Skip to main content

ඔසී ඔසී අන්නසී! (හම්මේ යන්තම් දිනා ගත්ත)

ඊයේ මම එම් සී ජී ගිය දෙවෙනි දවස ය. පලවෙනි දවස ගැන මෙතන ලියා ඇත. දවස් දෙකම ලංකාවේ ටීම් එක දිනුව නිසා අපිට දවස් දෙකම අමතක නොවන අත්දැකීම්ය ! (අපි ඉතින් කියන්නේ අපි ගිය නිසා දිනුව කියලාය.)
එම් සී ජී කෝච්චියේ යනවා නම් බහින්න ඕනේ 'ජොලිමොන්ට්' කියන නවතුමෙනි. ලංකාව ගහන මැච් එකක් ඇති දවසට ජොලිමොන්ට් යන කෝච්චිය සම්පුර්නෙන්ම වාගේ නිල කහ වර්ණයෙන් දිස්වේ. මෙහෙ කාලගුණ දෙපාර්තුමෙන්තුවත් ලංකාවේ වගේද කියා සිතෙන විදිහට ඊයේ කාලගුනේ සීතල වෙනවා කියල තිබ්බ ත් සිදුවුනේ එකේ අනික් පැත්තය. සීතල වෙයි කියා අපි ජැකට් අනං මනම් ඔක්කොමත් පෙරවාගෙන, සන් ස්ක්‍රීන් කැප් කිසිවක් නැතුව ගිය නමුත් එතන ගිනි අවුවය.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි මේ සිටින්නේ මෙල්බන් ද නැතහොත් කොළඹද යයි සිතෙන තරමට ලංකාවේ කට්ටියගෙන් එම් සී ජී පිරී ගොස්ය. සිංහ කොඩි සියයකට එක ඔසී කොඩියක් වාගේ පෙනෙන්නට තිබුණි (අයියෝ පව්). ඔය අස්සේ අල්ලපු රටේ කොඩිද තිබුණු අතර ඒවා වනුනේ ඔසී පිලට වාසි අවස්තාවන් වලදී පමණය. නමුත් මැච් එක ලංකාවේ පැත්තට එන්න පටන් ගත් විට අල්ලපු රටේ අයියලා වාෂ්ප වී තිබුනේ අතිශය පුදුම විදිහටය (සමහර විට මලයාලි මන්තර බලයකින් වෙන්න ඇති).
මැච් එක මැදදී...කන්න වෙයි කියල බයේ හිටියේ

මෙහිදී ඔසී ජනතාව ලාංකීය ජනතාවගේ කටේ බලයට යටවී දුක්ඛිත තත්වයක සිටි බව කිව යුතුය. යන්තම් කිහිප වරක් ඔවුන්ගේ සාම්ප්‍රදායික 'ඔසී ඔසී ඔසී - ඔයි ඔයි ඔයි' චියර් එක පටන් ගත්තද, ලාංකීය ජනතාවද එයට එක්වී (ඔවුන්ට සහය දීමේ කාරුණික චේතනාවෙන්), 'ඔසී' යන්නෙහි 'ඔ' යන්න 'පු' යන්නෙන් රීප්ලේස් කිරීම නිසා එයද ලත් තැනම ලොප් විය. එයින් පසුද 'ඔසී ඔසී' ගාන්නට පටන් ගත් හැම විටම ලාංකීය ජනතාව (නොදැනුවත් කම නිසා) මහා සද්දෙන් 'අන්නසී' යනුවෙන් එය අගට එකතු කිරීම නිසා එම අසරණ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ට වැලේ වැල් නැති විය.

අපේ චියරින් ස්කොඩ් එක!


කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් චියර් කිරීම් සාමකාමීව සිදුකෙරුනද, මොලේ නැති දෙතුන් දෙනෙකුද ආරක්ෂක අංශ වෙතින් එලියට යවනු දුටුවෙමු. ලංකාවේ අයියල මෙන්ම සුදු අයියලාද මේ අතර විය. සල්ලි ගෙවා මැච් බැලීමට පැමිණ 'ඇන්ටි සෝෂල්' හැසිරීම නිසා තව දඩත් කන්න වීම මොන මැටි වැඩක්ද කියා මට නම් සිතුනි.

මැච් එක පටන් ගන්න විට මාලිංග පිලිබඳ අපේ කට්ටිය කල ගුණ කතන ඔහුට ඇසුනා නම් ඔහුට මරණ භය ඇතිවනු නියතය. අන්තිමේ ඔහු විකට් 4 ගෙන තත්වය යන්තම් සමනය කර ගත්තේය.

එක අවස්තාවකදී අප සිටි අන්තයට තිසර පෙරේරා ෆීල්ඩ් කිරීමට පැමිණි නිසා ලාංකීය ජනතාව මහත් සේ කලබලයට පත් වුහ. බොහෝ වෙලා ඔහුගේ නම එක දිගට කෑ ගැසූ පසු ඒ කන්කරච්චලෙන් බේරීමට ඔහු පිරිසට අත වැනීම විශේෂ සිද්ධියක් විය.

මැච් එක අවසානයේදී ඇන්ජලෝ ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ සිට මොනවාදෝ බෙදා දෙනු දුටු සියලු දෙනා මොනවා හරි කමක් නෑ කියා ඒ දෙසට දිව ගියහ. පසුව දැනගත් පරිදි ඔවුන් දී ඇත්තේ කහ පාට රබර් බෝල ය. මෙහිදී එසේ ලබාගත් රබර් බෝලයක් ඇන්ජි අතින් අත්සන් කර ගැනීමට සමත් උණු එක්තරා තරුණියක්, ඒ සතුටට උපන් ගෙයි පිස්සුව තවත් දෙගුණ තෙගුණ වූවාක් මෙන් හඬමින් සිනාසෙමින් දිව යනවා දක්නට ලැබුණි.


මැච් එක ඉවර වෙලා පපර බෑන්ඩ් එකත් එක්ක එළියේ ටික වෙලාවක්...


අවසානයට කියන්න ඇත්තේ මෙල්බන් ජනතාව යන්තම් ඔන්න කටේ බලෙන් මැච් එක ගොඩ දමා දුන් බව ය. දැන් ඊළඟ එක ඇත්තේ බ්‍රිස්බේන් ජනතාව අතේ ය :D :D :D


ප ලි : පින්තුර වල අයිතිය මිතුරු දුලීප ගේ. Yes I am kicking myself for forgetting to take my camera :(

Comments

  1. බ්‍රිස්බේන් ජනතාවට විතරක් මේක කරන්න බෑ! ඔයාලත් බ්‍රිස්බේන් යන්න :D

    ReplyDelete
    Replies
    1. එහෙම හරි නෑනේ. එයාලටත් චාන්ස් එකක් දෙන්න එපාය කලර්ස් පෙන්නන්න

      Delete
  2. මම නම් හිතුවෙම කෑව තමයි කියල...

    ReplyDelete
    Replies
    1. ඔවු 238 ගැහුවාම අපිත් බයේ හිටියේ.

      Delete
  3. අපි දැක්ක නිරෝෂිණී අක්ක ඉන්නව අර අතනනෙ හිටියෙ....අනේ බුදු අක්කෙ බ්‍රිස්බේන් ඇඩිලේඩ් යන්න මොකො අක්ක බලන්න ගියපු මැච් 2ම දිනුවනෙ.

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඔව් මම තමා. එතන තමා හිටියේ. අඳුන ගත්ත නේද? :D

      Delete
  4. malinga will u marry me කියල බෝඩ් ලෑල්ලක් උස්සන් හිටියේ නිරෝෂනි අක්ක වෙන්ටැති!:D

    ReplyDelete
    Replies
    1. 29 පහුවෙලා තිබුන හන්දා දණ ගහන්ට විදියකුත් තිබුනේ නැතිලු...:D:D:D

      Delete
    2. @නුවන් & praveena
      හපොයි අපි හිටිය තැන මම ඔහොම එකක් උස්සගෙන හිටිය නම් ලංකාවේ කට්ටියගෙන් ඉස්සෙල්ලම ගුටි කන්නේ මම. මොකද අර ඉන්දියන් මැච් එකේ බෝල් කරපු හැටියට එච්චරට සපෝට් එකක් මාලිංගට එතන තිබ්බේ. :D

      Delete
  5. අනේ හිටියා නම් අනිවාර්යයෙන් යනවනේ...:(

    තත්වේ දැනගත්තේ, ඔහේ ඉන්නා අයට එස්.එම්.එස්. යැවීමෙනි. අපි පන්සල් නරඹද්දී, ආවේ තත්වය නම් හොඳ නැති බවට ආරන්චි ගොඩකි. වහාම ගිය, ගිය පන්සලේ හඳුන් කූරු පත්තු කලෙමි.:)

    ලංකාවේ පිල ගොඩ ගියේ ඒ බලයෙන් බව නිසැකවම පවසමි...:)))

    ReplyDelete
    Replies
    1. අනේ එහෙනම් අදත් හඳුන්කුරු ටොන් විසි පහක් විතර පත්තු කරන්න හොඳේ !

      Delete
  6. ඔයත් ගියාද? අපි ගේට් වන් පහල හිටියෙ.....
    හපෝ යන්තම් දිනා ගත්ත.කෑගහපු කෑගැහිල්ලට තම කතා කරගන්න බෑ

    ReplyDelete
    Replies
    1. අපි හිටියේ gate 5.
      ආ මම දැක්ක ඔයාව. අර Kiss Cam එකේ ඔයාව වැටුන නේද :P

      Delete
  7. /* මෙහිදී එසේ ලබාගත් රබර් බෝලයක් ඇන්ජි අතින් අත්සන් කර ගැනීමට සමත් උණු එක්තරා තරුණියක්, ඒ සතුටට උපන් ගෙයි පිස්සුව තවත් දෙගුණ තෙගුණ වූවාක් මෙන් හඬමින් සිනාසෙමින් දිව යනවා දක්නට ලැබුණි.
    */

    ඒ තරුණීය ටිකක් ඔයා වගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අයියෝ මොන පිස්සුද!!
      (අඩු ගානේ ඇන්ජිගෙන් ඔටෝග්රාෆ් එකක් හම්බුනාවත් නම් මෙහෙම කින්ඩි කතා ඇහුවත් කමක් නෑ :( )

      Delete
  8. ඊයේ මැච් එක පැරදුනාට හිතට දුක නෑ, නියම ෆයිට් එකක් දුන්නනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත. පර්ත් පැත්තේ මැච් ගහන්නේ නැද්ද ඔබා මාමේ?

      Delete
  9. මුලින්ම කෑවෙ මෙහෙං තමා කට්ටිය...හෙහ්...හෙහ්...කාටද ආඩම්බර ?

    ReplyDelete
    Replies
    1. ඔබා මාමට මිසක් වෙන කාටද :D

      Delete
  10. අක්කේ මේ හරියන්නේ නෑ..දැන් හෙට යන්න ඇඩ්ලේඩ් වලට මෙහේ වගේ නෙවයි නේ..ටාර් ගාලා යන්න පුළුවන් නේ.. ;)

    ReplyDelete
    Replies
    1. අයියෝ දැක්ක නේ වෙච්ච දේ. ඇඩිලේඩ් ජනතාවගේ වැරැද්ද තමා ඉතින්. (හැබැයි එහෙමමත් නෙවෙයිලු. අර කව්ද එක්කෙනෙක් ආව නිසා අපි කවුරු ගියත් ඕක පරදිනවා කියල කව්ද කිව්වා. ඔන්න මම නෙවෙයි)

      Delete
  11. අපට ඉතිං ෆන් එකේ මැච් බලන්න වෙන්නෙ t20 world cup ආවම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි දිනා ගත්තොත් හොඳයි නේද. ඕක ත් ඉන්දියාවට ගියොත් අපිට මෙහෙ වෙනම වලක් හාරගන්න වෙනවා.

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන