Skip to main content

බාර්බී ඩෝල් සින්ඩ්රෝම් : කසාදයට බාර්බී කෙනෙක්

මේක ලියන්න හිතුනේ සොසී අක්කගේ මුණු පොතේ තිබ්බ දෙයක් දැකලයි. මේ තියෙන්නේ ඒ ස්ටේටස් එක (සොසී අක්ක විරුද්ධ නොවේ යයි හිතනවා) :

කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් අහනවා. “ඔයා බඳින්න හොයන්නේ මොන වගේ කෙල්ලක් ද කියලා.එතකොට එයා කියනවා.
විවාහයට මං හොයන්නෙ හොඳ ලස්සන කෙල්ලෙක්
කොණ්ඩය දිග හීනි දිගැටි සුදු ලස්සන කෙල්ලෙක්

කෙල්ල ගෙ ඇස් වල ට උනන කඳුළු සඟවන ගමන් ඇය හිමීට හිනා වෙනවා.
ම‘සිත උපන් ආලය ගැන කියා ගන්න මත්තෙන්
දුරස්‍ වුනෙමි සඟවා නෙතු කඳුළු පියන් අස්සෙන්


ඕකේ ඉන්න කොල්ල ට ගැලපෙන්නේ අපි හැමෝම දන්නා බාර්බී ඩෝල් කෙනෙක් කියල තමා මට නම් හිතෙන්නේ. ඇයි ඉතින් බාර්බිත් උසයි, සුදුයි, හීනියි. කොන්ඩේ දිගයි. හරිම ලස්සනයි.
හදවතක් නම් නැහැ. මොළය කුත් නැහැ. එත් ඉතින් Requirement spec එකේ ඒවා තිබුනේ  නැහැනේ!

ඉතින් මොකද? කෙනෙක් අහවි.
නැහැ බාර්බී (හෝ කෙන්) ඩෝල් කෙනෙක් හොයා ගෙන කසාද බඳින එකේ කිසිම අවුලක් නැහැ. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත.

හැබැයි අවුල තියෙන්නේ මෙතන.
මම දැකල තියෙනවා බාර්බී ලා (පිරිමි ළමයි), කෙන් ලා (ගැහැණු ළමයි) එක්ක ඉඳල, ඊට පස්සේ එයාලට චෝදනා කර කර නහයෙන් අඬන ය. මේ චෝදනා පත්තරේ පහත ඒවා අඩු වැඩිය තියෙනවා:
  • කිසිම හිතක් පපුවක් නැති වීම
  • මැටි වීම
  • දක්ෂ දත් දොස්තර/දොස්තරවරියක වීම
  • චපල හිතක් ඇති වීම... බ්ලා බ්ලා බ්ලා
අනේ ඉතින් මේක නම් මෝඩ කම ඇරෙන්න වෙන දෙයක් නෙවෙයිනේ. මොකද ඉතින් කැමති උනේ මුනේ තියෙන ලස්සනට මිසක හදවතේ ලස්සනට නෙවෙයිනේ. ඉතින් පස්සේ කාලෙක හදවත අවලස්සනයි කිය කිය අඬන එක අසාධාරණයි. නැද්ද මං කියන්නේ?
අනිත් එක, හදවත ලස්සන කෙනෙක් ලබන්න නම් තමන්ගේ හදවතත් ලස්සන වෙන්න ඕනේ (ඇත්තටම රැවටෙන අයත් නැතුව නෙවෙයි. මේ කියන්නේ එයාල ගැන නෙවෙයි). මුලින් ප්ලාස්ටික් වලට කැමැත්ත දීල පස්සේ හැබෑ හම් ඇට මස් නහර ඕනේ කියනවා නම්, එතන පොඩි කුහක කමකුත් තියෙනවා නේද? :D

ප ලි - බාර්බී ඩෝල් සින්ඩ්රෝම් කියන්නේ හැබෑම ලෙඩකි. ඕන අය ගුගල් සර්ච් කරලා හොයාගන්න.

කියන්න හැදුව දේ ගැන වැඩි දෙනෙක්ට තේරිලා නැහැ වගේ නිසා මම ඔන්න තව කැල්ලක් එකතු කළා -

Plastic Barbie:  A fake, shallow, thin-minded person, with the looks and metaphoric ego of a Barbie doll, or, for a man, a Ken doll. (Urban Dictionary)


Bottom line is,
people who want Barbies (or Kens) will get Barbies. Thats perfectly fine. It is their choice. But then it is not fair to complain later that your Barbie is cold and heartless. After all, you were fully aware from the start that she was plastic!



Comments

  1. හැබෑට එහෙම ලෙඩකුත් තියෙනවද? :-D

    ReplyDelete
    Replies
    1. තියෙනවලු. ඔය ප්ලාස්ටික් සජරි කරගන්න අයට එහෙම... :D

      Delete
  2. මට නං බාබි කිව්වාම මතක් වෙන්නේ බාබකියු එකක් දාන්නයි!

    ReplyDelete
    Replies
    1. බාබිව බාබකිව් කරනවා වගේ සිද්ධියක්ද? මට එතකොට නම් horror movie එකක් මතක්වෙන්නේ!

      Delete
  3. ඇත්ත වගේ නේද??
    ://

    ReplyDelete
    Replies
    1. නැත්නම් ඉතින් මම බොරු කියනවද :P

      Delete
  4. හැමෝම ඔහොම වෙන්ට බෑ. අනෙක දත් දොස්තරලාට බනින්ට එපා හොඳේ හී හී...පෙනුමෙන් ඔය මුකුත් මනින්ට නම් බෑ හොඳේ. :D

    ReplyDelete
    Replies
    1. මොකද්ද මේ දත් දොස්තර එක්ක ඔයාගේ ඇති සම්බන්ධෙ... ආ හරි මට හිතාගන්න පුළුවන් කව්ද ඉතින් ඕව දන්නේ!

      //පෙනුමෙන් ඔය මුකුත් මනින්ට නම් බෑ//
      ඒක නේන්නම් මාත් මේ කියන්නේ :D
      ලස්සන අය හොඳ නැහැ කියලවත්, මෝඩයි කියල නෙවෙයි කියල තියෙන්නේ. මුනේ ලස්සන විතරක්ම හොයල යාලු උනා නම්, වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක විහිළුවක් කියලයි.
      සරලව:
      රුව ඇති පලියට එතන ගුණ, නැණ නැත (කලාතුරකින් ඔය තුනම තියෙන අයත් ඉන්නවා). රුව ඇති ගුණ නැණ නැති කෙනාට තමයි ප්ලාස්ටික් බාබි කියන නම්බු නාමේ දුන්නේ.

      Delete
  5. බාබිලව හොයනවට වඩා සාර්ථක විකල්පයක් මමනං හඳුන්වල දුන්න.

    http://www.upashantha.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු ලිස්ට් එක :D
      ඕව ඉතින් තම තමන්ගේ කැමැත්තනේ...
      බාබි කෙනෙක්ව හොයල බැඳලා එයාගෙන් යසෝධරා කෙනෙක් හෝ විහාර මහා දේවි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒකයි මෝඩ කම

      Delete
  6. ඉස්කෝලේ යාළුවෙක් මට දවසක් කිව්ව.. "මචන් මට අවංක බඩුවක් හොයල දියන්" කියල.... මම උගෙන් ඇහුවේ.... "මචන් මගේ එක එපාද?" කියල විතරයි.....:P කාරණේ සරලයි... ඉස්සෙල්ලම බලන්නේ(පෙන්නේ) ලස්සන.... ඇහැට කනට පේනව නම් යාළුවෙනව... ටික කාලයක් යනකොට නෙව ගතිගුණ තේරෙන්නේ හොද නැත්තම් අතැරලා දානව... මගේ නම් ක්‍රමේ ඕක....:D

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් දැක්ක හැටියේ යාලු වෙන්නේ නැහැනේ. පොඩ්ඩක් හරි හොයල බලන්නේ නැද්ද අඩු ගානේ වටින් ගොඩින් වත්?
      මම අදහස් කර දේ කියන්න උදාහරණයක් දෙන්නම්.
      මගේ යාලුවෙක් හිටියා එයා ත් ඔය වගේ කෙන් ඩෝල් කෙනෙක් එක්ක යාලු උනා. අවුරුදු කීපයක් කෙනාව දැනගෙනත් හිටියේ. ඒ කෙනා බොරු සෝබන චරිතයක් කියල දැන ගෙන හිටියත්, යාලුවත් සල්ලි වලටයි පිට ඔපේටයි රැවටුනා. පස්සේ අන්තිමට යාලුවටත් උනේ අර කෙන් ඩෝල් ගේ පරණ පෙම්වතියන්ට උන දේ තමා. ඉතින් ඔතෙන්දි යාලුවා ගේ මෝඩ කම තමයි මට පෙනුනේ. මොකද එයා කෙනාගේ හැටි දැනන් හිටියේ. ඒත් එයාත් බැලුවේ සෝබනේ. ඇතුලේ හිස් බව එයා ගණන් ගත්තේ නැහැ. අනිත් අයට වල කපන ඒවා යාලුවට වැරදි වැඩ හැටියට පෙනුනේ නැහැ. තමන් වලේ වැටුනාම ඉතින් ඔන්න අර ලිස්ට් එකේ දේවල් කියා කියා නහයෙන් ඇඩුවා.

      Delete
  7. කොහොමත් මගේ අත්දැකීමේ හැටියට අද සමාජයේ ගොඩක් කෙල්ලෝ හොයන්නේ ආදරේ නෙවෙයි රැකවරණය, අනාගත සුරක්ෂිතභාවය. ගොඩක් අඩුයි ඇතුලාන්තයට ඉඩදෙන අය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත
      දෙන්න දෙන්නගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනාද කියල දෙන්නම දන්නවනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ
      හැබැයි සුරක්ෂිතභාවෙට මුල් තැන දීපු කෙල්ලෙක් කසාද බැඳලා පස්සේ කියනවා නම් මේ මනුස්සය හරිම බෝරින් කියල - ඒක තමයි විහිළුව.

      Delete
  8. මම නම් හිතන්නෙ කොයි තරම් හොඳ, කොයිතරම් අවංක දෙන්නෙක්ට වුනත් කසාද බැඳල එකට ඉන්න බෑ දෙන්න අතරෙ වෙන ගනුදෙනුව සාධාරණ විදිහට කරගෙන යන්න බැරිවුනොත්... ඒක තමයි මගේ නම් අදහස..

    ReplyDelete
    Replies
    1. ඔව් එකඟයි.
      කෙනෙක්ගේ 'හොඳ කම' මතම එයා කසාද බඳින්න සුදුසු කෙනා වෙන්නේ නැහැ. සමහර වෙලාවට ලෝකේ ඉන්න හොඳම කෙනා උනත් 'ගැලපෙන්නේ' නැත්තම් එතන ප්‍රශ්න.
      මෙතැනදී ඉතින් ඔය 'ගනුදෙනුවේ' තියෙන අවංක භාවය තමා වැදගත් මම හිතන්නේ :D

      Delete
  9. මෙහෙම ලෙඩක් ගැන ඇහුවමයි :)

    ReplyDelete
    Replies
    1. මාත් මේක ලියන්න ගිහින් දැන ගත්තේ :D

      Delete
  10. මොනතරම් මෙහෙම කිව්වත් අපි හැමෝම ඉස්සෙල්ලම කෙනෙක්ට කැමතිවෙන්නේ බාහිර පෙනුම නිසා නේද..

    ReplyDelete
    Replies
    1. කැමත්ත, ආකර්ෂණය සහ කසාදය කියන්නේ එකිනෙකට වෙනස් දේවල් නේ.
      ආකර්ෂණය වන හැම දෙනාටම කැමැත්ත දෙන්න හරි, කසාද බඳින්න හරි යන්නේ නැහැ නේ. :)

      Delete
  11. ඕක ඔහොම වෙන්නෙ ඇයි කියලා පරිණාමවාදයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ලස්සන කියන්නේ නිරෝගීකම ඇසෙන් මනින දර්ශකයක්. ඒවගේම තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න හොඳම කෙනා වෙන්නෙ ඒ නිරෝගී (ලස්සනා කෙනා). මෙතන ප්‍රශ්නය වෙන්නෙ 'එකෙක් ඉන්න ඕන එකියක් එක්ක විතරයි' කියන කාරණය.

    ReplyDelete
    Replies
    1. ලස්සන හෝ භෞතික ආකර්ශනේ කියන්නේ ගොඩක් ලොකු සාධකයක්. ඒ ගැන කතා දෙකක් නැහැ.
      නමුත් ඒක එකම සාධකේ නෙවෙයිද නැද්ද කියන හරි, ඒ එකම සාධකේ විතරක් බලන එක හරිද නැද්ද කියන එක හරි, මේ පෝස්ට් එකේ ඔබ්ජෙක්ටිව් එක නෙවෙයි. මේකෙන් කියන්නේ බාහිර ලස්සන කියන සාධකය පමණක්ම බලල, පස්සේ වෙනත් සාධක සෙවීම විහිළුවක් කියල. එච්චරයි. :)

      Delete
  12. ඩී. ආර්. නානායක්කාර ' සාරවිට ' චිත්‍ර පටයේ කියපු කතාවක් මතක් වුනා. ' අපි බැට් ගහපු කාලේ ගියා බං '

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කට්ටිය කියන්නේ ඔබා මාම තවම තුන් ඉරියව්වෙන් දක්ෂතා පෙන්නන ප්ලේයර් කෙනෙක් කියල. අනේ මන්ද රට්ටු කියන කතා තමා ඉතින්. මම නම් දන්නේ නෑ :D

      Delete
  13. අපෙ අම්ම මුත්ත කාලෙවත් ඔහොම ලෙඩක් ඇහුවමයි අක්කෙ.....ලස්සන පස්සෙ යන ගොඩක් ලව් බූට් වලින් ඉවර වෙන එක අහන්න දෙයක් නෙවෙයිනෙ ඉතින්.:(

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි... අනේ මන්ද මුනේ ලස්සන විතරක් තියෙන බෝනික්කෙක් එක්ක කොහොම ඉන්නවද මන්ද...ඒක බෝරිං නැද්ද කියල ත් හිතෙනවා. එක එක්කෙනාගේ කැමැත්තනේ ඉතින්.

      Delete
  14. කාලෙකට පස්සෙ නිරෝශිනීගේ බ්ලොග් එක කියවන්න හිතුනා. හරිම ලස්සනට ලියලා තියෙනවා. එලියෙන් පේන ලස්සනට හැමෝම කමතියි. හැබැයි ඒක තාවකාලිකයි කියලා අපේ කට්ටියට ගොඩක් වෙලාවට අමතක වෙනවා. මනුස්සයෙක්ට ආදරය කරන්න ඕනේ ඒ මනුස්සයගේ ගති ගුණ වලට මිසක් පිට ඔපේට නෙමෙයි. අද කාලේ මිනිස්සු ගති ගුණ ඇරුනම අනික් හැම දේටම ආදරෙයි! :)

    ReplyDelete

Post a Comment