Skip to main content

සම අයිතීන්

එහෙට යනවා නම් ඔයා කොට කලිසම් එහෙම ඇඳන් එන්න එපා

ඇයි?

ඇයි කියන්නේ හවසට ෆෝමල් විදිහට විතරයි යන්න දෙන්නේ.

එතකොට ඔයා මොකද්ද අඳින්නේ?

ආ මමද? මම ඉතින් මොකක් හරි පොඩි කොට කෑල්ලක් ඇඳන් එන්නම්.

මාර කෙළියක්නේ . දැන් මට කොට කලිසම් අඳින්න එපා කිව්වේ.

ඔව් ඉතින් ගෑනු ළමයි එහෙම ඇන්දට කමක් නැහැ. ඕගොල්ලොන්ට තමයි බැරි.

අනේ අම්මප...ඔය දැක්කද..ඔහොම තියාගෙනත් නේ මේගොල්ලෝ සම අයිතීන් ඉල්ලන්නේ.

අපි සම අයිතීන් ඉල්ලන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් අනේ.

?

නෑ ඉතින් අපිට දැනටත් තියෙන ඕගොල්ලොන්ට නැති අයිතීන් ටික ඕගොල්ලොන්ටත් එතකොට හම්බෙයි නේ ..:D :D

$%%#?!!!!!!



ඔන්න කට්ටියට තේරුනේ නැත්නම් :
ගොඩක් හොටෙල් වල රෑ කෑමට යනකොට සෙමි ෆෝමල් වගේ ඇඳන් හිටියේ නැත්තනම් ඇතුලට යන්න දෙන්නේ නැහැ. හොටෙල් එකේ නැවතිලා ඉන්න අයට උනත්. ඒ කිව්වේ ඉතින් කොට කලිසමක් ඇඳන් රබර් සෙරෙප්පු දෙකක් දාල වගේ නම් යන්න දෙන්නේ නෑ. හැබැයි ඉතින් ඕක වැඩියෙන් බලපාන්නේ පිරිමි අයට තමයි. ගැනු කෙනෙක් ඉතින් ඔය මොක ඇඳන් ගියත් (රබර් සෙරෙප්පු ඇරෙන්න) වැඩිය ගානක් නැහැ.

මේක ගැන ගොඩක් කොල්ලෝ කම්ප්ලේන් කරනවා! :D :D



ප ලි : මෙය මනඃකල්පිත දෙබසක් නොවන බව කරුණාවෙන් සලකන්න

Comments

  1. තේරුණා මදි වගේ !:-/

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැත්තේ මොන කෑල්ලද කිව්වනම් පැහැදිලි කරන්න :)

      Delete
    2. ඔන්න පැහැදිලි කිරීමක් දැම්ම යටින්!

      Delete
  2. මට නම් තේරුනා. කොල්ලා නිරෝට කොට කලිසම් අඳින්ට දෙන්නේ නෑ...:)

    ReplyDelete
    Replies
    1. අයියෝ...නෑ
      මේ නීති දාල තියෙන්නේ තුන්වෙනි පාර්ශවයක් නේ :D

      Delete
  3. අනේ මන්ද මේවට මොනව කියන්නද කියල!

    ReplyDelete
    Replies
    1. එහෙම කියල බැහැ ඉතින් මොනවා හරි කියන්න :D

      Delete
  4. කාන්තාවන්ට ලැබිය යුත්තේ සම තැනද?නිසි තැනද?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල කියන්නකෝ නිසි තැන සහ සම තැන කියල අදහස් කරන්නේ මොකද්ද, ඒක තීරණය කරන්නේ කව්ද කියල?

      Delete
    2. කාන්තාවනට සමාන අයිතීන් ලැබියයුතුයි කිව්ව හැටිය හැමෝම පොට පටලවගන්නේ ඇඳුම් , ඇල්කොහොල් හා සිගරට් එක්ක පිරිමිත් ගෑණුත් සන්සඳනය කරලා .මේක ලොකු නොමග යාමක් හැම වෙලේම සමාජේ බහුතරය මේක මෝඩ විදියට පටල ගන්නවා .සමානාත්මතාව ඉක්වලිටි කියන්නේ මානව අයිතීන් වල මූලිකම හරයක් ඒක අපිට ලැබුනේ අපි ගෑණු පිරිමි හැමෝම සත්තු නොවී මනුස්සයො හැටියට උපන්න නිසා .ඉක්වලිටි කියන්නේ සමාජෙක තියෙන ඇස්පිරේශන් එකක බලාපොරොත්තුවක් ඒ වෙනුවෙන් හැම සමාජයක්ම වැඩ කලයුතු වෙනවා .ගැණු පිරිමි අතර සමානාත්මතාව කියන්නේ ඔවුන්ට ලැබෙන අවස්තා අනුව ඔවුන්ට සමානව සැලකීම .කොහොමත් මානව ඉතිහාසයේ හැම සමාජයක්ම ගත්තොත් ගෑනුන් පිරිමින් සමග සසඳනකොට අසමාන ලෙස සැලකිම් වලට ගොදුරු වෙනවා .දියුණු සමාජයක ලක්ශණය වෙන්නේ මේ අසමානතා අවම කරලා අද්‍යාපන , සෞක්‍ය , රැකියා , දේශපාලන , ආර්තික අවස්තා හා අනිකුත් සිවිල් අයිතීන් ගෑන්න්ටත් ලැබෙන්න සැලැස්වීම .මේවා ඉබේ වෙන දේවල් නෙවේ . ඒකට යම් වැඩ පිලිවෙල රජය හා අනික් ආයතන මගින් ගත යුතුයි .තව ලොකුම දෙයක් සිදුවිය යුතුයි සමාජයේ ආකල්ප වෙනසක් සිදුවීම ගෑනු හාපිරිමි දෙපිරිසගේ .කීයෙන් කී දෙනෙක් ද මේ සමාජේ ෆී මේල් කෙනෙක් බොස් වුනොත් එයාව ඇක්සෙප්ට් කරන්නේ විශේෂයෙන් මේ ආසියා කරයේ පුදුම මේල් ඩොමිනන්ස් තියෙන්නේ .

      නිසි තැන කියලා හරයක් වත් , මූලධර්මයක්වත් නෑ ඇත්තේ සම තැන එය ඇඳුම් ඇඳිල්ල ඇල්කොහොල් සිගරට් එක්ක පටලගන පහතට දාලා හිනා වෙන්න එපා

      Delete
    3. @ඇනෝ
      ඔයා කියල තියෙන හැම දෙයක් එක්කම මම එකඟයි.
      මම විශ්වාස කරන්නේ මිනිසෙක් වෙලා උපදින හැමෝන්ටම ගැහැණු හෝ පිරිමි හෝ වේවා, තමන් කැමති විදියට, ආත්ම අභිමානයෙන් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියල. 'නිසි තැන' කියන එකේ මට තේරුමක් නැහැ. මොකද එක එක්කෙනා ට නිසි තැන තීරණය වෙන්නේ ඒ ඒ කෙනාගේ හැකියාවන්, සිතුම් පැතුම්, අවශ්‍යතා මත මිසක් ගෑණුද පිරිමිද සිංහලද දෙමළද සුදු ද කළු ද කියන දේ මත නෙවෙයි. මගේ නංගිට නිසි තැන මට නිසි තැන නොවෙන්න පුළුවන්.

      මේ පෝස්ට් එක ලිව්වේ නම් මේ වගේ බරපතල දෙයක් ගැන කතා කරන්න නෙවෙයි. මේක ලිව්වේ පොඩ්ඩක් හිනා වෙන්න! ඒත් මේ වගේ කොමෙන්ට් එකක් වැටුන එක ගැන නම් සතුටුයි :)

      Delete
  5. අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. ...සරත්. තියෙන හොඳම සබන් ජාතියෙන් හේදුවේ ? :D

      Delete
  6. අර කතාවක් තියෙන්නේ " I am the boss of this household ...And I have my wife's permission to say so" කියලා

    ReplyDelete
    Replies
    1. Haha :D well I don't care who is the boss, as long as I get to have the last word!! :P

      Delete

Post a Comment