Skip to main content

Posts

Showing posts with the label IT

SOPA, PIPA ගැන දන්නවද?

SOPA සහ PIPA ගැන ටෙඩ් ටෝක්ස් වල තිබුණු මේ කතාව මම හිතනවා හැමෝටම ප්‍රයෝජනවත් වේවි කියල : http://www.ted.com/talks/defend_our_freedom_to_share_or_why_sopa_is_a_bad_idea.html සම්පුර්නෙන්ම නොවුනත් එහෙන් මෙහෙන් හරි කතාවේ අන්තර්ගතේ සිංහලෙන් දාන්න හිතුව. මුලින්ම පෙන්වන්නේ බ්රුක්ලින් වල තිබුණු පොඩි බේකරියක ගහල තියෙන බෝඩ් එකක්. බෝඩ් එකෙන් කියන්නේ' No longer accepts edible images from outside sources'. ඒ කියන්නේ පොඩි ළමයි එක එක පින්තුර ඇඳන් ආවාම බේකරියෙන් ඒ පින්තුරේ අයිසින් ලේයර් එකක ප්‍රින්ට් කරලා දෙනවලු. බර්ත්ඩේ කේක් වලට එහෙම. ඉතින් පොඩි ළමයි සාමන්යෙන් ආසම කරන්නේ මොනාටද? මිකී මවුස් ල බග්ස් බනීල ඉන්න කාටුන් වලට. ඉතින් මුලින් ළමයි මේවා ඇඳන් ආවත්, පස්සේ බේකරිය මේවා භාරගන්න එක්ක ප්‍රතික්ෂේප කරලා මේ බෝඩ් එක ගැහුවලු. හේතුව මිකී මවුස් අයිති ඩිස්නි ට. බග්ස් බනී අයිති වෝනර් බ්‍රදර්ස් ට. ඉතින් ඒක නිසා පොඩි එකෙක් ඇන්ද මිකී මවුස් ව අය්සින් කේක් එකකට ගහල දෙන එක කොපි රයිට් නීති උල්ලංගනය කිරීමක්. ඉතින් මෙහෙම හැම පොඩි එකෙක්ගේ චිත්‍ර වලට ට කොපිරයිට් නීති බලන්න යන එක බේකරියට කොච්චර වදයක් උ...

ලටෙක් ජරමර - එක්සෙල් වල වගු ලේසියෙන් ලටෙක් කරන හැටි : Excel to Latex

විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ගොඩ දෙනෙක් ට ඕනේ වෙන එකක් තමයි ලටෙක්. විශේෂයෙන්ම පර්ශේෂණ වාර්තා, ගවේෂණ ලිපි, නිබන්ධන එහෙම ලියද්දි ගොඩක්ම ප්‍රයෝජන වත් වෙනවා. වින් වර්ඩ් වලට වඩා මේ වගේ දිගු ලියමන් ලියද්දි මම නම් කැමතිම ලටෙක් . අනිත් එක, ගණිත සුත්‍ර, සියුඩෝ කෝඩ් එහෙම ලියද්දි ලටෙක් වල පහසුකම් වැඩියි. නිමාවත් ලස්සනයි. වැඩේ තියෙන්නේ, පර්යේෂණ කරද්දී ගොඩක් වෙලාවට අපිට දත්ත සටහන් කරන්නේ එක්සෙල් ටේබල් එකනේ. මේවා සාමාන්‍යෙන් සැහෙන කොලම්න්ස් තියෙන ලොකු ටේබල්. මේවගේ ගබඩාවෙන දත්තත් දශම ස්ථාන කිහිපයක් තියෙන ටයිප් කරන්න වෙලා යන දත්ත. ඉතින් මේවා ලටෙක් ෆයිල් එකකට මුල ඉඳන් දානවා කියන්නේ පණ යන වැඩක්. මේකට පහසු විසඳුමක් ගැන තමයි මේ: මේ excel2latex . මේකෙන් ස්වයංක්‍රීයව එක්සෙල් ටේබල් එක ලටෙක් කෝඩ් එකට පරිවර්තනේ කරලා දෙනවා. මෙන්න මෙතනින් බාගන්න පුළුවනි. එක්සෙල් 2007 නම් මේක ස්ථාපනය කරන්න ටිකක් වට වන්දනාවේ යන්න ඕනේ. ඔයාලට එක්සෙල් වල 'Addin' ටැබ් එක පෙන්නේ නැත්නම් තමයි මෙහෙම වෙන්නේ හොඳේ. ඒකට කරන්න ඕනේ බාගත්තට පස්සේ එක්සෙල් වල අර උඩම වම් කෙලවරේ තියෙන ඇරෝ එකෙන් 'customize quick access ...