Skip to main content

Posts

Showing posts with the label ලස්සන දේවල්

ගැහැණුන්ද මනුෂ්‍යයෝ ය!

අද උදේම මම වත්පොතේ  පිරිමි ලියපු ගෑණු සින්දු  නම් මේ අනර්ඝ රංගනය දුටිමි. සිනහාව නවතා ගන්නට බැරිවිය! කොතෙක් රසවත්ද නම්, සැමියාත් මමත් උදේ රැකියාවට යන්නට ලැහැස්ති වෙන හදිසියේ රන් හා සමාන කාලයෙන් විනාඩි 6 තත්පර 18 ම මේ ගායනය සහ රංගනය රස විඳින්නට වැය කළෙමු! මේ රංගනයේ අසන්නේ ගුත්තිලයේ පටන් අනන්තයට යන පාර තෙක් කොතෙකුත් (බහුතරයක්?) ගීත ලියවෙන්නේ පිරිමි විසින් ගැහැණු ගැන වන්නේ ඇයි කියාය... මෙය මටත් පොඩි කාලේ තිබුණු ප්‍රශ්නයකි! ගැහැණුන්ගේ ඇස්, කන්, නාසා, කොණ්ඩය සිට ඔවුන් ඇවිදින විදිය, කන බොන විදිය ආදී කී නොකී හැම දෙයක් ගැනම වර්ණනා කරන්නේ පිරිමි ය. ඒ උනත් ඒකෙ අනික් පැත්ත - එනම් පිරිමි ගැන - එසේ ගැහැණුන් ගේ හඬින් නෑසෙන තරම් ය. හැට හතර මායම ඇත්තේත් ගැහැණුන්ට පමණි. ගැහැණුන්ගේ ඇඳුම ගැනත් වාද කරන්නේ පිරිමි ය. මල්ලේ පොල් වගේ යයි ඔබට සිතෙන්නට පුළුවන් නමුත්, මීට අදාළ යයි මට සිතෙන කතාවක් පහත දක්වමි: - මගේ (පිරිමි) මිතුරෙකු වරක් කියා සිටියේ ඔහුගේ අම්මා කලිසම් ඇඳීමට ඔහු විරුද්ධ බවත් ඔහු සමඟ ගමන් යන විට සාරි හෝ සාය ගවුම් ඇඳ එන ලෙස ඇයට කියන බවය. එහෙත් ඔහුගේ පෙම්වතිය කලිසම් ඇඳීම ගැන ඔහුට ...

සහානුයාතයෙන් අනන්තය වෙත නොයමු!

සහානුයාත ක්‍රමය මුලින්ම මට හමුවෙන්නේ උසස් පෙළ ශුද්ධ ගණිතයේදී. කොහොමත් මට ව්‍යවහාරික ගණිතය ගැන තිබුණු ඇල්මැරුණු ස්වභාවය ට වඩා උනන්දුවක් ශුද්ධ ගණිතය ගැන තිබුණා. මම සහානුයාත ක්‍රමය ට ගැටළුවක් විසඳනු බලා සිටි ගුරුතුමී 'ඔයාට හරියන්නේ ප්‍රෝග්‍රැමිං' යැයි පැවසුවත්, ඒ වෙන විට නම් පරිගණක ක්‍රමලේකනයේ සහ සහානුයාතයේ  සම්බන්ධය දැන සිටියේ නැහැ. සහානුයාත ය නැත්නම් recursion පැහැදිලි කර ගන්න සරල උදාහරණ කිහිපයක් කිව්වොත්: 1) කතන්දරේ - එකමත් එක රටක පොඩි බබෙක්ට නින්ද යන්නේ නැති නිසා එයා නිදි කරවන්න අම්මා ගෙඹි පැටියගේ කතාව කිව්වා.       ....එකමත් එක රටක ගෙඹි පැටියෙක් හිටියා. ගෙඹි පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න ගෙඹි අම්මා වලස් පැටියගේ කතාව කිව්වා.             ... එකමත් එක රටක වලස් පැටියෙක් හිටියා. වලස් පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න වලස් අම්මා මුගටි පැටියගේ කතාව කිව්වා.                   ...මුගටි පැටියට නින්ද ගියා.        ....ඉතින් ව...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

දස වසරකට පෙර: හන්තානේ ගල් පෙරලුනු හැටි

දැනට අවුරුදු දහයකට එපිට සිද්ධ වෙච්ච දෙයක් මේ... ඇත්තටම කිව්වොත් අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක් නේ. ඒ උනත් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර අවුරුදු දහයක පරතරයක් තියෙනවා කියල මගේ හිත පිළිගන්නෙම නැහැ. .... මම හිතන්නේ ඒ අවුරුද්ද අපි ගොඩක් දෙනෙකුගේ හීන හැබෑ උණු අවුරුද්දක්. කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද එහෙම තමයි. ඒ ලෙවල් රේස් දුවල දුවල හති වැටුණු හිත ට ලස්සන තරුණ කාලේ චමත්කාරය දැනෙන්න පටන් ගත්ත කාලයක්.... මේ ලියන්නේ අපේ පළවෙනි බැච් ට්‍රිප් එක ගැන...අපි ඒ ට්‍රිප් එක ගිහිං ඇවිත් සහභාගී උණු ලෙක්චර් එකකදී එක සර් කෙනෙක් කිව්වා "ඕගොල්ලෝ මෙහෙන් අවුට් වෙලා ගිහින් අවුරුදු දහයකට පස්සෙ හිතනවද ජාවා ප්‍රෝග්‍රෑම් ලිව්ව හැටි කතාකරාවී කියල? නැහැ! ඔයාල ට මතක් වෙන්නේ ඔය ගමන!" කියලා. ඉතින් ඇත්ත නේන්නම්...අපේ ඒ කුළුඳුල් බැච් ට්‍රිප් එක එච්චරටම විශේෂයි :) මොකද කොළඹ ඉඳන් හන්තානට ගිය අපි, ආපහු ආවේ හන්තානේ ගල් පෙරළලා, කඩාවැටුණු දිරච්ච ගස් වලට යන්තම් අහු නොවී, හන්තාන කන්දේ අතරමං වෙලා, වැටිලා, පෙරලිලා, බඩගාලා, පේරාදෙණිය ඉස්පිරිතාලෙන් මැහුමුත් දාගෙන! ඒ ට්‍රිප් එක අපි ගියේ සයන්ස් ෆැකල්ටි එකේ යාලුවොත් එක්ක. ...

මගුල් කෑම! : 3 .. පොල්!

<< මෙන්න 1 කොටස   << මෙන්න 2 කොටස  මගුලක් ගන්ඩ හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් කරන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි එදාට දෙන්න පෝරුවෙන් බහිද්දී පොල් බිඳින්න මාමා කෙනෙක් හොයාගන්ඩ එක! අදාළ එලෙජිබල් මාමා ට පොල් බිඳලා පලපුරුදු කෙනෙක් නම් ගොඩ. නැත්නම් ඉතින් පොඩි කේස් එකක් තමයි! ඔන්න ඉතින් මං තුමියගේ මාමා ත් උපන් තේකට පොල් බිඳලා නැහැලු. ඊටත් එහා එයා දැන් අවුරුදු ගානක් ඉන්න රටේ පොල් ඇත්තෙත් නැති නිසා සෑහෙන කාලයක් පොල් සමඟ ගනුදෙනු ත් නැහැලු! දැන් ඉතින් මගුල් ගෙදරට කලින් දවසේ අපේ ගෙදර එක ජරමරයයි.  මොකද්ද? ඒ තමා මාමාට පොල් බිඳීමේ කෙටි කාලීන පුහුණුවක් ලබාදීමේ මහා ව්‍යාපාරය!  ඔතන වැඩේ තියෙන්නේ ඔය පොල් ගෙඩිය එක පාරින් බිඳින්න ගහන්න ඕනෙලු. තව පලු දෙකම සමානව ලස්සනට උඩ අතට දෙපැත්තට වෙන්නත් ඕනෙලු.  ඇත්තටම මෙව්වා ඉතින් බොරු විකාර තමයි. ඒත් මාමා දැන් හෙන අවුල්...පොල් ගෙඩිය හරියට බිඳුනේ නැත්නම් හරි නැහැ කියල එයා බයේ.  ඉතින් අපි කොච්චර කිව්වත් කොහොම බිඳුනත් කමක් නෑ කියල එයාට ඕනේ උනා පොඩි ප්‍රැක්ටිස් පාරක් දාන්න. [එයා එහෙම තමයි. තමන්ට දෙන වැඩේ අක...

සඳ දෙව්දුව වඩිනා සරත් මංගල්‍යය අදයි!

ඔන්න ඉස්සර කාලේ ඈත රටක හිටියලු වීර දුනුවායෙක්. එයා ගේ බිරිඳ තමයි සුරූපී චෑන්. ඉතින් එක දවසක් ඉරවල් දහයක් එක පාරටම අහසේ පායලා... අවු රශ්මිය දරාගන්න බැරුව ඒ රටේ මිනිස්සු හරියට කරදර වුනාලු. අපේ දුනුවායා වහාම ඉදිරිපත් වෙලා පායපු ඉරවල් නවයක්ම ඊතල විදලා අහසෙන් බිමට දාලා රට බේරාගෙන. මේ වීර ක්‍රියාව දැකල සතුටුවුණ දෙවිකෙනෙක් දුනුවායාට තෑගී කරාලු අමෘතය බඳුනක්. ඒ උනත් තමන්ගේ බිරිඳ ට පණ වගේ ආදරේ කරපු දුනුවායා මේ අමෘතය නොබී ඉන්න තීරණය කලේ තමන්ගේ ආදරේ නැතිව තමුන් විතරක් අමරණීය වෙලා ඇති වැඩක් නැහැ කියල හිතලයි. අවාසනාවකට දුනුවායාගේ දුෂ්ට ගෝලයෙක් දැනගන්නවා මේ අමෘත බඳුනේ රහස. ඉතින් එයාට ඕනේ වෙනවා මේ අමෘතය සොරා ගන්න. දුනුවායා දඩයමේ ගිය වෙලාවක් බලල චෑන් විතරක් ගෙදර ඉන්න වේලාවකදී මේ දුෂ්ට ගෝලයා දුනුවායගේ ගෙදරට පැනලා අමෘතය හොරකම් කරන්න හදනවා. එතකොට චෑන් ඒකට විරුද්ධ වුනාම ගෝලයා ඈට තර්ජනය කරාලු අමෘත බඳුන තමන්ට දෙන්න කියල. මේ වගේ දුෂ්ට නපුරු මිනිහෙක් අමරණීය උනොත් ලෝකෙට වෙන්න පුළුවන් කරදර ගැන හිතපු අසරණ චෑන්, අමෘත බඳුන වැරදි අතට පත්වෙන්න ඉඩනොදී තමන්ම පානය කරාලු. දුෂ්ට ගෝලයාට බයවුණු ඈ අමෘතයේ බලයෙන් ඒ විගසම අහසට...

සිහසුන් ක්‍රීඩා හෙවත් A Game of Thrones නොහොත් ඇබ්බැහි වීම

කාලයෙන් කාලයට විවිධ දේ වලට 'ඇබ්බැහි වීම්' ඇතිවේ. රුපවාහිනී කතා මාලා , පොත් , පරිගණක ක්‍රීඩා, සංගීතය , ඡායාරුපකරණය , ඇතුළු බොහෝ ඇබ්බැහිකම් ජීවිතය රසවත් කරයි... Game of Thrones යනු මේ දින වල රුපවාහිනියේ ප්‍රචාරය වෙන මාගේ නවතම ඇබ්බැහිවීමයි! එය George R. R. Martin විසින් ලියන පොත් මාලාව මත පදනම් වී ඇත්තක්. රුපවාහිනී කතා වෘතාන්තය කෙතරම් විශිෂ්ට වුවත්, පොත් මාලාව ට මම වඩාත් කැමැත්තෙමි. රුපවාහිනියේ දිවෙන රුප රාමු සිත් ඇද ගනී. එසේ වුවත් ප්‍රධාන චරිත කිහිපයක්ම රූපවාහිනියට වඩා වෙනස් ව පොත් වල දිස්වේ. රුපවාහිනි කතා මාලාවේ සමහරක් සුදු කළු වශයෙන් දිස්වෙන චරිත ප්‍රත්‍යර්පණය ට වඩා පොත් වලින් හෙළිවන අළු පාට චරිත නිරුපණය ට මම ඇලුම් කරනවා! හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය  රුපවාහිනි කතා මාලාවේ නම Game of Thrones වුවත්, A Game of Thrones යනු පොත් පෙලේ පලවෙනි පොත ය. සැබෑවටම පොත් පෙලේ නම හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය හෙවත් A Song of Ice & Fire ය. දැනට පොත් පහක් ලියවී ඇති මේ කතාව අයිති වන්නේ මනස්සෘෂ්ටික මහා කාව්‍ය හෙවත් Epic Fanta...

මගුල් කෑම! : 2 ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්

<<මෙන්න 1 කොටස කොහේද? දිනේ තෝරගත්තට පස්සේ තියෙන්නේ වෙඩින් එක ගන්ඩ තැනක් බුක් කරන එක. එතෙන්දි ඔයාල අමුත්තෝ කී දෙනෙක්ට ආරාධනා කරනවද කියල දළ වශයෙන් අදහසක් තියෙන්ඩ ඕනේ. මොකද ගොඩක් හෝල් වල අවම සහ උපරිම අමුත්තෝ ගානක් තියෙනවා. මම නම් පුද්ගලිකව උඩ තට්ටුවේ තියෙන හෝල් වලට කැමති නැහැ. මොකද ඒවා වල සාමාන්යෙන් සීලින් එක පහතයි. එතකොට පොඩ්ඩක් හිරවෙච්ච ගතියක් එන්ඩ පුළුවන්. උසට සීලින් එකක් තියෙන කොට වැඩිය ලස්සනයි... අනිත් එක පඩි නැග නැග bridal retinue එක එද්දී ඒකෙ ලස්සනත් යනවා. හෝල් එක බුක් කරද්දී එතන පිහිටීම ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒ කිව්වේ කොහෙද තියෙන්නේ කියලා. මනමාලිගේ ගෙදර ඉඳන් යන්න ළඟ වෙන තරමට හොඳයි. ඒ වගේම එන මිනිස්සුන්ට පහසු නම් තවත් හොඳයි. මොකද මිනිස්සු අපේ වෙඩින් එකට එන්නේ දහසකුත් එකක් කරදර මැද්දේ. එහෙව් එකේ හොයාගන්න අමාරු, දුර බැහැර තැනක තියෙන හෝල් තෝර නොගන්න තරමට තමයි හොඳ. අනික් එක තමයි වියදම :) මේකට තමයි ඉතින් වැඩිම වියදම යන්නේ. ගොඩක් වෙලාවට කෑම මෙනු දෙක තුනක් අතරින් තොරගන්ඩ තියෙන්නේ. ඉතින් තමන් ට කැමති විදිහට මෙනු එකේ දෙන කෑම ජාති බල...

මගුල් කෑම! ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක් : 1

මගුලක් ගන්නවා කියන්නේ පණ යන වැඩක්! කසාද බැඳපු අය දන්නවා ඇති නේ... :D හැබැයි හරියට ප්ලෑන් කරලා එදා දවස ලස්සනට වැඩේ කෙරුනහම උණු මහන්සිය කමක් නැහැ කියලත් හිතෙනවා. ඉතින් මාස ගානක් තිස්සේ මගුල් ගෙදර වැඩ නිසා කෑව කටු ගැන හිතලා මට හිතුනා අනාගත මනමාලිලාට වැදගත් වෙන දේවල් ටිකක් ලියන්න. කවද්ද? ඔයාල බඳින්න ඉන්නවනම් පළවෙනි වැඩේ දිනයක් දා ගන්න එක. කේන්දර අනුව නැකත් බලල නම් එහෙමයි, නැත්නම් පහසු විදිහට දිනේ ගන්නත් පුළුවනි. නැකත් පොඩ්ඩක් ඔය නැකත් හදනකොට බලන්න දීල තියෙන නැකත් වෙලා එක්ක ඔයාලගේ වැඩ ටික කරගන්න වෙලා ඇද්ද කියල. රෙජිස්ට්‍රේෂන් එක සමහරු කලින් ගන්නව නේ. තවත් සමහරු මගුල් දවසේමයි රෙජිස්ටර් කරන්නේ. එහෙම මගුල් දවසෙම කරනවා නම් ඒකටත් පැය කාලක් වත් යනවා කියල හිතේ තියාගන්න...හැබැයි නැකත අනුව ඒ වෙලාව වෙනස් වෙනවා. ඒ කියන්නේ පෝරුවෙන් පස්සේ තමයි රෙජිස්ටර් කරන එක කරන්නේ. එතකොට පෝරුවෙන් බහින නැකතයි, රෙජිස්ටර් කරන නැකතයි අතර ගොඩක් වෙලා උඩ බලාගෙන නිකන් ඉන්න වෙන විදිහට හදා ගන්ඩ එපා. මොකද එතකොට උත්සවේ වෙලාව නිරාපරාදේ නාස්ති වෙනවා. ආපු අමුත්තන්ටත් කම...

Cylon memories: paying to get scared!!

Warning: Only fans of Battlestar Galactica will relate to some things in this post. Other people...ah well we cannot expect everyone to have good taste in TV :P It always surprises me how much we like to be scared. We may call it 'thrilling' but in all honesty, when I was screaming my ass off on this roller coaster so aptly named the Cylon ride, I was not thrilled. I was scared. I was absolutely, mindlessly, scared.  But then again I did not shut my eyes. Nor did I cry (which is more than I can say for some other passengers on the Cylon ride! hah! Aren't I brave?) So perhaps I was not actually terrified either. Also, if I was really scared shitless then why do I find myself wishing that I could go again? Anyone who plans to visit Singapore, if you love rollercoasters, and BSG, do pop in to Universal Studios! They have this AWESOME BSG themed twin rollercoaster. One is named Human, and the other one is Cylon. Having been informed by previous riders, I chose the Cylon r...

We got hitched! අපිත් බැන්ද ලු!!

    අපි බැන්ද දවස ගොඩක් විශේෂයි. එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :D අනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි... හෙට අනිද්දා බඳින්න ඉන්න අයට පුංචි දෙයක් කියන්න හිතුව... වෙඩින් එක කියන්නේ චිත්‍රපටියක් නෙවෙයි. උත්සවයක්. ඉතින් හොඳම දේ තමයි තමන්ගේ මගුල් ගෙදර හොඳට එන්ජෝයි කරන එක.  ඕනවට වඩා විච්චුරණ වැඩ කෑලි දාගත්තම ඒක කරන්න වෙලා මදි වෙනවා. ඕන නැති වියදමුත් එනවා. අන්තිමට කපල් එකට හොඳටම මහන්සියි. ආපු මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා, ඩාන්ස් කරන්න වත් වෙලා නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆොටෝ ෂූට් විතරයි. අපේ මගුල් ගෙදර වෙඩින් කේක් කපන්න, කිරි කළ, ෂැම්පේන් වක් කරන ඒවා, කතා පවත්වන ඒවා, නැටුම් කණ්ඩායම්, කරන්න මම කැමති උනේ නැහැ. ගොයින් අවේ වෙනින් ඇඳුම් මාරු කරේ නැහැ මට ඒ වෙලාවක් තිබුනේ නැති නිසා. අනිත් එක හෝම් කමින් එකකුත් ගන්න නිසා, ඔය පොඩි වෙලාවට ඕකට වියදම් කරන්නත් මට ඕනෑකමක් තිබුනේ නැහැ. අන්දන්න ගියේ පැය 2.5 වගේ කාලයක්...ඉතින් මට කිසිම අමාරුවක්, මහන්සියක් තිබුනේ නැහැ වෙඩින් එක පුරාවට. ඇත්තටම ම...

බෙයිජිං හි සත් දිනක් 2 : මහා ප්‍රාකාරය සහ අති විශේෂ චීන වැසිකිළි සමඟ තවත් කතා

<<බෙයිජිං හි සත් දිනක් 1 චීන මහා ප්‍රාකාරය බෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ගියේ. ප්‍රාකාරය උඩට භාගයක් දුරට කේබල් කාර් එකකින් ගිහින් එතන ඉඳන් පයින් යන්න පහසුකම තියෙනවා. ගොඩක් තැන්වල නැග්මේ තිබුනේ දළ බෑවුමක්. ඒ නිසා නගින්න ටිකක් අමාරුයි. ඒ තැන් බහිද්දී කරන්න ඕනේ දුවගෙන දුවගෙන යන එකයි. නැත්නම් හිමින් බහින්න ගියොත් අමාරු වෙනවා. චීන මහා ප්‍රාකාරය නම් යන්න පුළුවන් නම් හැමෝම ජීවිත කාලය තුල බලන්න ඕනේ එකක් කියල මට හිතෙන්නේ. මුදුනට ගිහින් ඇහැට පෙනෙන තෙක් මානේ කඳු පන්ති හරහා කඳු කපාගෙන යන ප්‍රාකාරය දකින කොට මිනිස් හැකියාවේ ශක්තිය ගැන පුදුමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේක හදල තියෙන කාලයේ තිබුණු තාක්ෂණික මෙවලම් සහ, භූ විෂම තාවේ දුෂ්කරතා සැලකිල්ලට ගත්තම. මේකේ පෙනෙන මුර කුටි ව...

බෙයිජිං හි සත් දිනක් 1: හිමෙන් වැසුනු තහනම් නගරය සහ වෙනත් කතා

ගිය අවුරුද්ද අන්තිමේ බෙයිජිං යන්න හම්බුණා හදිසියෙන්. එහෙ පැවැත් උණු සම්මන්ත්‍රණය ට සහභාගී වෙන්න තමයි ගියේ. චීන වීසා සන්නිය  හදිසියේ යන්න උණු නිසා  වීසා හදන්න තිබ්බේ මාසයක් වගේ අඩු කාලයක්. ඒ සම්මන්ත්‍රණය 'A' ශ්‍රේණියේ එකක් නිසා තමයි දඩි බිඩි ගාල වදෙන් පොරෙන් හරි එහෙ ගියේ. හැබැයි ඇත්තම කියනවා නම මට අන්තිමට වීසා හම්බුනත් ආයේ නම් A ශ්‍රේණියේ නෙවෙයි මොන මගුල උනත් චීනෙට නම් යන්නෙම නෑ කියල හිතෙන තරමට චීන මෙල්බන් කොන්සුලේට් එක විකාරයක් කරා. සම්මන්ත්‍රණයකට යනවා නම් එයාලගේ හැටියට බිස්නස් වීස ගන්න ඕනෙලු. ඒක ගන්න චීන ආණ්ඩුවෙන් ලියුමක් ඕනේ. ඒකත් නිකම් ඊ මේල් කරලා බෑ. තැපැල් කරලා ඕනේ. හැබැයි ඔව්ව එයාලගේ වෙබ් සයිට් එකේ නෑ. එතෙන්ට ගිහාම තමයි ඔය බණේ කියන්නේ...ඉතින් ඔන්න කොහොම හරි කරලා ඉතින් චීනෙට ගියා ලු :D දැන් කියන්න යන්නේ එහෙ ගිහින් දැකපු කරපු දේ ... හිම හිම හිම! මේ කාලේ චීනෙට සිසිර ඉර්තුව. බෙයිජිං තියෙන්නේ උතුරට වෙන්න නිසා හොඳටම සීතලයි. හිම වැටිලා හැම දෙයක්ම සුදු පාටයි. උදේට බලද්දී හැම දෙයක්ම හිමෙන් වැහිලා ලෝකෙ...