Skip to main content

Posts

Showing posts from November, 2018

ක්ෂීර ජීවියාගේ විත්ති - ඇරඹුම

මේ දිනවල බ්ලොග් ලියන්නට කියවන්නට මේකේ අයිතිකාරයාට වගතුවක් නැත. මුළු ගෙදරම තියෙන්නේ අලුත සම්ප්‍රප්පාප්ත වූ ක්ෂීර ජීවියාගේ අණසක යටතේය. ඔහුට ඕනෑ විදිහට නටන්නට මේකේ අයිතිකාරයාට විතරක් නොව ගෙදරට පය තබන හැමෝන්ටම සිදුවන්නේය. නමින් ක්ෂීර ජීවියා උනත් කිරි බීමට ඔහු ඉතා අලසය. සැබවින්ම කිරි බීම හැරෙන්නට අනික් සියලු දේ සඳහා ඔහුට මනා උනන්දුවක් ඇත. කිරි බොන අතරේ සිනාසීම, කතා කිරීම, අවට සද්ද බද්ද ගැන විපරම් කිරීම, හතර වටේ කරකැවීම ආදී බොහෝ රාජකාරි ඔහුට ඇත. එළියට එන්නට පෙර ඇතුළේ හිඳිද්දීත් ක්ෂීර ජීවියා වැඩ කලේ ඔහුට ඕනෑ විදියටම පමණක් විය. ඒ නිසා සාමාන්‍ය ක්ෂීර ජීවින් ගේ හැසිරීම අනුව ලියවුනු පත පොත අනුව හැසිරෙන්නට ඔහුට කිසි උවමනාවක් නොවීය. එළියට එන්නට නියමිත දින ලංවෙද්දි ඔහුට ඔලුව පහළට දමාගෙන එක විදිහකට හිටියේ නැත. විටෙක හරහටත්, විටෙක උඩටත් එහෙට මෙහෙට හැරීම ඔහුගේ සිරිත විය. නර්ස් නැන්දලා විසින් ඔහු උපත ලද පසු ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වනු ඇතැයි අනාවැකි ද කීවෝය.  අන්තිමේදී ඩොක්ටර් මාමා විසින් ක්ෂීර ජීවියාව අල්ලා බලෙන් ඔලුව පහළට හරවන ලද්දේ මේ විපරියාස බලන් ඉන්නට බැරි තැනය!  ක්ෂීර ජීවියා වැඩ කරන්නේ ඔහු