Skip to main content

මගුල් කෑම! : 3 .. පොල්!

<< මෙන්න 1 කොටස 
<< මෙන්න 2 කොටස 


මගුලක් ගන්ඩ හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් කරන්න ඕනේ එකක් තියෙනවා.
ඒ තමයි එදාට දෙන්න පෝරුවෙන් බහිද්දී පොල් බිඳින්න මාමා කෙනෙක් හොයාගන්ඩ එක! අදාළ එලෙජිබල් මාමා ට පොල් බිඳලා පලපුරුදු කෙනෙක් නම් ගොඩ.
නැත්නම් ඉතින් පොඩි කේස් එකක් තමයි!

ඔන්න ඉතින් මං තුමියගේ මාමා ත් උපන් තේකට පොල් බිඳලා නැහැලු. ඊටත් එහා එයා දැන් අවුරුදු ගානක් ඉන්න රටේ පොල් ඇත්තෙත් නැති නිසා සෑහෙන කාලයක් පොල් සමඟ ගනුදෙනු ත් නැහැලු!

දැන් ඉතින් මගුල් ගෙදරට කලින් දවසේ අපේ ගෙදර එක ජරමරයයි. 
මොකද්ද?
ඒ තමා මාමාට පොල් බිඳීමේ කෙටි කාලීන පුහුණුවක් ලබාදීමේ මහා ව්‍යාපාරය! 

ඔතන වැඩේ තියෙන්නේ ඔය පොල් ගෙඩිය එක පාරින් බිඳින්න ගහන්න ඕනෙලු. තව පලු දෙකම සමානව ලස්සනට උඩ අතට දෙපැත්තට වෙන්නත් ඕනෙලු. 
ඇත්තටම මෙව්වා ඉතින් බොරු විකාර තමයි. ඒත් මාමා දැන් හෙන අවුල්...පොල් ගෙඩිය හරියට බිඳුනේ නැත්නම් හරි නැහැ කියල එයා බයේ. 
ඉතින් අපි කොච්චර කිව්වත් කොහොම බිඳුනත් කමක් නෑ කියල එයාට ඕනේ උනා පොඩි ප්‍රැක්ටිස් පාරක් දාන්න. [එයා එහෙම තමයි. තමන්ට දෙන වැඩේ අකුරට කරන්ඩ තමා හදන්නේ]
අනිත් එක තමයි මාමා දන්න ලාංකික-ඔසී මිශ්‍ර මගුල් ගෙදරක ඔය සුදු මාමා කෙනෙක් හරි ලස්සනට ඔය පොල් ගෙඩිය බිඳලා. ඉතින් සුද්දාත් පොල් බින්දා නම් මෙච්චර මහ කලු සිංහලයෙක්ට ඕක බැරි උනොත් මාර නෝන්ඩි ත් නේ! :D

හපොයි එහෙමත් ආතල් එකක්!
මාමා පොල් ගෝනිය ගාව ගරාජ් එකේ.
ගෙදර ආපු නෑදෑයෝ සේරම වට වෙලා. 
නැන්දා තමයි ප්‍රධාන උපදේශක.

ඔන්න නමෝ විත්තියෙන් ගැහුවා පලවෙනි පොල් ගෙඩිය ට.
හුටස්! ඒක ස්රූස් ගාල පැන්නේ නැතැයි වෙන අහකට...තව ඩින්ගෙන් ළඟ හිටං හිටිය දෙවෙනි මනමාලයාගේ කකුල!

ඊට පස්සේ ඔන්න දෙවෙනි ට්‍රයි එක.
ඒත් ඒ පොල් ගෙඩිය බිඳෙන්න හිතලවත් නැහැ. යන්තම් සයිඩ් එකෙන් පැල්මක් ගිහින් විතරයි.


ඉතින් මොනා කරන්ඩ ද?
ආයෙත් ලැස්ති උනා ජයග්‍රාහී තුන් වෙනි පාරට...

ඔහොම ඉතින් තුන් හතර පස් පාරක් ම ට්‍රයි කරත් හරියට පොල් ගෙඩියක් බිඳ ගන්න නම් බැරි උනා.
ඔය මහා පොල් බිඳීමේ ව්‍යාපාරය නැවතුනේ පොල් මෙච්චර ගණන් කාලේ නිරපරාදේ පොල් නාස්ති කරන එකට විරුද්ධව අම්ම යුද්ධ ප්‍රකාශ කරාට පස්සේ!

ඉතින් මගුල් ගෙදර දවසේ පොල් ගෙඩිය බිඳ ගත්තද?

****
****
****

පුදුමෙනුත් පුදුමයි කිව්වලු!




නැකතේ ආනුභාවයෙන්ද මන්දා එක පාරින් එදා හරි ගානට ලස්සනට පොල් ගෙඩිය බිඳුණා!!


බලන්න මාමගේ මුණේ තියෙන ආඩම්බර හිනාව!! :D :D

Comments

  1. යකෝ මටත් මේ විදියෙම අත්දැකීමක් තියෙනව,ලියන්න ඕනෑ ඒ ගැන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඔයත් පොල් බින්දේ මෙහෙමද?

      Delete
  2. අපි නං ඉස්සර පොල් බිඳින්නේ අතේ තියාගෙන මන්නෙන් ගහලා.

    ReplyDelete
    Replies
    1. ඒ ගෙදර කෑමට ගන්නනේ... මගුල් වලදී බිඳින්නේ බිම බුලත් කොළ උඩ තියලා

      Delete
  3. මාත් ගිහින් තියෙන මඟුල් ගෙවල්වල ඔය පොල් ගෙඩි ගානට කැපෙනවා. කවුරු හරි බලා ඉඳලා කරනවා වගේ. සමහර ඒවා උඩ අතට. සමහර ඒවා මුනින් අතට. ඒකටත් මොනා හරි කතාවක් තියෙනවනේ.

    පොල් බිඳින්ට නම් බෑ. ඒත් ගලේ ගහලා කැඩුව හැකි. :D

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ හා වැඩට හිටිය හොඳ සවි ශක්තිය තියෙන සද්දන්ත ගෑණු කෙනෙක්. එයා ට පුළුවන් පොල් ගෙඩිය පොළවේ ගහල ගානට සමානව බිඳින්න!

      Delete
    2. හපොයි මම නම් සද්දන්ත නෑ. ගලේ ගහලා ගානට පොල් බිඳින්ටත් බෑ. කුඩු කරන්ට විතරයි පුලුවන්...:D:D

      Delete
    3. නෑ නෑ ඔයා සද්දන්තයි කිව්ව නෙවෙයි. ගලේ ගහල කුඩු කරන කතාව ඇහුවම මට ඒ ගෑනු කෙනාව මතක් උනා... එයා ඒක මාර සිරා විදිහට කරන්නේ. බලන් ඉන්නත් ආසයි!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අපේ ඕකට expert කෙනෙක් වෙච්ච බාප්ප කෙනෙක් ඉන්නව. පවුලෙ ඥාති සහෝදර සහෝදරියො ඔක්කොගෙම වෙඩින් වලදී පොල් බිඳින්නෙ පොර තමා. තාම නං පොල් බෑ දෙක මුණින් අතට හැරිල නෑ කවදාවත්. මම හිතන්නෙ කලින් ඇණයකින් ද කොහෙද බිඳෙන්න ඕන ඉර ලකුණු කරනව.

    ReplyDelete
  6. නිරෝෂිනි.......මම මගුල් සේවයක් දාලා තියෙන්නේ. මනමාලිය සොයා දීමේ සිට ඔබට අවශ්‍ය සියළුම දේවල්. හරි මැදින් පොල් බිඳීමට දක්ෂයින් මාමා ලෙස යුරෝපීය හෝ ජාතික ඇඳුමෙන් සැරසී සේවය කර දෙනු ලැබේ.

    ReplyDelete
  7. නිරෝෂිණී බැන්දේ ඊයෙ පෙරේදා ද?

    අපිත් ඉතිං දැන් අවුරුදු 8 විතර කලින් ඔය වගේ මොනවද කලා... දැන් ඒ ඇල්බම් එහෙම පුස් කාලා ද කොහේද... මතක තියෙන්නේ හනිමූන් එක විතරයි :)

    ReplyDelete

Post a Comment