<<බෙයිජිං හි සත් දිනක් 1 චීන මහා ප්‍රාකාරය බෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ගියේ. ප්‍රාකාරය උඩට භාගයක් දුරට කේබල් කාර් එකකින් ගිහින් එතන ඉඳන් පයින් යන්න පහසුකම තියෙනවා. ගොඩක් තැන්වල නැග්මේ තිබුනේ දළ බෑවුමක්. ඒ නිසා නගින්න ටිකක් අමාරුයි. ඒ තැන් බහිද්දී කරන්න ඕනේ දුවගෙන දුවගෙන යන එකයි. නැත්නම් හිමින් බහින්න ගියොත් අමාරු වෙනවා. චීන මහා ප්‍රාකාරය නම් යන්න පුළුවන් නම් හැමෝම ජීවිත කාලය තුල බලන්න ඕනේ එකක් කියල මට හිතෙන්නේ. මුදුනට ගිහින් ඇහැට පෙනෙන තෙක් මානේ කඳු පන්ති හරහා කඳු කපාගෙන යන ප්‍රාකාරය දකින කොට මිනිස් හැකියාවේ ශක්තිය ගැන පුදුමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේක හදල තියෙන කාලයේ තිබුණු තාක්ෂණික මෙවලම් සහ, භූ විෂම තාවේ දුෂ්කරතා සැලකිල්ලට ගත්තම. මේකේ පෙනෙන මුර කුටි ව...
Just some random arrows of thought...