Skip to main content

Posts

කැවුම් කොකිස් කිරිබත් සහ හත්මාළුව සමඟ මගේ අවුරුද්ද

ඉස්සර නම් අවුරුදු එනකං බලන් ඉන්නේ කැවිලි කන්න, ඇඳුම් ගන්න එක්කම නෑදෑයෝ එක්ක කාඩ් ගහන්නත් ලැබෙන නිසා. අම්මා නම් කියන්නේ අවුරුද්දට තෙල් හට්ටියක් ලිපේ තියන්නම ඕනේ කියලා. කිරිබතක් හැදුවේ නැතිනම් අසුභයි කියලාත් ඒ දවස්වල ආච්චි අම්මා කියනවා.  එක අවුරුද්දක කිරිබතක් ඉව්වේ නැතිනම් ආයේ එක පිට අවුරුදු තුනක් කිරිබත් උයන්ඩ  බැරි වෙන්න හේතු කාරණා සිද්ද වෙනවා කියලත් එයා කිව්වා. අපේ අම්මා පොඩි කාලේ එක පාරක් සිංහල අවුරුද්ද කිට්ටු වෙලා එයාලගේ සීයා නැතිවුන නිසා කිරිබත් උයල නැහැ. ඉන් පස්සේ අවුරුද්දේත් ආයේ පවුලේ මරණයක් වෙලා ඒ පාරත් උයල නැහැ. එයින් පස්සේ තුන්වෙනි පාරත් මාමා කෙනෙක් නැතිවෙලා ඔහොම එක පිට එක තුන් පාරක් මරණ තුනක්ම වෙලා තියෙනවලු. ඒ හන්දා වෙන්ඩ ඇති ආච්චි අම්මා අර කතාව එතරම් තදින් විශ්වාස කරේ. එයා අසුභයි කිව්වේ, කිරිබත් උයන්න ඕනේ කමකට වඩා කිරිබත් නොඉව්වොත් පවුලේ මරණයක් වෙන්න පුළුවනි  කියන බයට වෙන්න ඇති.  හැබැයි ආච්චි අම්මා නැති උනෙත් අප්‍රේල් 13 රෑ නොනගතේ වෙලාවක. පහුවෙනිදා උදේ පාන්දර තමයි ලිප ගිනි මෙලවන්න තිබුනේ. අපේ හා තමයි ආච්චි අම්මා ඒ දවස්වල හිටියේ, මොකද යන්තමට පපුව...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

රෝස පොට්ටුව පරව වැටුණා...

උයන්පල්ලන් වෙතයි!  මල් පොට්ටු සුරතලී   හිරු නොදුටු සමනලී  උයන්පල්ලන් නොසළකා දැමු  ඈ ලපටි සෙව්වන්දිනී  මලක් ලෙස පිපෙන්නට  නොදැන සිටි යෞව්වනී  පිපාසෙට දිය පොදක්  නොලැබ වියලුණු මුකුලිනී   උයන්පල්ලනි ගරුතර  ළතෙත් කරුණා නොම වෙද? මල් රකින්නට නොදත් නම් ඔබ  ඇයි උයන්පල්ලන් වුනේ? (නිමිත්ත: http://www.33000.in/2014/02/facebook-photos-ends-in-suicide.html http://www.bbc.co.uk/sinhala/multimedia/2014/02/140206_lanka_facebook_suicide.shtml )

අන්තවාදය, සංඛ්‍යානය සහ බ්ලොග්

මිනිස්සු වෙලාවකට හරිම අන්තවාදීයි. හැබැයි පුදුම දේ කියන්නේ තමන්ගේ අන්තවාදය නොපෙනී අනිත් අයගේ අන්තවාදය ගැන උඩ පනින එක. හැම ප්‍රශ්නයකම දෙපැත්තක් නෙමෙයි පැති හත අටක් උනත් තියෙන්න පුළුවන්. අර සිංදුවක් තියෙන්නේ 'එක මකුණයි ළමයෝ කන්නේ- ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ' කියලා. ඕවා සිංදුවට කිව්වට මිනිස්සු වැඩ කරන්ඩ ගියාම ඒවා කැලේ. ඔන්න X කෙල්ලෙක්ට හම්බුවෙනවා සල්ලාල කොල්ලෙක්. කොල්ලා කෙල්ලට හොරෙන් තව කෙල්ලෝ හත අටක් එක්කත් සම්බන්ධකම් තියාගන්නවා. ඉතිං ඒවා කෙල්ලට අහු උනාම කොල්ලව අත ඇරලා නිකං ඉන්නේ නැතුව මුළු පිරිමි සංහතියම සල්ලාලයෝ කියලා කෑ ගහන්ඩ ගන්නවා. ඔන්න තව Y කොල්ලෙක්ට කපටි කෙල්ලෙක් හම්බු වෙනවා. කෙල්ල කොල්ලගෙන් පුළුවන් තරම් මාල වළලු ඇඳුම් එහෙම කඩා වඩා ගෙන අන්තිමට වෙන සල්ලිකාරයෙක්ව කසාද බඳිනවා. ඉතිං ඒ කොල්ලත් හිත හදාගෙන නිකං ඉන්නේ නැතුව මුළු ගෑණු සංහතියම වංචාකාරියෝ කියලා උඩ පනින්ඩ ගන්නවා. දැන් මේ X සහ Y දෙන්නටම තියෙන්නේ 'උමං දැක්ම'. අපි උමඟක් ඇතුලෙන් යද්දී ඉස්සරහින් උමං කටේ තියෙන පොඩි වෘත්තාකාර පෙදෙසක් විතරයි පෙනෙන්නේ. එතකොට හිතන්න උමං කට ඉස්සරහින් තියෙන්නේ ලස්සන මල් පඳුරක් කියලා. ...

ආශ්චර්යය!

ජවනිකා අංක එක: ISLTS (International Sinhala Language Testing System) විශාල ශාලාවක සුද්දන් දෙතුන් සීයක් වාඩිවී සිටිති. අතරින් පතර චීන සහ ඉන්දියානු සම්භවයක් ඇති යයි සිතෙන අයද පෙනේ. ශාලාවේ උඩම ඇති දැන්වීමේ "අන්තර්ජාතික සිංහල භාෂා පරීක්ෂණ විභාගය" යයිද ඊට යටින් කුඩාවට ඉංග්‍රීසියෙන් ISLTS යයිද සඳහන් වේ.  විභාගය ඇරඹීමට ප්‍රථම බියපත් මුහුණින් සිටිනා සුද්දන් සහ සුද්දියන් කිහිප දෙනෙක් අතර ඇතිවන සංවාදයකි මේ: "මේ පාර Listening ටෙස්ට් එකට මොන විදියේ ඒවා ඒවිද දන්නේ නැහැ නේද?  මට නම් ඒක තමයි අමාරුම... මුන් සිංහලෙන් කච බච ගාගෙන කතා කරනකොට අපිට තේරෙන්නේ නෑනේ මොනා කියනවද කියල..." "මට නම් බය තියෙන්නේ Reading ටෙස්ට් එකට. ගිය පාර අර මොකද්ද 'ලිහිණි දේශය' ද මොකද්ද පොතකින් poem එකක් ඇවිත් තියෙනවා. ඒකෙ බර වචන කියෝගන්නත් බැහැලු" "ඒ උනාට මචං මට නම් හැමදාම කෙල වෙන්නේ Writing ටෙස්ට් එකෙන්. මගේ spelling mistakes වැඩියි කියල සිංහල කෝස් එකේ සර් කිව්වා. මුන්ගේ න යනු ත යනු ලය නු මහා තොගයක්නේ මචන්. මොන පිස්සු බාසාවක්ද මන්දා බං. අපේ ඉංග්‍රීසි වගේ ලේසි නෑ මේ මගුල." ...

ලේබල් නැති ලෝකයක්

අපේ ගෙදර කිරි පිටි, සීනි, තේ කොළ, කෝපි ඔය හැම දේටම ලේබල් ගහල තිබුණා කාලයක්. ඒ උනාට පණ ගැහෙන ප්‍රාණීන්ට එහෙම ලේබල් අලවන්න මම කැමති නැහැ. ලේබල් එකක් ගැහුවම ඒක හරි හෝ වැරදි හරි ඒ ලේබල් එකෙන් ඒ මනුස්සයා රාමු වෙනවා. ඒත් මනුස්සකම කියන්නේ එහෙම රාමුවකට කොටු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක දෙක වසරවලදී ඉඳන් ම ළමයි ලේබල් උනා "හොඳ ළමයි" සහ "නරක ළමයි" විදිහට. ගෙදර වැඩ කරන, රචනා ලියන ගණන් හදන ළමයි "හොඳයි". ප්‍රින්සිපල් පංතියට ආවම මිස් අඳුන්වල දෙන්නේ ඒ "හොඳ" ළමයි. ටික ටික ලොකු වෙනකොට ගෑණු පිරිමි ලේබල් වැදෙනවා. ගෑණු ළමයි ඔහොම ඉඳගන්නවද? ගෑණු ළමයෙක් නේද, ඔහොම හයියෙන් හිනා වෙනවද? ගෑණු ළමයෙක් උනාම ගෙදර දොර වැඩ කරන්න එපැයි! සැර වැර ගොඩයි. (පිරිමි ළමයින්ගේ පැත්තෙන් ලියන්න මම දන්නේ නැහැ. එයාලටත් එහෙම දේවල් ඇති.) වයස අනුව විතරක් නෙවෙයි, එක එක සමාජ පද්ධති අනුව, සංස්කෘති අනුව ලේබල් මහ ගොඩක් හැදෙනවා. ආදරේටත් ලේබල් තියෙනවා. පහු ගිය දවසක අහන්න ලැබුන ලංකාවේ සමරිසි තරුණියන් දෙන්නෙක් ගෙවල් වලින් වෙන්වෙලා කොහේදෝ දුර පළාතක සම්ප්‍රදායික යුවළක් හැටියට ඉන්න විට ප...

ජනාධිපති සෙල්ලම

දැන් අපි නිතරම රටක් පාලනය කරන හැටි ගැන කතා කරනවනේ.  ඕකට මෙන්න මෙහෙම නීති ගේන්න ඕනේ. අහවල් ඇමතිව අස් කරන්න ඕනේ. මිනිස්සුන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනේ. මිනිස්සු රට පනින එක නවත්තන්න ඕනේ. විදේශ ආයෝජන වැඩි කරන්න ඕනේ. දුෂණ වංචා නැති කරන්න ඕනේ. අරකයි මේකයි රටේ නැති ඒවා. :D ඔන්න ඉතින් මටත් ළඟදී ඉඳන් චාන්ස් එකක් ආව රටක් පාලනය කරන්න! පහුගිය සති කීපෙ අහම්බෙන් හම්බුණ ගේම් එකක්. ඒකෙ නම තමයි ' ට්‍රොපිකෝ ' (Tropico). මට ගේම් ගහන එක ගොඩක්ම දිරවන නෙවෙයි. ඒත් ආස ගේම්ස් කීපයක් තියෙනවා, Age of Empires සහ Spore වගේ. ඒවා නම් රැයක් දවාලක් නැතුව ගහපු ඒවා. සාමාන්‍යෙන් මම කැමති real time strategy ගේම්ස් වලට.  මේ ට්‍රොපිකෝ කියන්නේ ගොඩක්ම අලුත් එකක් නෙමෙයි. ඒ උනාට ඒක සෙල්ලම් කරන එක සෑහෙන්න ආතල්. ඒකෙ හැටියට තමුන් උෂ්ණ කලාපික දිවයිනක ජනාධිපති. (නම ට්‍රොපිකෝ කියන්නේ ඒ නිසයි. Tropical island එකක්).  රට අභ්‍යන්තරයේ ඉන්න එක එක බලවේග බැලන්ස් කරගෙන (ඒ කියන්නේ දේශප්‍රේමියෝ, ධනපතියෝ, සමාජවාදියෝ, පරිසර හිතකාමියෝ, අරුන් මුන් ...), විදේශ බලවේගත් ශේප් කරන් (ඇමරිකාවයි, රුසියාවයි, චීනෙයි, යුරෝපෙය...