Skip to main content

ගිගුරුම් සහිත ඇදුම කුණාටු!

සඳුදා මෙල්බන් නුවර අපිට රස්නේ දවසක්. දවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 යි. හැබැයි හවස් වෙනකොට කුණාටුවක් එනවා කියල කාලගුණෙන් කියලා තිබුනේ. 
එදා මම වැඩ ඉවර වෙලා යන ගමන් පුස්තකාලයට ගොඩ වැදුනේ කියවන්න නවකතාවක් ගන්න. එතකොට හවස 5.30 ට විතර. පොත අරන් වාහනේට නගින්න ඇවිදන් එනකොට දූවිලි හුළඟක් හමාගෙන ගියා සැරට. පොද වැහෙන්න අරං. ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ මම...ඇත්තටම කුණාටුව එන එකට සතුටෙන් හිටියේ. මොකද එළියේ හෝ ගාල වහින කොට ගෙයි සැප පුටුවක වාඩි වෙලා උණු තේ බිබී මම පුස්තකාලෙන් ගත්ත පොත කියවන්න යි මගේ ප්ලෑන් එක තිබුනේ.

ගෙදර ගිහින් රෑ 8 විතර වෙනකොට පොඩ්ඩක් උගුර රිදෙන ගතියක් දැනුණා. අවුලක් නෑ - සැරට පරිප්පු හොද්දක් එක්ක ඉඳි ආප්ප මුලකට වැඩේ දුන්නා. 
ප.ව 9:  වේලිච්ච කැස්සක් පටන් ගත්තා. ඊට සතියකට කලින් සෙම හැදිලා හොඳ උනා විතරයි. ආයෙත් මොන වදයක් ද මේ කැස්ස කියලා හිතෙන බැන බැන ටීවී බල බලා හිටියා. උගුර රිදෙන එකයි කැස්සයි එන්න එන්න වැඩිවෙනවා... 

ප.ව 10:  මහත්තයා මී පැණි, ඉඟුරු එක්ක තේ හදලා දුන්නා... ඒකටත් අඩුවක් නැහැ! 

ප.ව 10.30 :  නිදාගන්න ගියා. ඇල උනාම කැස්ස තවත් වැඩි වගේ. ඒ උනාට පස්සෙන්දා ට වැඩට යන්න තියෙන නිසා නිදා ගන්න ලොකු ගේමක් දුන්නා.

මධ්‍යම රාත්‍රිය: නින්ද යන්නෙම නැහැ. හුස්ම ඇදෙනවා. දැන් නම් මේ වීස් එකට ඇවිත් කියලා තේරුණා. පොඩි කාලේ හැදිලා තියෙන නිසා ලෙඩේ අඳුනනවා. ඒ උනාට අවුරුදු පහළොවකින් විතර හැදිලා නැති නිසා ගෙදර බෙහෙත් නැහැ. එහා පැත්තේ මහත්තයා නිදි. ඇහැරවන්න පව් නිසා හිමීට නැගිටලා ගිහින් වාඩි වෙලා හිටියා. 

පෙ.ව. 1: එක්ස්පෙරිමන්ට් කරලා හොයා ගත්තා වාඩි වෙලා ඉස්සරහට නැමිලා හිටියම කැස්ස අඩු වෙනවා කියලා.

පෙ.ව. 2: නැමිලා නෙමයි දැන් නම් ඔලුවෙන් හිටගත්තත් හරි යන්නේ නැහැ. එක දිගට කැස්ස. විනාඩියකට දෙතුන් පාරක් කහිනවා. වේලුණු කැස්ස නිසා උගුර රිදෙනවා. ඉස්සර වීස් එක හැදිලා තිබුනට මේ වගේ නවතින්නේ නැති කැස්සක් එක්ක නම් ජීවිතේට හැදිලා නෑ 

පෙ.ව 2.30: කහින සද්දෙට මහත්තය ඇහැරිලා. නැගිට්ටුවේ නැති එකට බැනුම් අහගත්තා. මේ වෙලාවේ දොස්තරලා ඉන්නේ කොහෙද කියලා එයා හොයන්න ගත්තා. මම ෆේස්බූක් ලොග් උනාම මෙල්බන් වල බර ගානකට ඇදුම හැදිලා කියලා දැක්කා.

පෙ.ව 3: මහත්තය ළඟම තියෙන පැය 24 ක්ලිනික් එකට කෝල් කරාම එතනින් කිව්වා හුස්ම ගන්න අමාරු වෙලා ලෙඩ්ඩු ගොඩක් ඇවිත් කියලා. ඒ නිසා අල්ලපු වටේ තියෙන ඔස්ටින් ඉස්පිරිතාලේ හදිසි අංශයට යන්න තීරණය කරා. ඕනි නෑ - දැන් හරියයි කිය කිය මම හිටියා (තව බැනුම් අසමින්)

පෙ.ව 3.30: ඉස්පිරිතාලේ හදිසි අංශයට ගියා. එතන මිනිස්සු ගොඩක්. හැමෝටම ඇදුම හැදිලා. ඒ වෙනකොට ඇදුම හැදිලා එතෙන්ට ලෙඩ්ඩු 200 විතර ආව කියලා නර්ස් කිව්වා.

පෙ.ව. 3.40: ටික වේලාවකින්ම මට වෙන්ටලින් පෆර් එකක් ගහපු ස්පේසර් එකක් ලැබුනා. එතන ඉඳන් 12 වතාවක් පෆ් කරගන්න කිව්වා. විනාඩි 20 කින් කතා කරන්නම් කිව්වා.

මට දුන්නෙත් මේ වගේ පෆර්/ස්පේසර් එකක් (img from Wikipedia)


පෙ.ව  4. 20: විනාඩි 20ක් කිව්වට දැන් තමා ආයෙත් මාව බැලුවේ. වෙන්ටලින් බලේට කැස්ස සැහෙන්න අඩු වෙලා. ඇඟිලි යන්තමට වෙවුලනවා - ඒක වෙන්ටලින් අතුරු ප්‍රතිපලයක් (වෙන්ටලින් මගේ පරණ යාලුවෙක්. එයාගේ හැසිරීම් රටා මට මතකයි). ඒ උනාට තවම පොඩ්ඩක් වීස් එක තියෙන නිසා මට ඇතුලෙන් ඉඳන් තවත් 24 පාරක් පෆර් එක ගන්න කිව්වා.

පෙ.ව 5.15: එහා ඇඳේ චීන වගේ ටිකක් වයසක් ගෑණු කෙනෙක්. එයාට ඉංග්‍රීසි බැහැ. අමාරු කියන්නේ දුවට. දුව ඉංග්‍රීසියෙන් දොස්තරට කියනවා. එයාට පෆර්/ස්පේසර් එපා කියලත්, ඒ වෙනුවට නෙබියුලයිස් කරන්න කියලත් කියනවා. නෙබියුලයිස් වලට වඩා පෆර්/ස්පේසර් හොඳයි කියලා දොස්තර කියනවා.

පෙ.ව 5.45: අපොයි මට නම් දැන් හොඳ ගණන් කියලා එක දොස්තර කෙනෙක් කියනවා ඇහුනා. අනේ මට කෝපි එකක් ගෙනත් දෙන්න කියලා තව දොස්තර කෙනෙක් කීවා.

පෙ. ව 6.15: දැන් 36 පාරක් පෆර් එක අරන්. මගේ දොස්තර ඇවිත් ප්‍රෙෂර්, හාට් බීට්, ඔක්සිජන් අනම් මනම් ටික බැලුවා. ඔක්සිජන් 100% දොස්තරට හරි සතුටුයි. දැන් ඔයා යන්න කියලා මට කියලා මහත්තයට කීවා ඔයත් ගිහින් නිදාගන්න කියල. මුකුත් ප්‍රශ්න අහන්ඩ තියෙනවද කියලා මගෙන් ඇහුවා. මම ඇහුවා මේ පෆර්/ස්පෙසර් එක මට ගෙදර ගෙනියන්නද කියලා. දොස්තර හිනා වෙලා නැතුව ඉතින් කිව්වා.

පෙ.ව 6. 25: ගෙදර. වැඩට යන්නත් ඕනේ ලොක්කෙක් එනවා කිව්ව නිසා. එයා එන්නේ හවස 3.30 ට. මම එද්දී පරක්කු වෙනවා කියලා ඔෆිස් එකට මැසේජ් එකක් දාල මම නිදා ගන්න ගියා.

මේ නොවැම්බර් 21 ඔස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති උනු 'thunderstorm asthma' හෙවත් 'අකුණු කුණාටු' ඇදුම රෝගය නිසා මිනිස්සු දාස් ගානක් අසනීප උනා. මේ වෙනකොට 4 දෙනෙක් මිය ගිහින්. ගිලන් රථ වලට තිබුණු ඉල්ලුම නිසා වික්ටෝරියා ගිලන් රථ සේවයට සඳුදා රාත්‍රියේ ගිලන් රථ මදි වුනු බවයි කියන්නේ. සමහර රජයේ රෝහල් වලට ආ ඇදුම රෝගීන් නිසා වෙන්ටලින්/ස්පේසර් බෙදා දෙන්න මදි වෙලාත් තියෙනවා.

මෙතෙන්දි වෙන්නේ, තෘණ පරාග පෙනහලු තුලට යෑම නිසා ඇතිවෙන අසාත්මිකතාවය නිසා හැදෙන ඇදුම රෝගී තත්වයක්. සාමාන්‍යයෙන් තෘණ පරාග ශ්වසන මාර්ගයේ ඇතුලට යන්න ලොකු වැඩියි. ඒවා නාස් කුහරයේ රැඳෙනවා. නමුත් අකුණු කුණාටු ඇතිවෙන කොට, පරිසරයේ තියෙන තෘණ පරාග තෙතමනය උරාගෙන කුඩා කැබලි වලට පිපිරී යනවා. මෙන්න මේවාට  ශ්වසන මාර්ගයේ ඇතුලට යන්න පුළුවන්. ඉතින් ඒ පරාග කොටස් අති විශාල ගණනක් මිනිස්සු දාස් ගානකගේ පෙනහලු තුලට ගිය නිසා තමයි එදා එක විට මහා ඇදුම වසංගතයක් ඇති උනේ (ඇදුම බෝ වෙන්නේ නැහැ).


කොහොම නමුත් මම ඉගෙන ගත්ත පාඩම තමයි පරාග ගහණ වසන්ත/ගිම්හාන කාලෙට වෙන්ටලින්(ඇදුම බෙහෙත්) ළඟ තියා ගන්න එක නුවණට හුරුයි කියන එක.

Comments

  1. Thundering typhoons! :)

    කියෙව්වා. මෙහෙම දෙයක් ගැන දැණගත්ත එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පරාග ඇලජික් ද?

      Delete
  2. සඳුදා රෑ මගේ පුතාටත් වියලි කැස්සක් එක පාරට හැදුනා. එයාට hay fever තියෙන නිසාත් වැස්සක් එද්දී ඒක වැඩිවෙන නිසාත් මම ඒ ගැන කල්පනාවෙන් හිටියේ. allergy බෙහෙත්/උණුවතුර/ vicks/ හුමාලය වලින් පොඩි සහනයක් ලැබිලා පුතාට නින්ද ගියා. පස්සෙන්දායි මම දැනගත්තේ මේ ඇවිත් තියෙන්නේ ඇදුම කුණාටුවක් කියලා!අපේ පැත්තට වඩා නගරෙන් උතුරු පැත්තට මේ තත්ත්වය වැඩි වුණා කියලයි දැනගන්න ලැබුණේ. දැන් ඉතින් ඇදුම කුණාටු ගැනත් දන්නවා. ඇති ඔයින් ගියා නේ?

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඔයා ඒකට සුදානමින් හිටියේ! තවමත් මේ කාලගුණේ නම් ඉවර නැහැ නේද?

      Delete
  3. අපිට නම් ඉතින් මේ වගේ දේකට වෙනිවැල්ගැට, ඉඟුරු කොත්තමල්ලි තමයි.

    ReplyDelete
    Replies
    1. ඒවාට හරි ගියේ නැහැ නේ... ලංකාවේ මේ වගේ තත්ව ඇතිවෙනවා කියල අහල නෑ

      Delete
  4. මේදවස් වල රස්නෙත් අඩුයි. හවසට පොඩ්ඩක් වහිනවා. හැමතැනම ගස් වැසි වතුර වැටිල හරිම ප්‍රබෝධමත්. කිසිම දුහුවිල්ලක් නැහැ. මෙච්චර සනීප රටේ ඉන්න පින නැතුව වෙන රටවල කැහැ කැහැ ඉන්න අය ගැන දුකයි.

    මම ලියපු සිංදුවක් දෙන්නම් අහල බලන්න .

    ReplyDelete
    Replies
    1. මොකද්ද අනේ ඔය කියන පින්වන්ත රට?

      Delete
  5. සිදුවූ කරදරය ගැන අසා ඉතාම කණගාටුවට පත්වුණා!

    මේ ගැන ඒබීසී රේඩියෝ එකේ මං ඊයේ වැඩසටහනක් ඇහුවා. මේ තත්වයට මුල් වෙන තණකොල තියෙන්නේ මෙල්බර්න් වගේ සීතල ප්‍රදේශවල විතරයි ලු. නැතිනම් ඊයේ සිඩ්නිවලටත් ස්ටෝර්ම් එකක් ආවා. මෙහේ වවන කූච්, කයිකු වගේ තනකොළවලින් ඒ සුළඟට කැඩෙන පොලන් නිපදවෙන්නේ නෑතිලු!

    එන්න සිඩ්නි.

    ReplyDelete
    Replies
    1. සිඩ්නි කාලගුණයට නම් ගොඩක් කැමතියි.... දැන් මෙහෙ පැලපදියම් උන එක තමයි තියෙන්නේ... බලමුකෝ ඉස්සරහට

      Delete
  6. මාස්ක් එකක් පැළඳීමෙන් වැඩක් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා... මමත් ඕක හොයනවා මේ දවස්වල

      Delete
  7. කාලෙකට පස්සේ තන්ඩර්ස්ටෝම් එකකුත් එක්ක පාත්වෙලා. නියමයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ නියමයි වෙන්නේ කොහොමද? මිනිස්සු 8 දෙනෙක්ම දැනට මැරිලා. ඒ අතරේ ලංකාවෙන් ආපු කෙනෙකුත්.

      Delete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World