Skip to main content

පරණ අවුරුද්දේ අන්තිම POST එක

පරණ අවුරුද්දේ අන්තිම පැය ටිකනේ දැන් මේ ගෙවෙන්නේ. ඉතින් අන්තිම පොස්ට් එක සිංහලෙන් ලියන්න හිතුනා..
හ්ම්ම්..අද නම් මං අපරාදෙ කියන්නැතිව බහු ජන හිතාය වැඩ ගොඩක් කළා.. ඒ කිව්වේ අවුරුදු කෑමක් හැදුවා - සාලෙ මොප් කළා - පහන පොලිෂ් කළා ...ආ තව අසල්වාසීන්ට කැවිලි පිඟං අරන් ගියා...මගේ කාමරේ අස් කරා (- ඒක ඉතින් බහු ජන නෙවෙයි නෙ - මට විතරයි නෙ :D )

ඉස්සෙල්ලම කියන්නම් හදපු කෑම ගැන - හැදුවෙ බිබික්කම් හෙවත් පොල් කේක් හෙවත් පෝරං ආප්ප (කැමති එකක් කියාගන්න. අම්බලංගොඩ පැත්තෙ බිබික්කං කියනවා, පානදුරේ පෝරං ආප්ප, කොළඹ පොල් කේක් --- හ්ම්ම් පැටලුනාද මන්ද කොහොම හරි මං ඔය පළාත් තුනේම ඒව කියනව. අසන්නෝ සිහි බුද්ධියෙන් අසත්වා )

ඒක හදන්න හරී ලේසියි. අමාරු පොල් ගාන එක විතරයි :) පැණි සීනි ලිප තියලා ඒක පත් පැණි වෙන කොට පොල් සහ කැන්ඩීඩ් පීල් දාන්න යි තියෙන්නෙ. හැබැයි පත් පැණි සීන් එක නම් ටිකක් සංකීර්ණ්යි. ඒක බලන්න ගිහින් ඇඟිල්ලත් පිච්චුනා :(
මට මේ පාර කැන්ඩීඩ් පීල් හොයාගන්න බැරිඋනා :( අපරාදෙ කියන්න බෑ පුනර්ජීවනයේ නගරයේ නම් කේක් බඩු ගන්න නියම තැනක් තියෙනවා. මැරවින් ගේ අඩවියේ නැද්ද මන්ද.
ඉතින් මං මෝඩය වගේ ඉස්සෙල්ලම පොල් පැණි මික්ස් එක හැදුව.
ඔන්න මතක් උනා රට ඉඳි කැපුවෙ නෑ නෙ - සුවඳ කුඩු හැදුවෙ නෑනෙ කියල. ඉතින් අරක නිවෙන්න කළින් දඩි බිඩි ගාල කෙටුව සුවඳ කුඩු. හදිසි අවස්ථාවල්දි කතා කරන එමජන්සි අංකයත් ඇමතුවා - ඒ කිව්වෙ අම්ම. ඔන්න රට ඉඳි කාලක් විතර කපාගෙන යද්දි හදිසි අවස්ථා ඒකකයේ රේඩාර් එකට පෙනුනා අවන් එක රත් වෙන්න දාල නැති විත්තිය.

හදිසි අවස්ථා ඒකකය : මේ ළමයට කිසිම සිහිය ක් නෑ නෙ. ඔයා අවන් එක දාන්න හිටියෙ ඔක්කොම කරාට පස්සෙද? ඊට පස්සෙ ඒක 150ට රත් වෙන කන් උඩ බලාගෙන ඉන්න. අනේ ඇත්තට මෙහෙම ගෑණු ළමයි blah blah blah

මම : ආ ඉතින් ඒකනෙ මං එමජන්සි යුනිට් එක ළඟ තියාගෙන ඉන්නෙ.

කොහොම හරි ඉතින් අවන් එක දාල රට ඉඳි සහ ජින්ජර් ප්‍රිසව්ස් කපල ඒ වගේම සුවඳ කුඩු ටිකක් කොටාගෙන මාදුරු කබලෙ බැදගෙන පාන් පිටි හලලා කජු කපලා එසන්ස් දාන ඒව දාල බැලින්නම් අවන් එක 150 යි.

මම : කොහොමද මම මාර එෆිශන්ට් නේද. ගාණට 150.

හ. අ. ඒ: මේ ඔයාගෙ පොතේ තියෙන්නෙ 150 නෙවෙයි 125 කියල නෙ.

මම : Oops!

මං ඉතින් 150 ම බේක් කළා. හැබැයි ඉතින් මොකුත් අවුලක් උනේ නෑ. හ්ම්ම්..කාල ටික වෙලාවක් යනවලුනේ ප්‍රතිපල දෙන්න...හෙට වෙද්දි රිසල්ට් එක එයි නෙ. කොහොම නමුත් අසල්වැසියන්ට යවපු කැවිලි පිඟන් වලට මං හදපු බිබික්කන් තියන්න අම්මා ඉඩ දුන්නෙ නෑ. අනේ මන්ද මොකද කියල. :D

තව එකක්. මේ පැත්තෙ කැවිලි පිඟන් දෙන්නෙ නොනගතේට පස්සෙ ලු. ඒක දැන ගත්තෙ අද. ඔන්න අසල්වැසි නො.1 ට පිඟාන දුන්නා. ඒ මිනිස්සු ටිකක් හොල්මන් වෙච්ච ගතියක් පෙනුනා. ගනන් ගත්තෙ නෑ ඉතින්. ඉතින් දැන් බලන් ඉන්නවා පිඟාන ආපහු දෙනකන්. ම්හු. එයා ආ ගිය තොරතුරු කතා කරනවා. ඉතින් ඒ පාර සුභ අලුත් අවුරුද්දක් කියල මං ආව. ඔය වැඩේ තුන් පල කින්ම උනාමයි දැන ගත්තෙ මෙහේ කැවිලි හුවමාරු කරන්නෙ අලුත් අවුරුද්ද ලැබුවාට පස්සෙ කියලා!

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ සැමටම සුභම සුභ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා!

Comments

  1. You'd have to hurry before it's all gone!

    ReplyDelete
  2. Haha..well may be its already too let but any way...Suba Aluth Awruddak wewa..

    ReplyDelete
  3. පොල් කේක්!! අනේ අක්කේ මටත් කියල දෙන්නකෝ හදන හැටි

    ReplyDelete
  4. අපේ කටේ කෙළ බේරවලා කෑවා නේද තනියම?

    ReplyDelete
  5. @realskullzero
    Thanks! better late than never huh? :D

    @deeps
    දෙන්නම්! ඉතින් recipe එක එවන විදියක් කිව්වොත් ඒක එවතෑකි...

    @binku
    මේ මේ මං හැමෝටම බෙදලා දීලා කෑවෙ!

    ReplyDelete
  6. අඩේ... පුනර්ජිවනයේ නගරයේ කෙනෙක් බ්ලොග් වල දකින්න ලැබීම සතුටක්!

    ReplyDelete
  7. මොකක්ද අප්පේ ඔය පුනර්ජිවනයේ නගරය?

    ReplyDelete
  8. @malee_msg
    Hehe you too? pleasures all mine sis!

    @deeps
    LOL නංගි ඒක තමයි පැනඩියුරා!

    ReplyDelete
  9. මේකට මෙච්චර ස්පෑම් එන්නේ මොකෝ අක්කියෝ?

    ReplyDelete
  10. @deeps:
    dunno men :( deleted all!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන