මේ දවස්වල අපි ඉන්න පැත්තට වසන්තය ලබලා. වසන්ත කාලෙට මල් පිපිලා ගස් වල දළු දාල එනවා කියල හැමෝම දන්නවනේ. ලංකාවේ සමහර කට්ටිය හිතන් ඉන්නේ මෙල්බන් කිව්වාම කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා. ඒ උනාට ඇත්ත කතාව නම් මෙහෙ ගස් වැල්, වන සතුන් ගෙන් පිරිලා. මේ අතීතයේ හෙළයන් විසින් මෙල්බන් හි ගොඩනැගු සිරිසඟබෝ ප්‍රතිමාවක් ... නොවේ. ගස් වැල්, උද්‍යාන තියෙන එක හරිම හොඳ දෙයක් උනාට, පරාග අසාත්මිකතා තියෙන අන්ත අසරණ කට්ටියට නම් වසන්ත කාලෙට ඒ ගස් වැල්, උයන් වලින් හරිම අපලයි. වසන්තයේ තණකොළ කපන සුවඳ එනකොටම පරාග අසාත්මිකතා කාරයන්ට වැඩේ සෙට් වෙනවා. හචිස් හචිස්! ඇස් රතු වෙනවා. කඳුළු පිරෙනවා. උගුර රිදෙන්න ගන්නවා. දවස් දෙකකින් ටිෂු පෙට්ටිය ඉවරයි. ඒ මදිවට උගුර රිදෙන නිසා කතා කරන්න බෑ. ඇඟ ත් රිදෙනවා. අනේ පව් අපි :( තණකොළ කපන සුවඳට සමහරු ආසයි. මමත් ආස සුවඳ ජාති තියෙනවා. ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ පිච්ච මල් සුවඳ. මම කලින් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් යා කරන දෙවෙනි මහලේ පාලමක් අතරින් යනකොට පිච්ච මල් සුවඳින් නහය පිරෙනවා. ඒ පාලම දෙපැත්තෙන් ආරුක්කු හදලා උසට වැවුණු පිච්ච මල් වැල...
Just some random arrows of thought...