Skip to main content

අක්බමරු කථා වස්තුව


එකෝමත් එක රටක, ළඟදී බැන්ද නව යුවළකට සුභ ආරංචියක් ලැබුනලු දොස්තර ගෙන්. අලුත් කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු වෙන්න යන බවට.

එදා වෙන්ට-අම්මයි වෙන්ට-තාත්තයි දෙන්නම පැතුවලු එන්න ඉන්න කෙනා පුංචි දුවක්ම වෙන්ඩ ඕනේ කියල. කසාද බඳින්න කලින් වෙන්ට-අම්ම වෙන්ට-තාත්තව මුළින්ම දැක්ක දවසේ හිත ගිහින් තියෙන්නේ වෙන්ට-තාත්තගේ කැරළි කැරැළි කොන්ඩේ ටලු. ඉතින් ඒ හන්දා එයාට ඕනි උනෙත් ඒ වගේම දඟර ගැහුණු කොණ්ඩයක් තියෙන දුවෙක්ටලු.

ඔන්න ඉතින් අම්ම පැතුව විදියටම හා හා පුරා කියල උපන් දූ පොඩ්ඩටත් තිබුණලු සිනිදු කැරළි කැරළි කොණ්ඩයක්!
පුංචි බට්ටි කාලේ නම් පැංචි හරි ආසයි එයාගේ කර්ලි කොණ්ඩෙට. හැමදාම බේබි ෂැම්පු දාල හෝදලා වේලුනාම ගෙදර හින්දපු තෙල් ගාලා අම්මිම කොන්ඩේ හරිගස්සනවා කැරළි කැරළි වටේට වැක්කෙරෙන්න. යන යන තැන නැන්දලා ඉතින් ඔය සිනිඳු කැරළි අල්ල අල්ල හායි හුයි ගානවා.


මේ බබා ටික ටික ලොකු වෙලා ඉස්කෝලේ යනවලු දැන්.
දැන් නම් ඔක්කොම යාළුවන්ට තියෙන අවුල් වෙන්නේ නැති හරි කෙලින් කොන්ඩ ගස් වලට මේ දැරිවිට ටිකක් ඉරිසියා ලු.
ඇයි ඉතින් එයාගේ දඟර කොණ්ඩේ පොඩ්ඩ ඇත්නම් ගැට ගැහෙනවා. ඊට වඩා ඒක දික් උනාට පෙනෙන්නෙත් නෑ...දඟරේ ඇදල දික් කරලා පෙන්නුවොත් මිසක් කිලෝ මීටරයක් දිග කොන්ඩ ගහ උනත් පෙනෙන්නේ සෙන්ටි මීටරයක් විදිහට. යාළුවෝ එයාලගේ දිඟ කොන්ඩ පීරලා ගොතලා, ඩොන්කි කපලා, බොබ් කට් ගහල, පෝනි දාල, හාෆ් පෝනි දාල,   ලේයර් කරලා, එක එක අටෝරාසියක් විලාසිතා දාගෙන එනවා.
කැරළිකාරී ඉතින් මොනා කරත් පේන්නේ එක විදියට: ඒ තමයි සායි බබා තුමාගේ නංගි කෙනෙක් වගේ :(


නෑව වෙලාවට නම් අක්බමරු හරි ලස්සනයි. ඒ උනාට කොණ්ඩේ වේලෙද්දී, සිරි ලංකාවේ ආර්ද්‍රතාවේ එක්ක බැහැ. අර ලස්සන දඟර ටික ලෙහිලා පිම්බිලා බුස්සක් වෙනවා.
ඔය වෙලාවට වටේ පිටේ නැන්දලා අක්කලා එනවා කැරලිකාරිට අනුශාසනා දෙන්න.
"ඕක හොඳට පීරන්න"
"ඔයා තෙල් ගාන්නේ නැතුව ඇති. හොඳට තෙල් ගාන්න"
"හෙයා බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න"
"ජෝජෝබා ඔයිල් ට්‍රීට්මන්ට් කරගන්න"
"ඔයාගේ ෂැම්පු එක මොකද්ද? මම නම් ගාන්නේ සව්කිචි කිචි අහවල් එක. ඒක තමා හොඳ"

මේ ඇනී ටත් කට්ටිය ෂැම්පු උපදෙස් දෙන්ඩ ඇවිත් ද මන්දා! 

අනේ ඉතින් ගෙදර හින්දපු තෙල් ගෑවත්, පනා කැඩෙන කන් පීරුවත් කැරළි කොන්ඩේ නම් මෙල්ල උනේ නැහැ ලු. ඕක නිසා කැරළි කොන්ඩේ ආණ්ඩු මට්ටු කරන හැටි උපදෙස් දෙන්න එන කෙලින් කොන්ඩ අංගනාවෝ එක්ක ඒ දවස්වල කැරළිකාරිට ඌරු ජුවල්!

ඒ මදිවට ටී වී එකෙයි, ෆිල්ම් වලයි ඉන්න නිළියෝ ඔක්කොටම තියෙන්නේ හරිම සිනිඳු අවුල් නොවෙන සිල්ක් කොන්ඩ...කැරළිකාරීයෝ හිටියේ නැහැ කවුරුවත් ආසාවට වත්!

අපේ කැරලිකාරී ට දැන් මේ කැරළි ජීවිතේ එපා වෙලා! ගත්තා තීරණයක්! කොන්ඩේ කෙලින් කරන්ඩ!
ඔන්න ඉතින් එයා ගියා සැලුන් දේවාලෙට. පළවෙනි පඩියෙන් ලොකු කුට්ටියක් පුජ කරා සැලුන් අධිපති දේවතාවිට. කැරළිකාරීගේ කොන්ඩේ ගොඩක්ම කැරළි නිසයි, ගොඩක් ඝන නිසයි දේවතාවි අණ කර හිටියා ලොකූඌ..ඌ... පඬුරක් දෙන්න කියලා. මොනව කරන්ඩ ද ඉතින්. සිල්ක් නිළි කොණ්ඩයක් ලැබෙනවා නම් ඕනේ එකක්!
එහෙම හිතලා කැරළිකාරී හිත හදා ගත්තා.


Rapunzel_Tangled_Movie.jpg
හපොයි! පැය ගාණක් තිස්සේ සැලුන් දේවාතාවියෝ එක එක ගඳ ගහන ක්‍රීම් ගාල, රත් උණු ඉස්ත්රික්ක වලින් මැදල, කරළිකාරිගේ කොන්ඩේ කෙළින් කරා. අන්තිම වෙද්දී දේවතාවියෝන්ට හරි මහන්සි. "අනේ ඔයාගේ කොන්ඩේ අයන් කරලා අපේ අතුත් රිදෙනවා!" එයාල කනු කුනු ගෑවා.
(හුහ්! කොහොමද කැරලිකාරිගේ කොන්ඩේ බලේ!)

කොහොමින් කොහොම හරි පැය ගාණකට පස්සේ කැරලිකාරී සැලෝන් දේවාල පුද බිමෙන් පිටත් උනේ දිග...ම දිග, හරි කෙලින්, සිල්ක් කොණ්ඩයක හිමිකාරී වෙලා! උරහිස ගාවට තිබුණු කැරළි ටික කෙලින් කරාම මෙන්න  උකුළ ගාවටම දිග කොණ්ඩයක් ලැබිලා! හරියට රිපන්සල් ගේ නෑදෑ නංගි කෙනෙක්ගේ ගෙවල් ගාව එක්කෙනෙක් වගේ!


ඊට පස්සේ අවුරුදු දෙක තුනක්ම ගෙවිලා ගියා රෙපන්සල් විදිහට. හරි ශෝක්. ඒ රීබෝන්ඩ් කොන්ඩේ ආයේ මරලවත් නවන්න බැහැ. අවුල් වෙන්නේ නැහැ. ගැට ගැහෙන්නේ නෑ. කොටින්ම උදේට පීරන්නවත් ඕනේ නැහැ. නැගිට්ට - අතින් පොඩ්ඩක් සයිඩ් පාටින් එක හරි ගැස්සුවා - රෙඩි!
කෙලින් කොන්ඩේ ආතල් එක!

හැබැයි ඉතින් මාස තුන හතරක් යද්දී අර කැරලි මුළ ටික ආයෙත් අරගල කරන්න ගන්නවා. අලුතෙන් වැවෙන කොන්ඩ කැරළි නේ. එතකොට ඉතින් එව්වා ටික උදේට ඉස්ත්රික්කෙන් මැදලා කෙලින් කරන්ඩ ඕනේ. ආයේ හවසට ඒවා කැරලි ගැහිලා. මොකද දාඩිය දැම්මම, වතුර වුනාම අයන් කරපු එක යනවා. එතකොට ඉතින් මාස පහ හයකින් ආයෙත් යන්ඩ ඕන සැලෝන් දේවාලෙට 'ටච් අප්' පුජාවට. ඒ කිව්වේ අර අලුත් කැරලි කොන්ඩ මූල ටික කෙලින් කරගන්න.
ආ තව ඉතින් රීබෝන්ඩ් කරාම මේ නිකන් පොඩි පොඩි ෂැම්පු ගාන්නත් බැහැ. සැලෝන් දේවතාවිගේ නියමය උනේ ලොරියල් ඇබ්සලුට් රිපෙයාර් කියල එකක්. එකක් නෙමෙයි ෂැම්පු කන්ඩිෂනර් දෙකම. ඔය දෙක හොයන්නත් අමාරුයි. ඒ වගේම තමා ගාණ!

ඔය නැටුමත් ඉතින් නැටුවලු සැහෙන කාලයක්...
අන්තිමට කැරලිකාරී නොහොත් රෙපන්සල් ට ඒකත් එපා උනා.
කොන්ඩේ කෙලින් කරන්න ගන්න ගඳ ගහන ක්‍රීම් එකේ තියෙන රසායනික ගැන දැන ගත්තම බයත් හිතුනා.
අනික, ආයේ ඔය නිළියෝ මොන විදිහට කොන්ඩේ හදා ගත්තත් මට මොකෝ මට තියෙන එක මට හොඳයි කියලත් හිතුනා (!)

එකම ප්‍රශ්නේ ඔය කොන්ඩ රීබොන්ඩ් කරාම ඒක කොටි වලිගෙ වගේ.

කැරලිකාරී හිත හයිය කරන් ගියා තව සැලෝන් දේවාලෙකට. කපල දැම්ම දිග කොන්ඩේ බෙල්ලටම!! හරියට මෙන්න මේ වගේ! :D

Frieda from Peanuts
කැරළි ජීවිතේ ආයෙත් පටන් අරං දැන් අවුරුදු දෙකක් කිට්ටු වෙන්නත් ඇවිත්. කැරළි කොන්ඩ කාරියෝ එහෙම මේක කියවනවා නම්, කැරළි ටික හදාගන්න කරන්න පුළුවන් හොඳම දේ කියන්නම් මගේ අත්දැකීමේ හැටියට-

නාන්න කලින් දවසේ හොඳට පිරිසිඳු පොල් තෙල් ගාලා කොන්ඩේ අවුල් ඇරලා ගොතන්න. ඔය අනං මනං සිලිකන් ඔයිල්, කඩේ තියෙන 'හර්බල්' ඔයිල් එහෙම ගාන්ඩ නම් එපා.
නාලා වේලෙන්න කලින් ලීව් ඉන් කන්ඩිෂනර් එකක් ගාල එහෙම්මම තියන්න. ආයේ ඕක ටවල් එකෙන් පිහිදාන්න, පීරන්න යන්න එහෙම එපා. ඔන්න ඔච්චරයි ඉතින්.

හැබැයි ඉතින් කොහොම කරත් දෙවෙනි දවස වෙද්දී පොඩ්ඩක් මෙහෙම පෙනුමක් එනවා තමයි...

Princess Merida from Brave
ඒකට මොකද ඉතින්. තමන්ගේ කොන්ඩේ තමන්ට ඕනි විදියට නේ...නිළි කොන්ඩම ඕන යැ!
අන්තිමට දැන් කැරළිකාරිගේ කැරළි කොණ්ඩය දැකලා ආසා හිතුනු තවත් කොන්ඩ කෙලින් කර කර හිටි කැරළි යෙහෙළියොත් ආයෙත් එයාලගේ දඟර කොණ්ඩා වවන්න අරන්, රීබොන්ඩින් වලට යන්න කියල.

හබී නම් කියන්නේ මෙන්න මෙයාගේ වගේ ලුක් එකකුත් තියෙනවා කියලයි. හැබැයි එහෙම එකක් කියන්නේ එයා විතරයි ;)


පොඩ්ඩක් විතර මේ වගේලු 
කොහොම නමුත් කැරලිකාරී එක දෙයක් ඉගෙන ගත්තා මේ අක්බමරු හුටපටයෙන්. 
ඒ තමයි  ඔය පත්තර වල රූපලාවන්‍ය ඇන්ටිලා මොනා කිව්වත්, ටීවී එකේ නිළි අක්කල නංගිලා කොහොම හිටියත්, වටේ පිටේ අරයා මෙයා මොන මොන උපදෙස් දුන්නත්, අනුන් එක්කල තමන් ව සංසන්දනය කරන්ඩ නරකයි. අනිත් අය තමන් ගැන හිතන දේ ගැනත් වැඩිය වද වෙන්ඩ ඕනේ නෑ. (ඇත්තටම එයාල මුකුත් වැඩිය හිතන්නෙත් නෑ!) 

මේක ඉතිං කොන්ඩේ විතරක් නෙමෙයි හැම දේකටමත් අදාළයි!


~Don't follow trends, start trends.





Comments

  1. අපේ අය ඉතිං කැමතිම නැති දේවල් වලටනෙ...නේහ්...
    ඇති යංතං අනං මනං ගාල ඇලජික් එකක් ආවෙ නැතුවා.
    හි හි

    ReplyDelete
    Replies
    1. කවුරුත් එහෙමයි නේද? 'දේවල්' වලින් සතුට හොයාගන්ඩ බෑ කියල අවබෝධ වෙන්නේ පස්සෙනේ

      Delete
  2. හැම දේම අන්තිම වාක්‍යෙය් තියෙනවා ;)

    ReplyDelete
    Replies
    1. උඹ තමා දවසකටවත් මිනිහා.. හැක්

      Delete
    2. අනිවා. ඒක තමයි සංක්ෂිප්තය

      Delete
    3. @දේශක යා

      ඇයි ඒ ??

      Delete
  3. thanx... i was thinking of doing something.. anything to do my hair to make it manageable, it is not that other ppl telling me to do but i am frustrated with this anyway your post made me think twice :)

    ReplyDelete
    Replies
    1. there are many ways to be at peace with your curls :) try a side braid, or a messy bun. And get rid of all silicone products and shampoos that contain sulfates.

      Delete
  4. මට නම් වුණේ ඕකේ අනික් පැත්ත. මට ඕනි වුනේ අක්බමරු ලු. ගිහින් කොන්ඩේ හදාගත්තා රැලි, රැලි වෙන්ට. අප්පච්චි කීවා 'ඔයාගේ මූණ නපුරු පාට වෙලා ' කියලා. ඊට පස්සේ කවදාවත් ඒ වැඩේ කලේ නෑ. :)

    දිග කොන්ඩාවලට පිරිමි ලමයි ආසලු නේ. අහවලා නම් කොන්ඩේ ට්‍රිම් කරන්ට යනවා කීවත් පණ බයයි කපන්ට යනවා කියලා.:D

    අපිට නැති දේවල්වලට අපි කොහොමත් ආසයිනේ නිරෝ.
    ඔය ඇන්ටිලා කියන ඒවා මම නම් සත පහකට ගනන් ගන්නේ නෑලු. :)

    ReplyDelete
    Replies
    1. //දිග කොන්ඩාවලට පිරිමි ලමයි ආසලු නේ. //
      මගේ කොණ්ඩෙට නම් වැඩියෙම ආසා පොඩි ළමයි. පොඩි කෙල්ලොන්ට පුදුම ආසාවක් තියෙන්නේ ඒක අඹරලා ගොතලා නවලා ගැට ගහලා ඇදලා 'hair style' දාන්න. මම පව් අප්පා :(

      Delete
  5. අපි ජීවත් විය යුත්තේ අපට ඕන විදියට තමයි. අවවාදාත්මක ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන් :)

      Delete
  6. // නාන්න කලින් දවසේ හොඳට පිරිසිඳු පොල් තෙල් ගාලා කොන්ඩේ අවුල් ඇරලා ගොතන්න //

    ඒ කියන්නෙ කැරැළි කොණ්ඩකාරියන්ට නාන්ට විශේෂිත දවසක් තියෙනවද.!? එයැයිලා දවස ගානෙ නාන්නෙ නැද්ද.!? ඉකේයියා..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බුරා කැරලිකාරියෝ ගන්නේ ඇනුවල් බාත් එකක් නේ!! :D :D :D

      ඇත්ත කිව්වොත් කැරලි කොණ්ඩ බහුතරයක් වියළි යි (තෙල් ගතිය අඩුයි). හැමදාම ක්ලෝරීන් වතුර නානකොට කොන්ඩේ ස්වභාවික තෙල් හේදිලා යනවා. දැන් සීතල රටවල ඉන්න කොට උණු වතුර නාන කොට තවත් ඕක වැඩියි.
      අර frizzy ගතිය එන්නේ එහෙම කොන්ඩේ වියළි බව වැඩි උනාම.

      Delete
    2. අපොයි මේ මනුස්සයාගේ අපිරිසිදුකමට නඩු දාන්න එපැයි.

      මාත් පොඩි කාලේ ක්‍රේල් කොන්ඩයක් තිබ්බ කෙනෙක්. දැනටත් කොන්ඩේ වවන්න වවන්න එහෙම වෙනවා. ඒක හින්දා මම නම් කොන්ඩේ අඟලේ දිගට කපනවා. එතකොට දවස ගානේ කෝ දවසට කීප පාරක් නාන්නත් පුළුවන් ඕන හීතලක. ( ඒ වුනාට ඔය තියෙන කෙස් ගස් කිහිපෙට සාත්තු කරන්න තමයි වැඩියෙන්ම මුදල් යන්නෙත්. ;)

      Delete
    3. පිස්සුද අනේ මෙහෙ නඩු දාන්නේ අවුරුද්දකට එක වතාවකට වඩා නෑවොත්. වෝටර් රිස්ට්‍රික්ෂන්ස් ... ඒකත් ත්‍රී-මිනිට් ෂවර්ස් විතරයි :P
      හි හී
      (විහිළු හොඳේ)

      ඔව් කැපුවනම් ලේසියි...ඒ උනාට මට ඕනේ දිග..... කොණ්ඩයක්...

      Delete
  7. නිරෝ......මේකේ ලස්සන වචණ ටිකක් තියෙනවා. ඒවා හරි කැරළිකාරියි. සැලොන් දේවතාවියෝ,ටච් අප් පූජාව,සව් කිචිකිචි ෂැම්පු...නියමයි.

    තමන් තමන් වෙනවා හැර කිසිම විටෙක තවත් කවුරුන් හෝ සමග කම්පෙයාර් නොකල යුතුයි. එතකොට තමන් තමන් නොවී වෙන එකෙක් වෙනවා. මම තදින් ඒ බව අදහනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ :)

      ඔව් මම මට අවංක වෙන්න උත්සාහ කරනවා දැන්. ඒත් සමහර වෙලාවට තවමත් අර කම්පෙයාර් කෙරෙන එක වෙනවා. තව mature වෙනකොට සමහර විට හරියාවි.

      Delete
  8. හොද වෙලාවට ඒක නැති කරන් නැත්තේ.. මංතුමා නම් කැමතිම අක්බමරු කොණ්ඩ වලට තමයි..

    ReplyDelete
    Replies
    1. ඒක නේ...අක්බමරු වලට කැමති කට්ටියත් ඉන්නවා නේ!

      Delete
  9. අක්බමරු කියන වචනයේ තේරුම මොකද්ද, මේක උපමාවක්ද? එහෙම බමරු ජාතියක් ඉන්නවද? :)

    ReplyDelete
    Replies
    1. අක්බමරු කියන්නේ කැරලි කොණ්ඩෙට :)

      Delete
  10. මොනවද මේ කියන්නෙ? අම් බඹරු කෙස් කළඹ කොපමණ අපූරුද? මෙන්න බලන්න...මගෙ ප්‍රියතම ලේඛිකාවක්......

    අපූරු ලියවිල්ල ...:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රවීට.
      ම්ම් ජෝඩි...එයාටත් කැරලි කොණ්ඩයක් තියෙනවා කියල දැනගත්තේ අද! ලස්සනයි එයා ඇත්තටම

      Delete
  11. අක් බඹරු කොණ්ඩේ හිතුවක්කාරයි. මේ ලියලා තියෙන විදිහත් හිතුවක්කාරයි . මම කැමතිම මේ වැකියට //අනුන් එක්කල තමන් ව සංසන්දනය කරන්ඩ නරකයි. අනිත් අය තමන් ගැන හිතන දේ ගැනත් වැඩිය වද වෙන්ඩ ඕනේ නෑ. (ඇත්තටම එයාල මුකුත් වැඩිය හිතන්නෙත් නෑ!) //

    ReplyDelete
    Replies
    1. මාත් චුට්ටක් හිතුවක්කාරයි (ලු!)
      ස්තුතියි ති.සි :)

      Delete
  12. //අනුන් එක්කල තමන් ව සංසන්දනය කරන්ඩ නරකයි. අනිත් අය තමන් ගැන හිතන දේ ගැනත් වැඩිය වද වෙන්ඩ ඕනේ නෑ. (ඇත්තටම එයාල මුකුත් වැඩිය හිතන්නෙත් නෑ!) //
    ඔන්න ඔය අන්තිමට කියල තියෙන ටික ඔළුවට එන්න අපේ කාන්තා පක්ෂෙට හරි කාලයක් යනවා. ඒක වටහා ගන්නකොට කෝච්චිය ගිහින්..
    ඔය ඔයා ඉන්න කැන්ගරුලන්තෙම ඉන්න මගෙ දෝණිට මං කිව්ව නල දත් දෙක හරි හැඩයි ඕක හදන්න එපා කියල. කොහෙද ? අම්මයි දුවයි තීරණේ අරං ඔන්න කොමර්ෂල් ස්මයිල් එකක් කෙල්ලට හදල දුන්නා.

    You should answer the questions in my last blog.. Don't run away after starting a debate !
    Reply

    ReplyDelete
  13. //අනුන් එක්කල තමන් ව සංසන්දනය කරන්ඩ නරකයි. අනිත් අය තමන් ගැන හිතන දේ ගැනත් වැඩිය වද වෙන්ඩ ඕනේ නෑ. (ඇත්තටම එයාල මුකුත් වැඩිය හිතන්නෙත් නෑ!) //
    ඔන්න ඔය අන්තිමට කියල තියෙන ටික ඔළුවට එන්න අපේ කාන්තා පක්ෂෙට හරි කාලයක් යනවා. ඒක වටහා ගන්නකොට කෝච්චිය ගිහින්..
    ඔය ඔයා ඉන්න කැන්ගරුලන්තෙම ඉන්න මගෙ දෝණිට මං කිව්ව නල දත් දෙක හරි හැඩයි ඕක හදන්න එපා කියල. කොහෙද ? අම්මයි දුවයි තීරණේ අරං ඔන්න කොමර්ෂල් ස්මයිල් එකක් කෙල්ලට හදල දුන්නා.

    You should answer the questions in my last blog.. Don't run away after starting a debate !
    Reply

    ReplyDelete
  14. ම්..කෙනෙක්ට ස්වභාවයෙන් පිහිටන දේ තමයි ලස්සනම කියලයි මට නම් හිතෙන්නේ.
    තමන්ගේ අනන්‍යතාවයනේ.

    හිසට පොල්තෙල් තරම් තෙලක් නැත යන්නට මමත් එකගයි.


    ReplyDelete
  15. අදයි මේ පැත්තට අාවේ............. අැයි දිගට ම ලියන්නැත්තේ............... හැකි වෙලාවට ලියන්න.... පොඩි පෝස්ට් ඒකක් හරි දාන්න...... දිගට ම ඒන්නම්... අනික් බ්ලොයටත් ගියා............ අගෙයි..........

    ReplyDelete

Post a Comment