Skip to main content

We got hitched! අපිත් බැන්ද ලු!!






 
 


අපි බැන්ද දවස ගොඩක් විශේෂයි.

එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :D

අනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි...

හෙට අනිද්දා බඳින්න ඉන්න අයට පුංචි දෙයක් කියන්න හිතුව...

වෙඩින් එක කියන්නේ චිත්‍රපටියක් නෙවෙයි. උත්සවයක්.
ඉතින් හොඳම දේ තමයි තමන්ගේ මගුල් ගෙදර හොඳට එන්ජෝයි කරන එක.
 ඕනවට වඩා විච්චුරණ වැඩ කෑලි දාගත්තම ඒක කරන්න වෙලා මදි වෙනවා. ඕන නැති වියදමුත් එනවා. අන්තිමට කපල් එකට හොඳටම මහන්සියි.
ආපු මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා, ඩාන්ස් කරන්න වත් වෙලා නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆොටෝ ෂූට් විතරයි.
අපේ මගුල් ගෙදර වෙඩින් කේක් කපන්න, කිරි කළ, ෂැම්පේන් වක් කරන ඒවා, කතා පවත්වන ඒවා, නැටුම් කණ්ඩායම්, කරන්න මම කැමති උනේ නැහැ. ගොයින් අවේ වෙනින් ඇඳුම් මාරු කරේ නැහැ මට ඒ වෙලාවක් තිබුනේ නැති නිසා. අනිත් එක හෝම් කමින් එකකුත් ගන්න නිසා, ඔය පොඩි වෙලාවට ඕකට වියදම් කරන්නත් මට ඕනෑකමක් තිබුනේ නැහැ.

අන්දන්න ගියේ පැය 2.5 වගේ කාලයක්...ඉතින් මට කිසිම අමාරුවක්, මහන්සියක් තිබුනේ නැහැ වෙඩින් එක පුරාවට. ඇත්තටම මම මගේ වෙඩින් එක දවස හොඳට එන්ජෝයි කරා. හොඳට කාල බීල ඩාන්ස් කරලා හැමෝම එක්කල කතා කරන්නත් අපිට වෙලා තිබුනා! :D

මේ ඉතින් මගේ අත්දැකීම හොඳේ...

Comments

  1. මගේ හද පිරි සුබ පැතුම් නිරෝ...
    කීවා නම් අපිත් එනවනේ...:)

    මේ අවුරුද්දේ අගට පොඩ්ඩිගේ පින්තූරත් බලන්ට හොඳේ.:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ආහ් ෆොටෝෂොප්වලින් පින්තූර හදලා දාන්නද ඉන්නේ :P

      Delete
    2. බොහොම ස්තුතියි පොකු! ලංකාවෙනෙ ගත්තේ. මාස දෙකක් තිස්සේ මම ඔය පැත්තේ නැහැ :)

      //මේ අවුරුද්දේ අගට පොඩ්ඩිගේ පින්තූරත් බලන්ට හොඳේ//
      ඊට කලින් පොඩි 'preview' එකක් දෙන්ඩ බැරිද? :D

      Delete
  2. සද්දයක් නැති වුණාම හිතනා එක්කෝ රස්සාවේ හරි පරස්තාවේ හරි දෙයක් තමා කියලා :D

    ඔන්න අපෙනුත් සුභ පැතුම් ප්‍රීතිමත් විවාහ දිවියකට :)

    හැබැයි මට කණගාටුයි තවත් පුරුස පක්සයේ එකෙක්ට වුණු දේ ගැන :(

    වෙඩින් එක ගැන අවවාද ටික හරියට වටිනවා. තව අවුරුදු 7, 8 කින් අපිටත් ඕවා වැදගත් :P

    ReplyDelete
    Replies
    1. //තව අවුරුදු 7, 8 කින් අපිටත් ඕවා වැදගත් :P

      ඔය අවුරුදු 7-8 කින් කියන අයම තමා අන්තිමට මාස 7-8 කින් බඳින්නේ :P :P


      //හැබැයි මට කණගාටුයි තවත් පුරුස පක්සයේ එකෙක්ට වුණු දේ ගැන :(
      දුක් වෙන්න එපා අනේ. ලෝක ස්වභාවයනේ. අහල නැද්ද අර 'එක යායට කකා වැටී' සින්දුව? :D :D

      බොහොම ස්තුතියි මල්ලි සුභ පැතුමට!

      Delete
  3. ඔන්න අපෙනුත් සුභ පැතුම්!...

    ReplyDelete
  4. ඔන්න මමත් සුභ පැතුව....

    ReplyDelete
  5. මගෙනුත් සුබ පැතුම් !

    පින්තූර වලින්ම පේනවා හරිම සරළ වෙඩිමක් කියලා. කොයිතරම්නම් හොඳද..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිහිණි!

      මම කොහොමත් ආස චාම් ලස්සනට. ඇඳුම් වලට, මල් වලට ලා පාට ගත්තෙත්, මේක් අප් නැචුරල් ගතියට දාන්න කිව්වෙත් ඒකයි. මගේ අදහස නම්, bride කෙනෙක් ගෙන් එන්න ඕනා අහිංසක සරල සුන්දරත්වයක්. :)

      Delete
  6. ප්‍රීතිමත් විවාහ දිවියකට, උණුසුම් ශුභ පැතුම් !

    ReplyDelete
  7. @සාතන්, කස්ස

    දෙන්නටම ගොඩක් ස්තුතියි!

    ReplyDelete
  8. @ගමේ හිතවතා
    ඔයාටත් බොහොම ස්තුතියි!

    @JP
    Thank you very much!

    ReplyDelete
  9. මං වැටුන වලේම ඔයත් වැටුන..... නෑ නෑ නෑ වැරදුනා.... මං වැටුන වලට තව අහිංසකයෙක් වැටුන. :-)

    සුභපැතුම්!

    ReplyDelete
  10. සුභ පැතුම් නිරෝ..වෙල්කම් ටු ද ක්ලබ්..:)

    ReplyDelete
  11. Best wishes fro a happy married life!
    බුදු අම්මෝ පැය දෙකාමාරක් ගියාද අඳින්න?
    මනමාලයාට විනාඩි කීයක් ගියාද කියලා අහලා දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. @කතන්දර
      Thank you very much!

      //මනමාලයාට විනාඩි කීයක් ගියාද
      පැය භාගයක් විතර!!

      ඒකනේ එදාට හැමෝම මනමාලියි දෙවෙනි මනමාලිලයි දිහා බලන්නේ... අරගොල්ලව සතේකට ගණන් ගන්නවද මන් අහන්නේ? හැබැයි මෙහෙමත් එකක්...මනමාලිට සාරි ගන්න ගියේ එක දවසයි ලු. ඒක මනමාලි ගිහින් ශේප් එකේ අරන් ආවලු . මනමාලය යි groommen ල කට්ටිය ට රෙදි හොයන්න දවස් තුනක් ගියාලු. අන්තිම දවසේ මනමාලි ගිහින් වැඩේ ගොඩ දාල දුන්නලු. :P :D :D

      Delete
  12. අන්දන එක වගේ තමා අර පෝරුවට නගින, බහින එක නැකතට කරන වැඩෙත්. ඔය දෙක ඈතින් තිබ්බොත් කකුල් රිදෙනකල් හිටගෙන අර අෂ්ටක කියන පොරගෙ කතා අහන් ඉන්න ඕන.

    සුන්දර විවාහ දිවියකට සුභ පැතුම්!

    "The proper basis for a marriage is mutual misunderstanding"

    -Oscar Wilde :D

    ReplyDelete
    Replies
    1. මෙයා නම් අනිවාර්යයෙන් බැඳපු කෙනෙක් වෙන්ට ඕනි. :D:D

      Delete
    2. @MUHUDU
      අපෝ සමහරු ඕකට පැයක් විතර ගන්නවා.

      අපි නම් කියලම පුළුවන් අවම විනාඩි ගානට නැකත් හදා ගත්තේ. විනාඩි 20 යි හිටන් ඉන්න තිබුනේ. ඉතින් පොඩ්ඩක් වත් ගානක් තිබුනේ නැහැ.

      බලන් හිටපු අය නම් කිව්වේ මම නම් හිනා වෙවී හිටිය කියලයි. අනිත් එක්කෙනා නම් බය වෙලා වගේලු හිටියේ :D. පෝරුවේ වීඩියෝ බලද්දී එයා නිතරම වට පිට බලනවා දැකල ඒ මොකද ඇහුවම කිව්වේ 'දොර කොහෙද කියල බැලුව' කියලයි.
      :D :D

      ගොඩක්ම ස්තුතියි සුභ පැතුමට !

      Delete
    3. @Podi Kumarihami
      එහෙම නැත්නම් දෙවෙනි මනමාලයෙක් හැටියට හෙන කට්ටක් කාපු කෙනෙක් :D

      මටත් දෙවෙනි මනමාලි වෙලා එහෙම කටු එක්ස්පිරියන්ස් තියෙනවා!

      Delete
  13. @රාජ්
    ගොඩක් ස්තුතියි රාජ්.

    ඔයාල ඉතින් විහින් නේ වලට පනින්නේ !! :D

    ReplyDelete
  14. @රූ....
    ස්තුතියි රූ!

    ක්ලබ් එක ගැන මොනාද හිතෙන්නේ? නොබැඳි ජාතීන්ගේ සංගමේට වඩා හොඳයිද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන