Skip to main content

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා.
හරියට මේ වගේ .... (img commons.wikimedia.org)
තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය.

පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය.

ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය.

අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත.
ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය.
ඌ ඇවිල්ලා පොසම් සතෙකි.

සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය.
එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු කරගෙන සිටියෙමු.
ඌ උගේ පාඩුවේ පඩිය උඩට වී ජීවත් උනේය.

ෆ්ලැට් එකට එන මිතුරි මිතුරියන් අතර ඌ ඉතා ජනප්‍රිය උනු අතර කෙල්ලන් තුන්දෙනෙක් ගේ නාන කාමරයක ජනේලේ ළඟ සිටින නිසා ඔවුන් ඌ ට නම දැම්මේ 'Pervert පොසම්' කියලා ය.

මෙහිදී මිතුරියන් ඌ දැක්ක විට 'අනේ පව්/ ඌ කන්නේ මොනවාද/ ඌ නිදිද' වැනි ප්‍රතිචාර ලබා දුන් නමුත් මිතුරන් ඌ ට දැක්වුයේ දැඩි අකමැත්තකි.
මේ ගැන අප තිදෙනා සිනා පහල කල විට එක මිතුරෙක් පැවසුවේ
"easy for you to laugh. you have nothing to lose" කියා ය.
ඔහු නාන කාමරයේ සිටින විට පොසම් fly screen එක ගලවාගෙන ඇවිත් ඔහුගෙන්(අපට නැති ඔහුට ඇති) යමක් ගලවා ගෙන යතැයි ඔහු බියවූ බව අපට පැහැදිලි විය.

එය කෙසේවෙතත් ඔහුගේ බිය අනියත බියක්ම නොවන බව වැටහුනේ මාස කිහිපයකිනි.

ඒ සෙනසුරාදා දිනකි. අපි ෆ්ලැට් එක පිරිසිඳු කරන වැඩ කරන්නේ සෙනසුරාදා/ඉරිදාය. එදා නාන කාමරේ පිරිසිඳු කරන්න මගේ වාරය විය.

අහෝ ඛේදයකි! නාන කාමරයකට ඇතුළු වුනු වහාම මා දුටුවේ විප්‍රකාර දසුනකි!

මෙතෙක් අපේ අනුකම්පාව දිනාගෙන ඔහේ පාඩුවේ සිටි පොසම් අපේ නාන කාමරේ භෞමික අඛණ්ඩතාවය ද මොකද්ද එකට අභියෝගකරමින් ඌ ත් අපිත් වෙන්කරනු ලැබ fly-screen එක කඩා දමමින් සිටියේය.

fly-screen යේ කැඩුණු කෑලි වලින් ටයිල් පොලව අපිරිසිඳු වී තිබුණි. ඊට වඩා වැඩේ හිස ගිනිගත් ලෙසින් fly-screen ය පහුරු ගාන අපේ pervert possum ය.

අතේ තිබුණු කොසු/මොප්/ ආදී දේ එතනම දමා මම අනිත් පැත්තට නාන කාමරෙන් පැනගත්තේ හූ තබමිනි ඉතා සංයමයෙන් හා දැහැමින් සෙමින් ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි නාන කාමරේ දොර වසා දමනු ලැබු අතර ෆ්ලැට් සාමාජික මීටිමක් කැඳවුණු ලැබීය. එහි ත්‍රි පුද්ගල කමිටුවේ තීරණය අනුව Residential Adviser හෙවත් RA ට දුරකථන ඇමතුමක් ගනු ලැබීය.
RA යනු සෑමදෙනා ගෙන්ම බැනුම් අසන, සැමදෙනාටම බනින චාටර් ජොබ් එකකි. ඔවුන්ව විශ්ව විද්‍යාලයෙන් පත් කරනු ලබන්නේ ෆ්ලැට් වල රෑ තිස්සේ යන බජව් නැවැත්වීම, පොසම් ලා ගෙන් ෆ්ලැට් ආරක්ෂා කරගැනීම වැනි බරපතල කාර්ය සඳහාය.

කෙසේ හෝ අන්තිමේ දී RA ගේ මැදිහත් වීමෙන් handyman කෙනෙක් කැඳවනු ලැබීය. ඔහු පොසම් fly screen එක සම්පුර්ණයෙන්ම කඩා අපේ රජ දහන ආක්‍රමණය කරන්නට ඔන්න මෙන්න තිබියදී කොසු මිටක් අධාරයෙන් පොසම්ව භය කර පලවා හරිනු ලැබිණි. කැඩුණු fly screen එකද ගලවා දමා අලුත් එකක් සවි කරනු ලැබුවේය.

"අනේ පොසම් දැන් කොහේ යාවිද?" RA ගෙන් අපි ඇසුවෙමු.

මෙතෙක් වෙලා පොසම් ගෙන් අප බේරගන්නයි කියමින් නාහෙන් අන්දමින් සිටි කෙල්ලන් තිදෙනා දැන් පොසම් ගැන සිත් උණු වී සිටී! RA අප දෙස බැලුවේ මොලය නරක් වෙලා දැයි අහන්නට වගේය. (හොඳ වෙලාවට එයා එහෙම ඇහුවේ නැතිය)

ඌ යළි කරදර නොකරන්නට එතැන සැර සුවඳ විලවුන් ඉහින්න යයි අපට උපදෙස් ලැබිණි. පොසම් ලා පාර හොයාගන්නට ගඳ සුවඳ යොදාගන්නා බවත්, උගේ ගඳ යට කරන්නට විලවුන් දැමූ විට ඌ ට එතන හඳුනාගන්නට බැරි වෙන බවද handyman පැවසීය. 

කෙසේ හෝ අන්තිමට එදායින් පසු අපේ ෆ්ලැට් එකේ special attraction එක වූ pervert possum අපගෙන් වෙන් වුනි. 
ඌ වෙනත් කෙල්ලන් තිදෙනෙකු ගේ නාන කාමරයක් සොයා ගන්නට ඇත.


ප.ලි 
මාස ගානක් සහජීවයනයෙන් සිට ඌ එක වරම එසේ අපේ නිවහන තුලට කඩා වැදීමට උත්සාහ කරේ ඇයි දැයි මට ප්‍රශ්නයක් විය. පසුව මට අවබෝධ වුනේ අනියම් ආකාරයෙන් එයට මාද සම්බන්ධ බවය. ඒ ගැන පසුව ලියමි. 

Comments

  1. කාලෙකට පස්සේ බ්ලොග් එකට එන්න පොසම් කරල තියෙන සේවය අගය කරමි. ඒවගේම පොසම් ආපහු එයාගෙ වැරැද්දෙන් නැතිකරගත්තු දේවල් ඉල්ලලා පාදා යාත්‍රාවක් ජීප් එකක ගියේ නැති එක පුදුමයි

    ReplyDelete
    Replies
    1. ජීප් එකෙන් පාද යාත්‍රාවක් ගිහින් ලෙමන් පෆ් උපවාසයක් වත් කරා නම් අපි සලකා බලනවා. ඔව්. :D

      Delete
  2. ඉක්මනට ඒකත් ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. මේක දැක්කමනේ මතක් උනේ. හරි ලියන්නම්...

      Delete
  3. හුටා , ඔය දාලා තියෙන්නෙ ඇනුවල් පෝස්ට් එක. ඉතුරු කොටස ලියන්නෙ එන අවුරුද්දෙ වෙන්ටෑ? :)

    ReplyDelete
    Replies
    1. ඇනුවල් පෝස්ට් එකට ඇනුවල් කමෙන්ට් එකක් වෙන්ටෑ දාලා තියෙන්නෙ... :-P

      හලෝ නිරෝ, ආෆ්ටර් ලෝං ටයිම්...

      Delete
    2. හලෝ බසූ සහ බුරෝ...
      මේගොල්ලො පේන්නේ හරි කලාතුරකින් නේ...

      මේ මම ඔන්න දැන් අවුරුද්දට දෙවෙනි පෝස්ට් එකත් දැම්මා

      Delete
  4. මගේ පොසම්ලා ටික , පොඩි වුන් සහ ගැබ්බර ව සිටි ධේනුවක් ඇතුළුව සියලු දෙනා වස දී මරා දමා තිබෙනවා ( ඔව් ලංකාවේ මිනිසෙකුගේ සත් ක්‍රියාවක් තමා ). නැවත පොසම්ලා ගැන කියවන්නට ලැබීම සතුටට කාරණයක්. නැවත එන්නම්.

    ReplyDelete
    Replies
    1. කවුරු කරත් පවු :( ඉතින් කොහොමද දන්නේ ලංකාවේ මිනිස්සු කියලා? අපේ ඔෆිස් එකෙත් වහලේ පහුරු ගානවා කියලා මාසෙකට කලින් maintenace කට්ටිය ඇවිත් උගුලක් අටවල ගිහින්. ඒත් අපේ ඔෆිස් පොසම් කට්ටයා. ඌ තාම පහුරු ගානවා.

      Delete
  5. ෆ්ලැට් එකක් හින්දා හොඳයි, පොසොමෙක් ගෙදර සීලිමට නැග ගත්තා නම් හරියට ලංකාවේ තලහොේ‍රක් හරි හෝතඹුවෙක් හරි සීලිමට ගියා වගෙ තමයි!

    රූප සටහන ගැන කිසිත් නොකියමි!

    ReplyDelete
    Replies
    1. ඔය අපේ ඔෆිස් එකේ වහලෙත් එහෙම එකෙක් දැන් මාස ගානක් තිස්සේ පදිංචි වෙලා ඉන්නේ. නිතරම පහුරු ගානවා.

      //රූප සටහන ගැන කිසිත් නොකියමි!
      එහෙම නෙමයි මොනවා හරි කියන්න.

      Delete
    2. මට අහන්න තියෙන්නේ ඔය නාවන්නේ පොලිසියෙන් ද කියලයි!

      කොණ්ඩෙ පීරලා, පීත්ත පටි බැඳලා, මල් ගවුම් ඇඳන් නානකාමරේ නාන්නේ පොසොම්ට පේන්නද?

      Delete
    3. @රසිකොලොජිස්ට්
      ඒවා එහෙම තමයි. හැබැයි ඒ විප්‍රකාර දර්ශන දැකලද දන්නේ නෑ පොසම් ට සිහි විකල් උනේ. :D :D

      Delete
  6. එයාට සහජීවනේ එපා වුනාවත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ එයා පව්. ඒකට හේතුවක් තිබුණා. හේතුව තේරුනේ පස්සේ.

      Delete
  7. ඔහේ එකත් එකටම කකා හිටපු මොනවහරි නාන කාමරේ තියල එන්න ඇති. පොසමට පිස්සු වැටුනෙ ඒකෙ ඉවට වෙන්න ඇති...:)

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුළුවන්...ඌ ඔසී පොසමෙක් නේ. දැන් මෙහෙ කහ, පොල්, කුරුඳු, ගම්මිරිස් එහෙම මාර 'healthy' කියල පිස්සුවක් යනවා. ඌත් ඔය කිරි හොද්දක්වත් බීල 'healthy' වෙන්න හිතුවද කව්ද දන්නේ

      Delete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන