Skip to main content

සයිනස් අමාරුව තියෙන අයට (ඔලුව කැක්කුමට විසඳුමක්)

ගොඩක් සෙම අමාරු තියෙන අයට හැදෙන ලොකු ලෙඩක් තමයි ඔය සයිනස් නිසා ඇතිවෙන ඔලුව කැක්කුම.
 මට නම් ගොඩක් වෙලාවට ඉස්සර තද රස්නේ වෙලාවට එලියට ගිහින්, ඊට පස්සේ ආයේ A/C ඇතුලට ගියොත් අනිවාර්යෙන් ඔලුව රිදෙන්න ගන්නවා. නැත්නම් හදිසි කාලගුණ වෙනසක් උනොත් - ඒ කියන්නේ එක පාරටම උෂ්ණ ඉඳන් සීතලට මාරු උනොත්, හරි සීත ඉඳන් උෂ්නට මාරු උනොත් හරි, ඒත් ඉවරයි. නැතිනම් රෑට අයිස්ක්‍රීම් කෑවොත්...

මේක තියෙන අය අත්දැකීමෙන් දන්නවා මේ හිසරදේට පැනඩෝල් වැඩ කරන්නේ නැහැ කියල.

ඔන්න ඉතින් මේකෙන් 100% ගැලවෙන්න ඔය කිසිම පේන් කිලර්ස් මුකුත් නැති ක්‍රමයක් කියන්නයි යන්නේ. මට මේක කියල දුන්නේ දොස්තර මහතෙක්. දැන් අවුරුදු පහක් තිස්සේ මට නම් මේක හොඳටම වැඩ...
ක්‍රමයක් කිව්වට මෙතන අනුගමනය කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා.

1) උදේට ඇඟ හොදද්දී බලන්න කොන්ඩේ තෙමෙනවද කියල. විශේෂෙන් ඔලුවේ පිටිපස්සේ අග හරියේ කොන්ඩේ. එහෙම තෙමෙනවනම් ඒක වලක්වගන්න. හොඳම දේ ෂවර් කැප් එකක් පාවිච්චි කරන එක.

2) හැමදාම ඔලුවෙන් හිට ගන්න. දැන් ඉතින් හිනාවෙන්න එපා. ඔලුවෙන් හිටගන්න කිව්වට මෙන්න මේ යෝගා අභ්‍යාසේ තමා කරන්න කිව්වේ. (ඒකෙ ඉතින් තියෙන්නේ ඔලුවෙන් හිටගන්න ව වගේ සීන් එකක් තමයි).
වැඩි වෙලා ඔහොම ඉන්න ඕනත් නැහැ. විනාඩි 3 විතර හිටියම හොඳටම ඇති. හැබැයි අර කරනවානම් එතැනදී ශරීරෙ බර තනිකරම බෙල්ලට එන නිසා ඒකට counter effect වෙන අභ්‍යාසය කුත් කරනවා නම් හොඳයි.




Source: http://www.yoga-made-ez.com/Yoga_Shoulder_Stand.html

මුලදී නම් දවසට දෙපාරක් ඔය අභ්‍යාසේ කරත් දැන් නම් සතියකට සැරයක් කරත් ඇති මට.

ගොඩක් අයට සෙම නිසා මේ ප්‍රශ්නේ තියෙන නිසා තමා මේක ලියන්න හිතුවේ. මටත් කෙනෙක් කිව්වා නිසානේ අද මම ලෙඩෙන් ගැල උනේ. ඉතින් ඇයි හොඳ දෙයක් මම තනියම තියාගෙන ඉන්නේ කියල හිතුනා :)

PS: අර ඔලුවෙන් හිට ගන්න එක ඉස් ඉස්සෙලාම කරන කොට තව කවුරු හරි සහයට ගන්න. විශේෂෙන් ඔය ඇඟ මහත අය. බිත්තියක් අයිනට ගිහින් බිත්තිය පැත්තට ඔලුව දාල බිම දිගාවෙලා ඊට පස්සේ හිමීට ඇඟ ඉස්සුවනම් හරි. ඔන්න ඉතින් අත පය කඩාගෙන නම් මට පස්සේ නඩු දාන්න එපා හොඳේ. :D :D

Comments

  1. thanks a lot ..This will be good for me too

    ReplyDelete
  2. ඔය සරම් ඇඳන් ඉන්න අයියලා අමුඩයක් ගහ නොගෙන එහෙම මේ ව්‍යායාම කරනවා නෙවෙයි ඔන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි ගවුම් ඇඳන් ඉන්න නංගිලා ? :D

      Delete
  3. රෑට අයිස්ක්‍රීම් කෑවොත් නම් මටත් අවුල්..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා! :)

      Delete
  4. බලමු ඔහොමවත් කරලා! මටත් ඔය ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ඔයාට යම් හෝ සුවයක් ලැබුන කියල හිතනවා ..

      Delete
  5. මම ඔය කියන යෝග ඉරියව්වෙන් ඉඳලා තියනවා... ඔය වගේ ලෙඩ වලට ගුණදායකයි කියලත් අත්දැකීමෙන් කියන්න පුළුවන්..එත් පරිස්සමින් කරන්න ඕනේ ..තනියම නම් කරන්න හදන්න එපා කියලයි මම යෝග ඉගෙන ගන්න ගිය ගුරුතුමා නම් කිව්වේ

    ReplyDelete
    Replies
    1. ඔව් දීප්ස් තනියම කරන්න හදන එක භයානකයි. කවුරු හරි මුලින් පොඩ්ඩක් අල්ලගන්න හිටිය නම් හොඳයි. විශේෂෙන් ඔය ටිකක් චබී අය. මගේ පණ්ඩිත උපදෙස් අහල අක්ක කෙනෙක් කොන්ද බිම ඇන ගත්ත දවසක්. හැබැයි ඉතින් මම තනියම කරන්න එපා කියල ඩිස්ක්ලේමර් දාල තියෙන්නේ ඔන්න :)

      Delete
  6. උත්සාහ කරන්න වටින දෙයක්..ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් කරලා බලන්නකෝ

      Delete
  7. ආරෝග්‍යා පරමා ලාභා :D

    ReplyDelete
  8. මේකනම් මට වැදගත් වෙයි ....

    ReplyDelete
    Replies
    1. වැදගත් උනා නම් සතුටුයි :)

      Delete

Post a Comment