Skip to main content

සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix

කුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ.
මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්...


Movie : City of Angels
චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක්


රූප රාමු කතා බහ -
සෙත් : ඕක මොන වගේද?
මැගී පෙයාර්ස් ගෙඩිය ප්‍රශ්නාත්මකව පෙන්වයි
සෙත් : ඒක මොන රහද? විස්තර කරන්න ඒක ..හෙමින්ග්වේ වගේ.
මැගී : ඒක හරියට... පෙයාර්ස් රහයි! ඔයා දන්නේ නැද්ද පෙයාර්ස් වල රහ?
සෙත් : මම දන්නේ නැහැ ඔයාට පෙයාර්ස් රහ දැනෙන්නේ මොන විදිහටද කියල
මැගී : පැණි රහයි...යුෂ සහිතයි...දිවට මෘදු යි, පුංචි කැටිති වගේ තියෙනවා...හරියට නිකම් සීනි රහ වැලි කැට කටේ දිය වෙනවා වගේ

***********************************************************************************
Movie : The English Patient
 චරිත :  අල්මාශි (හංගේරියානු ජාතික සිටුවරයෙක් සහ සිතියම් තනන්නෙක්) කැතරින් (ඉංග්‍රීසි ජාතික). දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුවක්.



රූප රාමු කතා බහ -

අල්මාශි : එක එක සුළං ගැන කියන්නම්. දකුණු දිග මොරොක්කෝ වේ තියෙනවා අජේජ් නමින් සුළි සුළඟක්.
මොරොක්කෝවේ ෆෙලහින් ජනතාව ඒ සුළං වලින් ආරක්ෂා වෙන්නේ පිහි වලින්.
එතකොට තව ටියුනිසියාවේ තියෙනවා ගිබ්ලි කියල සුළඟ ක්.

කැතරින් : ගිබ්ලි?

 අල්මාශි : ඔව්. ඒකෙන් මිනිස්සුන්ට හරිම අමුතු ස්නායු අමාරුවක් හැදෙනවා.
ඊ ගාවට හරමටන් - රතු සුළඟ. නාවිකයෝ එකට කියන්නේ අඳුරු මුහුද කියල. මේ හුළඟට ගහගෙන එන රතු පාට වැලි නිසා වැටෙන වැස්සත් රතු පාටයි. එංගලන්තේ දකුණු දිග වෙරළ තීරේ වෙනකම්ම මේ හුළං හමල තියෙනවා. ඒව අරන් එන වැස්ස රතුම රතුයි හරියට ලේ වගේ.

කැතරින් : බොරු! ඔය කියන පළාතේ අපේ ගෙදරක් තිබුනනේ.  කවදාවත් ඔහොම ලේ වැහැල නැහැ. ඉතින්...තව කියන්න...

අල්මාශි : බොරු නෙවෙයි සේරම ඇත්ත! ඔයාගේ යාලුවා - අර හෙරඩෝටස් තමයි ඔය ගැන ලියල තියෙන්නේ. ඒ වගේම එයා කියල තියනවා හරිම භයානක හුළඟක් ගැන. ඒකට කියන්නේ සමූන් කියල. මේ දුෂ්ට හුළඟට විරුද්ධව මිනිස්සු යුද්ධ ප්‍රකාශ කරලා ඔවුන්ගේ කඩු අමෝරාගෙන,
සන්නාහ ඇඳගෙන, ගිහින් තියෙනවා, හුළඟ එක්ක සටන් කරන්න.

***********************************************************************************
Movie : Fight the future
චරිත - මෝල්ඩර් , ස්කලී ( එක්ස් ෆයිල්ස් බලපු අයට අමුතුවෙන් හඳුන්වාදීම් අනවශ්‍ය ය)
 

රූප රාමු කතා බහ -
මෝල්ඩර් : ඇයි මොකද උනේ?
ස්කලී : මම අස්වීමේ ලිපිය භාර දුන්න
මෝල්ඩර්: ඔයාට දැන් අයින් වෙන්න බැහැ ස්කලී
ස්කලී : මට පුළුවන්. ඔයාට මේක පුද්ගලිකව ඇවිත් කියනවද නැද්ද කියලත් මම හිතුව...
මෝල්ඩර් : අපිට තව පොඩ්ඩයි තියෙන්නේ. අපි දැන් කෙලවරට ලං වෙලා ඉන්නේ...
ස්කලී : ඒ ඔයා මෝල්ඩර්. කරුණාකරලා මට මේක බල කරන්න එපා
මෝල්ඩර් : ඔයා ඊයේ රෑ දැක්ක දේවල් හැටියට, ඔයා මෙච්චර කල් දැක්ක දේවල් හැටියට, ඔයාට පුලුවන්ද ඔහොම අත ඇරලා යන්න?
ස්කලී : මම අත ඇරලා ඉවරයි.
මෝල්ඩර් : මට මෙතෙන්දි ඔයාව ඕනේ ස්කලී
ස්කලී : ඔයාට මාව ඕනේ නැහැ මෝල්ඩර්. කවදාවත්ම. මම ඔයාට බාධා කරා විතරයි. මට දැන් යන්න ඕනේ.
මෝල්ඩර් : ඔයාට ඕනේ නම් පුලුවන් කියන්න හර්ද සාක්ෂියට එකඟව මෙහෙම යන එක හරි කියල. ඒත් ඔයා වැරදියි.
ස්කලී : එයාල ඇත්තටම ඇයි මාව ඔයා එක්ක වැඩ කරන්න දැම්මේ? ඔයාට බාධා කරන්න නෙවෙයිද? ඔයාව ආපස්සට ඇදල දාන්න නෙවෙයිද? ඔයාගේ අදහස් නිෂ්ප්‍රභා කරන්න නෙවෙයිද?
මෝල්ඩර් : ඒත් ඔයා මාව බේර ගත්ත! ඔයාගේ ඔය මගුල් නීතියි, විද්‍යාවයි, තර්කයි කොච්චර හිස රදයක් උනත්, ඔයා මාව දාස් වාරයක් බේර ගෙන ඇති. මාව අවංකව තිබ්බේ ඔයා. ඔයා මාව සම්පුර්ණ කරා. මම මේ හැමදේටම ඔයාට ණයයි ස්කලී, හැබැයි ඔයා මට බින්දුවක් වත් ණය නැහැ...ඔයා නැතුව මට මේක තනියම කරගෙන යන්න මට බැහැ...මම දැන් අත ඇරියොත්, එයාල දිනුම්.

***********************************************************************************
Movie : Aladdin
චරිත : ඇලඩින්, ජැස්මින් කුමරිය

රූප රාමු කතා බහ -
ජැස්මින් : ඒ කොහොමද ඔයා ඔහොම ඉන්නේ?
ඇලඩින් : මේක පියාඹන බුමුතුරුනක්
ජැස්මින් : ඒක හරිම ශෝක් නේ
ඇලඩින් : ඔයා ආස නැද්ද මේකේ රවුමක් යන්න? අපිට මාලිගාවෙන් එලියට යන්න පුළුවන්...ටිකක් රටේ ලෝකේ බලන්න ...
ජැස්මින් : මේක ආරක්ෂාවයි නේද?
ඇලඩින් : අපෝ ඔව්. ඔයාට මාව විශ්වාසයිද?
ජැස්මින් : මොකද්ද කිව්වේ?
ඇලඩින් : ඔයාට මාව විශ්වාසයිද?
ජැස්මින් : ඔව්...

***********************************************************************************



Movie : The Fellowship of the Ring
 චරිත : [සෑම්, ෆ්රෝඩෝ, පිපින්, මේරි](හොබිට් නම් අඟුටුමිටි ස්වභාව මනුෂ්‍ය විශේෂයක් ) ඇරගොර්න් (මනුෂ්‍ය), ආර්වෙන් (මනුෂ්‍ය ලක්ෂණ තිබෙන අර්ධ දිව්‍ය විශේෂයක්)





රූප රාමු කතා බහ -
සෑම්: බලන්න ෆ්රෝඩෝ ඒ බිල්බෝගේ යක්කු!..ෆ්රෝඩෝ?... (ඇරගොර්න් ට) එයා සීතල වෙනවා
පිපින් : එයා මැරේවිද?
ඇරගොර්න් : එයා හෙවනැලි ලෝකෙට යන්න හදන්න. ටිකකින් එයාත් උන් වගේ වේවි.
මේරි : උන් ළඟ ඉන්නේ!
ඇරගොර්න් : සෑම්, දන්නවද ඇතිලස් පැලැටිය?
සෑම්: ඇතිලස්?
ඇරගොර්න් : රාජලෝපත් කියන්නේ
සෑම් : ආ ඔව් ඒක වල් පැලෑටියක් නේ
ඇරගොර්න් : ඒවායින් ෆ්රෝඩෝ ගේ ඇඟට ගිය විස නැති කරන්න පුළුවන් වේවි. ඉක්මන් කරන්න!
ඔවුන් ඇතිලස් පැලැටිය සොයන අතර ඒවායින් කුඩා පඳුරක් දකින ඇරගොර්න් ඒ වෙතට යයි
ආර්වෙන් : ආහා මේ කවුද? නැතිවුණු අසරුවෙක් වගේ?



***********************************************************************************

Movie : The Matrix
චරිත : ට්‍රිනිටි, නියෝ


රූප රාමු කතා බහ -

ට්‍රිනිටි : හෙලෝ නියෝ
නියෝ : ඒ නම ඔයා දන්නේ කොහොමද?
ටිනිටි : මම ඔයා ගැන ගොඩක් දේ දන්නවා
නියෝ : ඔයා කවුද?
ට්‍රිනිටි  : මගේ නම ට්‍රිනිටි
නියෝ : ට්‍රිනිටි? අර ට්‍රිනිටි? අර අයි ආර් එස් දත්ත ගබඩාව හැක් කරපු ට්‍රිනිටි?
ට්‍රිනිටි : ඒ ගොඩක් කාලෙකට කලින්
නියෝ : දෙයියනේ!
ට්‍රිනිටි :  ඇයි?
නියෝ : නෑ මේ මම හිතුවේ... ට්‍රිනිටි කියන්නේ කොල්ලෙක් කියල
ට්‍රිනිටි : ඔව් ගොඩක් කොල්ලෝ හිතන්නේ එහෙම තමයි



මේවගේ සිංහල තේරුම් වල නිරවද්‍යතාවය සියයට සියයක් සහතික කිරීමට නොහැකි වීම ගැන සමාවන්න. සමහර දේ එලෙසින්ම පරිවර්තනය ඉතාම අමාරුය. විශේෂයෙන් Fellowship of the ring චිත්‍රපටියේ කොටස. එම කතා විශ්වයේ සිටින හොබිට්, එල්ෆ්, ට්‍රොල් යනාදී මිත්‍යාමය සත්වයන්ට අදාළ සිංහල වචන තිබෙනවාදවත් නොදනිමි.

Disclaimer : None of these movies belong to me. They belong to whichever companies that made them. I am just a fan.

Comments

  1. මේ අතුරින් මම කැමතිම Aladin, Lord of the Rings හා Metrix.., මේ තුනෙනුත් මම ආසම Lord of the Rings Trilogy එකට. මම තාමත් කලපනා කරන්නේ පීටර් ජැක්සන් ටෝකින් ගේ ඉතුරු කතා ටික චිත්‍රපටි වලට නඟන්නේ නැත්තේ මොන එහෙකටද කියලා..,
    රයිඩර් හැගාඩ් ගේ "Ayesha the She" වගේ කතා අතීතයේ චිත්‍රපට වලට නැඟුනත් පොත් වල තරම්ම යතාවදී කරන්න බැරි වෙලා, ඒ අතින් පීටර් ජැක්සන් දක්ෂයෙක්. ඔහු ඉතා හොඳ සාධාරණයක් ඉටු කරලා LoR Trilogy එකට..

    ReplyDelete
    Replies
    1. ඇලඩින් කැමතිම ෆිල්ම් එකක් කියල කෙනෙක් මේ හම්බ උනා මයි! මම ඒක බැලුවේ මම හිතන්නේ 93 දී වගේ. එදා ඉඳන් කොච්චර සැරයක් බලල ඇද්ද කියනවා නම් මුළු ෆිල්ම් එකේම දෙබස් කට පාඩම්

      හොබිට් චිත්‍රපටිය ලඟදි පිට උනා නේද? ඒත් මට ඒක බලන්න එච්චර ගෝ එකක් නැහැ. මම ඔය කතා වල ආසම ආර්වෙන් සහ ඇරගොර්න් දෙන්න ඒකෙ නැති නිසා.

      Delete
  2. අහන්බෙන් හම්බවුන හරි අපූරු වෙනස් තාලෙක ලිපියක් නොවැ!
    මෙතන තියන ගොඩක් චිතුපට මාත් ගොඩක් ආසාවෙන් බලපු ඒව.
    The English Patient පොත කියවල තිබ්බට එයින් චිත්‍රපටයක් හදල තියනව කියල දැන ගත්තෙ අද! ඉක්මණින්ම හොයා ගෙන බලන්න ඕනැ!

    ReplyDelete
    Replies
    1. පැසසුමට බොහොම ස්තුතියි!
      English PAtient ෆිල්ම් එක එන දවස් වල මට 18 ක් නැහැ. ඒ ෆිල්ම් එක වැඩිහිටියන්ට සුදුසු එකක් නිසා මට ඒ දවස් වල බලන්න ලැබුනේ නැහැ ඒක. නමුත් මම ඒ දවස් වල කිට්ටුව ගුණසේන පද්‍ය රචනා තරගේ කින් දිනලා සල්ලි හම්බුනා පොත් ගන්න. ඒ දවස් වල හැටියට ලොකු ගානක්. මට හම්බුනු සල්ලිනෙ. ඉතින් මම ගත්තේ මට ඕනි පොත්.
      ඒ ගත්තු එක පොතක් English Patient. ඒකෙ කවරේ තිබුනෙත් චිත්‍රපටියේ දර්ශනයක්. ඉතින් පොත කියවන්න කලින්ම මගේ හිතේ මැවුණු Count Almásy Ralph Fiennes ම තමයි :).
      ඊට ගොඩ කාලෙකට පස්සේ ෆිල්ම් එක බැලුවේ. හැබැයි හරිම පුදුම විදිහට මට පොතටත් වඩා ෆිල්ම් එක දැනුනා! එහෙම වුනු වාර හරිම අඩුයි. සාමාන්‍යෙන් වෙන්නේ අනිත් පැත්තනේ...

      Delete
  3. ඔය චිත්‍රපට අතරින් මම වඩාත්ම කැමති The English Patient ට.
    මා වඩාත්ම ප්‍රිය කරන ආදර කතාවක්. මේ කතාව ලිව්වේ මයිකල් ඔන්ඩච්චි. ඔහු දැනට කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික බර්ගර් සම්භවයක් ඇති කෙනෙක්.

    රසවත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාටත්!
      ඔව් මාත් ආසම කතාවක්. සාමාන්‍යයෙන් අනියම් ප්‍රේම කතා වල ට මම එච්චර ආස නැහැ. ඒත් මේ කතාවේ ලොකු passion එකක් තියෙනවා නේද? මට අමතක නොවෙන වැකියක් තියෙනව ඕකේ : the heart is an organ of fire
      අනිත් එක, ආදර කතාවට අමතරව යටින් යන අනිත් තේමාත් හරිම මානුෂිකයි නේද? විශේෂයෙන්ම යුද්ධය, දේශ සීමා, ප්‍රතික්ෂේප කරලා ලියවුනු පොතක්. අර කොටසක් තියෙන්නේ ලෝක යුද්ධයට සහය පතා එංගලන්තේ පල්ලියක පවත්වන දේව මෙහෙය ගැන. එදා පල්ලියේ ඉඳල ගෙදර යන අයෙක් (I think it was Maddox) සිය දිවි නසා ගන්නවා...

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන