Skip to main content

සොරු රැගෙන ගිය නෙළුම


"මාමේ පොළව යට තියෙන්නේ මොනවාද?"
"පොළව යට...තෙල් තියෙනවා..."
අදින් අවුරුදු ගණනකට පෙරදී, ඉන්දියන් සාගරයේ කුඩා දුපතක දකුණු කෙළවර නගරයක ඉස්තෝප්පුවකට අල්ලා තැනු පිට කාමරයේ සිටි මැවිසුරු මාමාගෙන්, අවුරුදු තුන හතරක ළදරියක ලෙස ඇසු ප්‍රශ්න මට මතකයි තවමත්. මේ මට ඔබ ගැන ඇති මුල්ම මතකය යි.


මා ඔබට අවසන් වරට කතා කළේ අගෝස්තු 6 වන දා. එදා ඔබ මා සමඟ දුරකතනයෙන් විහිළු කර සිනාසුනු හැටි මට තවමත් ඇසෙනවා වගේ.
අගෝස්තු 20 වනදා පාන්දර ඔබ මිය ගිහින් උපන් බිමෙන් බොහො ඈත.

ඔබ නැතිවී දින හතයි. ඒත් තවමත් එය නපුරු සිහිනයක් වගෙයි. ඔබ වැඩ ඇරී ගෙදර යළි එනවා නම් කියා ඔබ වෙනුවෙන් මල් කැකුළක් නිවෙසේ බලා ඉන්නවා තවම.

ආදරය කරන අය එකවර මිය යන විට ජීවත්ව සිටින අයට දරා ගනු අමාරුයි.


නිබන්ධනය නිමා කොට ඔබ බලන්නට එන්න සිතා සිටියත් සිඩ්නි නුවරට, අන්තිමට එන්න වුයේ ඔබේ මළගමට මට.

ගුණ නුවණ දෙකම නිමක් නැතිව පිහිටි ඔබ කමල් මලක් ලෙසම දිලුනා හැම දාම.

මාමා ට උතුම් වූ නිවන් සැපම පතන්නෙමි!





Comments

  1. බොහෝම කණගාටුයි නිරෝ. ඔහුට සදා සැනසුම ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුරු. ජීවිතයේ අනියත බව තදින් දැනෙනවා

      Delete
  2. ජිවිතේට හුඟක් ලඟ අය අපෙන් හුඟක් ඈතට ගියාම දැනෙන වේදනාව වැඩියි..

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳින් සිටි කෙනෙක් එකවර නැති වූ විට තවත් අමාරුයි.

      Delete
  3. බොහොම කණගාටුයි, මම මේ ආරංචිය කොහෙන් හරි දැක්කා. ඔහු ප්‍රජා කටයුතු වලදී කැපී පෙනෙන චරිතයක් බව සඳහන් වෙලා තිබ්බා. ඔහුට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර. ඔහු ප්‍රමාණයෙන් කුඩා උවත් සුවිසල් මිනිසෙක්.

      Delete
  4. හරිම කණගාටුයි. මාමාට නිවන් සුව පතනවා නිරෝ...:(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි. ඔහු සැමදා මගේ හදවතේ හිඳීවි.

      Delete
  5. බැදීම් කියන්නෙ දුකක්ලු නෙව...
    මාමාට නිවන් සුව පතමි

    ReplyDelete
    Replies
    1. ඔව්...පිය විප්පයෝගෝ දුක්කෝ. ස්තුතියි.

      Delete
  6. මාමාට සුභ ගමන්...!

    ReplyDelete
    Replies
    1. මෙතනට වඩා හොඳ තැනකට ඔහු යන්නට ඇති කියා සිතනවා.

      Delete
  7. ගොඩක් දුකයි. ඔහුට නිවන් සුව පතනවා !

    ReplyDelete
  8. කමල්, මතු දිනක හමුවෙමු අපි නැවත!

    ReplyDelete
    Replies
    1. අපි කොතෙක් මෙසේ හමුවී, වෙන්වී ඇතිද?

      Delete
  9. මාමාට නිවන් සුව පතමි

    ReplyDelete
  10. නිවන් සුව අත් වේවා........

    ReplyDelete
  11. ඔබේ මාමාට නිවන් සුව පතමි.

    ReplyDelete
  12. දෑසින් දැක නොතිබුනත් ඔබේ මාමා ගැන මම බොහෝ දේ අසා තිබුනා . තමාගේ ප්‍රජාවටත් වෘත්තීය සගයින් වෙනුවෙනුත් විශාල වැඩ කොටසක් කළ වටිනා මිනිසෙක්. ඔහුට මගේ ආචාරය !!

    ReplyDelete
    Replies
    1. ඔහු කළ බොහෝ දේ අප දැන ගත්තේ මළගමට ආ මිනිසුන්, ඔහු ඔවුන්ට උදව් කල හැටි කියන විටයි!

      Delete
  13. හොඳ මිනිස්සු ඉක්මනට යනවා කියල කතාවක් තියනවා. හොඳ තැනකට යාවි.ඔහුට සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිසුන් අකලට මිය යන්නේ ඇයි කියා මට තේරුම් ගනු නොහැකි!

      Delete

Post a Comment