"මාමේ පොළව යට තියෙන්නේ මොනවාද?" "පොළව යට...තෙල් තියෙනවා..." අදින් අවුරුදු ගණනකට පෙරදී, ඉන්දියන් සාගරයේ කුඩා දුපතක දකුණු කෙළවර නගරයක ඉස්තෝප්පුවකට අල්ලා තැනු පිට කාමරයේ සිටි මැවිසුරු මාමාගෙන්, අවුරුදු තුන හතරක ළදරියක ලෙස ඇසු ප්‍රශ්න මට මතකයි තවමත්. මේ මට ඔබ ගැන ඇති මුල්ම මතකය යි. මා ඔබට අවසන් වරට කතා කළේ අගෝස්තු 6 වන දා. එදා ඔබ මා සමඟ දුරකතනයෙන් විහිළු කර සිනාසුනු හැටි මට තවමත් ඇසෙනවා වගේ. අගෝස්තු 20 වනදා පාන්දර ඔබ මිය ගිහින් උපන් බිමෙන් බොහො ඈත. ඔබ නැතිවී දින හතයි. ඒත් තවමත් එය නපුරු සිහිනයක් වගෙයි. ඔබ වැඩ ඇරී ගෙදර යළි එනවා නම් කියා ඔබ වෙනුවෙන් මල් කැකුළක් නිවෙසේ බලා ඉන්නවා තවම. ආදරය කරන අය එකවර මිය යන විට ජීවත්ව සිටින අයට දරා ගනු අමාරුයි. නිබන්ධනය නිමා කොට ඔබ බලන්නට එන්න සිතා සිටියත් සිඩ්නි නුවරට, අන්තිමට එන්න වුයේ ඔබේ මළගමට මට. ගුණ නුවණ දෙකම නිමක් නැතිව පිහිටි ඔබ කමල් මලක් ලෙසම දිලුනා හැම දාම. මාමා ට උතුම් වූ නිවන් සැපම පතන්නෙමි!
Just some random arrows of thought...