ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි. හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ... කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න. ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත් ...
Just some random arrows of thought...