විශ්ව විද්‍යාලයේ අලුත් අධ්‍යයන වාරය පටන් අරන්. එදා පළවෙනි දවස. මගේ විෂය උනත් එදා පළවෙනි දේශනය නිසා මායි තව කථිකාචාර්ය කෙනෙකුයි දෙන්නෙක්ම ගියා පන්තියට. අනිත් කථිකාචාර්ය තමයි උපාධි සම්බන්ධීකාරක. ඉතින් ඔහුට ඕන වෙලා තිබ්බේ උපාධිය ගැන පොඩි හැඳින්වීමක් කරන්න මුලින්ම. මම ළමයින්ට මාව හඳුන්වා දුන්න විෂයේ කථිකාචාර්ය හැටියට. මිතුරු කථිකාචාර්යත් හඳුන්වල දීල එයාට දේශනයේ මුල් භාගේ බාර දීල මම පැත්තකට උනා.... විනාඩි දහයක්-පහළොවක් යන කොට ඔන්න ළමයෙක් ආවා පන්තියට. ඇවිත් ඉස්සරහ පේළියේම වාඩි උනා. ඔන්න තව විනාඩි දහයක් යනකොට පොර හොඳට අසුනේ දිග ඇදුනා...ඇස් දෙක පියාගත්තා...ඔන්න ඉතින් ළමයා නිදි! [අපිටත් ඉස්සර දේශන වල නින්ද ගිහින් තියෙනවා තමයි...හැබැයි ඉතින් නිදා ගෙන නම් නෑ...නිදි කිරා වැටුනා මිසක්!] මටයි මිතුරු කථිකාචාර්යටයි හිනා යන්න ආවත් අමාරුවෙන් හිටියා හිනා නොවී. ඉතින් ඔන්න ඔහුගේ කොටස ඉවර වෙලා ඔහු ගියා...ළමයා තාම නිදි...ඉතින් දෙවන අර්ධය මම පටන් ගත්තා...ළමයි අතරමග ප්‍රශ්න අහනවා. මම ඒවාට උත්තර දෙනවා. දේශනයේ පැය දෙක ඉවර වෙන්න ලං වෙලා දැන්...දේශනය පැහැදිලි කරලා මම දැන් ප්‍රශ්න අහනවා. ඔන්න නිදි ළමය...
Just some random arrows of thought...