Skip to main content

අපිට ඕනෑ ජනපති කෙනෙක්! We need a President!

අදීන වන්නට නම් ජනපතිවරු රජුන් නොකළ යුතුය. බහුතර චන්දෙන් පත්ව එන ජනපති කෙනෙක් වුවද සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකි. ඔහුට/ඇයට කොන්ද නමාගෙන එහෙයි එහෙයි කියන්නට යාම දීන කමකි. 

තනතුරකට කළ ගුණ සැළකිය යුතු යයි සිතීමද මේ දීන කමේ ලක්ෂණයකි. අපි කළගුණ සළකමු පුද්ගලයන්ට, පුද්ගලික මට්ටමින්. ඇයි අපි මෙතරම් බය පක්ෂපාත වන්නේ? 

ප්‍රශස්ති ගයන්නට තවත් සහේළිලා ප්‍රතික්ෂේප කරමු. වැරැද්ද දුටු තැන වැරදි යයි කීමට තරම් නිර්භය වෙමු. විරුද්ධ මත වලට ගරු කරමු.

සැබෑ නිදහස පතා අරගලය නිමා නැත. එය නිම නොවන සදාකාලික ප්‍රයත්නයකි. නව ජනපති ඉන්ද්‍රජාලිකයකු නොවේ. බලය මෙන්ම වගකීමද ඇත්තේ අප අතමය.

It is a beautiful day for democracy. But the struggle is not finished. The new president cannot magically make things right. It is a constant struggle, allowing for dissent, and looking for solutions. Together.

And now, there is hope.

Comments

  1. අපේ රටේ බහුතරයක් තාම රජුන්වැඳීමේ නිරතයි.. නායකයින් වටා ඉන්න වන්දිභට්ටයෝ ස්‍තෝත්‍ර කියාවි..ඒ පුරුද්ද ලෝකය පවතිනතාක් කල් යාවි.. ඒ වගේම මනුස්ස වර්ගයා නායකයින් පත්කරගත් අතීතය දක්වාත් පැරණියි.. නමුත් ඒවායින් මත් නොවී තමා කවුදැයි අමතක නොකර ඉදිරියට යාමට හැකි පුද්ගලයා නියම නායකයායි.. නෙල්සන් මැන්ඩෙලා ගන්න.. අන්න නියම නායකයෝ..
    වඩා වැදගත් වෙන්නෙ මිනිස්සු අවදියෙන් ඉඳීමයි.. වරද දු‍ටු තැන මොර ගැසීමයි.. වරද කරන්නා අනුමත නොකර පහ කිරීමයි.. ඒ සඳහා අවැසි පුරවැසි නිදහස නිදහස මින් ලැබේනම් ඉතිරිය සිදුවේවි..

    ReplyDelete
    Replies
    1. // නායකයින් වටා ඉන්න වන්දිභට්ටයෝ ස්‍තෝත්‍ර කියාවි..ඒ පුරුද්ද ලෝකය පවතිනතාක් කල් යාවි.. //
      ඒවා නම් එහෙම තමයි. ඒ උනත් ඉතින් වමනේ යන තරමටම උත්සන්න කඩේ යාමක් දැක්කේ පහුගිය ටිකේ...

      //ඒ සඳහා අවැසි පුරවැසි නිදහස නිදහස මින් ලැබේනම් ඉතිරිය සිදුවේවි..//
      ඔව් නිදහස තමයි මුලික :)

      Delete
  2. තමන් කරනා සේවයට වැටුප් ලබාගන්නා පුද්ගල යන්ට ගරු කියන එක මිනිස්සු නතර කලයුතුයි , ගරු කියා ඇමතීමට නම් වැටුප් ප්‍රතික්ෂේප කල යුතුයි .

    ReplyDelete
  3. තව නම් ලියන්න හෝ වෙන කිසිම වැඩක් කරන්න පණ නෑ. නිදිමතයි මහන්සියි බඩගිනියි.
    ඒ මදිවට කෝපි ඉස්මුරුත්තාවේ වෙලා.
    පෞද්ගලික ලාභ ප්‍රයෝජන වලින් එහාට නීතිය සාමය රට වැසියන්ගේ ආරක්ශාව දියුණුව ගැන වගකීමක් ගන්න මේ රජටය බල කරන එකත් අපේ යුතුකමක්.
    කාලෙකට පස්සේ බොහෝ අයගෙ ඖණන්දුවත්, විශේශයෙන්ම ජාතිවාදය රාජ්‍ය අනුග්‍රහයෙන් වපුරද්දි මේ දක්වපු ප්‍රතිචාරය හරිම වටිනවා. ඒ විතරක් නෙමෙයි සෝසල් මීඩියා වලින් වගකිවයුතු යමක් කරන්න පුළුවන් කියලා ලංකාවේ මිනිස්සුන්ට අවබෝධ කලාටත් අපමන සතුටුයි.
    මිනිස්සු මිනිස්සු වෙන රටකට හීන දකිමු.
    චියර්ස් නිරෝ...

    ReplyDelete
    Replies
    1. අනිවා...රජ්ජුරුවෝ යටත්වසියෝ බත්බැලයෝ නැති හැමෝම මිනිස්සු වෙන රටක්!
      අනිවා...රජ්ජුරුවෝ යටත්වසියෝ බත්බැලයෝ නැති හැමෝම මිනිස්සු වෙන රටක්!
      හීන ඔක්කොම ඉක්මනටම හැබෑ නොවුනත් හීනෙට යන්න පාර හරි කැපේ නම්!
      cheers!

      Delete
  4. ඒකගයි සියල්ලට ම ..................... අපි අපේ රට හරි ගමන ගෙනියන්න වගකීම ගන්න අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...මොනා උණත් තමන්ගේ රට හදන්න නම් පුරවසියෝම තමා ඒකෙ වැඩේ කරන්න ඕනේ

      Delete
  5. අපිට ඕනෑ ජනපති කෙනෙක්,
    හඳහන්කාරයන්ගේ සාත්තරකාරයන්ගේ තිරුපතිවල රූකඩයක් නෙමෙයි :-DD

    ReplyDelete
    Replies
    1. :D පව් මට හැබැයි දුකයි අර වෙඩි තියාගන්නවා කිව්ව මනුස්සයට. මිනිහා හොඳටම බය වෙලා.

      Delete
  6. //බලය මෙන්ම වගකීමද ඇත්තේ අප අතමය.//

    මිනිස්සු ලේසියෙන්ම අමතක කරන දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් නේ... මිනිස්සුන්ගේ බලය මිනිස්සුම දන්නේ නෑ නේ

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන