Skip to main content

පරණ අවුරුද්දේ අන්තිම POST එක

පරණ අවුරුද්දේ අන්තිම පැය ටිකනේ දැන් මේ ගෙවෙන්නේ. ඉතින් අන්තිම පොස්ට් එක සිංහලෙන් ලියන්න හිතුනා..
හ්ම්ම්..අද නම් මං අපරාදෙ කියන්නැතිව බහු ජන හිතාය වැඩ ගොඩක් කළා.. ඒ කිව්වේ අවුරුදු කෑමක් හැදුවා - සාලෙ මොප් කළා - පහන පොලිෂ් කළා ...ආ තව අසල්වාසීන්ට කැවිලි පිඟං අරන් ගියා...මගේ කාමරේ අස් කරා (- ඒක ඉතින් බහු ජන නෙවෙයි නෙ - මට විතරයි නෙ :D )

ඉස්සෙල්ලම කියන්නම් හදපු කෑම ගැන - හැදුවෙ බිබික්කම් හෙවත් පොල් කේක් හෙවත් පෝරං ආප්ප (කැමති එකක් කියාගන්න. අම්බලංගොඩ පැත්තෙ බිබික්කං කියනවා, පානදුරේ පෝරං ආප්ප, කොළඹ පොල් කේක් --- හ්ම්ම් පැටලුනාද මන්ද කොහොම හරි මං ඔය පළාත් තුනේම ඒව කියනව. අසන්නෝ සිහි බුද්ධියෙන් අසත්වා )

ඒක හදන්න හරී ලේසියි. අමාරු පොල් ගාන එක විතරයි :) පැණි සීනි ලිප තියලා ඒක පත් පැණි වෙන කොට පොල් සහ කැන්ඩීඩ් පීල් දාන්න යි තියෙන්නෙ. හැබැයි පත් පැණි සීන් එක නම් ටිකක් සංකීර්ණ්යි. ඒක බලන්න ගිහින් ඇඟිල්ලත් පිච්චුනා :(
මට මේ පාර කැන්ඩීඩ් පීල් හොයාගන්න බැරිඋනා :( අපරාදෙ කියන්න බෑ පුනර්ජීවනයේ නගරයේ නම් කේක් බඩු ගන්න නියම තැනක් තියෙනවා. මැරවින් ගේ අඩවියේ නැද්ද මන්ද.
ඉතින් මං මෝඩය වගේ ඉස්සෙල්ලම පොල් පැණි මික්ස් එක හැදුව.
ඔන්න මතක් උනා රට ඉඳි කැපුවෙ නෑ නෙ - සුවඳ කුඩු හැදුවෙ නෑනෙ කියල. ඉතින් අරක නිවෙන්න කළින් දඩි බිඩි ගාල කෙටුව සුවඳ කුඩු. හදිසි අවස්ථාවල්දි කතා කරන එමජන්සි අංකයත් ඇමතුවා - ඒ කිව්වෙ අම්ම. ඔන්න රට ඉඳි කාලක් විතර කපාගෙන යද්දි හදිසි අවස්ථා ඒකකයේ රේඩාර් එකට පෙනුනා අවන් එක රත් වෙන්න දාල නැති විත්තිය.

හදිසි අවස්ථා ඒකකය : මේ ළමයට කිසිම සිහිය ක් නෑ නෙ. ඔයා අවන් එක දාන්න හිටියෙ ඔක්කොම කරාට පස්සෙද? ඊට පස්සෙ ඒක 150ට රත් වෙන කන් උඩ බලාගෙන ඉන්න. අනේ ඇත්තට මෙහෙම ගෑණු ළමයි blah blah blah

මම : ආ ඉතින් ඒකනෙ මං එමජන්සි යුනිට් එක ළඟ තියාගෙන ඉන්නෙ.

කොහොම හරි ඉතින් අවන් එක දාල රට ඉඳි සහ ජින්ජර් ප්‍රිසව්ස් කපල ඒ වගේම සුවඳ කුඩු ටිකක් කොටාගෙන මාදුරු කබලෙ බැදගෙන පාන් පිටි හලලා කජු කපලා එසන්ස් දාන ඒව දාල බැලින්නම් අවන් එක 150 යි.

මම : කොහොමද මම මාර එෆිශන්ට් නේද. ගාණට 150.

හ. අ. ඒ: මේ ඔයාගෙ පොතේ තියෙන්නෙ 150 නෙවෙයි 125 කියල නෙ.

මම : Oops!

මං ඉතින් 150 ම බේක් කළා. හැබැයි ඉතින් මොකුත් අවුලක් උනේ නෑ. හ්ම්ම්..කාල ටික වෙලාවක් යනවලුනේ ප්‍රතිපල දෙන්න...හෙට වෙද්දි රිසල්ට් එක එයි නෙ. කොහොම නමුත් අසල්වැසියන්ට යවපු කැවිලි පිඟන් වලට මං හදපු බිබික්කන් තියන්න අම්මා ඉඩ දුන්නෙ නෑ. අනේ මන්ද මොකද කියල. :D

තව එකක්. මේ පැත්තෙ කැවිලි පිඟන් දෙන්නෙ නොනගතේට පස්සෙ ලු. ඒක දැන ගත්තෙ අද. ඔන්න අසල්වැසි නො.1 ට පිඟාන දුන්නා. ඒ මිනිස්සු ටිකක් හොල්මන් වෙච්ච ගතියක් පෙනුනා. ගනන් ගත්තෙ නෑ ඉතින්. ඉතින් දැන් බලන් ඉන්නවා පිඟාන ආපහු දෙනකන්. ම්හු. එයා ආ ගිය තොරතුරු කතා කරනවා. ඉතින් ඒ පාර සුභ අලුත් අවුරුද්දක් කියල මං ආව. ඔය වැඩේ තුන් පල කින්ම උනාමයි දැන ගත්තෙ මෙහේ කැවිලි හුවමාරු කරන්නෙ අලුත් අවුරුද්ද ලැබුවාට පස්සෙ කියලා!

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ සැමටම සුභම සුභ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා!

Comments

  1. You'd have to hurry before it's all gone!

    ReplyDelete
  2. Haha..well may be its already too let but any way...Suba Aluth Awruddak wewa..

    ReplyDelete
  3. පොල් කේක්!! අනේ අක්කේ මටත් කියල දෙන්නකෝ හදන හැටි

    ReplyDelete
  4. අපේ කටේ කෙළ බේරවලා කෑවා නේද තනියම?

    ReplyDelete
  5. @realskullzero
    Thanks! better late than never huh? :D

    @deeps
    දෙන්නම්! ඉතින් recipe එක එවන විදියක් කිව්වොත් ඒක එවතෑකි...

    @binku
    මේ මේ මං හැමෝටම බෙදලා දීලා කෑවෙ!

    ReplyDelete
  6. අඩේ... පුනර්ජිවනයේ නගරයේ කෙනෙක් බ්ලොග් වල දකින්න ලැබීම සතුටක්!

    ReplyDelete
  7. මොකක්ද අප්පේ ඔය පුනර්ජිවනයේ නගරය?

    ReplyDelete
  8. @malee_msg
    Hehe you too? pleasures all mine sis!

    @deeps
    LOL නංගි ඒක තමයි පැනඩියුරා!

    ReplyDelete
  9. මේකට මෙච්චර ස්පෑම් එන්නේ මොකෝ අක්කියෝ?

    ReplyDelete
  10. @deeps:
    dunno men :( deleted all!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World