Skip to main content

Posts

Showing posts from 2022

ගිම්හානයේ අග රන්වන් දින

මේ ගෙවෙන්නේ ගිම්හානයේ අග කොටස.  පසු ගිය සතියේ ඉතාම තද රස්නයක් තිබුණු සතියක්... නිවෙස් වල වායු සමීකරණය නැතිව ඉන්න බැරි තරම්.  ජනවාරි 25 සවස අපි පවුලම - දෙන්නෙක් වැඩ ඉවර වෙලා, එක්කෙනෙක් එයාගේ පෙර පාසල ඉවර වෙලා - ගෙදර එද්දී හයහමාර පහු වෙලා. සවස් උනත් ඉර එළිය හොඳට ... මේ දවස් වල රැ නවයට ත් එළියයි නේ.  ජනවාරි 26 බදාදා  ඕස්ට්‍රේලියානු දිනය  අපේ නිවාඩු දිනයක්. ඉතින් අපි 25 සවස ගෙදර ඇවිත් රෑ කෑම හදන අතරේ කතා කරේ පස්සෙන්දා මොකද කරන්නේ - කොහෙද යන්නේ කියලා. මේ දවස් වල ඔමික්රෝන් උවදුර  නිසා පරිස්සමෙන් යන්නත් ඕනේ.  ඒ අතරේ ඇමතුමක් ආව යාලුවෙක් ගෙන් - යෝජනාවක් ආවා වෙරළ ට යන්න - පස්සෙන්ද නෙමෙයි - එදා ම - එවෙලේම! යුද්ධයක් කරලා පොඩි මෑන් ට ත් පොඩ්ඩක් කවාගෙන, පිහිනුම් ඇඳුම් ඔක්කොමත් අරන් ගියා! එදා අපි ගියේ Seaford. මුහුදට බහින කොටත් රෑ 9 ට කිට්ටු යි ! දවසෙම රත් වෙලා ඉඳලා මුහුද ට බැස්සම හරිම සනීපයක් දැනුනේ ... ගිම්හාන කාලේ නිසා රෑ උනත් වතුර උණුසුම්. පැයක පමණ වතුරේ ඉඳලා තමයි අපි එදා ගෙදර ආවේ. ඒ පස්සෙන්දා නිවාඩු දිනයේත් ආයෙත් වෙරළ ට යන්න සැලසුම් කරලා ...  ජනවාරි 26 අපි ගියේ තව ටිකක් එහා Sorrento වලට. Sorrent