Skip to main content

සොරු රැගෙන ගිය නෙළුම


"මාමේ පොළව යට තියෙන්නේ මොනවාද?"
"පොළව යට...තෙල් තියෙනවා..."
අදින් අවුරුදු ගණනකට පෙරදී, ඉන්දියන් සාගරයේ කුඩා දුපතක දකුණු කෙළවර නගරයක ඉස්තෝප්පුවකට අල්ලා තැනු පිට කාමරයේ සිටි මැවිසුරු මාමාගෙන්, අවුරුදු තුන හතරක ළදරියක ලෙස ඇසු ප්‍රශ්න මට මතකයි තවමත්. මේ මට ඔබ ගැන ඇති මුල්ම මතකය යි.


මා ඔබට අවසන් වරට කතා කළේ අගෝස්තු 6 වන දා. එදා ඔබ මා සමඟ දුරකතනයෙන් විහිළු කර සිනාසුනු හැටි මට තවමත් ඇසෙනවා වගේ.
අගෝස්තු 20 වනදා පාන්දර ඔබ මිය ගිහින් උපන් බිමෙන් බොහො ඈත.

ඔබ නැතිවී දින හතයි. ඒත් තවමත් එය නපුරු සිහිනයක් වගෙයි. ඔබ වැඩ ඇරී ගෙදර යළි එනවා නම් කියා ඔබ වෙනුවෙන් මල් කැකුළක් නිවෙසේ බලා ඉන්නවා තවම.

ආදරය කරන අය එකවර මිය යන විට ජීවත්ව සිටින අයට දරා ගනු අමාරුයි.


නිබන්ධනය නිමා කොට ඔබ බලන්නට එන්න සිතා සිටියත් සිඩ්නි නුවරට, අන්තිමට එන්න වුයේ ඔබේ මළගමට මට.

ගුණ නුවණ දෙකම නිමක් නැතිව පිහිටි ඔබ කමල් මලක් ලෙසම දිලුනා හැම දාම.

මාමා ට උතුම් වූ නිවන් සැපම පතන්නෙමි!





Comments

  1. බොහෝම කණගාටුයි නිරෝ. ඔහුට සදා සැනසුම ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුරු. ජීවිතයේ අනියත බව තදින් දැනෙනවා

      Delete
  2. ජිවිතේට හුඟක් ලඟ අය අපෙන් හුඟක් ඈතට ගියාම දැනෙන වේදනාව වැඩියි..

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳින් සිටි කෙනෙක් එකවර නැති වූ විට තවත් අමාරුයි.

      Delete
  3. බොහොම කණගාටුයි, මම මේ ආරංචිය කොහෙන් හරි දැක්කා. ඔහු ප්‍රජා කටයුතු වලදී කැපී පෙනෙන චරිතයක් බව සඳහන් වෙලා තිබ්බා. ඔහුට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර. ඔහු ප්‍රමාණයෙන් කුඩා උවත් සුවිසල් මිනිසෙක්.

      Delete
  4. හරිම කණගාටුයි. මාමාට නිවන් සුව පතනවා නිරෝ...:(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි. ඔහු සැමදා මගේ හදවතේ හිඳීවි.

      Delete
  5. බැදීම් කියන්නෙ දුකක්ලු නෙව...
    මාමාට නිවන් සුව පතමි

    ReplyDelete
    Replies
    1. ඔව්...පිය විප්පයෝගෝ දුක්කෝ. ස්තුතියි.

      Delete
  6. මාමාට සුභ ගමන්...!

    ReplyDelete
    Replies
    1. මෙතනට වඩා හොඳ තැනකට ඔහු යන්නට ඇති කියා සිතනවා.

      Delete
  7. ගොඩක් දුකයි. ඔහුට නිවන් සුව පතනවා !

    ReplyDelete
  8. කමල්, මතු දිනක හමුවෙමු අපි නැවත!

    ReplyDelete
    Replies
    1. අපි කොතෙක් මෙසේ හමුවී, වෙන්වී ඇතිද?

      Delete
  9. මාමාට නිවන් සුව පතමි

    ReplyDelete
  10. නිවන් සුව අත් වේවා........

    ReplyDelete
  11. ඔබේ මාමාට නිවන් සුව පතමි.

    ReplyDelete
  12. දෑසින් දැක නොතිබුනත් ඔබේ මාමා ගැන මම බොහෝ දේ අසා තිබුනා . තමාගේ ප්‍රජාවටත් වෘත්තීය සගයින් වෙනුවෙනුත් විශාල වැඩ කොටසක් කළ වටිනා මිනිසෙක්. ඔහුට මගේ ආචාරය !!

    ReplyDelete
    Replies
    1. ඔහු කළ බොහෝ දේ අප දැන ගත්තේ මළගමට ආ මිනිසුන්, ඔහු ඔවුන්ට උදව් කල හැටි කියන විටයි!

      Delete
  13. හොඳ මිනිස්සු ඉක්මනට යනවා කියල කතාවක් තියනවා. හොඳ තැනකට යාවි.ඔහුට සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිසුන් අකලට මිය යන්නේ ඇයි කියා මට තේරුම් ගනු නොහැකි!

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන