Skip to main content

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...


පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ...
ඔන්න අනිත් කොටස තමයි මේ... :)

වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි. 

දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න ඕනේ  :)

බ්‍රයිඩ්ස් මේඩ් ලාට සාරි තෝරද්දී එයාලගේ හමේ පාට සහ ඇඟේ හැඩය ගැනත් හිතන්න. මොකද ඔයා කොච්චර ආස විලාසිතාවක් උනත් ඒ ළමයින් ට ඒක ගැළපෙන්නේ නැත්නම් කැතයි නේ. 
මමත් මුලින් අපේ නංගිලා දෙන්නට සාරි ජැකට් එක කරන්න හිතුවේ අත් නැතුව tube top එකක් විදියට. ඒත් ඒක එයාලගේ ඇඟට හරියන්නේ නැති වෙයි කියල හිතුණ නිසා කොට අත් දෙකක් දැම්මා...  සමහරු ෆැෂන් මැගසින් වලින් එහෙම බලලා ඒව ගේ models ලා ඇඳන් ඉන්න ඒවා එහෙම්මම අන්දන්න හදනවා. ඒ උනාට models ලගේ ඇඟවල් වගේ නෙමෙයි නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇඟවල්. සමහරක් වෙලාවට ඒ ෆැෂන් එක කරාම මනමාලියි දෙවෙනි මනමාලිලයි අරහෙන් මෙහෙන් බඩවල් පිම්බිලා ටයර් පැනල eyesore එකක් වෙනවා. ඒ හන්දා අපේ ගෑණු ළමයි ඒ ගැනත් සැලකිළිමත් උනානම් හොඳයි කියලා හිතෙනවා....

මම බ්‍රයිඩ්ස් මේඩ් සාරි වලට පාට තෝරාගත්තේ මෙන්න මේ බ්‍රේස්ලට් එකෙන්:

ඒක නම් අහම්බෙන් සිද්ද වුනේ... ඇඳුම් ගැන කතාකරගන්න ගිය වෙලේ මම ඕක අතේ දමන් ඉන්නවා දැක්ක රමණි තමයි ඇහුවේ ඔය පාට ට කැමතිද කියලා.  මට ඕනෑ උනෙත් ටිකක් චාම් ලා පාට. අනිත් එක ඒක දෙවෙනි මනමාලිලාට ගැළපෙන සහ මම කොහොමත් ආස පාටක්. 

 හැබැයි බ්‍රයිඩ්ස්මෙඩ්ස් සහ ෆ්ලවර් ගර්ල්ස් ලාට jewellery හොයන්න නම් ටිකක් පණ ගියා. හම්බුනේම මහා විච්චුරණ තොරොම්බල්. පස්සේ අන්තිමට මම අහම්බෙන් ගියා කිරිබත්ගොඩ පොඩි jewellery shop එකක් ඇතුලට...ඒකෙ අය නම් හරිම සුහදව මට ඕනේ විදිහම කරාබු, බ්‍රේස්ලට් ටිකක් හොයා දුන්නා. පොඩි ප්‍රශ්නෙකට තිබුනේ ඒවා ඔක්කොම රත්තරන් පාටින්ම විතරක් තිබුණු එක. ඒකත් එයාල එවෙලේම මට ඕනේ විදියට අර මුහුදු කොළ පාටින් කලර් කරලා ලස්සනට හදල දුන්නා :)


ඉතිං අන්තිමට ඔය බ්‍රේස් ලට් එකේ වගේ dull gold සහ යන්තම් නිල මිශ්‍ර මුහුදු කොළ පාට දෙක තමයි මුළු වෙඩින් එකටම පාවිච්චි කරේ :)

 බ්‍රයිඩ්ස් මේඩ් සාරි ඉඳන් මේස සැරසිලි, කේක් පෙට්ටි, වෙඩින් කාඩ්, සෙටි බැක් වගේ හැම එකකටම ඔය පාට දෙකෙන් එකක් හෝ දෙකම හරි මික්ස් කරා.... ඒක හරිම ලස්සන සෞම්‍ය වර්ණ සංකලනයක් කියලා ආපු හැමෝම කිව්වා! :)



Comments

  1. අපි නම් වෙඩින් කරලා දැන් ගොඩක් කල්... මට මේකෙ ඇහැ ගියේ බ්‍රයිඩ්ස් මේඩ්ලගෙ පාටවල් දෙකට... මගේ කට්ටිය ඇන්දෙත් ඔය පාටවල් දෙකමයි... හැබැයි ඔය මුහුදු කොළ පාට සාරියෙත් තිබුණා... දැන් කාලෙ චාමෙට කරපු වෙඩින් එකක් දැක්කමද කොහෙදෝ.... ලස්සනයි නිරෝෂිනී...

    ReplyDelete
    Replies
    1. ඇත්තද මියුරු? එහෙම නම් අපි දෙන්නගෙම ටේස්ට් එක සමාන ඇති :)

      මගේ අම්මා එයාලගේ විවාහ ගිවිසගන්න දා ඇඳලා තියෙන්නෙත් මේ නිලට හුරු මුහුදු නිල් පාට තමයි... බ්‍රේස්ලට් එකත් එයාල ගෙනත් දුන් එකක්.

      Delete
  2. ෆොටෝ ටිකත් කට්ටියත් හරි හැඩයි...

    මගුල් කෑම ගැන මගේ අදහස නම් ඒදාට වෙන්න ඔනේ තම තමන්ගේ යාළු නැදැයන් ඉදිරියේ විවාහ විම සහ ඒතැනට එක්වෙන කට්ටියට හොදට කන්න බෝන්න දිය යුතු බවයි....සල්ලි බාගේ තියෙනව නම් ලොකුවට වියදම් කලාට කමක් නැති මුත් , එහෙම නැති කෙනෙක් ණය වෙලා ලොකුවට වියදම් කරන එක කොච්චර ප්‍රයොගිකද කියලා ගැටළුවක් තියෙන්වා.......

    අපේ වෙඩින් එක අරං දැන් අචුරුදු 8 ක් ගත වෙලා වෙඩින් ගැන මට හිතෙන්නේ එහෙමයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා!
      අනිවා. අපි මුලින්ම තීරණේ කරදේ තමයි මොනවා නැති උනත් එන අයට හොඳට රසට කන්න බොන්න තියෙන්න ඕනේ කියන එක...අනිත් එකත් ඇත්ත. අපිට පුළුවන් හැටියට තමයි අපි කරන්න ඕනේ.

      Delete
  3. ඔය වගේම තව චාම් වෙඩිමුත් තිබුණලු. වෙලාවක බලා ගත්තු හැකි. :)

    ලස්සණයි නිරෝ....මමත් ආසාම පාටක් මුහුදු කොළපාට. ඒකේ නිලකුත් මිශ්‍ර වෙලා තියෙනවා වගේනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි. නිල් කොළ දෙකම තියෙනවා...

      කෝ අනේ දාන්න දාන්න ඉක්මනට ... වෙඩින් පින්තුර බලන්න තාමත් ආසයි...ආයෙත් බඳින්න හිතෙනවා අප්පා!

      Delete
  4. මාත් වෙන්ඩ මනමාලයා නිසා වටිනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔහ්...මම හිතුවේ දේශකයා බැඳලා ළමයිනුත් ඉන්නවා කියල!

      Delete
    2. ඒකනේ වයස පේන්නෑ.. මගේ...

      Delete
    3. //ඒකනේ වයස පේන්නෑ.. මගේ...//

      ප්‍රසා මෙන්ඩෝ..

      Delete
  5. ඇත්තටම ලස්සන පාට ගැලපීමක්....ඇසට හිරිහැරයක් නැහැ....සමහර මගුල් ගෙවල් මස් කඩ වගේ....මනමාලි යකින්නක් වගේ.... :D

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් ආස නැහැ එහෙම...එයාලගේ කැමැත්තනේ! ස්තුතියි!

      Delete
  6. දෙවෙනි මනමාලිලා ගේ ඇඳුම්වලට සල්ලි දෙන්නේ මනමාලිද?
    නැත්තං දෙවෙනිලාම බරපැන දරණවාද?

    ReplyDelete
    Replies
    1. ඒවා ඔක්කොම මනමාලි ... දෙවෙනි මනමාලයොන්ගේ ඇඳුම් මනමාලයා විසින්.

      Delete
  7. ෆ්ලවර් ගර්ල්ස් ලගේ ඇදුම් මහල තියන විදිහ පොඩ්ඩක් නීට් මදී නේද

    ReplyDelete
    Replies
    1. ඇත්තට මට නම් අවුලක් නැහැ...ඔයාට එහෙම පේනවද?

      Delete
    2. තරහ ගියාද මන්දා

      Delete
    3. අනේ මන්ද සරත් :D :D

      Delete
  8. බැඳලා අවුරුදු නවයක්. ලේසියට සහ වියදම අඩු කරගන්න අපි දෙන්නා විතරයි හිටියේ. අමුත්තන්ට කෑම දෙන එකට නම් හොඳින් වියදම් කලා.

    ReplyDelete
    Replies
    1. ආපු අයත් ඔයාල දෙන්නත් එන්ජෝයි කරා නම් එච්චයි..
      මගේ එක දෙවෙනි මනාලියක් තෑග්ගක් හැටියට එදා වෙඩින් එක දවසේ ෆොටෝ එකතුවක් එක්ක දුන් scrap book එකේ මෙන්න මෙහෙම ලියලා තිබුනා :
      "A wedding is a party, not a performance. If at the end of the day, you are married to the one you love, then everything went perfectly."

      Delete
  9. අදයි මුලින්ම ගොඩවැඳුනේ. අළුත් කථාව පටන්තම නැවත එන්නම්. තව තව ලියන්න. ඔබට ජය!!

    ReplyDelete
  10. හා..... හී... අපි නං බැදල නැති හිංද ඉස්සරහට ඕන වෙයි... හිහික් හික් හික්... (හිනාව කුපුප වැඩීද මංද)
    ම්ම්ම්ම්... මුල ටිකත් කියෙව්ව ස්තූතියි... කමෙන්ට් කොටන්න මං හරි කම්මැලෑ අෆ්ෆා...
    අදයි මෙහෙ ආවෙ... එන්න ඇමදාම ඔන්න ෆලෝ ලිස්ට් 1ටත් ඔබා ගත්ත....
    පුලුවං නං අපේ පැත්තෙ ඇවිත් යන්න...
    අවන්හල

    ReplyDelete
    Replies
    1. ඇවිත් යන්නම්කො.

      මේක ලිව්වේ වෙන්ඩ මනමාලියන්ට උනාට මනමාලයෝනේ ඇවිත් තියෙන්නේ :D

      Delete
  11. මේ ඊයේ පෙරේදා වීඩියෝ එකක් බලලා මට පැයක් විතර හිනා. ඒ වගේ සර්ප්‍රයිස් කරන මල්ලි කෙනෙක්, යාළුවෝ නියමයිනේ. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒක දැක්කද? ඕක අපි ඔෆිෂල් වීඩියෝ එකටත් දම්මල තියෙන්නේ... වයසට ගියාම බලල හිනාවෙන්න බැරිය :D

      Delete
  12. මගේ නං මගුල් සූට් එකට රෙදිත් අරගෙන දුන්නෙ බිරිඳ,එයාට වෙඩින් සාරි ගන්න ගිය වෙලාවෙ.මම කිව්ව ඕනෑ නෑ මම මස්සෝගන්නන් කියල එතකොට මූණ නරක් කරගත්ත,ඉතිං මම ගන්න කැමතිවුනා.

    ReplyDelete
    Replies
    1. බලන්න කොච්චර හොඳ බිරිඳක් ද? :)
      මනමාලයාගේ සුට් එකට නම් රෙදි දුන්නෙත් මම තමයි...ඒක මට ඒ දවස්වල චීනෙට යන්න හම්බුනු නිසා එහෙ සිල්ක් කම්හලකින් එයාට ගත්ත තෑග්ග !

      Delete
  13. අප්පොච්චියේ අපිත් ඔය නැටුම නැටුවා ..හිතනකොට නම් ආසයි. මේ පාට සංකලනය අපුරුයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මතක් වෙද්දී ආසයි නේද බින්දී...ආයෙත් එදා දවස relive කරන්න හිතෙනවා මට! (හබී නම් කියනවා මතක් වෙනකොට බයයි කියලා හික්z!!)

      Delete
  14. තව ටික කාලෙකින් අපිටත් මේවා ඕන වෙනවා.. බලමුකෝ බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම්!...ඉතාලියේ ද වෙඩින් එක ගන්න ඉන්නේ? ;)

      Delete
  15. වෙඩින් ගැන ලියන්න මාත් හිතං ඉන්නව

    ReplyDelete
    Replies
    1. ලියන්නකෝ බලන්න...අපිටත් කියවන්න :)

      Delete
  16. කිරිබත්ගොඩ පැත්තේ කඩේ මොකක්ද :P අපිත් ඒ ළඟපාත. ඉස්සරහට අපිටත් ඕනේ වෙනවානේ :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ තැන මොකක්ද , අපි ලගට එන අයව එහෙට යොමු කරන්න පුලුවන්

      Delete
    2. ඒකෙ නම 'Silver Queen'. කිරිබත්ගොඩ නුවර පාරේ, නුවර පැත්තට යනකොට දකුණු අත පැත්තේ තිබුන විදියට තමයි මතක...
      ඔහ් අටම්පහුර මනාලියන්ට අන්දනවද?

      Delete
    3. නැ ඒ ලගින් යන රස්සාවක් . බ්‍‍ලොග් එකට ගොඩ වෙලා බුලුවනං

      Delete
    4. අඃ ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයේ නේද? :)

      Delete
    5. @ ηiRσ

      ආහ් ඒ කඩේ මම දන්නවානේ. බාචි සුසාන්ගේ බිරින්දෑ තමා ඒ කඩේ අයිතිකාරී :D

      Delete
    6. Hasitha//

      මචං ඔය කියන්නේ කෝකද බං

      Delete
    7. ඔහ් බාචිගේ නෝනා?! කවුද දන්නේ අප්පා :D

      Delete
  17. වෙඩිමට කලින් අපේ පවුල හැදුවා පොතක්...

    ඒකෙ සියළු තතු තියෙනවා වෙඩිමට සූජානම් වෙන හැටි.. :)

    ReplyDelete
    Replies
    1. පොත පබ්ලිෂ් කරා නම් හරි.. අනිත් කට්ටියටත් උපකාරයක් වේවි!

      Delete
  18. නිරෝට කියන්න මම බැන්දේ කච්චේරිය වහන්න ඔන්න මෙන්න තියලා. නිවාඩුවට ලංකාවට ඇවිත් ශොපින් කරන ගමන් මම ඇහුවා ගිහින් බඳිමුද කියලා එයා හා කිව්වා. පිටකොටුවෙදි මගේ යාලුවෝ දෙන්නෙක් හම්බ වුනා. උන් අත්සන් කරන්නම් කිව්වා. ඔච්චරයි. බැඳලා අවුරුදු විසි හතරක් දැන්.

    ReplyDelete
    Replies
    1. නිරෝගේ පෝස්ට් එක මට ලොකු උදව්වක් කරා. අද තමයි වෙඩින් ඇනිවසරි එක. අමතක වෙලා හිටියේ. වයිෆුත් අමුතු හිනාවක් දාලා වැඩට ගියා. මම දැන් කෝල් කරලා විශ් කරා. මතකද බලන්නලු හිටියේ..ගෑණුන්ගේ හැටි :D

      Delete
    2. ඒකත් හරි සොඳුරු විවාහයක් නේ අරූ.. ඒත් පුදුමයි ගෙවල් වලින් තරහ උනේ නැද්ද? රිදී ජුබිලියට තව එකයි නේද?

      අම්මෝ....හොඳ වෙලාවට මේක කියෙව්වේ එහෙනම්! හද පිරි සුභ පැතුම් mr. අරූ ටත් mrs.අරූ ටත්! දන්නවද...අපේ අම්මල බැඳලත් දැන් අවුරුදු 31 ක් වෙන්නයි යන්නේ...

      Delete
    3. නිරෝ.....ඒ පාර මට දිනේ නෙමෙයි අවුරුද්ද ටැපලිලා..අපි බැඳලා අවුරුදු 26යි. ගෙවල්වලින් වෙච්ච දේවල මම ඉස්සරහට ලියන්නම්.

      නිරෝගේ දෙමව්පියන්ට තව තවත් ආදරෙන් ඉන්න අපෙන් සුබ පැතුම්!!!!

      Delete
    4. අවුරුද්ද ටැපලුනා!
      අරූ නම් මරු! hey that rhymes :P

      ස්තුතියි අරූ පැතුමට :)

      Delete
  19. මුහුදු කොළ කියන එක මට හැමදාම ප්‍රශ්නයක්. මුහුද නිල් පාටයි නෙ. :D

    p.s. Season 4 starts on 6th April!!

    ReplyDelete
    Replies
    1. ඒක අනේ නිල්-කොළ :P

      PS: yay! lets hope the old man can keep up!

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන