Skip to main content

What do girls want?

අසූවේ දශකයේ ඉපදුනා නම්, ගොඩක් අයට මෙන්න මේ සින්දුව හොඳට අහල පුරුදු එකක් වේවි.

I come home in the morning light
My mother says when you gonna live your life right
Oh mother dear we're not the fortunate ones
And girls they want to have fun
Oh girls just want to have fun
The phone rings in the middle of the night
My father yells what you gonna do with your life
Oh daddy dear you know you're still number one
But girls they want to have fun
Oh girls just want to have
That's all they really want
Some fun
When the working day is done
Girls - they want to have fun
Oh girls just want to have fun
Some boys take a beautiful girl
And hide her away from the rest of the world
I want to be the one to walk in the sun
Oh girls they want to have fun
Oh girls just want to have
That's all they really want
Some fun
When the working day is done
Girls - they want to have fun
Oh girls just want to have fun,
They want to have fun,
They want to have fun...
 ගායනා කරන්නේ ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය වුනු සින්ඩි ලෝපර්. මේ තියෙන්නේ ඔරිජිනල් සින්දුව.

 සින්දුව වගේම වීඩියෝ එකත් සෑහෙන ජනප්‍රියයි. අසූවේ දශකයට ආවේනික වර්ණවත් ඇඳුම්, ලොකු කොණ්ඩා මෝස්‌තර, gaudy makeup එහෙම මේ වීඩියෝ එක හොඳට බලාගන්න පුළුවන් :D.

 මේ සින්දුව ගොඩක් ජනප්‍රිය නිසාම, පස්සේ කාලවලදීත් කීප දෙනෙක් මේක ගායනා කළා. එහෙම ගායනා කල අය අතර මයිලි සයිරස්, කේටි පෙරී සහ නිකි මිනාජ් එහෙම ඉන්නවා. මේ පහල තියෙන්නේ ග්ලී වර්ෂන් එක.



 එකම පද උනත් මේ වර්ෂන් එක හෙමින් යන්නේ. ඒ වගේම මුල් එක ගායිකාවක් කිව්වත්, මේක කියන්නේ ගායකයෙක්. ඔරිජිනල් එකේ කියවෙන්නේ ටිකක් මුරණ්ඩු දඟකාර ගැණු ළමයෙක් ගැන උනත්, මේ වර්ෂන් එක අහද්දී නම් දුක හිතෙනවා. හරිම පරස්පර විරෝධී තේරුම් දෙකක්. සංගීතයෙන් කරන්න පුළුවන් වෙනස බලන්න...


මේ සින්දුව යි මායි අතරත් පොඩි සම්බන්ධයක් තියෙනවා. හරියටම කිව්වොත් මෙන්න මේ වීඩියෝ එකේ තියෙන සීන් එක  වගේ එකක්  :
මේ පෝස්ට් එක ලියන්න හේතු උනෙත් ඔය චුටි බබා ගේ වීඩියෝ එක අහම්බෙන් දැකීම තමයි. මොකද අපේ තාත්ත කියනවා මාත් චුටි කාලේ හරියට ඇවිදගන්නත් බැරි උනත් රේඩියෝ එකේ සින්ඩි ඔය සින්දුව කියද්දී හෝ ගාල නටන්න ගන්නවා කියල :D :D

ඒ හේතුව නිසාද මන්දා මට මේ සින්දුව අහද්දී එන්නේ ළමා ගීතයක් අහද්දී එන හැඟීම ක්. සින්දුවේ මූඩ් එකත් හරිම විනෝදජනක දඟකාර ස්වභාවයක් ගන්නවනේ... :)

පොඩි ම කාලේදී එහෙම ආස උනාට, ඊට පස්සේ අවුරුදු පහළොව දාසය ලබද්දී නම් මේ සින්දුවේ මතකයක් වත් තිබුනේ නැති තරම්. මට මතක හැටියට MTv ලංකාවේ පෙන්නන්න ගත්තේ මට අවුරුදු දාහතරේදී වගේ. රටේ නැති බෝයි බෑන්ඩ්ස්, ස්පයිස් ගර්ල්ස්, රිකී මාටින් ගේ සින්දු මේ ලෝක සිහියක් නැතුව ඇහැව්වා මිසක්, ඒ කාලේදී මේ ජාතියේ සින්දුවක් දැක්කත් "ඊයා මොන ජරාවක්ද" කියන තත්වයක් තිබ්බේ. (හැමදාම ඉස්කෝලේ බුදුන් වඳින කොට රිකී මාටින් ට හඳුන්කුරක් පත්තු කරපු යාලුවෙකුත් හිටිය ඒ දවස්වල. රිකී අනිත් ටීම් එකට ප්ලේ කරන එක්කෙනෙක් කියල අපි දන්නේ නෑනේ ඒ දවස්වල :D).

දැන් ඉතින් ආයෙමත් මම මේ සින්දුව රස විඳිනවා. සින්දුවත් එක්ක තාත්තගේ උණුසුමත් දැනෙනවා කිව්වොත් ටිකක් විකාරයි වගේ ද මන්ද. මොකද සින්දුවේ එහෙම තේරුමක් නැහැනේ.
තාත්ත ඒ දවස් වල රෑ වෙලා වැඩ ඇරිලා ඇවිත්, බත් කාල, ඇඳේ බෙඩ් සයිඩ් ලෑම්ප් එකේ එළියෙන් පත්තරේ හරි නව කතාවක් හරි කියවනවා. මාත් ඇඳේ පැත්තක තියාගෙන. ඇඳ විට්ටමේ පුංචි රේඩියෝ එකත් දාල...

PS : දැන් නම් අර බෝයි බෑන්ඩ් වල සින්දු ගොඩක මට මෙලෝ රහක් නැහැ.

Comments

  1. Replies
    1. Yeah...Should write a separate post on the 90's boy band craze *shudders :D

      Delete
  2. අද සින්දු අහන දවස වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අද දවසම සින්ඩි :D
      ඔබා මාමටත් ඇති නේ දුවල දෙන්නගේ මේ වගේ මතක :)

      Delete
  3. මේක අහල නෑනෙ. මම අසූව දශකෙ නෙවෙයි ද මන්ද :D

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ ඔයා ඒ ලෙවෙල් කරේ අසුවේ දශකයේ කියලනේ. එහෙම නෙවෙයිද :P

      Delete
  4. අහල නම් නෑ කලින්!
    අපි ඉතින් 90 දශකයේ කොල්ලොනේ!;)

    ReplyDelete
  5. //What do girls want?//

    boys???? :D:D:D

    ReplyDelete
    Replies
    1. කනක් ඇහිලා ඉන්න පුළුවන් නිදහසක්.

      Delete
  6. සින්දුවෙත් හැබැයි පොඩි ගතියාක් තියෙනවා.අදමයි ඒ සිංදුව ඇහුවේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන