Skip to main content

Posts

Showing posts with the label සාප්පු සවාරි

ඉර හඳ මොකටද අපේ ලෝකයට...

මේ ගෙවී යන්නේ ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඎතුවයි. තවම දෙසැම්බර් නිසා ග්‍රීස්මය ලැබුවා විතරක් නිසා ඉදිරියට තව සැහෙන්න රස්නය වෙන්න පුළුවන්. කිසිත් වැදගැම්මකට නැති සමර් නාමයක්වත් නැති පහුගිය අවුරුද්දේ සීතල ග්‍රීෂ්ම ඍතුවේද උපරිම උෂ්ණත්වය 40 ට ගියා. මේ පාර නම් හැබැයි රස්නය වැඩි වන ලකුණු පෙනෙන්න තියෙනවා. කොහොම උනත් මම නම් සීතලේ ගැහෙනවාට වඩා රස්නේ දැනෙන්නට ඉර එලිය හොඳට තියෙනවට කැමතියි. මට කොහොමත් සීතල වැඩියෙන් දැනෙන ඇබ්නෝමල් ගතියක් තියෙනවා. හික්ස්. ඉතින් වින්ටර් එකේ ඇඳුම් හතරක් විතර ඇඳගෙන මෆ්ලර් ඉයර් මෆ්ස් ග්ලවුස් බූට්ස් ඔය ඔක්කොම දාගෙන මිසක් මට නම් එලියට බහින්න බැහැ. ලස්සන ඇඳුමක් වත් අඳින්න නැහැනේ. අනේ ඊට වඩා මේ රස්නේ කාලේ මට දාහෙන් සම්පතයි. ඊයේ මම යාලුවෝ දෙන්නෙකුත් එක්ක ගියා ප්රෙස්ටන් මාකට්. ඒක හරියට අපේ ලංකාවේ ලොකු පොලක් වගේ. හැබැයි සාපේක්ෂව පිරිසිඳුයි සහ ක්‍රමානුකුලයි කියන්න පුළුවනි. එක එක ජාතියේ එළවලු, පලතුරු, මස් මාළු... තව එක එක රටවල කෑම ජාති... ඔය ගොටුකොල, කන් කුං, පොලොස් එහෙම ගන්න ඕනේ නම් මෙහෙට තමා අපි යන්නේ. සති අන්තෙට නම් ගොඩක් සෙනග එන තැනක්, නමුත් සතියේ දවස් වලට එච්...