දැන් ඉතින් සීතල යුද්ධය කිව්වාම හිතයිද දන්නෑ අර අමෙරිකාව - රුසියාව අතර තිබුණ (තාම තියෙනවද?) එක වගේ එකක් කියල. මේක මේ එහෙම එකක් නං නෙවේ. මේක A/C ප්රශ්නයක්. :D මේකයි සිද්ධිය - අපේ ඔෆිස් එක දැන් මාස කීපෙකට කලින් තැන මාරු කරා. ඉතින් අලුත් තැනට ආපු දවසෙ ඉඳලා A/C එකට රණ්ඩු. මෙහේ එක එක තැනට A/C එන්නෙ එක එක විදියට. එක් කෙනෙක්ට වැඩියෙන් - තව කෙනෙක්ට අඩුවෙන්. ඊටත් වඩා මේකෙ උෂ්ණත්වය 25 ට වගේ දැම්මත් මාරම සීතලයි. අනිත් එක මේවයෙ ෆෑන් ඕෆ් කරන්න බෑ. කොච්චරවත් හුළං පාර. ඔෆිස් එකේ ඉන්න ගෑණු ළමයින්ට ඕනෙ A/C එක අඩූම කරන්න. මටත් පේන්න බෑ මේ කෙහෙල් මල් A/C එක. අපේ වැඩේ ඉතින් අඩු කරනව. අනේ මන්ද ඒ උනාට පිරිමි කට්ටියට තියෙන්නෙ මහ පුදුම A/C පිස්සුවක්. මේ වෙව්ලන තරමට අපිට සීතලයි. එයාල ගිහින් තව වැඩි කරනව. reproduce වෙන්නෙත් නැති බග් එකක් හොයල හොයලම මොළේ කචල් වෙලා තියෙන වෙලාවට තව ඒ අස්සෙ හිම මිදෙන තරං හීතල හුළං පාර වදිනකොට ඉතින්!! මං ඉන්න තැනට කෙළින්ම පොල්ලෙන් ගැහුව වගේ A/C. ඊටත් ඔළුවට මයි වැදෙන්නෙ. දැන් ඉතින් මං අර එස්කිමෝල වගේ hoodie sweater එකක් ඇඳගෙන ඉන්නෙ. නැත්නං හීතලේ මැරෙයි. ඇත්තටම පිරිමින්ට මෙච්චර හීතල...
Just some random arrows of thought...