Skip to main content

We got hitched! අපිත් බැන්ද ලු!!






 
 


අපි බැන්ද දවස ගොඩක් විශේෂයි.

එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :D

අනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි...

හෙට අනිද්දා බඳින්න ඉන්න අයට පුංචි දෙයක් කියන්න හිතුව...

වෙඩින් එක කියන්නේ චිත්‍රපටියක් නෙවෙයි. උත්සවයක්.
ඉතින් හොඳම දේ තමයි තමන්ගේ මගුල් ගෙදර හොඳට එන්ජෝයි කරන එක.
 ඕනවට වඩා විච්චුරණ වැඩ කෑලි දාගත්තම ඒක කරන්න වෙලා මදි වෙනවා. ඕන නැති වියදමුත් එනවා. අන්තිමට කපල් එකට හොඳටම මහන්සියි.
ආපු මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා, ඩාන්ස් කරන්න වත් වෙලා නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆොටෝ ෂූට් විතරයි.
අපේ මගුල් ගෙදර වෙඩින් කේක් කපන්න, කිරි කළ, ෂැම්පේන් වක් කරන ඒවා, කතා පවත්වන ඒවා, නැටුම් කණ්ඩායම්, කරන්න මම කැමති උනේ නැහැ. ගොයින් අවේ වෙනින් ඇඳුම් මාරු කරේ නැහැ මට ඒ වෙලාවක් තිබුනේ නැති නිසා. අනිත් එක හෝම් කමින් එකකුත් ගන්න නිසා, ඔය පොඩි වෙලාවට ඕකට වියදම් කරන්නත් මට ඕනෑකමක් තිබුනේ නැහැ.

අන්දන්න ගියේ පැය 2.5 වගේ කාලයක්...ඉතින් මට කිසිම අමාරුවක්, මහන්සියක් තිබුනේ නැහැ වෙඩින් එක පුරාවට. ඇත්තටම මම මගේ වෙඩින් එක දවස හොඳට එන්ජෝයි කරා. හොඳට කාල බීල ඩාන්ස් කරලා හැමෝම එක්කල කතා කරන්නත් අපිට වෙලා තිබුනා! :D

මේ ඉතින් මගේ අත්දැකීම හොඳේ...

Comments

  1. මගේ හද පිරි සුබ පැතුම් නිරෝ...
    කීවා නම් අපිත් එනවනේ...:)

    මේ අවුරුද්දේ අගට පොඩ්ඩිගේ පින්තූරත් බලන්ට හොඳේ.:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ආහ් ෆොටෝෂොප්වලින් පින්තූර හදලා දාන්නද ඉන්නේ :P

      Delete
    2. බොහොම ස්තුතියි පොකු! ලංකාවෙනෙ ගත්තේ. මාස දෙකක් තිස්සේ මම ඔය පැත්තේ නැහැ :)

      //මේ අවුරුද්දේ අගට පොඩ්ඩිගේ පින්තූරත් බලන්ට හොඳේ//
      ඊට කලින් පොඩි 'preview' එකක් දෙන්ඩ බැරිද? :D

      Delete
  2. සද්දයක් නැති වුණාම හිතනා එක්කෝ රස්සාවේ හරි පරස්තාවේ හරි දෙයක් තමා කියලා :D

    ඔන්න අපෙනුත් සුභ පැතුම් ප්‍රීතිමත් විවාහ දිවියකට :)

    හැබැයි මට කණගාටුයි තවත් පුරුස පක්සයේ එකෙක්ට වුණු දේ ගැන :(

    වෙඩින් එක ගැන අවවාද ටික හරියට වටිනවා. තව අවුරුදු 7, 8 කින් අපිටත් ඕවා වැදගත් :P

    ReplyDelete
    Replies
    1. //තව අවුරුදු 7, 8 කින් අපිටත් ඕවා වැදගත් :P

      ඔය අවුරුදු 7-8 කින් කියන අයම තමා අන්තිමට මාස 7-8 කින් බඳින්නේ :P :P


      //හැබැයි මට කණගාටුයි තවත් පුරුස පක්සයේ එකෙක්ට වුණු දේ ගැන :(
      දුක් වෙන්න එපා අනේ. ලෝක ස්වභාවයනේ. අහල නැද්ද අර 'එක යායට කකා වැටී' සින්දුව? :D :D

      බොහොම ස්තුතියි මල්ලි සුභ පැතුමට!

      Delete
  3. ඔන්න අපෙනුත් සුභ පැතුම්!...

    ReplyDelete
  4. ඔන්න මමත් සුභ පැතුව....

    ReplyDelete
  5. මගෙනුත් සුබ පැතුම් !

    පින්තූර වලින්ම පේනවා හරිම සරළ වෙඩිමක් කියලා. කොයිතරම්නම් හොඳද..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිහිණි!

      මම කොහොමත් ආස චාම් ලස්සනට. ඇඳුම් වලට, මල් වලට ලා පාට ගත්තෙත්, මේක් අප් නැචුරල් ගතියට දාන්න කිව්වෙත් ඒකයි. මගේ අදහස නම්, bride කෙනෙක් ගෙන් එන්න ඕනා අහිංසක සරල සුන්දරත්වයක්. :)

      Delete
  6. ප්‍රීතිමත් විවාහ දිවියකට, උණුසුම් ශුභ පැතුම් !

    ReplyDelete
  7. @සාතන්, කස්ස

    දෙන්නටම ගොඩක් ස්තුතියි!

    ReplyDelete
  8. @ගමේ හිතවතා
    ඔයාටත් බොහොම ස්තුතියි!

    @JP
    Thank you very much!

    ReplyDelete
  9. මං වැටුන වලේම ඔයත් වැටුන..... නෑ නෑ නෑ වැරදුනා.... මං වැටුන වලට තව අහිංසකයෙක් වැටුන. :-)

    සුභපැතුම්!

    ReplyDelete
  10. සුභ පැතුම් නිරෝ..වෙල්කම් ටු ද ක්ලබ්..:)

    ReplyDelete
  11. Best wishes fro a happy married life!
    බුදු අම්මෝ පැය දෙකාමාරක් ගියාද අඳින්න?
    මනමාලයාට විනාඩි කීයක් ගියාද කියලා අහලා දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. @කතන්දර
      Thank you very much!

      //මනමාලයාට විනාඩි කීයක් ගියාද
      පැය භාගයක් විතර!!

      ඒකනේ එදාට හැමෝම මනමාලියි දෙවෙනි මනමාලිලයි දිහා බලන්නේ... අරගොල්ලව සතේකට ගණන් ගන්නවද මන් අහන්නේ? හැබැයි මෙහෙමත් එකක්...මනමාලිට සාරි ගන්න ගියේ එක දවසයි ලු. ඒක මනමාලි ගිහින් ශේප් එකේ අරන් ආවලු . මනමාලය යි groommen ල කට්ටිය ට රෙදි හොයන්න දවස් තුනක් ගියාලු. අන්තිම දවසේ මනමාලි ගිහින් වැඩේ ගොඩ දාල දුන්නලු. :P :D :D

      Delete
  12. අන්දන එක වගේ තමා අර පෝරුවට නගින, බහින එක නැකතට කරන වැඩෙත්. ඔය දෙක ඈතින් තිබ්බොත් කකුල් රිදෙනකල් හිටගෙන අර අෂ්ටක කියන පොරගෙ කතා අහන් ඉන්න ඕන.

    සුන්දර විවාහ දිවියකට සුභ පැතුම්!

    "The proper basis for a marriage is mutual misunderstanding"

    -Oscar Wilde :D

    ReplyDelete
    Replies
    1. මෙයා නම් අනිවාර්යයෙන් බැඳපු කෙනෙක් වෙන්ට ඕනි. :D:D

      Delete
    2. @MUHUDU
      අපෝ සමහරු ඕකට පැයක් විතර ගන්නවා.

      අපි නම් කියලම පුළුවන් අවම විනාඩි ගානට නැකත් හදා ගත්තේ. විනාඩි 20 යි හිටන් ඉන්න තිබුනේ. ඉතින් පොඩ්ඩක් වත් ගානක් තිබුනේ නැහැ.

      බලන් හිටපු අය නම් කිව්වේ මම නම් හිනා වෙවී හිටිය කියලයි. අනිත් එක්කෙනා නම් බය වෙලා වගේලු හිටියේ :D. පෝරුවේ වීඩියෝ බලද්දී එයා නිතරම වට පිට බලනවා දැකල ඒ මොකද ඇහුවම කිව්වේ 'දොර කොහෙද කියල බැලුව' කියලයි.
      :D :D

      ගොඩක්ම ස්තුතියි සුභ පැතුමට !

      Delete
    3. @Podi Kumarihami
      එහෙම නැත්නම් දෙවෙනි මනමාලයෙක් හැටියට හෙන කට්ටක් කාපු කෙනෙක් :D

      මටත් දෙවෙනි මනමාලි වෙලා එහෙම කටු එක්ස්පිරියන්ස් තියෙනවා!

      Delete
  13. @රාජ්
    ගොඩක් ස්තුතියි රාජ්.

    ඔයාල ඉතින් විහින් නේ වලට පනින්නේ !! :D

    ReplyDelete
  14. @රූ....
    ස්තුතියි රූ!

    ක්ලබ් එක ගැන මොනාද හිතෙන්නේ? නොබැඳි ජාතීන්ගේ සංගමේට වඩා හොඳයිද?

    ReplyDelete

Post a Comment