Skip to main content

ආදරණීය X-Files, පොඩි කාලේ පිස්සු මතක, සහ ප්‍රථම ප්‍රේමය

සය්බර් යායේ එක්ස් ෆයිල්ස්  ගැන ලියවෙච්ච පොස්ට් එක නිසා මටත් ලියන්න හිතුනා මගේ එදත් අදත් ප්‍රියතම රුපවාහිනී වැඩසටහන ගැන පුංචි ලියමනක්.
මම එක්ස් ෆයිල්ස් බලන්න ගත්තේ මතක හැටියට 7 හරි 8 වසරේදී. මගේ ළඟින් ඉස්කෝලේ වාඩිවෙච්ච යාලුවට තදින්ම එක්ස් ෆයිල්ස් උණ තිබුනා. එයා තමයි මටත් ඉස්කෝලේ ඇවිදින් ඒක ගැන කියවල මට උණ බෝ කරේ. 


කුළුඳුල් X-Files කොටස :
ඉස්සෙල්ලම බැලුව කොටස තාමත් මතකයි : Our Town. හැබැයි මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. උප සිරැසි තිබුනත්. එදා පළවැනි දවසේ මම අර කාටද මැජික් වගේ කටත් අරන් බලන් හිටියා මිසක්. මොකද සාමාන්‍යෙන් බලලා පුරුදු වැඩසටහන් වගේ නෙවෙයි නේ. මුලින් නම් ගම් මියුසික් මුකුත් යන්න කලින් ඔන්න පෙන්නනවා වෙච්ච සිද්ධිය. මොකක් හරි අමුතු පටලැවිල්ලක් තමයි ඉතින්. 

X-Files කතා වර්ග 2 යි
සාමාන්‍යෙන් මේකේ කොටස් කොට්ටාශ 2 කට අයිති වෙනවා. 
  1. එක්කෝ පිට සක්වල ජීවින් ඉන්න, කලින් සහ ඉදිරියට සම්බන්දකම් ඇති කොටස් මාලාවක කෑල්ලක්. මේ ගණයට අයිති කොටස් වල තමයි අර සිගරට් බොන එපා කරපු පොර ඉන්නේ(CSM). මෝල්ඩර් ගේ නංගි ගැන, ස්කලිගේ පිළිකාව ගැන, ස්කලීගේ බෙල්ලේ තියෙන චිප් එක ගැන එහෙම කතන්දර යන්නේ මේවගේ. මේවට කට්ටිය නම දාල තිබ්බේ 'Mytharc episodes' කියලා. මේවා වලින් කියන්නේ ඇමෙරිකානු රජයත් පිටසක්වල ජීවින් අතරත් තියෙන 'මහා කුමන්ත්‍රණයක්' ගැනයි. උදාහරණ විදියට  - "Deep Throat, "Little Green Men, "Duane Barry", "Anasazi",  "Memento Mori , "The Unnatural" ගන්න පුළුවන්.
  2. අනිත් වර්ගේ තමයි තනි කතා කොටස්. ඒ කියන්නේ අර දිගට යන 'මහා පිටසක්වල කුමන්ත්‍රණ' කතාවට සම්බන්දයක් නැති කතා. මේවට යන්නේ මොකෙක් හරි අසාමාන්‍ය Monster කෙනෙක් හරි නැත්නම් අමනුෂ්‍ය බලවේග හරි එහෙමත් නැත්නම් අමුතු සතෙක්/සත්තු වගේ දේවල්. මේවාට කිව්වේ 'Monster-of-the-week episodes' කියල. උදා - Squeeze, "Tooms", "Triangle","The Post-Modern Prometheus ", "Jose Chung's From Outer Space", .

 ප්‍රථම ප්‍රේමය
කට්ටිය බලයි මේ මොන කුණු හරුපයක්ද කියල. ඉතින් අනේ ෆොක්ස් මෝල්ඩර් තමයි මගේ නිකැළැල් කුළුඳුල් ප්‍රේමය. අවුරුදු 13 වගේ චුටි කාලේදී බැන්ද ආදරේ කවදාවත් අමතක කරන්න පුලුවන්ද මං අහන්නේ? මෝල්ඩර් ට කතාවකදී මොනා හරි උනොත් මට ඊට පස්සෙන්දට කන්නත් බෑ. අනිත් යාළුවො අර ඛාන්, මේ ඛාන් මෙකී නොකී හින්දි නළුවොන්ගේ පෝස්ටර් බිත්තියේ අලවද්දී මගේ කාමරේ බිත්තියේ තිබුනේ, කොහෙන්ද හොයාගත්ත, I Want to Believe කියල උඩින් ලොකුවට ගහපු, යටින් මෝල්ඩර් ස්කලී දෙන්න ඉන්න පෝස්ටර් එකක්.


මෝල්ඩර් - ස්කලී
මේ කතා මාලාව මේ තරම් ජනප්‍රිය වෙන්න එක හේතුවක් මේ ප්‍රධාන චරිත දෙක. මේ දෙන්නගේ තිබුන මිත්‍රත්වය හරිම ආදරණීයයි. මොල්ඩර්ගේ පිස්සු වැඩ වලට, එයාගේ අමුතු මත වලට ස්කලී කොච්චර නෝන්ඩි දැම්මත්, මොල්ඩර්ට බැන්නත්, එයා අමාරුවේ වැටුන වෙලාවට ස්කලී එයාව අත අරින්නේ නෑ. ඒ වගේමයි ස්කලී ව පිට සක්වලයෝ පැහැර ගෙන ගියාම, එයා මාරාන්තිකව අසනීප උනාම, මෝල්ඩර් තමන්ගේ ජීවිතෙවත් බලන්නේ නැතුවයි ස්කලීව බේර ගන්නේ. අපි ඉතින් පැණි හල හල බලන් ඉන්නේ මේ දෙන්න කොයි වෙලාවේ සෙට් වෙයිද කියලා. හැබැයි ඇත්ත කියනවා නම් ඒ දෙන්න අන්තිම වෙන කල්ම 'සෙට්' නොවී හිටිය නිසා තමයි කතාව මෙච්චර හොඳ උනේ. මොකද එක්ස් ෆයිල්ස් කියන්නේ සීනි බෝල ප්‍රේම කතාවක් නෙවෙයි. 


ජාතික රුපාහිනියේ ගොන් පාට්
එක්ස්ස් ෆයිල්ස් පෙන්නපු එක මෙයාල කරපු හොඳ දෙයක් තමයි. ඒ උනාට එන්න එන්නම එක්ස් ෆයිල්ස් වලට දුන්නේ කුඩම්මාගේ සැලකිලි. මුලින්ම එක්ස් ෆයිල්ස් පටන් ගත්තේ රෑ 10. 10 ට. පස්සේ පස්සේ වෙලාව තවත් පස්සට ගියා. පහුවෙන්දා ඉස්කෝලේ දවසක් නිසා මම තාත්තාගෙන් කොච්චර බැනුම් අහනවද ඒ දවස්වල? සමහර දවස් වලට නම් තාත්තට දුක හිතිලා මට නිදා ගන්න කියල එයා කතාව රෙකෝඩ් කරලා දෙනවා මට පහුවෙනිදා ට බලන්න. 
අනිත් එක තමයි හොඳට කට අරගෙන ටී වී එක ඉස්සරහින් වාඩි වෙලා බලන්න ලෑස්ති උනාම මෙන්න සමහර දවස් වලට කව්රු හරි දේශපාලු වෙක්ගේ මොකක් හරි එකක් දානවා. සමහර දවස් වලට මොකද්ද සංගීත සන්දර්ශනෙකුත් ගියා. අනේ මන්ද ඒවා කව්රු බැලුවද කියලා.
 අපි ඉතින් අවුරුදු 9 ක්ම බලන් හිටියනේ මෝල්ඩර් ස්කලී දෙන්න සෙට් වෙනවද කියලා. ඔන්න අනිතිමට දෙන්න සෙට් උනා. මේ අවසාන කොටස් වලදී. ඉතින් ඒ දෙන්න කිස් කරන පොඩි කෑල්ලක් තිබුන එක තැනක. හිටු කියල රුපවාහිනියේ ගොන් බලධාරියා කැපුවේ නැද්ද ඕක. මට ඒ වෙලාවේ නම් ටී වී එක පොළවේ ගහන්න හිතුනා.


වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි
ටිකක් කල් යනකොට සමහර එක්ස් ෆයිල්ස් කතා වලට කලින් ඔන්න ඔය කෑල්ල දානවා. ඔහොම දාන්න හේතුව වෙන්න ඇත්තේ මිනිස්සුන්ව අර monsters ල කන, වමාරන ඒවා, ස්කලී මැරුණ අයව කපන කොටන කැලි (autopsy) එහෙම නිසා වෙන්න ඇති. නැත්නම් කිසිම අසභ්‍ය දෙයක් නම් තිබුනේ නැහැ. මම ඉතින් පොඩිහිටියා උනත් එක්ස් ෆයිල්ස් ගැන දන්න නිසා ගෙදර අය මුකුත් තහනම් දැම්මේ නැහැ (අනික ඉතින් කොහොමත් ගොඩක් දවස් වලට එයාල ඒ වෙලාවට නිදි නේ! හික්ස්). ඉතින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් මාත් බලනවා කියලා මට ඒ දවස් වල මාර ආතල් එකක් තිබුනේ!



කණාමැදිරි එළි පිටසක්වල එළි වීම
මට තිබුන පිස්සුවෙ හැටියට, රෑට පාඩම් කරන කොට පාඩම පැත්තක තියෙද්දී එක්ස් ෆයිල්ස් වල තිබුන මොකක් හරි ගැන හිත හිත ඉන්නවා. දවසක් කාමරේ එළියේ එළි වගයක් දැකලා මට හරි සතුටු හිතුනා පිට සක්වල එළි කියල. ඒවා ඉතින් කණාමැදිරි එළි කියල චුට්ටකින් අවබෝධ උනාට, එදා රෑම කරේ පිට සක්වල ජීවින් ගැන හිත හිත හිටපු එකයි.


ස්කලී ගේ Girl Power එක 
වෙන කතාවල ඉන්න ගැහැණු චරිත වගේ නෙවෙයි ස්කලී. සාමාන්‍යෙන් කතා වල ඉන්න ගැණු කට්ටිය එක එක විලාසිතා කරන, මේක් අප් තට්ටුවක් ගාගත්ත, චුටි චුටි ඇඳුම් කැලි අඳින, හරිම ලඳ බොළඳ කට්ටියනේ. එකට ස්කලී. ධෛර්යය, නොපසුබසින උත්සාහය, මිතුරාව අත් නොහැරීම, තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකිරීම, බුද්ධිමත් බව, නිර්භීත කම, කරුණාවන්ත කම - මේ හැම දෙයකින්ම එයා පොහොසත්.


මෝල්ඩර් ගේ පාස් වර්ඩ් එක
මේක මතකද? ... TrustNo1. මාත් මේක කාලයක් දාගෙන හිටියා (දැන්නම් නැහැ හොඳේ හික්)


හෆොයි දන්නෙම නැතුව මේ පොස්ට් එක සැහෙන දිග උනා. කොහොම උනත් අන්තිමට කියන්න තියෙන්නේ දැන් මේ වගේ කතා හැදෙන්නේ නැති එක ගැන හරිම දුකයි කියලයි. ඒ වගේම එක්ස් ෆයිල්ස් ඕනවට වඩා දික් කරා කියලත් මට හිතෙනවා. අර අන්තිම කාලේ මෝල්ඩර් නැතුව කිසි වැඩකට නැති ඩොගට් ව දාගෙන දිව්ව ඒවා නම් මට ඇල්ලුවේ නැහැ. ඒ වගේම පලවෙනි එක්ස් ෆයිල්ස් චිත්‍රපටිය Fight the Future ගොඩක්ම හොඳයි. ඒත් දෙවෙනි එක I Want to Believe එක්ස් ෆයිල්ස් වලටත් අපහාසයක්. තුන්වෙනි එකක් හදන්න එයාලට අදහසක් තියෙනවා කියල මම කොහෙද දැක්කා. හදනවා නම් හරියට හැදුවොත් හොඳයි - නැත්නම් නොහද ඉන්න එක ඊට හොඳයි.

අන්තිමට එක්ස් ෆයිල්ස් tagline එකෙන්ම ඉවර කරන්නම් කෝ :   
....The Truth is out there....


ප.ලි - ඔන්න කට්ටියට බලන්න වීඩියෝ එකක් දැම්ම. මේක Postmodern Prometheus කොටසින්. අන්තිමට ම තියෙන මෝල්ඩර් ස්කලී ගේ ඩාන්ස් එක මතකද?





ප.ප.ලි - පින්තුර ගත්තේ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.


Comments

  1. බොරු කියන්නේ මොකද, මගෙත් පලවෙනි ලව් එක එයාම තමයි. ඒ දවස වල මට කොහෙන් හරි නෙට් යන්න පුළුවන් වුනොත් මම කරන්නේ X-files රූප හොයන එක. මගේ ළඟ ඉස්සර හෙන ලොට්‌ එකක් තිබුනා ඒ පින්තුර. මායි මල්ලියි තමා ඕක බලන්නේ. අර යක්කු පෙන්නනකොට ඇස වහගෙන බලමු හැටි ආයෙත් මතක වුනා මේක කියෙව්වම. ස්කලීගේ සහ මොල්ඩර්ගේ ආදර කතාව ගැන කියපු දෙයටත් එකඟයි. හැම එපිසෝඩ් එකක් අන්තිමටම චුටි ලව් සීන් එකක් තියනවනේ, ඒක තම මම ආසාවෙන්ම බලන කෑල්ල. මටත් මතකයි සමහර දවස වලට රෑ වෙනකන් ඇහැරගෙන ඉඳලා දේශපාලු කතා දානකොට රුපවාහිනියට බැන බැන නිදා ගත්ත හැටි. අපි හැමෝම බලන ගියාම පොඩි කාලේ මේක නම් බලලා තියනවා වගේ නේද අක්කේ?

    ReplyDelete
  2. @deeps
    ඔයාගෙත් first love එක එයාද? එකනේ කියන්නේ...ඔව් ඔව් මා ගාවත් ඒ දවස් වල මෙයාලගේ පින්තුර ගොඩක් තිබ්බ. වෝල් පේපර් පුරවල! මේ වගේ ගොඩක් පිරිසක් නරඹපු, රස විඳපු, ඉවර වෙලා අවුරුදු ගානක් ගියාට පස්සේ තාමත් කතා කරන තවත් ටෙලි නාට්‍යක් තියෙනවද මන්දා.
    මතකයන් බෙදා ගත්තට ස්තුතියි නංගී!

    ReplyDelete
  3. මගෙත් පළවෙනි ලව් එක මෝල්ඩර් නෙවෙයි! හැබැයි ස්කලී! :D

    පොඩිම කාලෙ මම හිතන්නෙ මට අවුරුදු හතේදි විතර වගේ තමයි රූපවාහිනියෙ X-Files පෙන්නන්න පටන්ගත්තෙ. ඒ කාලෙ නම් X-Files බැලුවෙ නෑ, බලන්න හිතුනෙ නෑ. මාර බයයි.

    පස්සෙ ටිකක් විතර ලොකු වයසට ආවාම. ඒ කියන්නෙ 12 විතර වගේ ඉඳල තමයි ආයෙ X-Files බලන්න පටන්ගත්තෙ.

    කොහොමහරි හොස්ටල් එකට ආවාට පස්සෙ ඉඳල හිටල මහ රෑ X-Files බලන්න අවස්ථාව ලැබුන. අපේ හොස්ටල් එක කොටස් දෙකයි. ඉස්කෝලෙ ලොකු පිට්ටනියෙන් ඒ කොටස් දෙක වෙන්වෙලා තිබුන. TV බලන්න පිට්ටනිය හරහා යන්න ඕනෙ. ඔන්න එකදවසක් මහා බයානක X-Files කොටසකට පස්සෙ මහ රෑ ආයෙ අපිට අයිති හොස්ටල් කොටසට එනකොට දැනෙන බය ආයෙ අමුතුවෙන්න කියන්න ඕනෙ නෑ නේද?

    පුදුම ත්‍රිල් එකක්! :D
    --
    ප.ලි.: Nicely written! :)

    ReplyDelete
  4. දැං බලං යනකොට අපිටත් වඩා එක්ස්ෆයිල්ස් බලල තියෙන්නෙ ගැල්ලමයිනේ!

    අනේ මටනං හරිම සතුටුයි.

    මොකද දන්නවද? ඕගොල්ල ඕක්කොමලා මගේ නැණන්ඩිලා වෙන හින්දා.

    මතකනේ මම ඒ පෝස්ට් එක පටන් ගද්දිම මෙන්න මෙහෙම කිව්වා.

    ‘‘එක්ස් ෆයිල්ස් කියන්නෙ මම කැමතිම කතා වලින් එකක්. කොටින්ම මම මෝල්ඩර්ට සලකන්නෙ අපේ අයියා කෙනෙක්ට වගේ.“

    -කෙහෙල්කොටුවේ චූටි මහත්තයා

    ReplyDelete
  5. ජාතික රූපවාහිනියේ ගොම්පාට් ගැනනං ඉතිං මොන කතාද? සැදී පැහැදි කතාව බලන්ඩ ඉද්දි නොවැලැක්විය හැකි හේතුවක් කියලා වැල් බයිලා දානවා.....

    ReplyDelete
  6. @Supun
    දැන් බලාගෙන ගියාම කට්ටියගෙම first love එක X-Files වලට සම්බන්ධයි නේ හික්ස්
    කොහොමද රෑ පිට්ටනිය මැදින් යද්දී පිටසක්වල යානාවක් ඇවිත් ඔයාලව කුදලන් ගියානම්?! කාට කියන්නද එතකොට... හැබැයි මෝල්ඩර් (ආ සොරි ඔයාට නම් කියන්න වෙන්නේ ස්කලී) සරණං ගච්චාමි ගාථාව කිව්වනම් බය ඇරෙනවා.
    මේ පැත්තේ ඇවිත් ගියාට ස්තුතියි මල්ලි!

    ReplyDelete
  7. @බුද්ධි
    ඒකනේ මස්සිනා! ඔයා බාප්පා කෙනෙකුත් උනා නේද කතාවේ අන්තිමට...
    හයියෝ ගැණු ළමයි කොච්චර මේක දත කට මැදගෙන බැලුවද? එක පාරක් ඒ සීරිස් එක අන්තිමට මෝල්ඩර් සිය දිවි නසා ගත්ත කියල පෙන්නනවා (හැබැවටම එහෙම නෑ කියල පෙන්නන්නේ පස්සේ). පස්සෙන්ද පන්තියම මළ ගෙයක් වගේ. හික්ස්

    ඔයාගේ පෝස්ට් එකෙන් තමයි මටත් මේක ලියන්න අදහස පහල උනේ... ඒ වගේම මෙහෙ ආවාටත් ස්තුතියි!

    ReplyDelete
  8. ඉස්සර TV එක කාමරේට අරගෙන ඇදේ ඉදලම X-Files බලල ඇඳ යට ඒලියන් කෙනෙක් ඉන්නව ද කියල චෙක් කරල චූ බරේ ම නිදා ගන්නවා (එළියට යන්න බය නිසා)
    සිරසෙ ගියා Chris Carter ගෙම Millenium කියල TV series එකක් එළ
    තව සිරසෙ ගියා Dark skys කියල එකත් එළ..

    ReplyDelete
  9. @රඹා
    මොකක් හරි හේතුවක් නිසා මම X-Files බලල බය වෙලා නැහැ. ඉවර වෙනකොට ගෙදර අනිත් අය නිදි නිසා තනියම ගෙදර ලයිට් නිවලා නිදා ගත්ත දවස් තිබුනා. හැබැයි මම ගොඩක් පොඩි කාලේදී නෙවෙයිනේ බැලුවේ - අවු 12 - 13 දී වගේ ඉඳන් නේ - එක නිසා වෙන්නැති බය නොවුනේ.
    ඔව් ඔව් Dark Skies ත් මම ආසාවෙන් බැලුවා.හැබැයි අන්තිමට දුකයි නේද? Millennium නම් මට ඇල්ලුවේ නැහැ. මට ඒක බලද්දී කම්මැලි හිතුනා.
    ස්තුතියි කමෙන්ටුවට!

    ReplyDelete
  10. very well written!!.I downloaded all the episodes now:-) Mulder was my first love too:-)Best show ever..

    ReplyDelete
  11. @papertrails
    yours too?! Great minds think (love?) alike I guess :D
    Thanks for stopping by!

    ReplyDelete
  12. මේ ලියල තියෙන්නෙ එල කිරිස් වගේ.... X-files බලන්න ගිහින් අහපු බැනුම්... ඔක්කොමත් එක්ක කිව්ව වගේ රූපවාහිණියෙ උන්ගෙ මෝඩ ජෝක් දැමිල්ලයි... ඒ වෙලාවට වෙන වැඩසටහන් දාපු එකටයි නම් සාතන්ට මල උපරිම...

    මම නම් වැඩි‍යම කැමති කෑල්ලක් අර මෝල්ඩරුයි ස්කලියි කැලේක අතරමන් වෙලා, තුවාල වෙලා හිටපු මෝල්ඩර් ස්කලිගෙ ඔඩොක්කුවෙ නිදාගන්න එක... පොර නිදාගන්නව විතරක් නෙමෙයි නින්ද යනකන් නැලවිලි ගී කියන්න කියලත් කියනව ස්කලීට... :)

    හැබැයි ඔන්න දැන් ස්කලී ඉන්නෙ ලංකාවෙ කියලයි ආරන්චිය... යක්කල නිට්ටඹුව පැත්තෙ එල කිරිස් ගෙයක් හදල තියෙනවලු... හොයල බැලුවහම සීන් එක බොරුවක් නෙමෙයි...

    ReplyDelete
  13. @සාතන්
    ආ ඔව් මට මතකයි ඒ කෑල්ල. මාත් ඒකට ආසයි. ඒ දෙන්නා Pot modern Prometheus ඩාන්ස් කරන කෑල්ලත් මගේ ප්‍රියතම ජවනිකාවක්... එතකොට අර බර්මියුඩා ත්‍රිකෝණය ගැන කතාවෙත් ලස්සන සිද්ධි ටිකක් තියෙනවා.
    මොකක් කිව්වා? ස්කලී නිට්ටඹුවේ? මොකක් හරි මඩක් නේද? හික්ස්
    හැබැයි ස්කලීගේ චරිතේ රඟපාන ජිලියන් ඇන්ඩසන් නම් ලංකාවට ආපු වෙලාවක එයා පොර්ට් එකේදී ලංකාවේ පොරක් එයාව ඇඳින ගෙන පිස්සුවෙන් වගේ කියවන්න ගත්තලු. ලංකාවේ මෙච්චර එක්ස් ෆයිල්ස් ජනප්‍රියයි කියල එයාට පුදුමත් හිතුනලු.
    ඔයාගේ එක්ස් ෆයිල්ස් මතක බෙදාගත්තට ස්තුතියි!

    ReplyDelete
  14. ඔන්න මාත් ආවා මේ පැත්තෙ .....

    මාත් බලලා තියනවා ඒත් සම්පූර්ණයෙන් බලලා නැහැ .....

    කොහොම උනත් හොඳ විග්‍රහයක් ......

    ReplyDelete
  15. @පන්සල් හංදිය
    තෑන්ක් යූ වේවා අයියේ!

    ReplyDelete
  16. වැඩේ මොන තරම් දරුණුවට ගියාද කියනවානම් පස්සේ කොම්පීතරයක් ගත්තු කාලෙක මම x files වල එපිසෝඩ් ඔක්කොම බෑවා මතකයි.
    හතර වටේට x files සීසන්ස් ටික තියෙනවා කියලා ඒ දවස් වල යාලුවෝ ඉස්සරහ පොර සීන් දාපු විදිය මත වෙනකොට දැන්නම් හිනහත් යනවා..!
    මොකක් උනත් දැන් මේ යන වට්ටෝරු ටෙලි කතා වලට වඩා x files මා නම් දාහෙන් සම්පතයි.
    ස්තූතියි..! මරු පෝස්ට් එක.

    ReplyDelete
  17. @Lishan
    මම දැන් නිකන් ඉන්න වෙලාවට X-files ඔන්ලයින් බලනවා. ඒවා බලනකොට ඒ කාලේ හිටපු මාවත් මතක් වෙනවා. ඉස්සරම මට අවුරුදු 13 - 14 කාලේ X-files පොත් තිබුනා විජිත යාපා පොත් හලේ. අන්තර්ජාලෙන් බාගන්න හැටි දන්නේ නෑනේ ඒ කාලේ. ඉතින් ඒ පොත් හරිම ගණන්. මම පාඩම් නොකර පොත් කියවනවා කියල මට පොත් කියවන්න තහංචි දාල තිබ්බේ ඔය කාලේ. ඉතින් ඒක නිසා රුපියල් 500 - 600 කට ඕවා ගන්න කොහොමත්ම සල්ලි හම්බෙන්නේ නැහැ ගෙදරින්. මම ඒවා අතගාල අතගාල තියල එනවා...ස්තුතියි මේ පැත්තේ ආවට හොඳේ !

    ReplyDelete
  18. හයියෝ.. මාත් X-files පිස්සියෙක්නෙ. ඒ දවස්වල පාඩම් කරනව වගේ බොරුවට පොත අල්ලන් ඉඳලා හැමෝම නිදාගත්තට පස්සෙ වෙලාව එනකොට හීනියට ටීවී එක දාගන්නව සද්දෙ නෑහෙන්න. උපසිරැසි යනවනෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන