Skip to main content

මගේ එළවලු පලතුරු ඩයට්

අරහේ රසිකොලොජිස්ට් එළවලු පලතුරු ඩයට් ගැන ලියල. ගිය සතියේ මාත් ඔහොම එකක් කරල කිලෝ දෙකක් අඩු කර ගත්ත නිසා මටත් ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.

මම් තුමිය ඉස්සර නම් සෑහෙන්න කෙට්ටුවට හිටියේ. 
ඔන්න එක පාරක් යාලුවෙක්ගෙ තාත්තා අසනීප වෙලා ඒ අන්කල් බලන්න ගෙදර ගියා මායි යාලුවෝ දෙන්නෙකුයි. යද්දී අංකල්, පුතා (අපේ යාලුවා) එක්ක කොහෙද ගිහිං. ඉතින් අපි අරන් ගිය ඔය ඇපල් පැපොල් (ලංකාවේ අසනීප කාරයෝ බලන්න යද්දී ඒවනේ අරන් යන්නේ) ටික ආන්ටි ට (යාළුවගේ අම්මට) දීල ආව. ඔන්න පහුවදා කැම්පස් එකේදී යාලුවා හම්බුණාම මිනිහ මට කියනවා ආන්ටි කිව්වලු 'අනේ අර හරිම කෙට්ටු ගෑණු ළමයෙක් ඇවිදින් පලතුරු වගයක් දීල ගියාය, ඒ ළමය දැක්කම මට පලතුරු ටික ඒ ළමයටම කාල පොඩ්ඩක් පණ ඇතිව මහතට ඉන්ඩ කියන්න හිතුනය කියල'. නෝන්ඩි සාගරේ ඉතිං.

දැන් මම මේ රටට ඇවිදිනුත් ඉන්න කොට, මෙහෙ අංකල්ල ආන්ටිල අපේ ගෙදරට ස්කයිප් ටෙලිෆෝන් මගුල් වලින් කෝල් දිදී කියල 'අනේ ඔයාලගේ දූ හරි කෙට්ටුයි' කියල. ඕනේ නැති එකක් නෑනේ ඉතින් කට්ටියට. නිවාඩුව ට ලංකාවට ගිය හැටියේ අම්මයි තාත්තයි ඉතින් වැඩේ මාව මහත් කරලා ගන්න ලොකු ට්‍රයි එකක්. අම්මේ උදේටත් කිරි තේ හවසටත් කිරි   තේ ආයේ නිදාගන්න කලින් මයිලෝ. බත් දෙනවා නිකන් කොත වගේ. ඒ මදිවට එක්කන් ගියේ නැද්ද දොස්තර කෙනෙක් ළඟට. මාර ලැජ්ජාව. දොස්තර බර මැනලා උස මැනලා කිව්වා BMI එක අනුව මේ ළමය හොඳ නිරෝගීයි කියල. 

කොහොම හරි ඉතින්, ඔහොම හිටියට, ගිය අවුරුද්දේ නම් නොසැහෙන්න බර වැඩි උනා පශ්චාත් කුපාඩි යේ නිබන්ධනය ලියන කාලේ. එක තැනම ඉඳගෙන ඔහේ ටයිප් කරන එක විතරයි නේ. ඒ මදිවට ඕක ලියනකොට මට එක එක දේවල් කන්න දොළ දුක් පහල උනා. ඒවත් කිසි දෙයක් මේ හෙල්ති ඒවා නෙමෙයි. චොකලට්, චිප්ස්, කේක්, මෆින්, පීට්සා ... ඔන්න ඔය වගේ දේවල්. ඔය දවස්වල මම සිංහල කඩේන් මැලිබන් චොකලට් බිස්කට් පැකට් අරන් ඇවිත් සතියෙන් 500 g ඉවරයි. ඒකත් මමම කාල.

දැන් ඉතින් කාපු බර අහක් කර ගන්නත් ඕනේ නේ. ගිය සතියේ නිකමට හිතුන පොඩ්ඩක් ඩයට් කරලා බලන්න. කට්ටිය නම් එක එක ඩයට් ප්ලෑන් දුන්නා : GM Motors diet කියයි, sacred heart hospital diet කියයි...ඒවා බැලුවම සතියක් විතර කරන්න ඕනේ...එකක දවසටම කිරි යි කෙසෙලු යි විතරයි. තව එහෙක සුප් විතරයි. හෙන අවුල්. පස්සේ හම්බුණා මෙන්න මේක:

ඕකේ තියෙන්නේ සාමාන්‍යයෙන් කට්ටිය කන විදිහ අනුව කොටස් 3 කට බෙදෙනවලු:
1) Feasters හෙවත් කන්න ගියාම කාගෙන කාගෙන යන අය 
2) Emotional eaters හෙවත් මූඩ් එක අනුව කන අය - ඒ කියන්නේ ස්ට්‍රෙස් වැඩි වෙන්න වෙන්න කනවා වැඩියි.
3) Constant cravers හෙවත් නිතරම අරක මේක කන අය 

ඕක පොඩ්ඩක් බැලුවම මම් තුමිය පොඩ්ඩක් ඕකේ නම්බර් 3 වගේ කියල හිතුන නිසා, මං බැලුව ඒ කට්ටියට කරන ඩයට් එක කරන්න. ඒකෙ හැටියට Constant cravers ලට දුන්නේ සතියට දවස් දෙකක් low carb diet එකක්. ඒ කිව්වේ දවස් දෙකක් පිෂ්ටය/සීනි සහිත කෑම මුකුත් බෑ. එතකොට පාන්, බත්, අර්තපල්, පැණිරස ඔක්කොම අහක් කරන්න ඕනේ. හැබැයි දවස් 2 යි. ඉතිරි දවස් 5 සාමාන්‍ය විදිහට. 
ඔය ඩයට් එක නම් කරන්න ලේසියි (දවස් 2 යි නේ) කියල හිතුන නිසා ඔන්න මාත් ගිය සතියේ දවස් දෙකක් ලෝ කාර්බ් උනා.
මෙන්න මගේ කෑම:

පළවෙනි දවස - 

රාත්‍රී - එළවලු  olive oil එක්ක බේක් කරලා + බඩ ඉරිඟු & අස්පැරගස් තම්බල, බටර් යන්තමට ගාල + ෆෙටා චීස්
උදේ - යෝගර්ට් (මේ තියෙන්නේ මම ආසම යෝගර්ට්) + බ්ලු බෙරීස් 
දිවා - බිත්තරයක් පෝච් කරලා + garlic aioli + ෆෙටා චීස්+ චෙරි තක්කාලි අමුවෙන් + සෙලරි අමුවෙන් + ග්‍රිල් කරපු හතු සහ කැප්සිකම්  + පිපිඤ්ඤ 
හවස - සීනි නැති කිරි කෝපි + පෙයාස් ගෙඩියක් 

දෙවෙනි දවස - 

රාත්‍රී - එළවලු  සුප් (වට්ටක්කා, කැරට්, බෝංචි, ග්‍රීන් පීස්, මල්ගෝවා) එක්ක එළවලු සලාද 
උදේ - යෝගර්ට් + බ්ලු බෙරීස් 
දිවා - බිත්තරයක් පෝච් කරලා + garlic aioli + ෆෙටා චීස්+ චෙරි තක්කාලි අමුවෙන් + සෙලරි අමුවෙන් + එළවලු  olive oil එක්ක බේක් කරලා + තම්බපු කඩල චුට්ටක් 
හවස - සීනි නැති කිරි කෝපි + එප්රිකොට් ගෙඩියක්

ඕක කරලා ඊළඟ දවසේ බර බලද්දී ලස්සනට කිලෝ දෙකක් අඩුයි.
ඉතිං පාඩු නෑනේ වැඩේ :)

Comments

  1. වැඩේ නම් හොදයි.. ඒ වුනාට ඉතින් මට නම් කරන්නම බැරි වැඩක් තමයි ඕක..

    ReplyDelete
    Replies
    1. මේක නම් එච්චර අමාරු නෑ .. පහල රසික කියල තියෙනව වගේ ප්‍රෝටීන් (මස් මාළු කිරි බිත්තර) කන්නත් පුළුවනි නේ. හැබැයි lean protein, ඒ කිව්වේ මේදය අධිකව නැති ප්‍රෝටීන් වෙන්න ඕනේ.

      Delete
  2. නීරෝ මං දැක්ක දවසේත් නිකං ඇටෙයි පොත්තයි වගේ නේ හිටියේ!

    ලෝ-කාබ් වුනාට එදාට හයි ප්‍රෝටීන් කන්න පුළුවනි නේද? මං හිතන්නේ නිරෝ වෙජීටේරියන් වෙන්න ඇති? කිලෝ දෙක අඩුවුණා වගේ නොවෙයි ඒක දිගටම තියා ගැනීම නේද ඒම් එක වෙන්න ඕනෑ?

    ReplyDelete
    Replies
    1. වෙජිටේරියන්ම නෙමෙයි. ඔය දවස් දෙකේ මාළු ගෙදර තිබුනේ නෑ.
      ඔව් අනිවා. ඩයට් වලින් අඩුවෙන බර එහෙමම මේන්ටේන් කරන එක තමා අමාරු කියල මම අහල තියෙනවා.

      ඇහ්! එහෙම පෙනුනද? ඒ දවස් වල තමා බෝල වෙන්න පටන් ගත්තේ.

      Delete
  3. ඇත්තටම මුලින් මූණු පොතේ නිරෝගේ පින්තූර දැක්කාම මටත් හිතුනේ කෙට්ටුයි කියලයි. හැබැයි ඊට පස්සේ ටිකක් මහත් වෙලා ගානට, ලස්සනට හිටියා. මහත වැඩි නෑ. ඊරිසියාවට කට්ටිය කියන කතා ගනන් ගන්ට එපා. :D

    රසික කියලා තියෙනවා වගේ බර එක විදියට තියාගන්ට ඕනිනේ. මට නම් පලතුරු ඩයට් හරියන්නේ නෑ. මම කන්නේ සමහර පලතුරු විතරයි.

    හැබැයි බත්, පාන් අඩු කරලා, දවසට පුංචි කෑම වේල් හතරක් විතර කාලා, දවස ගානේ ජිම් ගිහින් පැය බාගයක් විතර දුවලා, සති අන්තයේ පූල් එකට බහින එක තමා මගේ ක්‍රමය. ඒක නරක නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්න හොඳ ළමයෙක්. මට ජිම් යන්න කම්මැලියි නේ... ඒ අතින් නම් මම හෙන කම්මැලියෙක්. ඔන්න උදේට දුවන්න කියල කාලෙකට ඉස්සෙල්ල අයි පොඩ් එකක් ගත්ත. සින්දු download කරලා දුවද්දී දාන්න ප්ලේ ලිස්ට් හැදුව. අයි පොඩ් එක නම් ඔහෙ තියෙනවා. දිවිල්ල නම් සතියයි.
      මම ආසාවෙන් දිගටම කරේ Zumba ක්ලාස් එක. ඒක සතියට පැයයි. ඒක ත් නැවතුනා ගිය අවුරුද්දේ තීසිස් එක ලියද්දි...දැන් ආයෙත් zumba යන්න ඕනේ...

      මාත් හැම පලතුරක්ම කන්න ආස නෑ...ඔසී කෙසෙල් නම් කන්න බෑ බඩ රිදෙනවා :(

      //හැබැයි ඊට පස්සේ ටිකක් මහත් වෙලා ගානට, ලස්සනට හිටියා.
      really? thank you :D

      Delete
  4. දන්න දා ඉදං අමු වෙජිටේරියන් බාං... කවදාවත් 50න් එහාට බර වැඩි වෙලා නෑ විලි ලැජ්ජයි...
    මොන ඩෑට් ද... හිහිි

    ReplyDelete
    Replies
    1. හානේ...කිලෝ 50 යි? ඔයා එහෙනම් චුටියට ඉන්නවා ඇති.
      මාත් කාලයක් 50 ට අඩුවෙන් ඉඳල කාල කාල 50 ට වැඩි කර ගත්ත ලේ දෙන්න හිතිලා.
      වෙජි හන්ද කෙට්ටු වෙනවද අනේ... ඔය අපේ ගෙදර එක්කෙනෙක් ඉන්නවා ෆුල් වෙජි. අනේ මන්දා බලන් ඉන්දෙද්දී මහත් වෙනවා.

      Delete
  5. //ඕක කරලා ඊළඟ දවසේ බර බලද්දී ලස්සනට කිලෝ දෙකක් අඩුයි.//

    //ඕක කරලා ඊළඟ දවසේ බර බලද්දී ලස්සනට කිලෝ දෙකක් අඩුයි.//
    මොකේද? ෆ්‍රිජ් එකේද?

    ඇඟේ වෙන්නනම් බෑ මොකද මාසයක් කෑවහම යතුරු හිලෙන් යන්න පුලුවන් වෙන නිසා

    ReplyDelete
    Replies
    1. hikz ...
      ඔය ඩයට් කරද්දී මුලින්ම තමයි ඔහොම ඩෝන් ගාල එකපාරටම අඩු වෙන්නේ...මාසයක් කරොත් සතියට දවස් දෙක ගානේ කිලෝ දෙක දෙක හැම සතියෙම අඩු වෙන එකක් නැහැ...අඩු වෙන සීග්‍රතාව එන්න එන්න අඩු වෙනවලු.

      Delete
    2. මුලින් අඩු කරන්නේ ඇඟේ තියෙන ලික්විඩ්. ඒවා හරිම ලේසියි. ඒත් ප්‍රොග්‍රෙස් එක බලන්නේ අර මාසෙකින් සුමාන දෙකකින් විතර අඩු එව්න බර අනුවයි ඒක පවත්වාගන්න එකයි අනුව. ( මට නම් ඩොක් කීවේ එහෙම)

      Delete
  6. ඔ‍ය රට ම‍ොකක්ද?? මොකද ‍මේ ටික කරන්න ඔහෙටම එන්න වෙනවා නෙව.. අප‍ේ ගෙවල්වල නම් ඉතින් පෙ‍ාල් තෙලුයි...වට්ටක්කා... දඹල..... මෑකරල් ටිකක් එහෙම නම් තියෙනවා.. චීස් දැක්ක කාලයක් මතක නැහැ.... යෝගට් එකක් කෑවොත් ඉතින් කඩේකින් බත් ටිකක් කාලා වේටරයාගේ කෑ ගැහිල්ලට ලැජ්ජාවේ තමා....

    //බිත්තරයක් පෝච් කරලා + garlic aioli + ෆෙටා චීස්+ චෙරි තක්කාලි අමුවෙන් + සෙලරි අමුවෙන් + ග්‍රිල් කරපු හතු සහ කැප්සිකම් + පිපිඤ්ඤ
    හවස - සීනි නැති කිරි කෝපි + පෙයාස් ගෙඩියක්///

    බිත්තර, හතු, පිපිඤ්ඤා තිබුණාට අනික්වා නම් අරහං....................... මේක ලංකාව‍ නෙවැ......... අනික ගොඩ්‍ෙ‍න්‍ෙ..................

    ReplyDelete
    Replies
    1. යෝගට් මොකටද ලංකාවේ රස මී කිරි තියෙන්නේ...පෙයාස්, බෙරීස් කන්නේ ඉතින් අපිට පුවාලු, නිල් අඹ නැති නිසානේ. සෙලරි වෙනුවට ඔය ඕනිතරම් පලා තියෙන්නේ. ගාලික් එයෝලි නැතුවට පොල් ටිකක් ගා ගත්ත නම් කිරි රහට තියෙයි :)
      ඒ ඒ රටේ හැටියට කෑම වේල හදාගන්න බැරිය. මේ රටේ අමුද්‍රව්‍ය වලින් මෙහෙදී. ඔය රටේ අමුද්‍රව්‍ය වලින් ඔහේදී. වැදගත් දේ පිෂ්ටය අඩු කෑම වේලක් කන එක...

      Delete
    2. ආ........................ දැන්නම් තේරුණා.............

      Delete
  7. කිසි ප්ලෑන් එකක් අවශ්‍ය නෑ ගානට ඉන්නවා.....දැන් කෙට්ටුයිලු බර 2ක් අඩුවුණාලු මොන මගුලක්ද කියල තේරෙන්නෙ නෑ

    ReplyDelete
  8. නීරෝ ඔය වට්ටෝරුවේ තියෙන එව්වා කන්න ඕනි ප්‍රධාන අහර වේලට ඉස්සෙල්ලද පස්සෙද?

    ReplyDelete
  9. නිරෝගේ බ්ලොග් එක දැක්කමයි මට හිතුනේ මේ දවස් වල ට්‍රෙන්ඩ් එක ඩයටින් ද කියලා.

    මාත් කාලෙකට කලින් ලියපු පෝස්ට් එකක් ඊයේ ඩ්‍රාෆ්ට් එකෙන් යම්තමට එලියට අර ගත්තා ඒත් කෑම ගැන.
    its here

    ReplyDelete
    Replies
    1. නිරෝ නම් මොනාට කෙට්ටු වෙන්නද? අපි වගේ අලි බබාලා තමයි කෙට්ටු වෙන්න ඕනේ. මේ දවස් වල මට ඩොක්ටර් කන්න දුන්නේ නිවුඩු හාල්, නිවුඩු පාස්තා හා වැඩි ප්‍රෝටීන්. කෑම ප්‍රමාණය අඩු කරන්න එපා කියනවා ඔය එක එක දාහක් හමාරක් ලෙඩ තියෙන හින්දා. වැඩුපුර එළවළු කන ජීවියෙක් විදියට මට ඒක අමාරුත් නෑ. ඒත් දවස පුරාම අල බෝල වගේ මේස වලටම හිර වෙලා ඉන්න අපිට එක්සර්සයිසස් නම් අනිවාර්යයි. කෑම කෙසේ වෙතත් ස්පෝට්ස් කරන්න ගත්තම සෑහෙන්න හිතටත් හොඳයි. මගේ ඩොක්ටර් නම් පොඩ්ඩක්වත් කැමති නෑ කෑම වලින් මම බර අඩු කරනවාට. ( මම උපතින්ම ඇනෙමික්.)
      දැන් ඉතින් මම හැමදාම වීක් එන්ඩ් එකට කිලෝ මීටර් දහයත් දහ අටත් වෙන රවුමක් ගහලා එනවා. කලිනුත් හැමදාම දුවන සපත්තු, දුවනකොට මියුසික් අහන්න ගැජට්ස්,දුවන ඇඳුම් වලට බර ගණන්ක් වියදම් කරලා ඒවා අහු මුළු වල පුස් කකා තිබිලා ( ඒවායේ සයිස් හෙමත් මදිවෙලා) මටම දුකයි. දැන් නම් ඔන්න අර ඩොක්ටර් මාව මොටිවේට් කලාට පස්සේ වැස්සත්, හිම වැටුනත් පස්ස පැත්ත උස්සගෙන දුවනවා ඇවිදිනන් යනවා.

      ආ ඊයේ පෙරේදා පරණ කලිසමකුත් ඇන්දා... එවෙලේ දැනුන සතුට නිරෝ දකින්න ඇතිනේ... ;)

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන