පරණ අවුරුද්දේ අන්තිම පැය ටිකනේ දැන් මේ ගෙවෙන්නේ. ඉතින් අන්තිම පොස්ට් එක සිංහලෙන් ලියන්න හිතුනා.. හ්ම්ම්..අද නම් මං අපරාදෙ කියන්නැතිව බහු ජන හිතාය වැඩ ගොඩක් කළා.. ඒ කිව්වේ අවුරුදු කෑමක් හැදුවා - සාලෙ මොප් කළා - පහන පොලිෂ් කළා ...ආ තව අසල්වාසීන්ට කැවිලි පිඟං අරන් ගියා...මගේ කාමරේ අස් කරා (- ඒක ඉතින් බහු ජන නෙවෙයි නෙ - මට විතරයි නෙ :D ) ඉස්සෙල්ලම කියන්නම් හදපු කෑම ගැන - හැදුවෙ බිබික්කම් හෙවත් පොල් කේක් හෙවත් පෝරං ආප්ප (කැමති එකක් කියාගන්න. අම්බලංගොඩ පැත්තෙ බිබික්කං කියනවා, පානදුරේ පෝරං ආප්ප, කොළඹ පොල් කේක් --- හ්ම්ම් පැටලුනාද මන්ද කොහොම හරි මං ඔය පළාත් තුනේම ඒව කියනව. අසන්නෝ සිහි බුද්ධියෙන් අසත්වා ) ඒක හදන්න හරී ලේසියි. අමාරු පොල් ගාන එක විතරයි :) පැණි සීනි ලිප තියලා ඒක පත් පැණි වෙන කොට පොල් සහ කැන්ඩීඩ් පීල් දාන්න යි තියෙන්නෙ. හැබැයි පත් පැණි සීන් එක නම් ටිකක් සංකීර්ණ්යි. ඒක බලන්න ගිහින් ඇඟිල්ලත් පිච්චුනා :( මට මේ පාර කැන්ඩීඩ් පීල් හොයාගන්න බැරිඋනා :( අපරාදෙ කියන්න බෑ පුනර්ජීවනයේ නගරයේ නම් කේක් බඩු ගන්න නියම තැනක් තියෙනවා. මැරවින් ගේ අඩවියේ නැද්ද මන්ද. ඉතින් මං මෝඩය වගේ ඉස්සෙල්ලම පොල් පැණ...
Just some random arrows of thought...