<<පලවෙනි කොටස මෙතනින්
තුන්වෙනි දවස
එදා උදෙන්ම අපි නාල කාල පිටත් උනේ ලෝන්සේස්ටන් කියන පැත්තට යන්න. දැන් ඔය වෙද්දී අපි හිටියේ නැගෙනහිර වෙරළ පැත්තෙනේ. ඒ නවාතැනට සමුදීල අපි දැන් යන ලෝන්සෙස්ටන් තියෙන්නේ උතුරු මැද වගේ. මේ යටින් තියෙන්නේ අතරමැද බල බල ගිය මිදිවතු, චෙරි වතු, ස්ට්‍රෝබෙරි වතු වල එහෙම පින්තුර.

ස්ට්‍රෝබෙරි වත්තෙන් රසම රස නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම්, චොකලට් ආලේපිත ස්ට්‍රෝබෙරි ඩ්‍රෝපස්, ස්ට්‍රෝබෙරි සෝස් (අයිස්ක්‍රීම් කද්දී දාගෙන කන්න) එහෙම ගන්නත් අමතක කලේ නැහැ. ඔහොම ෆාම් වලින් ගන්න ජෑම් වල එහෙම සුපර්මාකට් වලින් ගන්න ජෑම් වලට වඩා අලුත් නැවුම් රහක් තියෙනවා. කොහොම හරි මම ඔය ගත්ත ජෑම් බෝතලයක් ලංකාවටත් අරන් ගියා. ස්ට්‍රෝබෙරි වත්තේ එහෙම උනාට මිදී වතුවල නම් මිදි ගන්න බැහැ :D. ඒවායේ තියෙන්නේ වයින්. වයින් ඕනෙනම් මිලදී ගන්න වගේම නොමිලේ රහ බලන්නත් පුළුවනි.
ඇත්තටම ලෝන්සෙස්ටන් දැක්කම අපේ නුවර එලිය වගේ කියල මට හිතුනේ. පරණ කොලොනියල් ගොඩනැගිලි වලින් සමන්විත 'Old world charm' තියෙන නගරයක්. එහෙ නවාතැනට ගිහින් මහන්සි හෙම ඇරගෙන අපි ගියේ 'කැටරක්ට් දුර්ගය' බලන්න. ඒක මොකද්ද කියල අහන්න එපා දැන් :D. නමේම තියෙනවනේ. ඒක දුර්ගයක් :P. මේ තියෙන්නේ...

අපි නැවතිලා හිටපු තැන රෙසේප්ෂනිස්ට් අක්කා එක්ක ටිකක් කතාකරපු පාර, එයා
ඉතාලියේ ඉපදිලා ඩොක්ටරේට් එකකුත් තියෙන කෙනෙක්. රට රටවල ඇවිදින්න ගොඩක්
ආසයිලු. ලංකාවටත් ගිහින් තියේලු - හැබැයි දවස් දෙක තුනකට. අම්බලන්ගොඩ ගැනත්
කිව්වා. ඉතින් එයා ඔහොම ඇවිදිද්දී ටස්මෙනියාවට ආපු පාර එහෙ ලස්සන නිස්කලංක
බව නිසා එහෙ නවතින්න හිතුනලු.
එදා රෑට කෑම කන්න තැන කිව්වෙත් එයා තමයි. ඇත්තටම ගොඩක් රහ බර්ගර්ස් තියෙන තැනක් නිසා ඔන්න ඔයාල ටැසි ගියත් ඒකට අනිවාර්යෙන්ම යන්න. නම තමා : Burger got Soul. මම දැනට කාල තියෙන රසම බර්ගර් එක කෑවේ එහෙන්.
හතර වෙනි දවස
ලෝන්සේස්ටන් වල තියෙනවා හොලිබෑන්ක් කියල වනාන්තර ප්‍රදේශයක්. අපි හතරවෙනිද ගියේ එහෙට. උසම උස ගස් වැල් පිරිච්ච, ඒ ගස් අතරින් දොළ පාරවල් එහෙම ගලන ලස්සන පැත්තක් හොලිබෑන්ක්. හැබැයි අපි එහෙ ගියේ ගස් වැල් බලන්න නම් නෙවෙයි...
අපි එහෙ ගිහින් කරපු දේ තමයි ඔය යට පින්තුර වල තියෙන්නේ:
ඔය පින්තුරේ පේන කේබල් වල එල්ලිලා තමයි අපි අර ගහෙන් ගහට යන්නේ. කොහොමද ටාර්සන් වගේ නේද? :D
සමහර තැන්වල වේගෙන් ගලන ගඟක් උඩිනුත් යන්න තියෙනවා. උපරිම යෙන් මීටර් 300 වගේ උසකින්. ඔහොම නැවතුම් වේදිකා දෙකක් අතර දුර උපරිම වශයෙන් මීටර් 400 වගේ උනා. මෙතැනදී අපිව කණ්ඩායම් වශයෙන් තමයි එක්ක යන්නේ. ආරක්ෂක ඇඳුම් ඇඳගන්නත් ඕනේ. ඔය ඇඳුම හරියට හාර්නස් එකක් වගේ. ඒකෙ තියෙන කොකු 2 කින් තමයි අර කේබල් එකෙ එල්ලෙන්නේ. මෙතැනදී යන වේගේ පාලනේ කර ගන්නත්, වේදිකාව ලං වෙද්දී safely land කරන්නත් ගයිඩලා කියල දෙනවා. අර උඩ ෆොටෝ එකෙ මැද වාඩි වෙලා ඉන්නේ ඒ එක ගයිඩ් අක්ක කෙනෙක්.
...අන්තිම දවස් දෙක ඊළඟට...