Skip to main content

Posts

Showing posts from November, 2016

ගිගුරුම් සහිත ඇදුම කුණාටු!

සඳුදා මෙල්බන් නුවර අපිට රස්නේ දවසක්. දවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 යි. හැබැයි හවස් වෙනකොට කුණාටුවක් එනවා කියල කාලගුණෙන් කියලා තිබුනේ.  එදා මම වැඩ ඉවර වෙලා යන ගමන් පුස්තකාලයට ගොඩ වැදුනේ කියවන්න නවකතාවක් ගන්න. එතකොට හවස 5.30 ට විතර. පොත අරන් වාහනේට නගින්න ඇවිදන් එනකොට දූවිලි හුළඟක් හමාගෙන ගියා සැරට. පොද වැහෙන්න අරං. ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ මම...ඇත්තටම කුණාටුව එන එකට සතුටෙන් හිටියේ. මොකද එළියේ හෝ ගාල වහින කොට ගෙයි සැප පුටුවක වාඩි වෙලා උණු තේ බිබී මම පුස්තකාලෙන් ගත්ත පොත කියවන්න යි මගේ ප්ලෑන් එක තිබුනේ. ගෙදර ගිහින් රෑ 8 විතර වෙනකොට පොඩ්ඩක් උගුර රිදෙන ගතියක් දැනුණා. අවුලක් නෑ - සැරට පරිප්පු හොද්දක් එක්ක ඉඳි ආප්ප මුලකට වැඩේ දුන්නා.  ප.ව 9:  වේලිච්ච කැස්සක් පටන් ගත්තා. ඊට සතියකට කලින් සෙම හැදිලා හොඳ උනා විතරයි. ආයෙත් මොන වදයක් ද මේ කැස්ස කියලා හිතෙන බැන බැන ටීවී බල බලා හිටියා. උගුර රිදෙන එකයි කැස්සයි එන්න එන්න වැඩිවෙනවා...  ප.ව 10:  මහත්තයා මී පැණි, ඉඟුරු එක්ක තේ හදලා දුන්නා... ඒකටත් අඩුවක් නැහැ!  ප.ව 10.30 :  නිදාගන්න ගියා. ඇල උනාම කැස්ස තවත් වැඩි වගේ. ඒ උනාට පස්සෙන්දා ට වැඩට යන්

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන