ඉස්සර නම් අවුරුදු එනකං බලන් ඉන්නේ කැවිලි කන්න, ඇඳුම් ගන්න එක්කම නෑදෑයෝ එක්ක කාඩ් ගහන්නත් ලැබෙන නිසා. අම්මා නම් කියන්නේ අවුරුද්දට තෙල් හට්ටියක් ලිපේ තියන්නම ඕනේ කියලා. කිරිබතක් හැදුවේ නැතිනම් අසුභයි කියලාත් ඒ දවස්වල ආච්චි අම්මා කියනවා. එක අවුරුද්දක කිරිබතක් ඉව්වේ නැතිනම් ආයේ එක පිට අවුරුදු තුනක් කිරිබත් උයන්ඩ බැරි වෙන්න හේතු කාරණා සිද්ද වෙනවා කියලත් එයා කිව්වා. අපේ අම්මා පොඩි කාලේ එක පාරක් සිංහල අවුරුද්ද කිට්ටු වෙලා එයාලගේ සීයා නැතිවුන නිසා කිරිබත් උයල නැහැ. ඉන් පස්සේ අවුරුද්දේත් ආයේ පවුලේ මරණයක් වෙලා ඒ පාරත් උයල නැහැ. එයින් පස්සේ තුන්වෙනි පාරත් මාමා කෙනෙක් නැතිවෙලා ඔහොම එක පිට එක තුන් පාරක් මරණ තුනක්ම වෙලා තියෙනවලු. ඒ හන්දා වෙන්ඩ ඇති ආච්චි අම්මා අර කතාව එතරම් තදින් විශ්වාස කරේ. එයා අසුභයි කිව්වේ, කිරිබත් උයන්න ඕනේ කමකට වඩා කිරිබත් නොඉව්වොත් පවුලේ මරණයක් වෙන්න පුළුවනි කියන බයට වෙන්න ඇති. හැබැයි ආච්චි අම්මා නැති උනෙත් අප්‍රේල් 13 රෑ නොනගතේ වෙලාවක. පහුවෙනිදා උදේ පාන්දර තමයි ලිප ගිනි මෙලවන්න තිබුනේ. අපේ හා තමයි ආච්චි අම්මා ඒ දවස්වල හිටියේ, මොකද යන්තමට පපුව...
Just some random arrows of thought...