Skip to main content

හිස් ජීවිත

මේ ළඟදී මුණු පොතේ මම හොඳ සටහනක් දුටුවෙමි.
ඒ 'When you have a problem, FACE it - dont FACEBOOK it' යන්නය.
මේ නම් ඇත්තම ඇත්තකි. ගොඩ දෙනා තමන්ගේ හැම මනස්ගාතයක්ම මුණු පොතේ දමති. කොල්ලා තරහ වූ විට විරහ ගීත ෂෙයාර් කරමින් සුජීවගේ නව කතා වල වත් නැති විකාර ස්ටේටස් දමති. 'අනේ ඇයි මම මෙච්චර සංවේදී' , 'මේ ලෝකේ හොඳ මිනිස්සුන්ටමයි දුක වැඩි', 'මට මේ ලෝකෙම එපා වෙලා. අනේ මට කවුරුත් නැහැ', 'මට කවුරුත් එපා. මම තනියම ඉන්නවා' වගේ ස්ටේටස් මුණු පොතේ ඕනෑම මොහොතක කවුරුන් හරි දමා තියෙනවා දක්නට ඇත. මේ ස්ටේටස්, ෆොටෝ එහෙම බැලුවාම නම් පෙනෙන්නේ මේ ලෝකේ මේ අය තරම් අහිංසක අසරණ ගුණ යහපත් අය තවත් නැති බවයි.
Losing touch with reality?
තමන්ගේ පුද්ගලික ප්‍රශ්න ලෝකෙට කීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා මට නම් නොතේරේ. අනිත් අතට, එහෙත් මොවුන්ගේ සත්‍ය තත්වය දන්නා අයට මේ කතන්දර පිටුපස තව බොහෝ දේ ඇති බව රහසක් නොවේ. කුමක් කරදරයක් වූ විට මුණු පොතේ දමා එය බෙදා ගැනීම එකකි. නමුත් දිගින් දිගටම මේ වාගේ බොළඳ දේවල් දැමීම විහිළුවකි. අනිත් විහිළුව නම් ඒවා දකින අනිත් සමහරක් ද 'අනේ ඔයා පව්', 'ඔයා වගේ හොඳ අය මේ ලෝකේ නෑ' වැනි අනං මනම් බහුබූත ලියා අර පුද්ගලයින් තවත් දිරි ගැන්වීමය.

මට නම් හිතෙන්නේ මේ අයගේ ජීවිත වල ලොකු හිස්තැනක් ඇති බවය. ඒ හිස්තැන වසා ගැනීමට අනිත් මිනිස්සුන්ගේ අවධානය ගන්න මොවුන් විවිධ උපක්‍රම භාවිතා කරයි. අනුකම්පාව එක ක්‍රමයකි. ඕනෑම කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිත උණුවන බව පෙන්වීම තම ක්‍රමයකි. කෙසේ නමුත් සමහර විටක සැබෑවටම මොවුන් උදව් කරන්නට ඉදිරිපත් නොවන්නේ ද නොවේ. නමුත් ඒ සෑම විටම 'මම මෙහෙම කළා' කියා සියල්ලන්ටම කියා හොඳ නම ගැනීම නම් අනිවාර්යෙන් සිදුවේ.
කෙසේ හෝ වේවා කුමක් කලත්, කුමක් පැවසුවත්, මොවුන්ගේ අරමුණ අන්‍යන් ගේ අවධානය, ප්‍රශංසාව, ආකර්ෂණය දිනා ගැනීමය. ඒ වෙනුවෙන් විවිධ බොරු මවාපෑම් රැවටිලි කිරීම මොවුන්ට සුළු දෙයකි. 
Is your self image making you lose perspective?


බොරු කීම බොහෝ දෙනා කරන දෙයකි. ට්‍රිප් එකක් යන්නට ඕනා වූ විට සික් ලීව් එකක් දැමීම, යාලුවෙක් 'අනේ මම කළු වෙලාද?' ඇසු විට නැහැ කියා සිත සැනසීම (එසේ වුවත්), නෑදෑ ගෙදරකදී මෙලෝ රහක් නොමැති කෑමක් කන්න බල කරන විට 'අනේ මම මේ කාලා ආවේ යැයි කීම' වැනි  අප එදිනෙදා කියන සමස්තයක් බොරු වලින් යමෙක්ට, පුද්ගල සම්බන්ධතා වලට හානි වන්නේ නැත.

නමුත් මෙවන් හිස් මිනිසුන් කියන බොරු වලින් කෙනෙක්ගේ ප්‍රතිරූපයට බොහෝ හානි ඇති විය හැක. ඔවුන් නිතරම අනිත් පුද්ගලයෙකු සම්බන්ධ කර බොරු කියන්නේ, තමන්ව උසස් කර පෙන්වීමටය. එක්කෝ තමන්ගේ නුවණැති කම, දක්ෂ බව, ආකර්ශනීය බව විය හැක. නමුත් බොහෝ වෙලාවට මොවුන් බොරු කියන්නේ තමන්ගේ නැති හොඳ ගතිගුණයක් පෙන්වීමටය. උදාහරණයක් වශයෙන් තමන්ගේ අහිංසක බව, සාධාරණ බව, ත්‍යාගශීලී බව වැනි.

අනිත් ලක්ෂණය නම් ඔවුන් කියන බොරු ඔවුන්ම විශ්වාස කරන ගතියක්ද තිබීමය. තමන් ගේ ජීවිතයේ අනිත් අයට පැහැදිලිව පෙනෙන යම් යතාර්තයන්ද ඔවුන් බැහැර කරයි.
 
මේ ලියන මමත් මෙවන් අයට රැවටී ඇත. එක වරක් නොවේ කිහිප වරක්. නියම තත්වය පෙනෙන්නේ ටික කලක් ගිය විටය. සමහරක් විට එවිට පමා වීද වැඩිය.

මොවුන් හා ආශ්‍රය කරද්දී මම ඉගෙනගත් පාඩම්:
  • ඔවුන් කියන දේට හොඳින් සවන් දෙන්න. මෙවිට ඔවුන්ගේ කතාවල එකිනෙකට එකක් නොගැලපෙන තැන් පෙනෙන්නට පටන් ගනු ඇත
  • තමන්ගේ යාලුවා කියා එකවර කියන හැම දෙයක්ම විශ්වාස නොකර අපක්ෂපාතීව හිතන්න. ඔවුන් කියන කඳුළු කතාවේ දුෂ්ට චරිතය දී ඇති පුද්ගලයාගේ පැත්තෙන්ද කතාවක් තිබෙන්නට පුළුවන.
  • කිසි විටෙකත් ඔවුන්ගේ කඳුළු කතා වලට සම්බන්ධ 'දුෂ්ටයින්' සම්බන්ධයෙන් කිසිවක් නොකියන්න. ඔවුන්ම ඒවා ඔබ කියූ දේ ලෙස, ඔබේ ගිණුමට බර කර අදාළ පුද්ගලයන්ට පවසන්නට ඉඩ තිබේ.
 මෙවැනි හැසිරීම් පෙන්නුම් කරන සමහරු නම් යම් මානසික පීඩනයක් නිසා එසේ කරන බව මට සිතේ. මන්ද ඔවුන්ගේ මේ ක්‍රියාකලාපයෙන් ඔවුන්ට අත්වන ලොකු වාසියක් නොපෙනෙන නිසාය. එවැනි පුද්ගලයන් නම් මනෝ වෛද්යවරයෙක් වෙතට යොමු කිරීම අපට කල හැකි එකම උදව්වයි...

PS : Photos are mine. Taken at the Melbourne Museum.
.

Comments

  1. සහතික ඇත්ත කතාව අක්කෙ...මට නම් ඔය මූණු පොතේ ඔය මල විකාර දාන එක පෙන්නන්න බෑ......

    ReplyDelete
    Replies
    1. මට මේ සමහර පිස්සු ස්ටේටස් දැක්කම හිනාත් යනවා. මගේ හොස්ටල් එකේ ගෑනු ළමයෙක් එක පාර රිලෙෂශිප් ස්ටේටස් එක 'single' කරා. ඊට පස්සේ ඒක යටින් හෙන කමෙන්ට් තොගයක්. මෙයාත් ඔක්කොම දේවල් එතන ලියල නවකතාව වගේ. එයාගේ කොල්ලත් මුණු පොතේ ඉන්නවා. ඊට පස්සේ අච්චර විකාර ප්‍රසිද්ධියේ කියල, දවස් දෙකකින් දෙන්න ආයේ ප්‍රසිද්ධියේ මල් කඩනවා. ඉතින් ආයෙත් රිලෙෂශිප් ස්ටේටස් එක in a relationship. ඊට පස්සේ ආයිත් කට්ටිය කමෙන්ට් - 'i am so happy' blah blah.

      Delete
  2. කියලා තියෙන්නේ ඇත්ත තමා. මාත් ඒක අනුමත කරනවා. මම නම් මූනු පොතේ මුකුත් දාන්නේ නෑ, එක එක්කෙනාට like දානවා ඇර. :D

    ReplyDelete
    Replies
    1. ඔව්. අපරාදේ Unlike එකක් නොතිබ්බේ කියල මම හැමදාම කල්පනා කරනවා. එහෙම නම් ඔය කට්ටියගේ කඳුළු ස්ටේටස් වලට Unlike දාන්න තිබ්බ

      Delete
  3. නිරෝ, අර label එක නම් භයානකයි. හී හී...(Labels: stupid people)

    ReplyDelete
    Replies
    1. අයියෝ ඉතින් 'stupid' නැද්ද මේ පුද්ගලික දේවල් ප්‍රසිද්ධියේ දිග අරින එක? :D

      Delete
  4. /* තමන්ගේ පුද්ගලික ප්‍රශ්න ලෝකෙට කීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා මට නම් නොතේරේ. */


    මං එකඟ නෑ!

    සමහර අයට හොඳයි කා එක්ක හරි ප්‍රශ්ණය ෂෙයා කරගන්න එක. හිත සැහැල්ලු වෙනවා. අපි මේ බ්ලොග් ලියාල කරන්නෙත් ඒකමනේ. ෆේස්බුකේ නං දකින්නේ යාළුවෝ විතරයි. මේ බ්ලොග් කතා මකනකං මුලු ලෝකෙටම විවෘතයි.

    බලන්න ඔයාගේ යුනිවසිටියේ නැත්ද කියලා කවුන්සලින් සර්විස් එකක් ශිෂ්‍ය ප්‍රශ්ණ ගැන කතාකරන්න.

    ප්‍රශ්ණ තියාගෙන හිතේ දුක් විදින අය තමයි සිය දිවි හානි කර ගන්නේත්.

    අඬන එකත් තරමක් හොඳ විසඳුමක්.

    හැබැයි ගල් හිත් තියෙන එඩිතර අයට මේවා ඕනෑ නෑ.

    ReplyDelete
    Replies
    1. --"කුමක් කරදරයක් වූ විට මුණු පොතේ දමා එය බෙදා ගැනීම එකකි. නමුත් දිගින් දිගටම මේ වාගේ බොළඳ දේවල් දැමීම විහිළුවකි."

      කා එක්කවත් ප්‍රශ්නේ නොකියා ඉන්න කියල නෙවෙයි කිව්වේ. මම අර උඩ ලියල තියෙන කොටස ඔයාට මග ඇරිලානේ.
      මට විහිළුවක් හැටියට පේන්නේ තමන්ගේ හොඳම යාලුවෙක් එක්ක, කවුන්සිලර් කෙනෙක් එක්ක කතා කරලා බේරගන්න ඕන දේවල් මුණු පොතේ ප්‍රසිද්ධියේ දාන එක. ඒකත් එක සැරයක් නෙවෙයි. දිගටම.

      Delete
    2. මග හැරුණේ නෑ. මං හිතාගෙන ඉන්නේ ෆේස් බුක් එකේ ඉන්නේ යාළුවෝ විතරයි කියලා යි.

      ඔන්ලයින් බොරු කාරයෝ ඉන්නවෆා. අන්න වින්චැට් කිරිල්ලී කියන බ්ලොග් එකේ දිග කතාවක් ගියා.

      ඔයා කියලා තියෙන මේ දේට මං එකඟයි.

      "මට නම් හිතෙන්නේ මේ අයගේ ජීවිත වල ලොකු හිස්තැනක් ඇති බවය. ඒ හිස්තැන වසා ගැනීමට අනිත් මිනිස්සුන්ගේ අවධානය ගන්න මොවුන් විවිධ උපක්‍රම භාවිතා කරයි."

      එහෙම තමයි සමහරු භාවනා කරනවා. සමහරු නිදාගන්නවා. සමහරු ෆේස් බුක් යනවා.

      Delete
    3. ෆේස්බුක් එකේ ඉන්නේ යාලුවෝ විතරක් නෙවෙයි - මම ඇතුළු ගොඩක් දෙනෙක්ට. ඔයාගේ එහෙම නෙවෙයි වෙන්න ඇති. :)
      මගේ ෆේස්බුක් එකේ 'යාලුවෝ' 400 විතර ඉන්නවා. එයාලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යාලුවෝ නෙවෙයි 'අඳුනන අය'. මගේ පුද්ගලික ප්‍රශ්න ඔය 400 දෙනා එක්කම කියන එකේ තේරුමක් මට නම් පේන්නේ නැහැ. නිකම් එක දවසක් හායි බායි කිව්වා පලියට බරපතල ප්‍රශ්න කියන්න පුළුවන් යාළුකම් ඇතිවෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න කියන්න මුණු පොත් ඕනෙත් නැහැ. එහෙම ප්‍රශ්න කියන්න නම් ඕනේ වෙලාවක 'යාලුවෙක්' ට කෝල් කරන්න පුළුවනි.

      Delete
    4. //එහෙම තමයි සමහරු භාවනා කරනවා. සමහරු නිදාගන්නවා. සමහරු ෆේස් බුක් යනවා

      හිස්තැන් වහගන්න ඔය මොන මොනවා කරත් කමක් නැහැ. අහක ඉන්න අනිත් මිනිස්සුන්ව ඒ හිස්තැන් වලට බලෙන් ඇදල දාගෙන අපේ ඔලුවත් නරක කරන එක නම් වැරදියි!

      Delete
  5. මවාගත් ලෝකයක් තුල ජීවත්වෙන එක සමහරු කරන දෙයක්...
    ඒක ඇවිල්ල වැරදියි කියන්න බෑ...
    ඉංදියාවෙ පැල්පත්වල මිනිස්සු තමයි වැඩිපුර සිනමාපට නරඹන්ෙන...ඒ වගේ මනුපොත කියන්නෙ රියලිටි දේවල් පෙන්නන මුහුනතක් නෙමෙයි..
    ඒක ඇවිල්ල මායාකාරී ලෝකයක්...
    ප්‍රශ්ණ ජනසතු කිරීම විසඳීමට වඩා ලේසියි...එතකොට ජනතාව ඒක විසඳගනී...
    මේක ආසියානු සිස්ටම් එකට අයිති දෙයක්..
    මට ගෑනියෙක් හොයන්නෙ අපේ අම්ම අයියා..පියා හෝ යාලුවෝ...
    එතකොට මගේ කසාද අවැසිතාවය එයාල විසඳල දෙනවා..එතනදි අපි කලබල නොවී හිටියොත් අපිට වාසියි...
    කලබල වෙලා කෑ ගහන්න ගියොත් අපිට පාඩුයි..
    අනේ මට පාලුයි කිව්හම ඒකට විසඳුම් ලැබෙනවා..මට තනියි කිව්වත් එහෙමයි...පේස්බුක් හරහා ලංකාව වගේ රටවල තමන්ගෙ ප්‍රශ්ණ සෙයා කරගන්න එක ලස්සන වැඩක්..

    ReplyDelete
    Replies
    1. මේ කට්ටියගේ ප්‍රශ්න කොච්චර ජනසතු කරත් විසදන්න බැහැ.
      මොකද මෙයාල ප්‍රශ්නයක් විසඳගන්න ක්‍රම හොයන අයවත්, පාඩම් ඉගෙන ගන්න අයවත්, අඩු ගානේ ප්‍රශ්නේ සැබෑ විස්තරේ හෙළි කරන අයවත් නෙවෙයි.
      ඒවා විසඳන්න යන අපිට අන්තිමට මොලේ කචල් වෙනවා. නැත්නම් අපි නරක මිනිස්සු වෙනවා.

      Delete
  6. ඇයි බ්ලොග් පොස්ට් දාන එක
    හැබැයි එක හොඳක් තියෙනවා එහෙම දැම්මාම අපිට පුළුවන් දාපු කෙනයි දාන්න හේතු උන කෙනයි දෙන්නම මොන වගේද කියලා දැනගන්න

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න යන ඒකත් භයානකයි.
      මම ඔහොම කඳුළු කතා අහන ඉඳල එහෙම එක එක්කෙනා කොහොමද කියල හිතන්න ගිහින් හොඳ පාඩම් ඉගෙන ගෙන තියෙන්නේ.

      Delete
  7. // 'අනේ ඔයා පව්', 'ඔයා වගේ හොඳ අය මේ ලෝකේ නෑ' වැනි අනං මනම් බහුබූත ලියා අර පුද්ගලයින් තවත් දිරි ගැන්වීමය.//

    සහතික ඇත්ත.. අන්න ඒ මෝඩ රුලට ගහලා පැන්නුවානම් අපිට හදිස්සියකට හරි FB එකට යන්න පුළුවන් වෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා. මල සමයන් නේ වැඩිපුර දාන්නේ. සමහර අයගේ වෝල් අර රන් දෙපැය වගේ.:D :D

      Delete
  8. ඔතන මෙහෙම කොට්ඨාශයකුත් ඉන්නව නේ යාලුවෝ සහ නෑදෑයින් පමනක් ෆේස් බූක් එකේ ඉන්න අය එතනදි ඔවුන් එහෙම දෙයක් කරන එකේ වරදක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් හැබැයි එහෙම ලොකු ප්‍රශ්න කියන්න පුළුවන් ෆිට් කට්ටියම විතරක් නම් ඉන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ 25 ක් වත් ඉන්නවද දන්නේ නැහැ. ආයේ මොකටද FB. ඔය ෆෝන් තියෙන්නේ :P

      Delete
  9. අනේමන්ද ඉතින් මම නම් කොහොමත් අඳුරන අයගේ රෙක්වෙස්ට් විතරය් දැන් දැන් කන්ෆර්ම් කරන්නේ
    වැඩිය දන්නේ නැති අය සේප් එකේ රිමුව් කරලා දානවා ;)
    ඇත්ත අක්කේ බොරුව තමය් හුගක් අය ළඟ තියෙන්නේ ඒ උනාට, හිතේ දුකට, කියන්න වෙන කෙනෙක් නැතුවට කියන අයත් ඇති, මේක ඔයාගේ බ්ලොග් එකේ දාන මගේ පළමු කමෙන්ටුව

    ReplyDelete
    Replies
    1. මගේ මුණු පොතෙත් අඳුනන අය විතරයි ඉන්නේ. 10 දෙනෙක් විතර ඉන්නවා යම් ක්‍රමේකින් අඳුනන, ඒත් කතා බහ කරලා නැති අයත්...

      ඔව් එහෙම හිත පීඩනයෙන් ඉන්න අය තමයි මල්ලි...ඒක ඇත්ත. මේ සමහර අය නම් එක්තරා අන්තයකට අය. එයාලට නම් ප්‍රශ්න කියන්න කට්ටිය නැහැ කියන්න බැහැ. මොකද මම පුද්ගලිකව පැය ගණන් එහෙම යාලුවෝ එක්ක කතා කරලා තියෙන නිසා. නමුත් එහෙම කියල එයාලගේ වෙනසක් නැහැ. ඊළඟ දවසේ ආයෙත් හිටපු තැන. ඒකයි හොඳම දේ පුහුණු කවුන්සිලර් කෙනෙක් හෝ වෛද්‍යවරයෙක් වෙතට යොමු කරවන්න කියල අන්තිමට කියල තියෙන්නේ

      Delete
  10. මටත් ඔය එක දිගට ස්ටේටස් මාරුවෙන ඒව දැකල මල පැනල තියෙනව.. කීප දෙනෙක්ව අයින් කරලත් තියෙනව විකාර බලන් ඉන්න බැරුව... පස්සෙ ඔහොම සැරින් සැරේ ස්ටේටස් දාන එක මමත් පටන්ගත්තා මොකක්ද ඒකෙ තියෙන ගතිය කියල බලන්න... (පුද්ගලික ප්‍රශ්න නම් දාල නෑ මොකක් ප්‍රශ්නයක් විහිළුවකට ගත්තොත් මිසක්) මම කියන්නෙ සතියක් විතර නිකමට කරල බලන්න... මට තේරෙන විදිහට ස්ටේටස් මාරුවීම කියන එකත් එක සබ්ජෙක්ට් එකක්... 
    *** මම කිව්වෙ ඔයා උදාහරණ දීල තියෙන වගේ ස්ටේටස් ගැන නෙමෙයි ඕන්.. :)

    ඊළඟට, අනිත් අයගෙ අවධානය ගන්න දේවල් කරන එක... මම නම් හිතන්නෙ අපි හැමෝම ඔය දේ කරනව යම් යම් ප්‍රමාණ වලින්... කවුරු හරි සීමාව පනිනව නම් ඒකෙන් අපිට ඒ කෙනාව කියවගන්න ලේසි වෙනව... ඔක්කොම හංගගෙන හැංගි හොරා ඉන්න අයට වඩා මෙහෙම අය හොඳයි මම හිතන්නෙ... වදේ වගේ නම් ආස්සරේ අතඇරල දාන එකයි තියෙන්නෙ...

    අන්තිමට තියෙන බොරු කියන උදවිය ගැන කියල තියෙන එකට නම් 100%ක් එකඟයි... ඕක ගොඩක් වෙන්නෙ මල් කඩද්දි වෙන්න ඇති... මම මූණු පොතේ මල් කඩන්නෙ නැති හින්ද ඒ ගැන දන්නෙ නෑ... :)

    ReplyDelete
    Replies
    1. ස්ටේටස් නම් මම ත් මාරු කරනවා . හැබැයි හැමදාම නම් නෙවෙයි. අර අනේ පනේ ඒවත් දාන්නේ නැහැ. ඔන්න මම අර pottermore එකේ hufflepuff කියන මෙලෝ රහක් නැති හවුස් එකට වැටුන දවසේ නම් දැම්ම "අනේ මම හෆල්පෆ් :(" කියල :D :D

      ඔව් එක්තරා දුරකට හැමෝම එහෙම යම් යම් දේ කරනවා. නමුත් මේ අය ගේ ජීවිතවල ප්‍රධාන අරමුණ ඒක.
      නැහැ එයාලව අඳුන ගන්න ලේසි නැහැ. මොකද එයා ගොඩක් දේවල් මවල පෙන්වනවා. නිතරම එයාගේ යම් හොඳ ලක්ෂණ මතුවෙන දේවල් කියනවා. ඒක කරන්නේ indirect ව. අහගෙන ඉන්න කෙනාගේ මනසට සියුම් විදියට ඇතුල් වෙන්නේ. ඒක එයාලට හරි ලස්සනට කරන්න පුළුවනි. හැමෝන්ටම කරන්න පුළුවන් දෙයක් නොවේ ඒක. කාලයක් ගත වෙනකොට තමයි නියම ගති පේන්න ගන්නේ.

      අපොයි මල් කඩන එකක් නෙවෙයි ඔය!. ඔය හැසිරීම් තිබුණු මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ගෙන් ඉගෙන ගත්තු පාඩම් ඔය තියෙන්නේ. එයාල නිකම් මුණු පොතේ යාලුවෝ විතරක් නෙවෙයි. මම ලඟින්ම ආශ්‍රය කරන අය. ඒ කියන්නේ ගෙවල් වල ගිහින්, එක බත් එක කාල, මරණෙට මගුලට දානෙට හැම දේටම යන ෆිට් එකක් තියෙන අය.

      Delete
    2. pottermore is another way of wasting time

      Delete
    3. @කවුළුව
      True that! and its not even an interesting way of doing it

      Delete
  11. ඔය සමහර කොල්ලොත් ඉන්නව හැම තිස්සෙම ගෑනි මලා වගේ ස්ටේටස් දාන. තව සමහරු තමන්ගෙ පෙම්වතියට, බිරිඳට නිදන කාමරේ කියන්න ඕන දේවල් දාන්නෙ ස්ටේටස් එකේ. :D

    අයි දෙය්යනේ ඕක කෙලින්ම එයට කිව්ව නං ඉවරනෙ :D :D

    ReplyDelete
    Replies
    1. ඒවා නම් කියල වැඩක් නැහැ. ඔය සමහරු බැඳලා හනිමුන් ෆොටෝස් හිටන් දාන්නේ මුණු පොතේ. ඕනේ ඒවායි එපා ඒවා යි හැම එකක්ම...:D :D

      එක පාරක් මම දන්න එක්කෙනෙක් එයාගේ හෙන් පාටි එකේ ඔහොම ෆොටෝ දාන්න ගිහින්, රිස්ට්‍රික්ට් කරන්න අමතක වෙලා ඒ ෆොටෝ හැමෝන්ටම පෙනිලා ලොකු කේස් එකක් උනා

      Delete
  12. තම තමන්ගේ කැමැත්තනේ නිරෝෂිනී . ඔන්න ඔහේ අහක බලන් ඉන්න . මන් නම් සුද්ධ බුද්ද කරලා 100 ට බැස්සුවා . ලඟදි ආයේ 120 වුනා . අහක දාන්නම බැරි අය . ඒ නිසා විකාර ස්ටේටස් නම් අඩුයි .

    ReplyDelete
    Replies
    1. ඔව් තම තමන් ගේ ආසාවනේ බින්දී. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. මම කියන්න උත්සහ කලේ එහෙම දාන අයට රැවටෙන්න එපා කියල

      Delete

Post a Comment