මේ පාරත් වෙසක් දවසෙ සුපුරුදු විදියට සිල් සමාදන් උනා. ලංකාවෙ ඉතාම ප්රසිද්ධ බුදු රජාණන් වහන්සේ පවා වැඩිය පින්වත් පන්සලකට තමයි ගියේ. අවුරුද්ද පුරාම දුවල දුවල වෙසක් දවසට වත් නැවතිල හති අරින එක හොඳයි කියල හිතනව. ඉතින් හිතට හරි සතුටුයි. අඩු ගාණෙ එදාටවත් භාවනාවක් කළ එක ගැන.
හැබැයි පන්සලේදි විටින් විට ශබ්ද විකාශන යන්ත්රයෙන් ඇහුනු දෙයක් ගැන ප්රශ්නයක්. ඒ නිවේදනය පන්සලේ දාන සීල සමිතියෙ යාව ජීව සාමාජිකත්වය ගන්න කියල. කිව්ව හැටියට එහෙම ගන්න එක මුලු සංසාරෙ ඉන්නකම්ම ලු. එතකොට මේ භවයෙ සාමාජික උනොත් ඊළඟ භවයටත් ඒක වලංගුද?? සාමාජික කාඩ් එකත් කර්ම ශක්තිය වගේ අරන් යන්න පුලුවන් එකක්ද දන්නෙ නෑ. හ්ම්ම්.. අනේ මන්ද මේ කතා!!

සිල් ගන්න යන්නේ සසර තවත් දික් කරගන්න මයෙ හිතේ අක්කේ. අපි දන්න බුද්ධාගමක් නෑ!
ReplyDeleteආගම බිස්නස් හරි සරුයි වගේ....
ReplyDeleteෂ් ෂ් ෂ් ෂ් ෂ් මුකුත් කියන්න එපා පන්සල එක්ක බැදිම් තියා ගන්න එපායැ නිවන් යන්න!
ReplyDeleteඔය බුදුන් වැඩිය වෙලේ, උන්නාසේත් කාඩ් එකක් ගත්තාද දන්නේ නැහැ නේද?
ReplyDeleteගිය ආත්මෙ මම ගත්තද දන්නෙ නෑ කාඩ් එක... චෙක් කරල බලන්න විදිහක් නැද්ද? :D
ReplyDelete@deeps
ReplyDeleteමට පේන හැටියට අමුතුම තියරි එකක්..:D
@chamila_dealwis
ඒකත් බිස්නස් එකක් කර ගත්තු එක තමයි දුක!
@-බිன்ku-
Haha!
@Sam
හ්ම් එහෙමත් කියයිද දන්නෙනෑ මෙහෙම යනකොට!
chathuraw
ඇත්තටම ඒක මටත් හිතුනා!
සමාජිකත්වය නොමිලේ නෙවෙයිනේ? ඒ කියන්නේ නිවන් යන්නත් සල්ලි දෙන්න ඕනි ඇති...
ReplyDeleteවැඩි ගාණක් නෑ. රු. 400/= යි! :D
ReplyDelete