Skip to main content

Posts

Showing posts with the label පුංචි කාලේ

වැඩකරුවෝ වීම නොහොත් ඉස්කෝලේ පාඩම්

දැන් අපි එකේ ඉඳන් 13 වසර වෙනකම්ම අවුරුදු ගාණක් ඉස්කෝලේ යනවනේ. ඒ ගිහින් ගණිතය, භාෂාව, විද්‍යාව, ආගම, සමාජ අධ්‍යයනය, සෞන්දර්යය වගේ ගොඩක් විෂය ඉගෙන ගන්නවා තමයි. එක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් දෙක වසරට යනවා. දෙක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් තුන ට යනවා. ඔහොම ඔහොම... තව දේවල් තියෙනවා විෂය වලට කිසිම අදාලත්වයක් නැති, හැබැයි ඊට සමානවම (සමහර විට ඊටත් වඩා) පසු කාලීනව ජීවිතේට ඕනි වෙන දේවල්. මේ එහෙම පාඩමක්. මේක මතක් උනේ සොඳුරු සිත ලියපු ඉස්කෝලේ පංති භාර ගුරුතුමියක ගේ දවස පටන් ගන්න කොට තියෙන වැඩ ගැන සටහනක් දැකලා. ඇත්තටම විෂය ඉගෙන ගන්නයි, ක්‍රීඩා/කලා කටයුතු යි ඇරුනම තව කොච්චර වැඩ තියෙනවද ඉස්කෝලේ?! ලංකාවේ ගොඩක් ඉස්කෝල වල උදේට පන්තිය පිරිසිඳු කරන්න ඕනේ ළමයි. එතකොට උදේ බෙල් එක ගහන්න කලින් ප්‍රින්සිපල් ගේ කාර්යාලයට ගිහින් රෙජිස්ටර් එකයි, රෙකොර්ඩ් පොතයි ගේන්නත් ඕනේ. ගුරු මේසේ පිහදාල අස් කරලා මේස රෙද්ද ගසල බසල, මල් වාස් එක හරිගස්සන්න ඕනේ. කලු ලෑල්ල/වයිට් බෝඩ් එක පිහදාන්න ඕනේ. බෞද්ධ ඉස්කෝල වල නම් මල් වට්ටිය හදල(ඒකට මල් නැති දවසට හොරෙන් ඉස්කෝල වත්තෙන්ම මල් කඩන එක වෙනම ගේමක්) පහන් හඳුන් කූරු පත්...

කැවුම් කොකිස් කිරිබත් සහ හත්මාළුව සමඟ මගේ අවුරුද්ද

ඉස්සර නම් අවුරුදු එනකං බලන් ඉන්නේ කැවිලි කන්න, ඇඳුම් ගන්න එක්කම නෑදෑයෝ එක්ක කාඩ් ගහන්නත් ලැබෙන නිසා. අම්මා නම් කියන්නේ අවුරුද්දට තෙල් හට්ටියක් ලිපේ තියන්නම ඕනේ කියලා. කිරිබතක් හැදුවේ නැතිනම් අසුභයි කියලාත් ඒ දවස්වල ආච්චි අම්මා කියනවා.  එක අවුරුද්දක කිරිබතක් ඉව්වේ නැතිනම් ආයේ එක පිට අවුරුදු තුනක් කිරිබත් උයන්ඩ  බැරි වෙන්න හේතු කාරණා සිද්ද වෙනවා කියලත් එයා කිව්වා. අපේ අම්මා පොඩි කාලේ එක පාරක් සිංහල අවුරුද්ද කිට්ටු වෙලා එයාලගේ සීයා නැතිවුන නිසා කිරිබත් උයල නැහැ. ඉන් පස්සේ අවුරුද්දේත් ආයේ පවුලේ මරණයක් වෙලා ඒ පාරත් උයල නැහැ. එයින් පස්සේ තුන්වෙනි පාරත් මාමා කෙනෙක් නැතිවෙලා ඔහොම එක පිට එක තුන් පාරක් මරණ තුනක්ම වෙලා තියෙනවලු. ඒ හන්දා වෙන්ඩ ඇති ආච්චි අම්මා අර කතාව එතරම් තදින් විශ්වාස කරේ. එයා අසුභයි කිව්වේ, කිරිබත් උයන්න ඕනේ කමකට වඩා කිරිබත් නොඉව්වොත් පවුලේ මරණයක් වෙන්න පුළුවනි  කියන බයට වෙන්න ඇති.  හැබැයි ආච්චි අම්මා නැති උනෙත් අප්‍රේල් 13 රෑ නොනගතේ වෙලාවක. පහුවෙනිදා උදේ පාන්දර තමයි ලිප ගිනි මෙලවන්න තිබුනේ. අපේ හා තමයි ආච්චි අම්මා ඒ දවස්වල හිටියේ, මොකද යන්තමට පපුව...

ඇඹුල් පැණි රස ඉස්තෝප්පු මතක

ඊයේ එළවලු පොළේදී ස්ට්‍රෝබෙරි, රුබාර්බ් සහ ඇස්පරගස් ගොඩවල් මැදින් මට හදිසියේ අමු අඹ මහ ගොඩක් හමුවිය! මෙල්බන් හි මට මෙතෙක් ලැබුණු අඹ කහ සහ රෝස පැහැ වටකුරු පැණි රස ඒවා විණි. එහෙත් මා සෙව්වේ මිරිස් සහ ලුණු යහමින් දමා දත් හිරිවැටෙන තෙක් කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... දුරු මිරිස් ගනනට දමා, තෙල් පෑදෙන්නට උයා බත් සමඟ කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... අඹ සහ මම එකිනෙකා හඳුනාගන්නේ බහ තෝරන්නටත් කලින් දකුණු වෙරළ තීරයේ නගරයක උඳුපියලිය වැවුණු ගෙවත්තක දී ය. සුවිසල් නිල් අඹ ගස් එකක් නොව කිහිපයක්ම එහි තිබුණා යන්තම් මතකය. උසස් පෙළ පන්තියේ දී පවා චායාවක් සේ ඉතිරි වී තිබුණු, අඹ කිරි ගෑවී පිච්චුනු පැල්ලමක් දායාද කලේ ද මේ අඹ ගස් විය යුතුය. ආච්චි අම්මා සහ සීයා ගේ කුලරත්න පාරේ නිවස සේම ඒ ආදර අඹ කැළල ද අද මතකයක් පමණි. ආච්චි අම්මා වී වේලන්නේ ඒ නිවස ඉදිරිපස පොර්ච් එක සහ උඳුපියලිය පිටිය මැද සුදු වැලි ඇතිරූ බිම් තීරුවේය. දෙළුම් ගස තිබුණේ පෝර්ච් එක කෙළවර ඉස්තෝප්පුවේ අයිනට ළඟ තැනකය. පසු කලකදී සීයා කිලෝ මීටර තිහක් පමණ ඈතක තවත් වෙරළ අසබඩ නගරයක විසු අප බලන්නට එන විට රැගෙන ආවේ ඒ දෙළුම් ගෙඩි ය. ඒ ඉස්තෝප්පුවේ...

1917 - 2012 : මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි. හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ... කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න.   ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත් ...

ආදරණීය X-Files, පොඩි කාලේ පිස්සු මතක, සහ ප්‍රථම ප්‍රේමය

සය්බර් යායේ එක්ස් ෆයිල්ස්  ගැන ලියවෙච්ච පොස්ට් එක නිසා මටත් ලියන්න හිතුනා මගේ එදත් අදත් ප්‍රියතම රුපවාහිනී වැඩසටහන ගැන පුංචි ලියමනක්. මම එක්ස් ෆයිල්ස් බලන්න ගත්තේ මතක හැටියට 7 හරි 8 වසරේදී. මගේ ළඟින් ඉස්කෝලේ වාඩිවෙච්ච යාලුවට තදින්ම එක්ස් ෆයිල්ස් උණ තිබුනා. එයා තමයි මටත් ඉස්කෝලේ ඇවිදින් ඒක ගැන කියවල මට උණ බෝ කරේ.  කුළුඳුල් X-Files කොටස : ඉස්සෙල්ලම බැලුව කොටස තාමත් මතකයි : Our Town. හැබැයි මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. උප සිරැසි තිබුනත්. එදා පළවැනි දවසේ මම අර කාටද මැජික් වගේ කටත් අරන් බලන් හිටියා මිසක්. මොකද සාමාන්‍යෙන් බලලා පුරුදු වැඩසටහන් වගේ නෙවෙයි නේ. මුලින් නම් ගම් මියුසික් මුකුත් යන්න කලින් ඔන්න පෙන්නනවා වෙච්ච සිද්ධිය. මොකක් හරි අමුතු පටලැවිල්ලක් තමයි ඉතින්.  X-Files කතා වර්ග 2 යි සාමාන්‍යෙන් මේකේ කොටස් කොට්ටාශ 2 කට අයිති වෙනවා.  එක්කෝ පිට සක්වල ජීවින් ඉන්න, කලින් සහ ඉදිරියට සම්බන්දකම් ඇති කොටස් මාලාවක කෑල්ලක්. මේ ගණයට අයිති කොටස් වල තමයි අර සිගරට් බොන එපා කරපු පොර ඉන්නේ(CSM). මෝල්ඩර් ගේ නංගි ගැන, ස්කලිගේ පිළිකාව ගැන, ස්කලීගේ බෙ...