Skip to main content

බොරුවෙන් ජීවත් වීම

කවදාවත් බොරුවක් කියල නැති කෙනෙක් මේ ලෝකෙ ඉන්නව ඇතැයි කියල මම නම් හිතන්නේ නැහැ. පෘතග්ජන මිනිස්සු හැමෝම යම් යම් අවස්ථාවලදි බොරු කියනවා.
ඒ උනත් අපි අතර ඉන්න සමහර අය බොරු කීම විනෝදාංශයක් කරගෙන වගේ. මගේම යාළුවෝ අතරත් ඒ වගේ අය ඉන්නවා. (ඒ අය ඇත්තටම යාළුවොද නැද්ද කියන එක වෙනම කාරණ්යක්.)
මේ අය බොරුවක් කියලා ඒ ගැන අනිත් අයත් එක්ක කියන්නේ හරි ලොකු දෙයක් කළා වගේ. 'මට නම් එයාව හොඳට කඩේ යවන්න පුළුවන්' 'මට හොඳට බෝල බස්සන්න පුළුවන්' 'අපෝ මට නම් ඕක රෝල් කරල කියන්න පුලුවන්.'
ඒ වගේ දේවල් ඇහෙද්දිද් හරිම පිළිකුල්. ට්ව් එකේ යන 'Moment of Truth' කියන වැඩසටහන සමහරු බලල ඇති. ඒ ගැන දවසක් කතා කරද්දි එක්තරා මිතුරියක් කියනවා 'අපෝ ඕක ලංකාවෙ නැති එකමයි හොඳ. අපේ අම්ම මගෙන් ඔහොම ප්‍රශ්න ඇහුවොත් රතු ලයිට් එකක් පත්තු වෙලාම තියෙයි' කියල. අම්ම තාත්තට ඔච්චර බොරු කියන කෙනා අපිට කොහොම බොරු කියනව ඇද්ද් කියල මට හිතුනා.
ඇත්තටම (බොරුවට නොවෙයි !) මිනිස්සු මේ හැටි බොරු කියන්නෙ ඇයි? කපටි කමින් ජීවත් වෙන එකෙන් සතුටක් ලබන්න පුලුවන්ද? එයාලට මොන ජරා වැඩේ හරි කරල තමන්ගේ වැඩේ වෙනවනම්, තමන්ට වාසියක් වෙනවනම් එච්චරයි.
නිකම් ඒ හැටි ළඟින් ආශ්‍රය නොකරන අයට බොරු කීම පැත්තකට දාමු (ඒක හොඳයි කියනව නෙවෙයි ). නමුත් තමන්ගේ හොඳම යාළුවාට, දෙමව්පියන්ට, පෙම්වතාට, පෙම්වතියටත් බොරු කියන එකේ තේරුම මොකද්ද? ගොඩක්ම හිනා යන වැඩේ තමයි මෙහෙම බොරු කියන ගමන් පන්සල් පල්ලි යන එක. එක අතකට කියන බොරු වල පව් යවාගන්න යනවද දන්නෙත් නැහැ. LOL
මෙයාලගේ ජීවිත වල තියෙන හිස් බව එයාලට නොතේරෙන්නෙ ඇයි? අපි ජීවත් වෙන්න ඕන ඇත්ත මුල් කරගෙන නොවේද? ජීවිතේ කියන්නෙ වෙනින් කාටවත් බලන්න පෙන්වන චිත්‍රපටයක් නෙවෙයි. කාටවත් පේන්න අපි බොරුවෙන් ජීවත් වීමෙන් පලක් නැත්තෙ ඒකයි. මොකද කවදහරි අපිට ඇත්තට මූණ දෙන්න වෙනවා. එතකොට අන්තිමට බලන් යද්දි ඉතුරුවෙලා තියෙන්නෙ බොරු ටිකක් විතරයි.

Comments

  1. I guess that because we Sri Lankans are very judgmental bunch.

    ReplyDelete
  2. hmm do you mean that people lie because they fear what others may think of them?

    ReplyDelete
  3. Well. At least, that is the reason I lie (When I do, not very often any more. Even not, I can’t say I lie often, I don’t want you think bad of me. So i rather lie about it) :)

    ReplyDelete
  4. I agree... That's the reason I say a lie when I have to too... Well... I can safely say i don't lie to my friends though... Sometimes to my parents :)

    ReplyDelete
  5. sam & chathura:
    yes I guess we all do that. Another reason might be if we want to avoid uncomfortable situations. For example you go to this party and your friend walks in with a hideous hairstyle. If she asks you how she looks you're not going to say 'you look awful' (later after the party, you can tell her that hairdo wasnt really a good idea).

    But I wasn't talking about little white lies in the post. I was referring to lies told quite deliberately intended to manipulate others.

    ReplyDelete
  6. මට හම්බ වෙච්ච අයගෙන් වැඩියෙන්ම බොරු කියන්නේ ආගම ධර්මෙට ගොඩක් ලැදී වගේ පෙන්නන අය.

    ReplyDelete
  7. මං නම් කවදාවත් බොරැ කියලා නෑ කිව්වොත් ඇත්තක් නොවෙයි.

    ReplyDelete
  8. @ම
    ඔව් ඒක වෙන්න පුලුවන්. ආගමට ලැදි නොවී ලැදි වාගෙ පෙන්නන එකත් බොරුවක් නෙ!

    @-බිன்ku-
    මටත් ඒක වලංගුයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන