Skip to main content

මයික්‍රෝ වේව් සරණං ගච්චාමි

කාලෙකින් අද අතිරහ වගයක් කෑවා. කාලෙකින් කිව්වට ගිය සතියෙත් කෑවා තමයි ඉතින්. :D

මගේ යාලුවෙක්ගෙ අම්මල ලංකාවේ ඉඳන් නිවාඩුවට එද්දී ගෙනවිත් මට දුන්නු ලොකු කැවුම්, අතිරහ පාර්සලයක් යුනි එකේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා. මගේ වැඩේ ඕකෙන් එකක් දෙකක් හවසට කන එක.

අම්ම නම් ගෙදරදී පරණ කැවුම් පුස් කන්න කලින් ෆ්‍රිජ් එකේ දාල පස්සේ ස්ටීම් කරලා දෙනවා. එතකොට අර හයිය ගතිය නැතිවෙලා ගිහින් රහට එනවා ආයේ. ඒත් ඉතින් යුනි එක ඇතුලේ ස්ටීම් කරන්න බැහැනේ. මම කලින් වතාවේ මයික්‍රෝ වේව් එකේ විනාඩියක් විතර දාල බැලුවාම අතිරහ එකේ මැද නිකම් රබර් වෙලා. අපරාදේ දුකේ බැහැ...මම අද අතිරහ උඩට නටන උණු වතුර යන්තම් ඉහල තප්පර 15 විතර මයික්‍රෝ වේව් එකේ දැම්ම. අද නම් හොඳටම ගානට ආව. ම්ම් yummy !

කම්මැලි කමේ එක්ස්පෙරිමෙන්ට්ස් රන් කර කර ඉන්දැද්දී හවසට සීනි නැති කෝපි එකක් එක්ක අතිරහ දෙකම කාල දැම්මාම කම්මැලිකමත් නැති උනා. Sugar high කියන්නේ මේකටද මන්දා! අපේ ගෙදර කොහොමත් සීනි වැඩිය පාවිච්චි කරන්නේ නැති නිසා මට සීනි පොඩ්ඩක් කෑවත් හයි වෙනවා. මුලින්ම මම තුම්මුල්ලේ ඕපන් කැන්ටින් එකෙන් ප්ලේන් ටී එකක් බිව්ව දවස මට අද වගේ මතකයි! අම්මේ ඒකෙ සීනි කිලෝ එකක් විතර. කටේ ඇලෙනවා තේ එක - නිකම් මී පැණි වගේ... සීනි වැඩි වෙලා මත් වුනේ එදා තමා :D

අද මේ කොහේටවත් නැති වැල් වටාරමක් ලියවෙන්නෙත් Sugar rush නිසාද මන්දා.


ඔය කැවුම් මයික්‍රෝ වේව් කරන්න ගිහින් වෙච්චි මාර වැඩක් තියෙනවා.
අපි ඉතින් සමහර දාට යාලුවෝ ඩිනර් වලට එහෙම කාගේ හරි ගෙදරකට එකතු වෙනවා. එහෙම දවසක මගේ යාලුවෙක් ෆ්රෝසන් කැවුම් වගයක් කොහෙන්ද ලංකාවේ කඩේකින් අරන් ඇවිත් තිබ්බා. එදා අල්ලපු රටේ සහ අල්ලපු රටත් එක්ක තරහ රටේ යාලුවොත් හිටිය නිසා අපි ඉතින්, මෙන්න අපේ රටේ රසම රස කෑමක් කියල එයාලටත් පෙන්නුවා.

දැන් ඉතින් අපි ඩිනර් අරන් ඕක කාල ඉඟුරු තේ එකක් එහෙම බොන්නයි ප්ලෑන් එක. ඔය කැවුම් පැකට් එකේ තිබ්බේ විනාඩි කීයක්ද මන්ද මයික්‍රෝවේව් කරන්න - එතකොට හරි කියල. ඉතින් අපිත් ඒකෙ තිබ්බ ගානටම ටයිමර් එක දාල තිබ්බ. ඉවර වෙලා මයික්‍රෝවේව් එක ඔන්න ඇරියා විතරයි මෙන්න එලියට එනවා හෝ ගාල දුම්! මේකේ කුස්සියේ ෆයර් එලාම් තියෙන නිසා අපි ඔය දුමට හරිම බයයි. මොකද ඕක වැදුනොත් ඩොලර් එකසිය ගානක් දඩ ගෙවන්න වෙනවා. අපි ඉතින් වහාම අවන් එකෙ දොර වහල හෝ ගාල දුම නැති කරන්න ට්‍රයි කරා. හැබැයි ඉතින් අපිට දැන් කැවුම් කන්නත් ඕනේ. දුම නිසා අවන් එක අරින්නත් බයයි. අන්තිමට කරේ ප්ලග් එක ගලවල ගෙදරින් එලියට අවන් එක උස්සන් ගිහින් එළියේ තියාගෙන අවන් එක ඇරිය එකයි! (ඔය අස්සේ ඔතනින් ගිය ඇස් හීනි කට්ටියක් ඕක දැකල ෆුල් හොල්මන් වුනත් එක්ක :D)

හැබැයි ඉතින් ඔච්චර දුකක් විඳලා රත් කර ගත්තු කැවුම් වලින් අන්තිමට වැඩක් උනේ නැහැ. මොකද කියනවා නම් ඒවා මොකක් හරි හේතුවක් නිසා රබර් වෙලා තිබ්බ නිසා :(

මම නම් දැන් පපඩම් බදින්නෙත් මයික්‍රෝවේව් එකේ. ඔව් ඉතින් බදිනවා කියන්න බැහැ. කොහොම හරි අර ගැඹුරු තෙලේ බදිනවා වගේම එනවා. ආයේ තෙල් හට්ටි රත් කර කර ඉන්න මට කම්මැලියි.

හැබැයි ඉතින් අර බැදපු ගමන් උණු කැවුමක තියෙන රහට මේ මයික්‍රෝවේව් කැවුම් කිට්ටු කරන්නවත් බැහැ. ඒත් ඉතින් මොනා කරන්නද. අපිට කොයින්ද මෙහෙ උණු කැවුම්...මේ පාර සිංහල අවුරුද්දට වත් ලංකාවට ඇවිත් අම්මගේ උණු කැවුමක් කන්න ඕනේ...

Comments

  1. අපිත් ලඟදි කැවුම් කෑවෙමු

    ReplyDelete
    Replies
    1. ඔබා මාම ට නම් ඉතින් ඔබී නැන්දා ඉන්නවනේ උණු උණු කැවුම් හදල දෙන්න

      Delete
    2. @observer
      ඒ කිව්වෙ මේ..... නෑ එක්කො ඕනෙ නෑ :D :D

      @niroshini

      පපඩම් මයික්‍රෝවේව් එකේ බදින කතාවක් ඔය ඇහුවමයි!

      Delete
    3. @මුහුදු කොල්ලකාරයා
      ඔයා මයික්‍රෝවේව් එකක් කොල්ල කාල මෙහෙම පපඩම් හදල බලන්නකෝ :D

      Delete
  2. කැවුම් හදන්න ඉගෙන ගත්තානම් ඔහේ ලංකාවේ අයට කැවුම් විකුණලා කීයක් හරි හොයාගන්නත් තිබ්බා ;)

    ReplyDelete
    Replies
    1. සිරාවට පුසෝ ඒකත් මරු අයිඩියා එකනේ :D

      Delete
  3. එවන්නද තැපෑලෙන් ටිකක්!;)

    ReplyDelete
    Replies
    1. එවන්න පුළුවන් නම් හොඳයි. ඒත් මෙහෙ කොරන්ටින් එකේ සති ගානක් තිබිල ගෙදෙට්ට එන කොට ලස්සනට පුස් කාල තියේවි :D

      Delete
  4. පපඩම් බදින කතාව මට හොල්මන්.. දෙන්න ඕනේ ට්‍රයි එකක් ..හැබැයි ඔන්න බොරු කියල තිබ්බොත් බලාගන්න පුළුවන් හොදේ. මමත් ඉතින් මෛක්රෝවෙව් එකට ඇඩික් වෙලා ..හැම එකම එකේ ඔබනවා.එත් එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි මම නම් අහල තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ නැහැ කියල ඒ දවස් වල මතයක් තිබුනා. ඒත් ඉතින් මේවා හරියටම ඇත්තද කියල විද්‍යාත්මකව ඔප්පු වෙලා නම් නැහැ. එළවලු එහෙම මයික්‍රෝවේව් කරල කෑවම ගුණයි කියලත් කියන්නේ. අනේ මන්ද. මම ඉතින් ඕක පාවිච්චි කරන්නේ ෆ්‍රිජ් එකේ දාපු කෑම රත් කරන්න තමයි. ඒ නැතුව වෙන ඔප්ෂන් එකක් නැහැනේ...
      හික් බොරු නෙවෙයි අනේ. පපඩම තප්පර 30 විතර දෙපැත්තම දාල බලන්නකෝ. සමහරු නම් තෙල් යන්තම් ගානවා. මම නම් ගාන්නේ නැහැ.

      Delete
    2. සුපර් මාකට් වල තියෙන සමහර පපඩම් පැකට් වල ගහල තියෙනව 'මයික්‍රොවේව්' කරන්න පුළුවන් කියල, ගහල නැතත් පුළුවන්.

      Delete
  5. රයිස් කුකර් එකේ සිටීමරේට දාල තම්බගන්න, ලේසියි පහසුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තමයි අම්ම කරන්නෙත්. ඒත් මට හවස ට කන්න ඕනේ උනාම කැම්පස් කොමන් රූම් එක ඇතුලේ රයිස් කුකර් නෑනේ

      Delete
  6. කැවුම් නොකන නිසා ඔය සීන් එක මට සෙට් වෙලා නෑ. ඒත් අර පපඩම් කතාව නම් ට්‍රයි කරන්න හිතෙනවා. මොකද අපේ අම්මල මෙහෙන් ගියත් හරි මම පපඩම් හදාගන්න දන්නේ නෑ. ගෙදර පැකට් දෙකක් තුනක්ම තියෙනවා. ඒක හින්දා හදන විදිය කිව්වත් කමක් නෑ. මොකද මම ඕක කියලාවත් අර මලී වගේ නාහෙට නාහන බ්ලොග් ලියන කෙල්ලො මට පපඩම් පොඩ්ඩයි කන්න දුන්නේ. (යාල් එකේ නම් බුරු බබා වැඩි පුර පපඩම් ඉල්ලන් කෑවා. )
    අතිරස කියන්නේ මොනවද? මම ඉතින් දන්න කියන කෑම ටික නම් ඔක්කොම වගේ එකක් හරි කාලා හෝ අරගෙන ආවා මේ පාර නත්තලට නිවාඩු ගිහින් එමින්....... මේ දැනුත් අන්නාසි ගෙඩි භාගයක් තමයි රෑ කෑම.... හික්ස්...

    ReplyDelete
    Replies
    1. අයියෝ හරිම සරල දෙයක්නේ බුරු බබෝ :D
      ඔයා පපඩම් 1 ක් 2 ක් අරන් දෙකට වගේ කඩල මයික්‍රෝවේව් හයි දාල තප්පර 30 විතර දෙපැත්ත දාල බලන්න. ඕනේ නම් ඊට පස්ස තව ටිකක් (තව තප්පර 30 වගේ) දාන්න. සමහරු යන්තම් තෙල් තවරනවා. මම නම් එහෙම ගාන්නේ නැහැ. තෙල් වැඩිපුර කන්න හොඳත් නෑනේ

      අතිරහ කියල මම කියන්නේ නම් අර කොන්ඩේ නැති කැවුම් වගේ ජාතියක් තියෙන්නේ. ඒවා හදන විදියත් කැවුම් වලට වඩා වෙනස් මම හිතන්නේ. හැබැයි රස නම් ටිකක් එක වගේ. ඕක හැබැයි ඉතින් එක එක පළාත් වල වෙනස් වෙනවා. උදාහරනෙකට මගේ එක යාලුවෙක් අතිරස කියන්නේ මම මුං කැවුම් කියන ඒවට.

      Delete
  7. මෙහෙ තියෙනවා අදීරසම් කියලා අතිරස වගේ එකක්. එකේ මද අර ඩෝනට් එකේ වගේ සිදුරක්.. හැබැයි රස නම අපේ වගේ නැහැ. මයික්‍රෝවේව් එකේ ස්ටීම් කරන්න නම් කැවුම තියල එක මොකකින්හරි වහන්න ඕන.ඕකට වහන එකත් ගන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මයික්‍රෝවේව් එකේ ස්ටීම් කරන්නෙත් සාමන්යෙන් ස්ටීම් කරන විදියෙන් මයි නේද. මා ගාව තියෙන මයික්‍රෝවේව් රය්ස් කුකර් එකේ ඕනේ නම් අර සාමාන්‍ය රයිස් කුකර් වල වගේ ස්ටීම් කරන්න කෑල්ලක් තියෙනවා. වෙනස ඒක වලින් හදල තියෙන්නේ microwave safe plastic වලින්.
      ඔව් ඒ වහන කෑල්ල අර rice cooker එකට නම් අමුතුවෙන් ඕනේ නැහැ - එකට පියනක් තියෙන නිසා. එහෙම නැතුව බත් පිඟානක් වගේ රත් කරනවානම් අර කෑල්ල තියල වහනවා...වැඩියෙන්ම මම නම් වහන්නේ, නැත්තම් අවන් එක ඇතුල ටක් ගාල ජරා වෙනවා...
      අදීරසම්? ම්ම් අල්ලපු රටේ කෑමක්ද?

      Delete
  8. මයික්‍රෝවේව් දාලා මම ත් කැවුම් කළා තියෙනවා. හැබැයි ඔහොම දුම් සින් එකක්නම් තාම වෙලා නැහැ

    ReplyDelete
    Replies
    1. අපි වෙලාව වැඩියෙන් තිබ්බ මම හිතන්නේ. ඒකයි කෙල උනේ

      Delete
  9. ශික් අපරාදේ ෆයර් එලාම් එක වදින්න තිබ්බේ.....:D

    ReplyDelete
    Replies
    1. අයියෝ ඇයි එහෙම කියන්නේ මෙයා - දඩ ගෙවන්න අපි පව් නේ :D

      Delete
  10. අළුත් තාලේ කැවුම් නිර්මාණය.....නැවතිල්ලේ බැලුවම හොද උත්සාහයක් :)

    ReplyDelete
    Replies
    1. හික්ස් නිර්මාණයක්ම ත් නෙවෙයි ඉතින්. ප්‍රතිනිර්මාණයක් වගේ එකක් !

      Delete
  11. hari hari apitath ekka kannako..
    idak thiye nam mage blog ekatath evith yanna!

    ReplyDelete
  12. මම නං මේ පාර අවුරුද්දට ගෙදර යනවා කැවුං කන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් යන්නයි ඉන්නේ :)

      Delete

Post a Comment