Skip to main content

Posts

Showing posts from February, 2015

මගේ එළවලු පලතුරු ඩයට්

අරහේ   රසිකොලොජිස්ට්  එළවලු පලතුරු ඩයට් ගැන ලියල. ගිය සතියේ මාත් ඔහොම එකක් කරල කිලෝ දෙකක් අඩු කර ගත්ත නිසා මටත් ඒක ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා. මම් තුමිය ඉස්සර නම් සෑහෙන්න කෙට්ටුවට හිටියේ.  ඔන්න එක පාරක් යාලුවෙක්ගෙ තාත්තා අසනීප වෙලා ඒ අන්කල් බලන්න ගෙදර ගියා මායි යාලුවෝ දෙන්නෙකුයි. යද්දී අංකල්, පුතා (අපේ යාලුවා) එක්ක කොහෙද ගිහිං. ඉතින් අපි අරන් ගිය ඔය ඇපල් පැපොල් (ලංකාවේ අසනීප කාරයෝ බලන්න යද්දී ඒවනේ අරන් යන්නේ) ටික ආන්ටි ට (යාළුවගේ අම්මට) දීල ආව. ඔන්න පහුවදා කැම්පස් එකේදී යාලුවා හම්බුණාම මිනිහ මට කියනවා ආන්ටි කිව්වලු 'අනේ අර හරිම කෙට්ටු ගෑණු ළමයෙක් ඇවිදින් පලතුරු වගයක් දීල ගියාය, ඒ ළමය දැක්කම මට පලතුරු ටික ඒ ළමයටම කාල පොඩ්ඩක් පණ ඇතිව මහතට ඉන්ඩ කියන්න හිතුනය කියල'. නෝන්ඩි සාගරේ ඉතිං. දැන් මම මේ රටට ඇවිදිනුත් ඉන්න කොට, මෙහෙ අංකල්ල ආන්ටිල අපේ ගෙදරට ස්කයිප් ටෙලිෆෝන් මගුල් වලින් කෝල් දිදී කියල 'අනේ ඔයාලගේ දූ හරි කෙට්ටුයි' කියල. ඕනේ නැති එකක් නෑනේ ඉතින් කට්ටියට. නිවාඩුව ට ලංකාවට ගිය හැටියේ අම්මයි තාත්තයි ඉතින් වැඩේ මාව මහත් කරලා ගන්න ලොකු ට්‍රයි එකක්. අම්මේ උදේටත්