හඳුනාගෙන නොසිටි සමලිංගික හැසිරීම නීතිවිරෝධී ගොඩට ඇතුල් වෙච්ච එක.

    ReplyDelete
    Replies
    1. ඔව් නීතිය හැටියට නම් වැරදිකාරයො තමයි.
      ඒත් ඇයි අපි මෙච්චර හිංසාකාරී නීති තියන් ඉන්නේ ... සුද්දෝ හැදුව නීති දැන් සුද්දෝන්ගේ රටවලත් වෙනස් කරමින් යනවා. අපි තවමත් ඒවා කර තියන් ඉන්නවා....

      මටත් ඉස්කෝලේ යන කාලේ, අවුරුදු 16 දී වගේ කාලේ, සමරිසි භාවය දැනුණේ 'විහිළුවක්' විදියට. දවසක් මම ඒ ගැන මොකක් හරි පහත් විහිළුවක් කරා යෙහෙළියක් එක්ක. එයා මට කිව්වා : එහෙම කියන්න එපා. සමරිසි යෙහෙළියෝ දෙන්නෙක් මම දන්නවා (එයින් එක්කෙනෙක් ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය වල ගොඩක් ප්‍රසිද්ධයි) ඒ දෙන්නා හරිම හොඳ හදවත් තියෙන මිනිස්සු කියලා.
      එදා මම ඒ ගැන සෑහෙන්න කල්පනා කරා. සමරිසි කියන ලේබලේ ගලවලා දැම්මම එයාලත් මිනිස්සු හැටියට මට පේන්න ගත්තා. :)

      Delete


    2. //කොළඹ ඉහල පන්තියේ නම් මම හිතන්නේ සමලිංගික බව සෑහෙන මට්ටමකින් විවෘතව තියනවා//
      ඔව්...දුප්පත් මිනිහා තමයි බැට කන්නේ. අර තරුණියෝ දෙන්නාටත් සල්ලි තිබුණා නම්, වෙන රටකට හරි යාවි. ඇයි අපේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ :(

      Delete
    3. මේකෙ තියනවා සෑහෙන විස්තර ටිකක්..
      LGBT rights in Sri Lanka

      කොහොමත් ලංකාවේ නීතීය ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විරුද්ධව විතරයි. මටත් සමරිසි බව ගැන වෙනස් විදිහකට බලන්න බල කලේ ශ්‍යාම් සෙල්වදුරේගෙ අමුතු ඉලන්දාරියා පොත.

      මේ තියෙන්නේ පිරිමි සමරිසිභාවය පිළිබඳ සිංගල බ්ලොග් අඩවියක් - මලට නො එන බඹරු

      Delete
    4. ලින්ක් වලට ගොඩක් ස්තුතියි තිසර :)

      Delete
  5. //අපේ ගෙදර කිරි පිටි, සීනි, තේ කොළ, කෝපි ඔය හැම දේටම ලේබල් ගහල තිබුණා කාලයක්.//
    ඒවා දැන් අයින් කලාද? එහෙම නම් හොඳයි. නැත්නම් එයාලත් ඔය 'ලේබල්' ගොඩට වැටෙනවනේ. :D:D

    අර අනික් කතාව ගැන කියන්ට තියෙන්නේ...තව කාලයක් එක්ක මිනිස්සු ඔය දේවල් දිහා බලන හැටි වෙනස් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒවා තියෙන්නේ මගේ මහ ගෙදර :) ඒවා එහෙ තාමත් එහෙම්මම තියෙනවා. හැබැයි දැන් ලේබල් සුහද මාරු ඇති කරන්. කිරි පිටි ලේබලේ තියෙන එකේ තියෙන්නේ කෝපි කුඩු. තුනපහ කියල ගහල තිබ්බට ඇතුලේ තියෙන්නේ ගම්මිරිස්. :D

      Delete
  6. ඕක ලංකාවේ තහනම් එකනේ අවුල.. නැත්නං ප්‍රේමයට කොහිද සීමා...

    ReplyDelete
    Replies
    1. ඒත් තහනම් වෙන්න ඕනේ දේවල් තහනම් නැති, අහක යන දේවල් තහනම් :(

      Delete
  7. අපි බොහොමයක් කාරණාවලදී සංස්කෘතිය සදාචාරය අමතක කරලා වැඩ කරන ජාතියක්...නමුත් සමරිසි මාතෘකාව ආපු ගමන් සංස්කෘතික පොලීසිය බැටන් පොල්ල කෙලින් කර ගන්නවා. අපේ උඩ ෆ්ලැට් එකේ ඉන්නේ ලෙස්බියන් කපල් එකක්. මගේ වයිෆ් එක්ක එක්කෙනෙක් වැඩ කරනවා. කූල් අය. අනිත් අය වගේම තමයි. මම ගේ කපල්ස් දෙක තුනක් දන්නවා. ඇයි අපේ උදවියට මෙච්චර තියෙන අමාරුව. හේතුව තමයි ඔයා කියනවා වගේ පොඩි කාලේ ඉඳන්ම පෙන්නන්නේ ලේබල් සහිත සමාජයක්. හොඳ- නරක කියන තැනින් පටන් ගත්තාම මිනිස්සුන්ට එක එක ලේබල්...


    මගේ යාළුවෙක්ගේ ගෙදර බෝතල් ලේබල් මෙහෙමයි.

    තුනපහ----3+5
    කහ-------YELLOW
    කෑලි මිරිස්---- පුශ්පා (වයිෆ්ගේ නම..එයා හරි සැරයි )
    ගොරක----සුනිල් (යාළුවෙක් )
    සීනි-----දියවැඩියා
    තේ කොළ ---උඩවැඩියා (උඩරටින් එන නිසාලු )

    පිස්සු පූසෙක්!!! මූ ගැන මට පොතක් ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පොතක් ලියන්ට ඕන නෑ.. බ්ලොග් එකේ ලියන්ට.. :D

      Delete
    2. ඇත්තටම බුරා මූ ගැන ලියන්න වටිනවා.

      Delete
    3. කවුරු හරි ගියාම වයිෆ්ට කොහොමද දන්නවාද කියන්නේ?

      කෑලි මිරිස්.....කැලි මිරිස්......ඔය දියවැඩියා දෙකක් දාලා උඩවැඩියා එකක් හදන්න මෙයාට....

      නොදන්න එකෙක් හිටියොත් පිස්සු හැදෙනවා බුරා.

      Delete
    4. @arugeadaviya
      ඔයාගේ යාළුවා නම් හරිම රසවතෙක් වෙන්ඩ ඕනේ...හරිම නිර්මාණශීලී නේ ඒ ලේබල් ගැහිල්ල! මට හරියට හිත ගියා අර තේ හදන් එන්න කියපු විදිහට! මටත් හිතෙනවා මේ විදියට කුස්සියේ ලේබල් ගහන්න...ඒ උනාට ඒකත් මටම තමයි කෙල වෙන්නේ...හබී ෂුවර් එකට කෑලි මිරිස් එකට ගහනවා මගේ නම :D :D

      Delete
    5. අර බුරතීනෝ ගේ කතාව මමත් සහතික කරනවා. :D

      Delete
    6. මම නම් කෑලි මිරිස් නෙමෙයි සෝඩා බෝතලේ. අපේ යාළුවෝ ගොඩාක් මට එහෙම කියනවා. ;)

      Delete
  8. නිරෝ ට කියන්න ලේබල් වීම ගැන කියන්න තියෙන ගොඩාක් කතා මට තියෙනවා.
    වෙලාවකට මට හිතෙන්නේ ඒක අපේ සමාජයෙන් එන අවුලක් කියලා. අනෙකාගෙ නිදහසට ගරු කරන්න අපේ මිනිස්සු හුරු නොවීම වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතා වෙලාවක බ්ලොග් එකේ ලියන්න බුරු....
      ඔව් සමහර අය ඕනෑ එකයි එපා එකයි හැම දෙයක්ම හාර අවුස්සනවනේ.

      Delete
  9. https://www.youtube.com/watch?v=7NyX5CxGraE
    සමලිංගිකත්වය මානසික ලෙඩක් හැටියට ඇමරිකානූ මනෝවිද්‍යයා සංගමය විසින් 1973 ට පෙර පිළි අරගෙන තිබුනේ, නමුත් 1920 ගණන් වල ඉදලා ඇමරිකාවේ ලොකු සමාජ විප්ලවයක් වගේ එකක් යනවා feminism එකක් එක්ක. මේක 1960 ගණන් වලදි තව වැඩි වෙනවා, ඒකත් එක්ක මේ LGBT ක්‍රියාකාරීන් ඉදිරියට එන්න ගන්නවා සමාජයේ මේකට පිළිගැනීමක් ඇතිකරවන්නටයි, මේක නීතිගත කරවන්නටයි, ඇමරිකානූ මනෝවිද්‍යයා සංගමයේ මානසික රෝග ලැයිස්තුවෙන් සමලිංගිකත්වය ඉවත්කරවන්නටයි.මේ විඩියෝ එක බලන්න, ඒකේ ඇමරිකානූ මනෝවිද්‍යයා සංගමයේ හිටපු (1970 ඉදලා) සභාපති කියනවා, සමලිංගිකත්වය ඔවුන්ගේ පොත්වලින් ඉවත් කරවාගත්තේ කිසිම අපක්ෂපාති පරික්ෂණයකින් තොරවයි කියලයි. ඒ විදියට තමයි 1973 දී සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි කියලා කරළියට එන්න ගත්තේ. 1970,80 ගණන් වල සමලිංගික රැලිවල හිටපු ක්‍රියාකාරීන් ගැන හොයලා බැලුවොත් පෙනෙයි, මේ ගොඩක් අය සමලිංගිකත්වය විතරක් නෙවෙයි, pedophilia වලටත් සම්බන්ධයි කියලා. මේ pedophilia පාදක කරගෙන හදපු සංගමයක් තමයි North American Man/Boy Love Association.ඉතින් ඇත්ත කාරනේ තමයි සමලිංගිකත්වය කියන්නේ Development Disorder එකක්. නමුත් බටහිරයන් විසින් ඔවුන්ගේ divide and rule එක තවත් පෘථුල කරගන්න, ජනගහනය පාලනය කරන්න මේකට ලොකු ප්‍රෝමෝශන් එකක් දෙනවා. අපි සමලිංගිකයන්ට විහිළු කරන්න නරකයි, අපහාස කරන්න නරකයි,ඔවුන් ප්‍රතිකාර වලට යොමුකරවන එකයි කරන්න ඕනේ. මිනිස්සු සමලිංගිකයන් වෙන්න ගත්තොත් අපේ වර්ගයාට පැවැත්මක් නෑ. ඒක නිසා ඒක සාමාන්‍යය දෙයක් නෙවෙයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන