Skip to main content

Posts

Showing posts with the label ආදරේ

සොරු රැගෙන ගිය නෙළුම

"මාමේ පොළව යට තියෙන්නේ මොනවාද?" "පොළව යට...තෙල් තියෙනවා..." අදින් අවුරුදු ගණනකට පෙරදී, ඉන්දියන් සාගරයේ කුඩා දුපතක දකුණු කෙළවර නගරයක ඉස්තෝප්පුවකට අල්ලා තැනු පිට කාමරයේ සිටි මැවිසුරු මාමාගෙන්, අවුරුදු තුන හතරක ළදරියක ලෙස ඇසු ප්‍රශ්න මට මතකයි තවමත්. මේ මට ඔබ ගැන ඇති මුල්ම මතකය යි. මා ඔබට අවසන් වරට කතා කළේ අගෝස්තු 6 වන දා. එදා ඔබ මා සමඟ දුරකතනයෙන් විහිළු කර සිනාසුනු හැටි මට තවමත් ඇසෙනවා වගේ. අගෝස්තු 20 වනදා පාන්දර ඔබ මිය ගිහින් උපන් බිමෙන් බොහො ඈත. ඔබ නැතිවී දින හතයි. ඒත් තවමත් එය නපුරු සිහිනයක් වගෙයි. ඔබ වැඩ ඇරී ගෙදර යළි එනවා නම් කියා ඔබ වෙනුවෙන් මල් කැකුළක් නිවෙසේ බලා ඉන්නවා තවම. ආදරය කරන අය එකවර මිය යන විට ජීවත්ව සිටින අයට දරා ගනු අමාරුයි. නිබන්ධනය නිමා කොට ඔබ බලන්නට එන්න සිතා සිටියත් සිඩ්නි නුවරට, අන්තිමට එන්න වුයේ ඔබේ මළගමට මට. ගුණ නුවණ දෙකම නිමක් නැතිව පිහිටි ඔබ කමල් මලක් ලෙසම දිලුනා හැම දාම. මාමා ට උතුම් වූ නිවන් සැපම පතන්නෙමි!

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

ලේබල් නැති ලෝකයක්

අපේ ගෙදර කිරි පිටි, සීනි, තේ කොළ, කෝපි ඔය හැම දේටම ලේබල් ගහල තිබුණා කාලයක්. ඒ උනාට පණ ගැහෙන ප්‍රාණීන්ට එහෙම ලේබල් අලවන්න මම කැමති නැහැ. ලේබල් එකක් ගැහුවම ඒක හරි හෝ වැරදි හරි ඒ ලේබල් එකෙන් ඒ මනුස්සයා රාමු වෙනවා. ඒත් මනුස්සකම කියන්නේ එහෙම රාමුවකට කොටු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක දෙක වසරවලදී ඉඳන් ම ළමයි ලේබල් උනා "හොඳ ළමයි" සහ "නරක ළමයි" විදිහට. ගෙදර වැඩ කරන, රචනා ලියන ගණන් හදන ළමයි "හොඳයි". ප්‍රින්සිපල් පංතියට ආවම මිස් අඳුන්වල දෙන්නේ ඒ "හොඳ" ළමයි. ටික ටික ලොකු වෙනකොට ගෑණු පිරිමි ලේබල් වැදෙනවා. ගෑණු ළමයි ඔහොම ඉඳගන්නවද? ගෑණු ළමයෙක් නේද, ඔහොම හයියෙන් හිනා වෙනවද? ගෑණු ළමයෙක් උනාම ගෙදර දොර වැඩ කරන්න එපැයි! සැර වැර ගොඩයි. (පිරිමි ළමයින්ගේ පැත්තෙන් ලියන්න මම දන්නේ නැහැ. එයාලටත් එහෙම දේවල් ඇති.) වයස අනුව විතරක් නෙවෙයි, එක එක සමාජ පද්ධති අනුව, සංස්කෘති අනුව ලේබල් මහ ගොඩක් හැදෙනවා. ආදරේටත් ලේබල් තියෙනවා. පහු ගිය දවසක අහන්න ලැබුන ලංකාවේ සමරිසි තරුණියන් දෙන්නෙක් ගෙවල් වලින් වෙන්වෙලා කොහේදෝ දුර පළාතක සම්ප්‍රදායික යුවළක් හැටියට ඉන්න විට ප...

ඇඹුල් පැණි රස ඉස්තෝප්පු මතක

ඊයේ එළවලු පොළේදී ස්ට්‍රෝබෙරි, රුබාර්බ් සහ ඇස්පරගස් ගොඩවල් මැදින් මට හදිසියේ අමු අඹ මහ ගොඩක් හමුවිය! මෙල්බන් හි මට මෙතෙක් ලැබුණු අඹ කහ සහ රෝස පැහැ වටකුරු පැණි රස ඒවා විණි. එහෙත් මා සෙව්වේ මිරිස් සහ ලුණු යහමින් දමා දත් හිරිවැටෙන තෙක් කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... දුරු මිරිස් ගනනට දමා, තෙල් පෑදෙන්නට උයා බත් සමඟ කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... අඹ සහ මම එකිනෙකා හඳුනාගන්නේ බහ තෝරන්නටත් කලින් දකුණු වෙරළ තීරයේ නගරයක උඳුපියලිය වැවුණු ගෙවත්තක දී ය. සුවිසල් නිල් අඹ ගස් එකක් නොව කිහිපයක්ම එහි තිබුණා යන්තම් මතකය. උසස් පෙළ පන්තියේ දී පවා චායාවක් සේ ඉතිරි වී තිබුණු, අඹ කිරි ගෑවී පිච්චුනු පැල්ලමක් දායාද කලේ ද මේ අඹ ගස් විය යුතුය. ආච්චි අම්මා සහ සීයා ගේ කුලරත්න පාරේ නිවස සේම ඒ ආදර අඹ කැළල ද අද මතකයක් පමණි. ආච්චි අම්මා වී වේලන්නේ ඒ නිවස ඉදිරිපස පොර්ච් එක සහ උඳුපියලිය පිටිය මැද සුදු වැලි ඇතිරූ බිම් තීරුවේය. දෙළුම් ගස තිබුණේ පෝර්ච් එක කෙළවර ඉස්තෝප්පුවේ අයිනට ළඟ තැනකය. පසු කලකදී සීයා කිලෝ මීටර තිහක් පමණ ඈතක තවත් වෙරළ අසබඩ නගරයක විසු අප බලන්නට එන විට රැගෙන ආවේ ඒ දෙළුම් ගෙඩි ය. ඒ ඉස්තෝප්පුවේ...

මගුල් කෑම! : 3 .. පොල්!

<< මෙන්න 1 කොටස   << මෙන්න 2 කොටස  මගුලක් ගන්ඩ හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් කරන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි එදාට දෙන්න පෝරුවෙන් බහිද්දී පොල් බිඳින්න මාමා කෙනෙක් හොයාගන්ඩ එක! අදාළ එලෙජිබල් මාමා ට පොල් බිඳලා පලපුරුදු කෙනෙක් නම් ගොඩ. නැත්නම් ඉතින් පොඩි කේස් එකක් තමයි! ඔන්න ඉතින් මං තුමියගේ මාමා ත් උපන් තේකට පොල් බිඳලා නැහැලු. ඊටත් එහා එයා දැන් අවුරුදු ගානක් ඉන්න රටේ පොල් ඇත්තෙත් නැති නිසා සෑහෙන කාලයක් පොල් සමඟ ගනුදෙනු ත් නැහැලු! දැන් ඉතින් මගුල් ගෙදරට කලින් දවසේ අපේ ගෙදර එක ජරමරයයි.  මොකද්ද? ඒ තමා මාමාට පොල් බිඳීමේ කෙටි කාලීන පුහුණුවක් ලබාදීමේ මහා ව්‍යාපාරය!  ඔතන වැඩේ තියෙන්නේ ඔය පොල් ගෙඩිය එක පාරින් බිඳින්න ගහන්න ඕනෙලු. තව පලු දෙකම සමානව ලස්සනට උඩ අතට දෙපැත්තට වෙන්නත් ඕනෙලු.  ඇත්තටම මෙව්වා ඉතින් බොරු විකාර තමයි. ඒත් මාමා දැන් හෙන අවුල්...පොල් ගෙඩිය හරියට බිඳුනේ නැත්නම් හරි නැහැ කියල එයා බයේ.  ඉතින් අපි කොච්චර කිව්වත් කොහොම බිඳුනත් කමක් නෑ කියල එයාට ඕනේ උනා පොඩි ප්‍රැක්ටිස් පාරක් දාන්න. [එයා එහෙම තමයි. තමන්ට දෙන වැඩේ අක...

සුභ උපන් දිනක් සුහදේ!

I have been here before, But when or how I cannot tell; I know the grass beyond the door, The sweet keen smell, The sighing sound, the lights around the shore. You have been mine before— How long ago I may not know: But just when at that swallow’s soar Your neck turned so, Some veil did fall, — I knew it all of yore.       Happy Birthday Dearest!

හොඳ බිරිඳක්\සැමියෙක් හොයනවද?

බිරිඳක් හොයාගන්න එක මේ දවස්වල මේ පැත්තේ තියෙන දැවෙන ප්‍රශ්නයක්!... නිකම්ම නිකම් බිරිඳක් වැඩකුත් නෑනේ. 'හොඳ බිරිඳක්' වෙන්නත් ඕනෙනේ. ඔන්න දැන් මේ පැත්තේ ත් අර 'The Bachelor' හෙවත් 'තනිකඩයා' ෂෝ එක පටන් ගත්තා. මේකත් අර සුපර් ස්ටාර් වගේ රියැලිටි ෂෝ එකක්. මෙන්න මේ 'තනිකඩයා' ට කෙල්ලක් සෙට් කරගන්න එක තමයි මේ ෂෝ එකේ අරමුණ. Source: Google images ෂෝ එක මුලදී කෙල්ලෝ 25 ක් එක්ක තමයි පටන් ගන්නේ. ඊට පස්සේ වටයෙන් වටය කෙල්ලෝ කැපෙනවා. අන්තිමට ඉතුරු කෙනා තමයි ඔය තනිකඩ කොලුවා ගේ තෝරා ගැනීම! අපේ පොඩි කුමාරිහාමි ත් ලඟදි අමාරුවේ වැටුනනේ... ඉතින් එයාත් මේ කසාද ජීවිතේ ගැන ලියල තිබුනා . එතෙන්දි කීප දෙනෙක්ම 'හොඳ බිරිඳක්' වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ දේ ගැන කියල තිබුනත් 'හොඳ සැමියෙක්' වෙන්න නම් මොනවා කරන්න ඕනෙද කියල තිබුනේ නෑ :(   පුතෙක් ට හොඳ සැමියෙක් වෙන්න අම්ම පුරුදු කරවන්න වටින දේවල් ටිකක් කියල තිබුනේ පොඩ්ඩි විතරයි  ... ඉතින් මට ඇතිවුණු ප්‍රශ්න තමයි: 'බිරිඳ' කියන්නේ උයන්න, රෙදි හෝදන්න, අයන් කරන්න, ඉන්න එක්කෙනෙක්ද? බිරිඳගේ වගකීම් කියල...

ආදර භූතයා

ගොඩක් අය 'භූතයන්ට' භයයි නේ. දැන් ඔය සමහර ඉඩම් වලට ගෙවල් වලටත් 'භූත දෝෂ' කියන ඒවා තියෙනවා කියල සමහර යට හරි හරි ප්‍රශ්න වෙනවනේ. හැබැයි  'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා. ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද ' ආදර භූතයෙක් '? :D :D මේ ආදර භූතයා මට හම්බු උනේ ඉස්කෝලේ යන කාලේදී. මට මතක හැටියට මම දහය වසරේ විතර. අපේ ඉස්කෝලේ තියෙන ප්‍රධාන හෝල් එකේ පොඩි කොරිඩෝර් එකක් වගේ කෑල්ලක් තියෙනවා...මම හිතන්නේ එක අර වේදිකාව යටින් යන හිස් ඉඩක් වගේ එකක්. ඔය passage ways, dressing room එකටත් සම්බන්ධයි. හෝල් එකේ මේ පැත්තෙන් රිංගුවාම අනෙක් පැත්තෙන් මතු වෙන්නේ. පොඩ්ඩක් අවුල් වගේ නම් වේදිකාව යටින් යන පොඩි බිම් ගෙවල් පද්ධතියක් වගේ එකක් මවාගන්ඩකො. මම හිතන්නේ auditorium හෙවත් ශ්‍රවනාගාර වල එහෙම තමයි හදන්නේ. මේ පින්තුරේ යට දකුණු කෙලවරේ තියෙන්නේ වේදිකාව යටින් යන චුටි උමගක් වගේ ඒවා... image from :http://www.videoccasions-nw.com/history/cst/audiview.gif ...

We got hitched! අපිත් බැන්ද ලු!!

    අපි බැන්ද දවස ගොඩක් විශේෂයි. එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :D අනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි... හෙට අනිද්දා බඳින්න ඉන්න අයට පුංචි දෙයක් කියන්න හිතුව... වෙඩින් එක කියන්නේ චිත්‍රපටියක් නෙවෙයි. උත්සවයක්. ඉතින් හොඳම දේ තමයි තමන්ගේ මගුල් ගෙදර හොඳට එන්ජෝයි කරන එක.  ඕනවට වඩා විච්චුරණ වැඩ කෑලි දාගත්තම ඒක කරන්න වෙලා මදි වෙනවා. ඕන නැති වියදමුත් එනවා. අන්තිමට කපල් එකට හොඳටම මහන්සියි. ආපු මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා, ඩාන්ස් කරන්න වත් වෙලා නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆොටෝ ෂූට් විතරයි. අපේ මගුල් ගෙදර වෙඩින් කේක් කපන්න, කිරි කළ, ෂැම්පේන් වක් කරන ඒවා, කතා පවත්වන ඒවා, නැටුම් කණ්ඩායම්, කරන්න මම කැමති උනේ නැහැ. ගොයින් අවේ වෙනින් ඇඳුම් මාරු කරේ නැහැ මට ඒ වෙලාවක් තිබුනේ නැති නිසා. අනිත් එක හෝම් කමින් එකකුත් ගන්න නිසා, ඔය පොඩි වෙලාවට ඕකට වියදම් කරන්නත් මට ඕනෑකමක් තිබුනේ නැහැ. අන්දන්න ගියේ පැය 2.5 වගේ කාලයක්...ඉතින් මට කිසිම අමාරුවක්, මහන්සියක් තිබුනේ නැහැ වෙඩින් එක පුරාවට. ඇත්තටම ම...

සම අයිතීන්

එහෙට යනවා නම් ඔයා කොට කලිසම් එහෙම ඇඳන් එන්න එපා ඇයි? ඇයි කියන්නේ හවසට ෆෝමල් විදිහට විතරයි යන්න දෙන්නේ. එතකොට ඔයා මොකද්ද අඳින්නේ? ආ මමද? මම ඉතින් මොකක් හරි පොඩි කොට කෑල්ලක් ඇඳන් එන්නම්. මාර කෙළියක්නේ . දැන් මට කොට කලිසම් අඳින්න එපා කිව්වේ. ඔව් ඉතින් ගෑනු ළමයි එහෙම ඇන්දට කමක් නැහැ. ඕගොල්ලොන්ට තමයි බැරි. අනේ අම්මප...ඔය දැක්කද..ඔහොම තියාගෙනත් නේ මේගොල්ලෝ සම අයිතීන් ඉල්ලන්නේ. අපි සම අයිතීන් ඉල්ලන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් අනේ. ? නෑ ඉතින් අපිට දැනටත් තියෙන ඕගොල්ලොන්ට නැති අයිතීන් ටික ඕගොල්ලොන්ටත් එතකොට හම්බෙයි නේ ..:D :D $%%#?!!!!!! ඔන්න කට්ටියට තේරුනේ නැත්නම් : ගොඩක් හොටෙල් වල රෑ කෑමට යනකොට සෙමි ෆෝමල් වගේ ඇඳන් හිටියේ නැත්තනම් ඇතුලට යන්න දෙන්නේ නැහැ. හොටෙල් එකේ නැවතිලා ඉන්න අයට උනත්. ඒ කිව්වේ ඉතින් කොට කලිසමක් ඇඳන් රබර් සෙරෙප්පු දෙකක් දාල වගේ නම් යන්න දෙන්නේ නෑ. හැබැයි ඉතින් ඕක වැඩියෙන් බලපාන්නේ පිරිමි අයට තමයි. ගැනු කෙනෙක් ඉතින් ඔය මොක ඇඳන් ගියත් (රබර් සෙරෙප්පු ඇරෙන්න) වැඩිය ගානක් නැහැ. මේක ගැන ගොඩක් කොල්ලෝ කම්ප්ලේන් කරනවා! :D :D ප ලි : මෙය මනඃකල්පිත දෙබසක් ...

ඉගෙනගන්න බෙදාගන්න සෙනෙහසින්

පහුගිය දවසක මගේ කෝඩ් එකේ හෙන අවුලක් වෙලා මගේ ඔලුවත් අවුල් වෙලා තියෙද්දී අහම්බෙන් මගේ යුටියුබ් ප්ලේ ලිස්ට් එකේ තිබ්බිච්ච සින්දුව\වීඩියෝ එක දැකල අප්සෙට් මූඩ් එක හරිගියා :D  මේ තියෙන්නේ ඒ වීඩියෝ එක: මේක අපේ විශ්ව විද්‍යාලේ ළමයි 2010 දී හැදුව ටිකක් පරණ 'ලිප් ඩබ්' එකක්. (ලිප් ඩබ් කියන්නේ මොකද්ද?) හැමදාමත් උඩට යන්න වලිකන්නේ බැලුම වාගේ මහ පොළොවේ පය ගහන්න නැද්ද යාලු ඉගෙන ගන්නේ ?   තියෙන දෙයක් බෙදා ගන්න ඉගෙන ගන්න  ආදරයෙන් ඉතුරුවෙන්නේ එච්චරයිලු මැරෙන දාට අරන් යන්න...            දන්න දෙයක් කියාදීල බෙදා ගන්න ආදරයෙන් හිත පිරේවි සන්තෝසෙන් සත්තයි යාලු...   තවත් කෙනෙක් ඇද දමන්න ඕනා කියල හිතන්නේ ඇයි? කඳුළු දීල හිනා ගන්න හැකිවෙද යාලු?    ආත්ම ගෞරවය ඔබේ තියාගන්න, දෙන්න එපා! නැති උනොතින් වැඩක් තියෙද මහ ධනයක් ළඟ තිබුනත් !   මනු දම් ගුණ දැන මනාව සිනාවකුත් මුව පළඳා දෙන දේ නම් ආදරය යි යලි ඉල්ලන නොම සිතකින්...  If yer always tryin' to get to t...

මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලදී

පොඩි වෙළඳ නොවන දැන්වීමක්. මම ඉඳල හිටලා තැන තැන ගත්ත ඡායා රූප පලකරන්න බ්ලොග් එකක් පටන් ගත්ත අලුතින් නම 'ඡායා මතක' මේ තියෙන්නේ ඒ සබැඳිය එස් එල් ආර් එකකින් ඉඳල නිකම් ෆෝන් කැම් එකෙන් ගත්තු පින්තුර දක්වා ලොකු එකතුවක් මන් ගාව තියෙන නිසා තමයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ. ඉතින් ඇවිත් බලල යන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා! තියෙන හැම පින්තුරයක්ම මම ගත්තු ඒවා. මම ඡායා රූප කරණයට කැමති කෙනෙක් මිසක් ඒ ගැන ඉගෙන ගත්ත කෙනෙක් නොවෙන බව නම් කියන්නම ඕනේ.

සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix

කුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ. මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්... Movie : City of Angels චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක් රූප රාමු කතා බහ - සෙත් : ඕක මොන වගේද? මැගී පෙයාර්ස් ගෙඩිය ප්‍රශ්නාත්මකව පෙන්වයි සෙත් : ඒක මොන රහද? විස්තර කරන්න ඒක ..හෙමින්ග්වේ වගේ. මැගී : ඒක හරියට... පෙයාර්ස් රහයි! ඔයා දන්නේ නැද්ද පෙයාර්ස් වල රහ? සෙත් : මම දන්නේ නැහැ ඔයාට පෙයාර්ස් රහ දැනෙන්නේ මොන විදිහටද කියල මැගී : පැණි රහයි...යුෂ සහිතයි...දිවට මෘදු යි, පුංචි කැටිති වගේ තියෙනවා...හරියට නිකම් සීනි රහ වැලි කැට කටේ දිය වෙනවා වගේ *********************************************************************************** Movie : The English Patient  චරිත :  අල්මාශි (හංගේරියානු ජාතික සිටුවරයෙක් සහ සිතියම් තනන්නෙක්) කැතරින් (ඉංග්‍රීසි ජාතික). දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුවක්. රූප රාමු කතා ...

Sinhabahu at Nelum pokuna

The day before yesterday I went to see 'Sinhabahu' at Nelum Pokuna theatre, for the first time. I dont mean first time at Nelum pokuna, (which it also was) rather I meant to say, it was the first time I've ever watched a stage play. So how was it? As Fräulein Maria said, Let's start at the very beginning; which is, a very good place to start. Tickets The very beginning, in this case is how I bought the tickets for the show. I don't think they really advertised the show. I just saw the posters while passing Nelum pokuna. So, we went inside, and met with this really helpful guy inside who issues tickets. Tickets were priced 3000/= (main) and 1000/= (gallery). The guy was really nice and took us inside to show us the seats so we could select better. We ended up somewhere close to the front, in the middle section where incredibly, three seats were available. Apparently Nelum pokuna is now a sort of landmark and people just come to see it. I say this bec...

1917 - 2012 : මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි. හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ... කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න.   ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත් ...

බාර්බී ඩෝල් සින්ඩ්රෝම් : කසාදයට බාර්බී කෙනෙක්

මේක ලියන්න හිතුනේ සොසී අක්ක ගේ මුණු පොතේ තිබ්බ දෙයක් දැකලයි. මේ තියෙන්නේ ඒ ස්ටේටස් එක (සොසී අක්ක විරුද්ධ නොවේ යයි හිතනවා) : කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් අහනවා. “ඔයා බඳින්න හොයන්නේ මොන වගේ කෙල්ලක් ද කියලා.එතකොට එයා කියනවා. විවාහයට මං හොයන්නෙ හොඳ ලස්සන කෙල්ලෙක් කොණ්ඩය දිග හීනි දිගැටි සුදු ලස්සන කෙල්ලෙක් කෙල්ල ගෙ ඇස් වල ට උනන කඳුළු සඟවන ගමන් ඇය හිමීට හිනා වෙනවා. ම‘සිත උපන් ආලය ගැන කියා ගන්න මත්තෙන් දුරස්‍ වුනෙමි සඟවා නෙතු කඳුළු පියන් අස්සෙන් ඕකේ ඉන්න කොල්ල ට ගැලපෙන්නේ අපි හැමෝම දන්නා බාර්බී ඩෝල් කෙනෙක් කියල තමා මට නම් හිතෙන්නේ. ඇයි ඉතින් බාර්බිත් උසයි, සුදුයි, හීනියි. කොන්ඩේ දිගයි. හරිම ලස්සනයි. හදවතක් නම් නැහැ. මොළය කුත් නැහැ. එත් ඉතින් Requirement spec එකේ ඒවා තිබුනේ  නැහැනේ! ඉතින් මොකද? කෙනෙක් අහවි. නැහැ බාර්බී (හෝ කෙන්) ඩෝල් කෙනෙක් හොයා ගෙන කසාද බඳින එකේ කිසිම අවුලක් නැහැ. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත. හැබැයි අවුල තියෙන්නේ මෙතන. මම දැකල තියෙනවා බාර්බී ලා (පිරිමි ළමයි), කෙන් ලා (ගැහැණු ළමයි) එක්ක ඉඳල, ඊට පස්සේ එයාලට චෝදනා කර කර නහයෙන් අඬන ය. මේ චෝදනා පත්තරේ පහත ඒව...

Love ... at your own risk

Photo belongs to Me.  Taken somewhere along the coast of Sorrento on a lovely Summer day in December, 2011. Do click on the pic and see it at full size - you wont be sorry :)

හිරු එළියෙන් උපන් හීන

බලන්න කාලය යන හැටි... මතකද ඒ වසන්තය? හරියට අද ඊයේ වාගේ. හිරු එළියෙන් උපන් අපේ හීන වල තිබුනේ එකම පාට. ඒ දවස්වල පායපු මීදුම් දේදුනු වගේ ම ඒ පාටත් මැකිලා ගිහින් දැන්. රතු පෑනෙන් වැරදි දාපු  සිහි සටහන් පෙරලන කොට, විස්තර කරන්න බැහැ දැනෙන මේ සොඳුරු වේදනාව...ශබ්දකෝශයේත් නැහැ වචනයක්. කමක් නැහැ යාළුවේ ඉතින්... මලේ සුවඳ ඔයා ළඟ තියාගන්න ආදරෙන් නපුරු කටු විතරක් මම ගන්නම් ඔයා වගේ කෙනෙක් හිඳීවිනේ තවත්, කොහේ හරි ... You know how the time flies Only yesterday was the time of our lives We were born and raised in a summer haze Bound by the surprise of our glory days I hate to turn up out of the blue uninvited But I couldn't stay away I couldn't fight it I had hoped you'd see my face And that you'd be reminded that for me it isn't over Nothing compares No worries or cares Regrets and mistakes they're memories made Who would have known how bittersweet this would taste? Nevermind I'll find someone like yo...

අයි ලව් යු - කොන්දේසි සහිතයි!

ඔය උඩ තියෙන එක මට හම්බුනේ මගේ උපන් දිනේට පොඩිත්තෙක්ගෙන්. මම දැකල තියෙන අවංකම ලවු ලෙටර් එක තමයි ඔය. ඇත්තටම කොන්දේසි විරහිත සඳ එලිය සේ අචින්ත්‍ය අරකද මේකද ඔය ඔක්කොම තියෙන්නේ සාහිත්‍යයේ විතරයි. හැබෑ ලෝකේ තියෙන ආදරේ කොන්දේසි සහිතයි. ටිකක් ආත්මාර්තකාමීයි. ඒක තමයි ඇත්ත. පොඩි ළමයි බොරු කියන්නේ නැහැ කියන්නේ මෙන්න මේකයි... ...'Animals and children tell the truth, they never lie Which one is more human There's a thought, now you decide ' ~ Animal Song by Savage Garden

Miss Congeniality? I'd rather be Miss Originality

At some point in your life you got to face yourself. Like, you got to look in that mirror and see your face. Of course I realize that some fortunate people out there are born knowing themselves inside and out. These are the girls you meet in school who are eternally smiling - even when they've forgotton to do their homework. These are the people who are so confident with theselves, that they are not afraid to play the fool and look silly. I have always envied those who can so effortlessly be silly. 'Cause they sure look as if they're having a ball. To be able to do that requires confidence. I know that now. It's amazing how liberating it is to feel that its OK to be laughed at. To know that you don't always have to be perfect, that you cant always please everyone. The world out there is harsh and judging, there's no doubt about that. But then, so what? As long as you know that you're doing the right thing, does it matter what the world thinks? They w...