Skip to main content

Posts

Showing posts with the label යාළුවෝ

වැඩකරුවෝ වීම නොහොත් ඉස්කෝලේ පාඩම්

දැන් අපි එකේ ඉඳන් 13 වසර වෙනකම්ම අවුරුදු ගාණක් ඉස්කෝලේ යනවනේ. ඒ ගිහින් ගණිතය, භාෂාව, විද්‍යාව, ආගම, සමාජ අධ්‍යයනය, සෞන්දර්යය වගේ ගොඩක් විෂය ඉගෙන ගන්නවා තමයි. එක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් දෙක වසරට යනවා. දෙක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් තුන ට යනවා. ඔහොම ඔහොම... තව දේවල් තියෙනවා විෂය වලට කිසිම අදාලත්වයක් නැති, හැබැයි ඊට සමානවම (සමහර විට ඊටත් වඩා) පසු කාලීනව ජීවිතේට ඕනි වෙන දේවල්. මේ එහෙම පාඩමක්. මේක මතක් උනේ සොඳුරු සිත ලියපු ඉස්කෝලේ පංති භාර ගුරුතුමියක ගේ දවස පටන් ගන්න කොට තියෙන වැඩ ගැන සටහනක් දැකලා. ඇත්තටම විෂය ඉගෙන ගන්නයි, ක්‍රීඩා/කලා කටයුතු යි ඇරුනම තව කොච්චර වැඩ තියෙනවද ඉස්කෝලේ?! ලංකාවේ ගොඩක් ඉස්කෝල වල උදේට පන්තිය පිරිසිඳු කරන්න ඕනේ ළමයි. එතකොට උදේ බෙල් එක ගහන්න කලින් ප්‍රින්සිපල් ගේ කාර්යාලයට ගිහින් රෙජිස්ටර් එකයි, රෙකොර්ඩ් පොතයි ගේන්නත් ඕනේ. ගුරු මේසේ පිහදාල අස් කරලා මේස රෙද්ද ගසල බසල, මල් වාස් එක හරිගස්සන්න ඕනේ. කලු ලෑල්ල/වයිට් බෝඩ් එක පිහදාන්න ඕනේ. බෞද්ධ ඉස්කෝල වල නම් මල් වට්ටිය හදල(ඒකට මල් නැති දවසට හොරෙන් ඉස්කෝල වත්තෙන්ම මල් කඩන එක වෙනම ගේමක්) පහන් හඳුන් කූරු පත්...

දස වසරකට පෙර: හන්තානේ ගල් පෙරලුනු හැටි

දැනට අවුරුදු දහයකට එපිට සිද්ධ වෙච්ච දෙයක් මේ... ඇත්තටම කිව්වොත් අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක් නේ. ඒ උනත් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර අවුරුදු දහයක පරතරයක් තියෙනවා කියල මගේ හිත පිළිගන්නෙම නැහැ. .... මම හිතන්නේ ඒ අවුරුද්ද අපි ගොඩක් දෙනෙකුගේ හීන හැබෑ උණු අවුරුද්දක්. කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද එහෙම තමයි. ඒ ලෙවල් රේස් දුවල දුවල හති වැටුණු හිත ට ලස්සන තරුණ කාලේ චමත්කාරය දැනෙන්න පටන් ගත්ත කාලයක්.... මේ ලියන්නේ අපේ පළවෙනි බැච් ට්‍රිප් එක ගැන...අපි ඒ ට්‍රිප් එක ගිහිං ඇවිත් සහභාගී උණු ලෙක්චර් එකකදී එක සර් කෙනෙක් කිව්වා "ඕගොල්ලෝ මෙහෙන් අවුට් වෙලා ගිහින් අවුරුදු දහයකට පස්සෙ හිතනවද ජාවා ප්‍රෝග්‍රෑම් ලිව්ව හැටි කතාකරාවී කියල? නැහැ! ඔයාල ට මතක් වෙන්නේ ඔය ගමන!" කියලා. ඉතින් ඇත්ත නේන්නම්...අපේ ඒ කුළුඳුල් බැච් ට්‍රිප් එක එච්චරටම විශේෂයි :) මොකද කොළඹ ඉඳන් හන්තානට ගිය අපි, ආපහු ආවේ හන්තානේ ගල් පෙරළලා, කඩාවැටුණු දිරච්ච ගස් වලට යන්තම් අහු නොවී, හන්තාන කන්දේ අතරමං වෙලා, වැටිලා, පෙරලිලා, බඩගාලා, පේරාදෙණිය ඉස්පිරිතාලෙන් මැහුමුත් දාගෙන! ඒ ට්‍රිප් එක අපි ගියේ සයන්ස් ෆැකල්ටි එකේ යාලුවොත් එක්ක. ...

සඳ දෙව්දුව වඩිනා සරත් මංගල්‍යය අදයි!

ඔන්න ඉස්සර කාලේ ඈත රටක හිටියලු වීර දුනුවායෙක්. එයා ගේ බිරිඳ තමයි සුරූපී චෑන්. ඉතින් එක දවසක් ඉරවල් දහයක් එක පාරටම අහසේ පායලා... අවු රශ්මිය දරාගන්න බැරුව ඒ රටේ මිනිස්සු හරියට කරදර වුනාලු. අපේ දුනුවායා වහාම ඉදිරිපත් වෙලා පායපු ඉරවල් නවයක්ම ඊතල විදලා අහසෙන් බිමට දාලා රට බේරාගෙන. මේ වීර ක්‍රියාව දැකල සතුටුවුණ දෙවිකෙනෙක් දුනුවායාට තෑගී කරාලු අමෘතය බඳුනක්. ඒ උනත් තමන්ගේ බිරිඳ ට පණ වගේ ආදරේ කරපු දුනුවායා මේ අමෘතය නොබී ඉන්න තීරණය කලේ තමන්ගේ ආදරේ නැතිව තමුන් විතරක් අමරණීය වෙලා ඇති වැඩක් නැහැ කියල හිතලයි. අවාසනාවකට දුනුවායාගේ දුෂ්ට ගෝලයෙක් දැනගන්නවා මේ අමෘත බඳුනේ රහස. ඉතින් එයාට ඕනේ වෙනවා මේ අමෘතය සොරා ගන්න. දුනුවායා දඩයමේ ගිය වෙලාවක් බලල චෑන් විතරක් ගෙදර ඉන්න වේලාවකදී මේ දුෂ්ට ගෝලයා දුනුවායගේ ගෙදරට පැනලා අමෘතය හොරකම් කරන්න හදනවා. එතකොට චෑන් ඒකට විරුද්ධ වුනාම ගෝලයා ඈට තර්ජනය කරාලු අමෘත බඳුන තමන්ට දෙන්න කියල. මේ වගේ දුෂ්ට නපුරු මිනිහෙක් අමරණීය උනොත් ලෝකෙට වෙන්න පුළුවන් කරදර ගැන හිතපු අසරණ චෑන්, අමෘත බඳුන වැරදි අතට පත්වෙන්න ඉඩනොදී තමන්ම පානය කරාලු. දුෂ්ට ගෝලයාට බයවුණු ඈ අමෘතයේ බලයෙන් ඒ විගසම අහසට...

හොඳ බිරිඳක්\සැමියෙක් හොයනවද?

බිරිඳක් හොයාගන්න එක මේ දවස්වල මේ පැත්තේ තියෙන දැවෙන ප්‍රශ්නයක්!... නිකම්ම නිකම් බිරිඳක් වැඩකුත් නෑනේ. 'හොඳ බිරිඳක්' වෙන්නත් ඕනෙනේ. ඔන්න දැන් මේ පැත්තේ ත් අර 'The Bachelor' හෙවත් 'තනිකඩයා' ෂෝ එක පටන් ගත්තා. මේකත් අර සුපර් ස්ටාර් වගේ රියැලිටි ෂෝ එකක්. මෙන්න මේ 'තනිකඩයා' ට කෙල්ලක් සෙට් කරගන්න එක තමයි මේ ෂෝ එකේ අරමුණ. Source: Google images ෂෝ එක මුලදී කෙල්ලෝ 25 ක් එක්ක තමයි පටන් ගන්නේ. ඊට පස්සේ වටයෙන් වටය කෙල්ලෝ කැපෙනවා. අන්තිමට ඉතුරු කෙනා තමයි ඔය තනිකඩ කොලුවා ගේ තෝරා ගැනීම! අපේ පොඩි කුමාරිහාමි ත් ලඟදි අමාරුවේ වැටුනනේ... ඉතින් එයාත් මේ කසාද ජීවිතේ ගැන ලියල තිබුනා . එතෙන්දි කීප දෙනෙක්ම 'හොඳ බිරිඳක්' වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ දේ ගැන කියල තිබුනත් 'හොඳ සැමියෙක්' වෙන්න නම් මොනවා කරන්න ඕනෙද කියල තිබුනේ නෑ :(   පුතෙක් ට හොඳ සැමියෙක් වෙන්න අම්ම පුරුදු කරවන්න වටින දේවල් ටිකක් කියල තිබුනේ පොඩ්ඩි විතරයි  ... ඉතින් මට ඇතිවුණු ප්‍රශ්න තමයි: 'බිරිඳ' කියන්නේ උයන්න, රෙදි හෝදන්න, අයන් කරන්න, ඉන්න එක්කෙනෙක්ද? බිරිඳගේ වගකීම් කියල...

ආදර භූතයා

ගොඩක් අය 'භූතයන්ට' භයයි නේ. දැන් ඔය සමහර ඉඩම් වලට ගෙවල් වලටත් 'භූත දෝෂ' කියන ඒවා තියෙනවා කියල සමහර යට හරි හරි ප්‍රශ්න වෙනවනේ. හැබැයි  'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා. ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද ' ආදර භූතයෙක් '? :D :D මේ ආදර භූතයා මට හම්බු උනේ ඉස්කෝලේ යන කාලේදී. මට මතක හැටියට මම දහය වසරේ විතර. අපේ ඉස්කෝලේ තියෙන ප්‍රධාන හෝල් එකේ පොඩි කොරිඩෝර් එකක් වගේ කෑල්ලක් තියෙනවා...මම හිතන්නේ එක අර වේදිකාව යටින් යන හිස් ඉඩක් වගේ එකක්. ඔය passage ways, dressing room එකටත් සම්බන්ධයි. හෝල් එකේ මේ පැත්තෙන් රිංගුවාම අනෙක් පැත්තෙන් මතු වෙන්නේ. පොඩ්ඩක් අවුල් වගේ නම් වේදිකාව යටින් යන පොඩි බිම් ගෙවල් පද්ධතියක් වගේ එකක් මවාගන්ඩකො. මම හිතන්නේ auditorium හෙවත් ශ්‍රවනාගාර වල එහෙම තමයි හදන්නේ. මේ පින්තුරේ යට දකුණු කෙලවරේ තියෙන්නේ වේදිකාව යටින් යන චුටි උමගක් වගේ ඒවා... image from :http://www.videoccasions-nw.com/history/cst/audiview.gif ...

1917 - 2012 : මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි. හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ... කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න.   ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත් ...