Skip to main content

මුහුදෙන් එහා අර මොනවා පෙනේදෝ - ඇහැට නොපෙනෙන දේ දකින කැමරාව

ලඟදි ගිය ට්‍රිප් එකකදී ගත්ත ෆොටෝස් හදද්දී මේ පහල තියෙන ෆොටෝ එක දිහා හොඳට බැලුවාම පොඩි අමුත්තක් පේන්න ගත්ත. බලන්නකෝ ඔයාලටත් පේනවද කියල... ෆොටෝ එකේ දකුණු කෙලවරේ ක්ෂිතිජය හරියට වෙන්න...



පේනවද නිකම් යාන්තම් skyscrapers වල චායාවන්?
මේක පැහැදිලි කරන්න පාට අයින් කරාම මෙන්න මෙහෙම පේන්න ගත්ත...



හරි පුදුමයි නේ..මුහුදින් එහා බිල්ඩින් පේන්නේ කොහොමද? ටිකක් වෙලා ගිහාම තමයි මට තේරුනේ.
අපි ගියේ වික්ටෝරියා ප්‍රාන්තයේ සොරෙන්ටෝ කියන හරියට. මේකේ සිතියම දිහා බැලුවම හිතාගන්න පුළුවනි මෙහෙම පේන්නේ කොහොමද කියල......

Image from Google Maps


හැබැයි මට තාම මේ ෆොටෝ එක ගත්ත තැන හරියටම මතක නැති නිසා හිතාගන්න බැහැ මේ පේන්නේ කොයි හරියේ බිල්ඩින්ද කියල...

Comments

  1. වර්ණ පින්තුරෙ නං බිල්ඩින් මොකුත් පේන්නෙ නෑ. [මට නං]

    ReplyDelete
  2. හොඳට බලන්න...අර සර්ෆ් බෝඩ් එකට දකුණෙන්...
    ඔබා මාමට කන්නාඩි මාරු කරගන්න වේවිද මන්දා :D

    ReplyDelete
  3. පේනව නේන්නං බොලේ :D

    ReplyDelete
  4. කන්නාඩි මාරු කොරන්න වෙයි වගේ

    ReplyDelete
  5. අයියෝ මේ Max Payne එකේ තිබුන බිල්ඩින් ටිකනෙ ;)

    ReplyDelete
  6. මොකද්ද මේ ලෙන්ස් එක?

    ReplyDelete
  7. @Sandamal & Observer
    එකනේ කියන්නේ...හතලිස් ඇඳිරිය තියෙන අයට නම් පෙන එකක් නැතිව ඇති

    @සාතන්
    එයත් ඉතින් මගෙන් තමයි මේ බිල්ඩින් වල ෆොටෝ ඉල්ලගත්තේ :P

    @මුහුදු කොල්ලකාරයා
    Canon 75-300mm

    ReplyDelete
  8. වර්ණ පින්තූරේ පෙන්නෙ නැත්තෙ මීදුම වගේ සීන් එකක් නිසාද? 
    සිතියමේ පේන දුර විදියට නං ඔච්චර ලොකුවට බිල්ඩින් පේන එක හරි අමුතුයිනේ
    :D

    ReplyDelete
  9. මට නම් හොඳට දුර පේන හන්දා කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය පේන්නේ...:D

    ReplyDelete
  10. Skyscrapers විතරද Coconut-scrapers නැද්ද ඔය මාලඹේ පැත්තේ?

    ReplyDelete
  11. මේකට හේතුව තමයි . ලෝකය ගෝලාකාර වීම.

    ReplyDelete
  12. @kanishka
    ඔව් මීදුම නිසා හෝ වෙන හේතුවක් නිසා හෝ ගොඩනැගිලිත් අහසේ පාටට ළඟ පාටකින් පෙන්නේ... නිල් වර්ණයේ ප්‍රභේද දෙකක්. ඒක නිසා ඇහැට වෙන් කරලා දකින්න අමාරුයි. නමුත් කළු සුදු කරාම මොකක් හරි නිසා අර ප්‍රභේද දෙකේ වෙනස් කම තීව්‍ර වෙනවා...

    ReplyDelete
  13. @Poddi
    ඒකනේ...අර කවුද රජ කෙනෙකුත් කියල තියෙනවනේ 'දුර බලන්න ළඟ නොබලන්න' කියල!

    @KK
    ඇයි නැත්තේ? coconut scrapers විතරක් නෙවි coconut උනත් තියෙනවා.
    හැබැයි ඔය scraping සිද්දිය මට අරහන් නිසා කෙලින්ම පොල් කිරියි පොල් ගාපුවයි කඩෙන් ම ගන්නවා :D

    ReplyDelete
  14. @Sonduru
    ම්ම් ගෝලාකාර බව? ගෝලාකාර වීම නිසා වෙන්නේ අක්කේ නැව් ක්ෂිතිජයේ නොපෙනී යාම, ඒ වගේම අපිට ඈත තිබෙන වස්තුවක් උසකට නැග්ගම පේන එක, වගේ දේවල්...
    මෙතන මේ වෙලා තියෙන්නේ මේ ස්ථානේ භූ විෂමතාව (බොක්කක් හැඩේට තියෙන්නේ). ඒ කියන්නේ ඇත්තටම ඔය පේන මුහුද රට ඇතුලට වෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මුදු වෙරළට ගිහාම ක්ෂිතිජය කියන්නේ රටින් එහා දිශාව. මෙතන ක්ෂිතිජය කියන්නේ රට තුලට දිශාව.

    ReplyDelete
  15. අඩේ මේක පට්ට සීන් එකක්නෙ...

    ReplyDelete
  16. මාරයිනේ...මේක ඇත්ත එකක් නේද?...

    ReplyDelete
  17. @අනුරාධ
    ඔව් මටත් පුදුම හිතුන. පස්සේ මැප් එකක් අරන් බැලුවාම තමා තේරුනේ.

    @ඔබ නොදු‍ටු ලොවක්
    ඔව් නැතුව නැතුව :D ... මාත් මුලින් හොල්මන් උනා...මෙල්බන් skyline පේන එක සොරෙන්ටෝ වල එක tourist attraction කියල දැන ගත්තේ පස්සේ.

    ReplyDelete
  18. හික්ස්ස්ස්.....මටත් දෙවෙනි එක බැලුවට පස්සේ තමා පෙනුනෙ...:)

    ReplyDelete
  19. @කුබූ
    ඔව් වර්ණ ෆොටෝ එකේ යාන්තම් පේන්නේ. ghost buildings වගේ නිකම් ...

    ReplyDelete

Post a Comment