Skip to main content

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 1

ටැස්මේනියාව කියන්නේ ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක්. ඔස්ට්‍රේලියාවට යටින් අර චුටි දුපතක් තියෙන්නේ. අන්න ඒක. දල වශයෙන් අපේ ලංකාවේ සයිස් එකමයි. මම යාලුවෝ කට්ටියක් එක්ක ටැසී ගියේ දැනට අවුරුද්දකට කලින්. හොඳටම එන්ජෝය් කරපු ට්‍රිප් එකක් කියන්න පුළුවන්.

ඇත්තටම ටැසී කියන්නේ හරිම ලස්සන පලාතක්. ස්වභාවික සෞන්දර්යය ට කැමති අයට යන්න හොඳම තැනක්. ඒ ක නිකන් ගමක් වගේ නිසා මිනිස්සුත් හරිම ප්‍රසන්න යි.


මෙල්බන් වලට වඩා ටිකක් සීතල වැඩියි. ඒක නිසා යන්න හොඳම කාලේ සමර් ඒක. ඒ කිව්වේ දෙසැම්බර් - ජනවාරි.
මේ පහතින් තියෙන්නේ ටැස්මේනියා මැප් එකත් එක්ක අපි ගිය තැන්. රෑ හිටිය තැන් තමයි නම්බර්ස් දාල තියෙන්නේ.


Image from Google Maps

මෙල්බන් ඉඳන් ටැසී යන්න ක්‍රම දෙකක් තියෙනවා.

  1. ෆෙරි එකෙන් (මුහුදෙන්)
  2. ප්ලේන් එකෙන්.
ෆෙරි එක ගණන් වැඩි නිසා අපි නම් ගියේ ප්ලේන් එකෙන්. අපි ගොඩ බැහැල එයා පෝර්ට් එකෙන්ම කාර් එකක් හයර් කරන් එහෙම්මම නැගෙනහිර පැත්තට ගියා. (1) දාල තියෙන්නේ - බිචිනෝ කියන හරියේ තමයි එදා රෑ. ඊළඟ දවසේ ඒ පැත්තේ ඇවිදලා උතුරු පැත්තට ගියා. රෑ දෙකක් හිටිය ලෝන්සෙස්ටන් වල. ඊට පස්සේ බටහිර පැත්තෙන් ක්රෙඩ්ල් මවුන්ටන් වලත් ඇවිදලා ආයෙත් හෝබාර්ට් වලට. රෑ දෙකක් හෝබාර්ට් වල. කොහොම හරි වටේම කවර කරලා 6 වෙනි දවසේ මෙල්බන් බලා පිටත් උනා. :D

පලවෙනි දවස:
හෝබාර්ට් ගොඩ බැහැපු දවස. මෙදා නම් කරපු දෙයක් නැහැ. මොකද අපේ ෆ්ලයිට් පැය ගානක් පරක්කු වෙලා අපි ටැසී යද්දී පරක්කුයි. ඉතින් ප්ලෑන් ඔක්කොම හබක්. කොහොම හරි බිචිනෝ වලට යා ගත්තා. ඒ පැත්ත - නැගෙනහිර පැත්ත ලස්සන වෙරළ තීර වලට ප්‍රසිද්ධයි.

දෙවෙනි දවස:
උදෙන්ම නැගිටලා පටන් ගත්ත නැගෙනහිර වෙරළ සංචාරේ. ඒ පැත්තේ ලස්සනම තැනක් තමයි වයින් ග්ලාස් බේ.
  •  සුද්දන් මවිත කල නෑම(!)
මුහුදු වෙරලේ කවුරුත් පේන්නත් නැහැ ගොඩ වෙලාවට. ලෝකේ ලස්සනම මුහුදු වෙරළවල් තියෙන රටක කෙනෙක් හැටියට උනත්, මට මේ හරියේ මුහුද ත් ගොඩක් ලස්සනට දැක්ක. විශේෂයෙන් අර කඳුත් එක්ක තියෙන නිසා අපේ රටේ වෙරලවලට වඩා වෙනස්. අමුතුයි. ලංකාවේ වෙරළ තැනිතලා නේ...ඇන්ටාර්ක්ටික් සාගරයේ රැල්ලත් හරීම සීතලයි...හැබැයි ඔය සීතල වතුරෙත් අපි නෑව! අපි නානවා දැකපු ටස්මෙනියාවේ හැදුනු සුද්දෙකුත් පුදුම වෙලා අහනවා 'isn't it warm in Sri Lanka?' කියල:D

වයින් ග්ලාස් බේ හරියේ ගත්තු ෆොටෝ එකක්

  •  අතරමන් වීම
 මට මුලින් මෙල්බන් ආපු දවස් වල, හරි පුදුමයි පාරේ තොටේ මිනිස්සු අඩු යි කියල. ඇයි ඉතින් ලංකාවේ දැකල පුරුදු පාරට බැස්සොත් ගොඩක් මිනිස්සු දැකලානේ. ඔය ඕස්ට්‍රේලියාවේ දෙවෙනියට ජන ගණත්වය තියෙන පැත්තක ඉඳල. හැබැයි ටස්මෙනියාවේ ජනගහනේ වික්ටෝරියා ප්‍රාන්තෙටත් අඩුයි. හරියටම කිව්වොත් ලංකාවේ වර්ග කි මි ට 308.5 යි. වික්ටෝරියා වල 24.39 යි. ටැස්මේනියා වල 7.36 යි ! (source : Wikipediya)
ඉතින් මේ විස්තරේ කිව්වේ ටස්මෙනියාවේ ජන ශුන්‍ය භාවේ ගැන පොඩි අයිඩියා එකක් දෙන්නයි...මොකද කිව්වොත් අපේ එක යාලුවෙක් මේ ජන ශුන්‍ය වෙරළක නැති උන නිසා...මේකත් ඔය වයින් ග්ලාස් බේ පැත්තේ වෙරළ තීර වල රස්තියාදු ගහද්දි උනේ. එතන මුහුදු වෙරළට යන්න ඕනේ නිකම් ලඳු කැලෑව ක් වගේ එකකින් වැහුණු පල්ලම ක් බැහැල. බීච් එකට යද්දී අපි 4 දෙනාම එකට බැස්ස. දැන් ඔතන වැඩේ අර පඳුරු හෙම නිසා මීටර් 5 -6 කට ඉස්සරහින් යන කෙනා පෙන්නේ නැහැ. පොඩි අඩි පාරක් ඔස්සේ තමා ගියේ. ඒක මිස් උනොත් කොහෙන් මතු වේවිද කියන්න බැහැ. ඉතින් අපි බීච් එකේ ටිකක් ඇවිදලා ආයි උඩට නැගල බලද්දී එක්කෙනෙක් මිසින්! දැන් අපි කෝල් ගන්නවා ගන්නවා - සිග්නල් නැහැ. ඇයි ඉතින් ඒ අපි හිටියේ හෙන රිමෝට් පැත්තක. අපිට ඉතින් එක එක ඒවා මතක් වුනා - මෙයා පල්ලමේ පෙරලිලා වැටිලද, ගලක හැපිලද, අරකද මේකද... ඉතින් දැන් පැයක් විතර අපි බලන් ඉන්නවා ඉන්නවා - මෙයා නැහැ. ඔය අතරේ අපි කීප පාරක් ආයෙත් බීච් එකට ගිහින් බැලුව - කාත් කවුරුවත් පේන්නත් නැහැ. නම කියල කෑ ගැහුවා - ඒත් වැඩක් නැහැ... අපි කට්ටිය හොඳටම බය වෙලා දැන් - කියන්න කෙනෙකුත් නැහැ... ඇයි ඉතින් පේන තෙක් මානෙක මොකෙක්වත් ඇත්තේ නැහැ. අන්තිමට අපි කතාවුනා තව විනාඩි 5 ක් බලල ට්‍රිපල් zero කතා කරමු කියල. ඒක තමා මෙහෙ හදිසි අවස්ථා වල අමතන්න තියෙන අංකේ... ඉතින් ඔන්න ඔහොම ඉන්දෙද්දී එතනට ආපු වෑන් එකකින් මෙන්න පොර මතුවුනා! ... එයාට වෙලා තියෙන්නේ ආපහු බීච් එකේ ඉඳන් කන්ද නගිද්දී අර අඩි පාර මග ඇරිලා වෙන කොහෙද පැත්තකින් මතුවෙලා. ඉතින් පාරේ ඔහේ යද්දී හොඳ වෙලාවට ගිය වාහනේකට අත දාල විස්තරේ කිව්වම, හොයල හොයල අමාරුවෙන් තමා අපේ වාහනේ නවත්තපු තැනට ඇවිත් තියෙන්න...!

සංචාරේ ඉතිරි හරිය ඊළඟට  ...

Comments

  1. කියවපු ගමන් යන්න හිතුන.මේ අවුරුද්දෙ ට්‍රයි එකක් දෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. අනිවා ගිහින් බලන්න. හැබැයි සමර් ඉවර වෙන්න කලින් යන්න

      Delete
  2. කියවල හිතින් මවාගන්න විතරයි ඉතින් අපිට පුළුවන්!
    බලමු ඉස්සරහට ට්‍රයි 1ක් දීල!:)

    ReplyDelete
    Replies
    1. ඔයාට යන්න පුළුවන් වේවි මල්ලි ... ටැසී විතරක් නෙවෙයි තව ගොඩක් දිහා :)

      Delete
  3. ඔය රිකී පොන්ටින් හාදය ක්‍රිකට් ගහල තියෙන්නෙත් ඔය පැත්තෙම තමා ගියෙ නැද්ද අක්කෙ පොරගෙ ගෙවල් හොයාගෙන......:D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව එයාලගේ ගෙදර කට්ටිය අපි යද්දී තොරන් බැඳලා රබන් ගහල අපිව පිළිගත්තේ :P

      Delete
  4. අයියෝ දැන් ඔහේ ගිහින් වැඩක් නෑ මේ කතා සෙට් එකෙන් මේ පළාත ගැන සේරම විස්තර දැන්ගතෑකිනේ.... (යන්න බැරි නිසා ඔහොම කිව්වා කියලා හිතන්න එපා!)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද... අනේ මන්ද දැන් කට්ටිය හැම තැනක් ගැනම විස්තර ලිය ලිය දාන නිසා අපිට ට්‍රිප් එකක්වත් යන්න තැනක් නැහැ :D

      Delete
  5. මාරයා සමග යාපනේ....
    නිරෝෂිනී සමග ටැසී...

    ReplyDelete
    Replies
    1. අයියෝ මම ත් තාම යාපනේ ගිහින් නෑනේ ... බලමු මේ අප්‍රේල් වල වත්

      Delete
    2. නිරෝෂිනී අප්‍රියෙල් වල ලංකාවෙ වගේ...අපි දෙන්නත් ඒ කාලෙට ලංකාවෙ, සයිබර් අවුරුදු උත්සවේට එන්න ලැබුනොත් මුණ ගැහෙන්නත් ඉඩ තියෙනව

      Delete
    3. ඔබා මාමයි නැන්දත් එනවද අවුරුද්දට? ඔව් අනිවා පුළුවන් කම් තිබුනොත් නෑවිදින් ඉන්නේ නැහැ.

      Delete
  6. ලැජ්ජාවේ බෑ කියන්ටත්. ඉන්න රටේ නෙමේ වැඩියෙන් ඇවිදින්නේ පිටරටවල්වල. තාම ටැස්මේනියා, පර්ත්, ඩාවින් වගේ තැන්වල ගිහින් නෑ. ලස්සන තැනක්. ලඟදිම ගිහින් බලන්ට ඕනි.

    ලංකාවේ නම් ගියතැන්වලට වඩා නොගියපු තැන් වැඩී...:(

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් ගොඩ තැන්වල ගිහින් නැහැ මෙහෙ... :) ලංකාවේ උතුරයි මඩකලපු පැත්තෙයි ගිහින්ම නැහැ... මෙදා පාර නම් පාසිකුඩා ට්‍රිප් එකක් දාගන්නම ඕනේ

      Delete
  7. මහා සංචාරකයො මහ ගොඩයි!

    ReplyDelete
    Replies
    1. අයියෝ මම නම් මහා සංචාරකයෙක් නෙවේ

      Delete
  8. යන්න පුලුවනි නම් වටිනවා..! ලස්සන පැත්තක් වගේ..!
    විස්තරාත්මකව ලියලා තියෙන නිසා හරි ලේසියි..!
    හොඳ වාර්ථාවක්!
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! ඉතුරු ටිකත් ඉක්මනට ලියන්නම්

      Delete
  9. මම හිතුවේ ටැස්මේනියාව තියෙන්නේ යුරෝපේ පැත්තේ කියලා... :D

    ReplyDelete
    Replies
    1. ටැස්මේනියා නෙවෙයි ට්රැන්සිල්වේනියා ව නම් තියෙන්නේ යුරෝපේ. අර ඩ්රැකියුලාගේ ගම ... :D

      Delete
  10. මේ නිවාඩුවක් හීනෙකින්වත් පේන්නේ නැති කාලේ මේ වගේ සටහන් දැම්මම අපි නහයෙන් කතා කරන තරමට අසරණ වෙනවා කියලා දන්නේ නෑ ඔයා?

    මගේ යාලුවෙක් මේ ළඟදි සිබේරියා ගිහින් ඇවිත් කිව්වෙත් මේ වගේ කතාවක්මයි. මම ඉතින් එයාගේ කතාව අහල ඔව් ඔව් නියමයි කිව්වට ඊර්ෂයාව අමාරුවෙන් හංගගත්තේ. ඔන්න ඉතින් අපි එහෙමයි මෙහෙත්.

    ReplyDelete
    Replies
    1. සයිබීරියාවේ නිවාඩුවටත් යනවද මිනිස්සු? මම හිතුවේ ගොඩක් හීතල සහ දුෂ්කර පලාතක් කියලනේ.

      ඉරිසියා කරන්න එපා! ඔයත් ඔය රෝන්දේ යන ඒවා ලියල දැම්ම නම් හරිනේ :D

      Delete
  11. වෙන රටක ඇවිදින්න යනවනම් කවදා හරි යන්නේ ඉන්දියාවේ. ඒක නිසා කවදාව ඕවා නම් හැබැහින් දකින්න වෙන එකක් නැහැ :-)

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඉන්දියාවේ විතරක්ම යන්නේ? මම නම් ජීවිතේටම යන්න වෙන්නේ එක රටකට විතරක් නම් පුලුවාන් තරම් අපේ රටට වෙනස් රටක් තෝරාගන්නවා...
      හැබැයි දැන් නම් ඉන්දියාවේ යාලුවොත් ගොඩක් ඉන්න නිසා යන්න නම් ආසයි.

      Delete
  12. අදයි මේ පැත්තේ ආවේ ,..නියමයි ..හැකි විටක හැකි තරම් ඇවිදින එක තමයි වටින්නේ ..

    ReplyDelete
  13. ඔසී ස්ලැන්ග් වලින් ටැසී කියන එකේ තේරුම දන්නවාද?

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නම් ටස්මෙනියාවට කියන එක තමයි. අර Spirit of Tasmania ෆෙරී එකට කියන්නෙත් Spirit of Tassie කියලනේ.
      ඉතින් තව මම නොදන්නා තෙරුමුත් තියනවා නම් පොඩ්ඩක් කියන්න ඉගෙන ගන්න :D

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන